Chapter 38 of 82

අහේතුක පෙම

ප්‍රේමම්!77 words~1 min read

රාත්‍රියෙ දිලෙන සඳ

විදින තනි මහ රෑක

ලිලී මල් රැකුමට

වෙහෙස වුන සිත්මල!

සඳ නුබේ නොවන මුත්

කොහෙද ඒ මල් පොකුර?

ගනන් වැඩි ලිලී මල්

රකින්නට නොදත් නුඹ

ලිලී අතහැර යන්න

හදවතට ඉඩ දීය

ඒත් නුබෙ පුර හඳ

තාම ඇත ඝනදුරක

දිලිහෙමින් පෙර ලෙසට

නුඹ දිහා නොබලාම

මෝඩ නුබ තාම ඒ

හඳට පෙම් බදින කල

අහෝ මේ හදවතම

හඳක් ලග නැහෙන රග

ඉතින් කල හැම පෙමම

අහේතුක වූ පවට

ජීවිතේ කියන්නෙම

හිනා වී වෙන් වීම

Dilushi Hirunya

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!