Chapter 47 of 82

බස් එක

ප්‍රේමම්!85 words~1 min read

දවසක් පුරා රග පා

අවසානයේ නිවසට යන

නලුවන් සියල්ල

හතිලන්න වන 'බස් එක'

ගෙදර යන හදිස්සිය

නින්ද ගැන මවනා සිහින

බස් එක පුරාවට

මදි නොකියන්නම

මග හැරුනු තත්පර

රිදුනු කුඩු උනු හිත්

හිනා උනු මතකයන්

සේරම අරන් ගෙදර යන්නට

බස් එකක් කියන්නෙම

වාසනාවක් එක අතකට

අඩනවනම් අඩන්න

හිනා වෙනවනම් හිනා වෙන්න

පපුව අල්ලන් හූල්ලන්න

කවුරුවත් අහන්නෑ

'ඇයි උබට මොකද?'

මූණ හංගන් අඩන්නට

හොදම තැන 'බස් එක'

සමහරක් විට

තනියෙන්ම යන ගමනක

මතක අමතක කරගන්න

හොදම විදිය වෙන්න ඇති

තනියම බස් එකක

ගෙදර යන එක

Dilushi🪽

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!