Chapter 41 of 82

xue yang(mdzs)

ප්‍රේමම්!122 words~1 min read

මට මාවම තේරුම් ගන්න බැරුව

මම නුබේ ලග ඉන්න පෙරුම් පිරු හැටි!

ඒත්... මම කරපු කරුමයක්!

මගේ ඇස් ඉස්සරහ

උබෙ අතින් උබෙම පණ ගිලිහෙද්දි

සත්තමයි මට මාව තේරුනේ එවෙලෙ.

පුලුවන් උනා නම් ආපහු

නුඹ එක්ක හිනා වෙවී ඇවිදින්න...

මම කරපු උත්සාහෙන් පලක් නෑ නේද!

මගෙ වැරදි වලට

මම විදවන්න ඕනෙමයි!!

මම ආපහු ඔයා ලගට එද්දි

පුලුවන්ද සමාව දීලා

මා එක්ක හිනා වෙන්න....

දන්නවද දෙයක්!

අන්තිම හුස්ම හෙලද්දිත්

මගෙ අතේ ගුලි වෙලා තිබ්බා

ඔයාගෙ අන්තිම තෑග්ග.

මම සමාව ඉල්ලන්නද?

මට සමාව දෙනවද?

මට ඔයාගෙ ලග ඉන්න

අවසර දෙනවද!!!

මේ පාර වරද්දන්නෑ මම

සත්තමයි....

ඒත් මගේ පව් වල බරට...

ඔයා ඉන්න තැනට එන්න

මට බැරි වේවි කවදාවත්....

ආපහු හමු උනොත්

මම කියන්නම් මෙහෙම

"මට වැරදුනා. හැමදේම.... ඒත් ඔයා! ඒ තමයි මට දැනුනු හැම දේම!"

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!