Chapter 22: pride🏳️‍🌈

ප්‍රේමම්!Words: 776

ඉතින් අපි අපිමද?

ඉතින් උඹ උඹමද?

සම්මතේ රාමු මත

හිත බිදී නොගියේ ද?

ප්‍රේමයේ මල් පොකුරු

දුන් නමුත් නුඹ අතට

සම්මතයෙ රෝස මල්

විස වෙලා නොවෙද සද?

හදවතින් මිය යන්න

ලෝකයෙන් හැංගෙන්න

විදවමින් දුක් වෙමින්

මැරි මැරී ඉපදෙන්න

උඹ කරපු වරද කිම

අහනවා මම තාම

මොන පාට ප්‍රේමයත්

මම දැක්කෙ ලස්සනට

Dilushi Hirunya

#lgbtqpride #pridemonth #pridemonth2023