Chapter 30 of 82

නුඹ

ප්‍රේමම්!83 words~1 min read

ඉතින් මා නුඹ බලා සැනසෙමි

ආයෙ සැරයක් පෙර වගේ

මම දැකපු මගෙ හීන ගොන්නක

තවම නුඹ හිනැහෙනු මැවේ

එකම අහසක එකම සදමයි

අපි දකින්නේ මේ ලොවේ

ඒ නිසා හිත හදා ගන්නම්

අපි නැවත හමුවන ලෙසේ

උබව මතකෙට ගන්න ආසයි

ඒත් බෑ උඹ බොද වෙලා

මතක නැති මුත් අමතකත් නෑ

උඹව හදවතෙ නැවතිලා

තාම උඹ දුටු සැනින් හදවත

බිදෙනවා සත් කඩ පලා

උඹට මං තව ආදරෙයි බව

හිත හඩයි මගෙ හද මරා

~මට අමතක කරන්න බැරිම රූපෙත් නුඹ. මට මතක් කරන්න බැරිම රූපෙත් නුඹ~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!