Chapter 39 of 82

මං වගේ නොමැරෙන්න!

ප්‍රේමම්!110 words~1 min read

උබේ ඇස් ඇතුලෙ

ආදරේම හොයපු මම

සමුගත්තෙ 'සමාවෙන්න' කියල

ආදරේ කරපු වරදට

සමාවෙන්න කියන්නම

මම කොච්චර අසරණ උනාද?

උබව නොදකිනව වගේ යන්න

උබව නොදැනෙනව වගේ ඉන්න

මම කොච්චර කල් උබව

මේ තරම් දරා ගන්නද?

ඒත් උබ දන්නවද....

ආදරේ මැරෙන්නෑ...

ආදරේ යටපත් වෙනව.

ආදරේ හංගන්ම සමහරු

ජීවත් වෙනව

ඒ තමයි සමහර මිනිස්සු

මමත් සමහර මනුස්සයෙක්

හදවතට කීයක් දෙනා ආවා ගියත්

උබේ තැන එහෙමම ඇත්තෙ

ඒ නිසා වෙන්න ඇති!

ඒ ලිලී මලක් උනත්

ඒ හඳක් උනත්,

මම තාම මැරි මැරි ඉපදෙන්නෙ

ඒ නිසාම වෙන්න ඇති

ඉතින්,

හදවතේ හැගීම් ඉපදෙන

සංවේදී මනුස්ස හිතකට

කවදාවත්ම "සමාවෙන්න"

කියන්නට නොලැබුනොත්

ආදරේ කල වරදට

ඒකම ඇති වේවි

සැනහෙන්න!

මං වගේ නොමැරෙන්න!

Dilushi hirunya♥️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!