Chapter 6 of 8

Part 06

In The Book Fair (b×b)1,840 words~10 min read

එයා මගේ කම්මුලක් එයාගෙ ලොකු අල්ලෙන් වහගත්තා...

"ආදරෙයි.." විනුජ කිව්වාම මාව දියවෙන්න ආවා අනේව්ව්....

මං ඒ ඇස් මඟෑරලා බිම බලාගත්තා..

"ම්ම්.. දැන් යමු අපි. ඔයාට තව ඇවිදින්න ඕනෙ නේද??"

විනුජ නැගිටලා මට අත දික්කරා... මං එයාගෙ අත අල්ල ගත්තාම විනුජ මාව ඇදලා නැගිට්ටවලා මගේ කොණ්ඩෙ අතින් හැදුවා..

අපි දෙන්නා අරුන් තුන් දෙනා ගාවට යද්දි එයා මගේ එහාපැත්තෙන් මට සමාන්තරවම ඇවිදගෙන ආවා.. සාක්කු දෙකට අත්දෙක දාගෙන බෑග් එක කරේ එල්ලං හිටපු එයාගෙ කොණ්ඩෙ හුළඟට ඇවිස්සෙන ගමං තිබුණෙ... එයා ලස්සනයි... කඩවසම්....

මං එයා දිහා ආයෙම බලලා ඉස්සරහ බලාගත්තා...

මං මොනාද කරන්න ඕනි කියලා ඇත්තටම මට තේරෙන්නෙ නෑ. අම්මා අප්පච්චි ගැන මතක් වෙද්දි ඇත්තටම මට දැනුනෙ බයක් එක්ක නොසන්සුන් කමක්.. මං විනුජට චාන්ස් එකක් දුන්නා තමයි. ඒක.. ඒක.. මට අම්මා අප්පච්චි ඉස්සරහට ගිහින් එයාලට මූණ දෙන්න බැරි බයක් හිතට දැනෙන ගමං තිබුනෙ. මං කවදාවත්- ඉස්කෝලෙ ගිහිපු අවුරුදු ගාණටම කා එක්කවත් රිලේශන්ශිප් එකක් පටන් ගෙන තිබුනේ නෑ.. මට බය හිතෙන එක සාධාරණයි නේද??

ඒත් අනිත් පැත්තට මට විනුජ ගැන හිතද්දි... අනේ මන්දා.. එයා කියපු දේවල් ඇත්ත කියලා තේරුනාත් මට ඒවා කියපු ගමං පිළිගන්නෙ නැතුව ඉන්න තිබුණා නේද?? මං කියන්නෙ.. එයාගෙ ඇස් අවංක උනත්... කියපු ගමං පැනලා පිළිගන්න තරම් හැඟිම්බර උනු එක හොඳයිද...

මට කෙනෙක්ගේ හැසිරීමෙන් ඒ කෙනා ගැන චූටි හරි අදහසක් ගන්න පුළුවන් කියලා මං හිතාගෙන ඉන්නෙ. ඉතින් මං එහෙම බලද්දි විනුජ කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි කියලා මං තේරුම් ගත්තා...

මං... ම්ම්හ්හ්.. දැන් මං තීරණේ කරලා ඉවරනෙ. අපි බලමු නිශාධ්‍ය.. අපි බලමු..

"අඩෝ නිශූ.... කෝ වරෙන් මෙහාට.." අපි දෙන්නා අනිත් තුන් දෙනා ගාවට ගියාම අචින්තයා මගේ කරෙන් අත දාලා උගේ ළඟට ඇදලා ගත්තා...

"යමං යමං.. මට කතා කරගන්න දෙයක් තියේ... ඒ දැන් කොහාටද??" අචින්තයා මගේ කරෙන් අතදාලා හිරකරගෙන ඉදිද්දිම අනිත් අයගෙන් ඇහුවා..

"සරසවි එකට යමු. පස්සෙ අනිත් ඒවගෙත් ටිකක් ඇවිදලා බලන්න පුළුවන්නෙ..කොහොම උනත් මට ආයෙම J හෝල් එකට යන්න ඕනි." ශෙවිනුවා කියද්දි ජනුකයාත් ඔළුව වැනුවා..

විනුජ බලං හිටියෙ මගේ දිහා.. මං එයාට හිනා වෙලා අචින්තයා එක්ක යන්න පටන් ගත්තා..

අචින්තයා මාව ඇදගෙන චුට්ටක් ඉස්සරහින් යන්න පටන් ගත්තා..

"ඇත්ත කියපන්.. උඹ මොකද කිව්වෙ??" අචියා මගෙන් ඇහුවේ සීරියස් පිට වෙද්දි මං උගේ දිහාට හැරිලා බොරු හිනාවක් දාලා ආයෙම බිම බලාගෙන ඉස්සරහට ඇවිදං ගියා...

"නිශූ.. මොකද උනේ බන්? අරූ ඕනෙ නැති දෙයක් කිව්වාද උඹට? අපි හිතපු එක නෙවෙයිද?"

"නෑ නෑ බන්.. ඒක තමා.. එයා ඇහුවා මොකද කියන්නෙ කියලා.."

"උඹ මොකද කිව්වෙ ඉතිම්? බෑ කිව්වාද?.."

"අචින්තයා.. උඹ දන්නවානෙ බං මං ගැන.. මං කලින්.. මෙහෙම කා එක්කවත් යාලු වෙලා ඉදපු එකෙක් නෙවෙයිනෙ බන්.."

"ඒ කියන්නෙ උඹ බෑ කිව්වා.."

අපි දෙන්නා කතා කලේ හිමීට නිසා එයාලට ඇහෙයි කියලා බය වෙන්න දෙයක් තිබුනේ නෑ.. අචින්තයා මගෙන් එහෙම ඇහුවේ ඇහුබැමත් උස්සලා...

"ඉදපන්කො ටිකක් කියල ඉවර වෙනකං.."

"ආ කියපන්කො බලන්න.."

"මං... මං කෙලින්ම හා කිව්වෙ නෑ... මං කිව්වෙ චාන්ස් එකක් දෙන්නම් කියලා.. ඌ මං ගැන දන්නෙ දහයෙ ඉදන් කියලා උඹ දන්නවාද??"

" අපිට ජනුක කිව්වා විස්තරේ... උඹ එහෙම කියපු එක හොඳයි බන්.. මං කියන්නෙ.. එහෙම එක පාරටම... විශ්වාස කරන්න අමාරු නැද්ද ආ?"

"මං එයාගෙ ඇස් දැක්කා බන්. ඒවාගෙ බොරුවක් ගෑවිලා තිබුණෙ නෑ.. මට බය ඒක නෙවෙයි බන්.. අම්මා? අප්පච්චි.. අපේ අයියා දැනගත්තොත් මොකක් වෙයිද බන්? මට බයයිනෙ. මට දැන් අම්මලාගෙන් හංගන්න දේකුත් තියෙනවා නේද මතක් උනාම මට එයාලාට මූණ දෙන එක අමාරු වෙයි බන්..."

"ඒක මං දන්නවා නිශූ... අපි චුට්ටක් බලමුකෝ ම්ම්?? විනුජයා හොඳ එකා.. ඌ උඹට රිද්දනේකක් නෑ.."

"ම්ම්හ්හ්.. මං දන්නෙ නෑ බන්.. මට හිනාවෙන්නද අඬන්නද තේරෙන්නෙ නෑ... උඹ දන්නවා මේ මගේ පළවෙනි වතාව.. මට සතුටු වෙන්නද දුකින් බයෙන් ඉන්නද කියලා තේරෙන්නෙ නෑ අචී..."

"බය නොවී ඉදහන්කො.. මේ දැන් උඹලා පටන් ගන්න මුල්ම අඩිය තිබ්බා විතරනෙ. උඹලා දෙන්නාට දෙන්නා තේරුම් ගනිද්දි ඕක හරියයි.. අනික... බය නොවී ඉදහන්.. හිනා වෙයන්. මේක සතුටු වෙන්න ඕනි වෙලාවක් මිසක්කා දුක් වෙලා මූණ එල්ලං ඉන්න වෙලාවක් නෙවෙයිනෙ... උඹ ඔහොම ම ඉන්න හැදුවොත් මොකක්ද බන් උඹලා සම්බන්ධයක් පටන් ගන්න එකේ තේරුම... උඹලා දෙන්නා තේරුම් එකිනෙකා තේරුම් අරං සතුටින් ඉන්නනෙ ඕනෙ.. අනික ඉස්සරහට වෙන්න තීන දේවල් ගැන අපිට කල් තියා කියන්න බෑනෙ බන්.. අම්මා තාත්තා දැන ගනීවි කියලා බය වෙලාම ඉදියොත් හොඳට හිටී.."

"මට තේරෙනවා බන්.."

"කෝ ඉතින් හොඳ එකා වගේ හිනා වෙයන්.. හදවතින්.. අරූ උඹ දිහා සැලකිල්ලෙන් බලං ඉන්නෙ. ඌ උඹට බලකලා වගේ කියලා ඌට හිතෙන්න දෙන්න එපා..."

"තැන්ක්‍යූ බන්.. මාත් එක්කම ඉදින් හොඳද..."

"උඹ එක්ක නැතුව වෙන මොකා එක්ක ඉන්නද යකෝ.. උඹලා දෙන්නා මගේ ඇට දෙක වගේ වටිනවානෙ..ම්හුක්" අචින්තයා තොල් දෙකත් උල්කරලා කට ඇද කලා...

යකෝ?? මායි ශෙවිනුයි උගේ ඇට දෙක වගේ!!?? ඉදකින් මේ වගේ වලෙක්..

"අපෝ බන් උඹ නම්ම්...." මං අචිතයාගේ ඔලුවට රිදෙන්නම එකක් ගැහුවා...

"ආව් යකෝ... උඹ හිතුවද මේවා යකඩ කියලා.." අචින්තයා හිමීට කතා කරනෙක නවත්තලා සද්දෙන් අහන ගමං ඔලුව අතගා ගත්තා..

"ඇයි මොකද උඹ... " මමත් ඒ සද්දෙන්ම ඇහුවා..

"පලයන් යන්න හිකනලා... මට ශෙවිනුව ඇති.."

" ආ තෝ හිතුවද උඹල දෙන්නාව අතාරියි කියලා.. මැරුණත් පස්සෙන් එනවා දැනගනින්.." මං දබරැඟිල්ලත් උරුක් කරලා ඌට ඇද කලා...

" පෙරේත තට්ටුවක් දෙන්නම්.. දොලපිදේනියක්... ඊට පස්සෙ නම් එන්නෙපා.."

"අනේ යකෝ... ඉදපන්.. ඉදපන් ඔහොම.." අචින්තයා මට දිව ඇදලා දුවන්න ගත්තා... මාත් ඌ පස්සෙන්ම එලෙව්වෙ උගේ ඔලුවට එකක් අනින්න කියලා...

මගෙන් ගුටි කන්න බැරිව දුවපු අචියායි ඌට ගහන්න බලාගෙන ගිහිපු මටයි අන්තිමට නවතින්න උනේ බාගෙට නාගෙන වෙද්දි මගේ ගාවම නැවතිලා දෙකට නැවීගෙන හති දාන අචින්තයාගේ ඔලුවට එකක් ගහලාම තමා මං පස්ස බැලුවෙ...

"උඹ නම් මොකෙක්ද මන්දා.. ගස් පෙන්දා..."

" අනේ උඹ... මට බය නිසානෙ දිව්වෙ.. හුහ් හූ..." මං හිනා වෙනගමං ඌට මගේ වැලමිටෙන් අනින්න ගත්තා..

" ආව්වා යකෝ නිකං ඉදපන්කො අය පය තියාගෙන wutta"

"ම්හුක්... බෑ"

"හරි හරි යමු ආපහු.. අරුන් කොහේද දන්න්ව් නෑ..."

මායි අචියයි පණ කඩාගෙන දිව්වා මිසක් අනිත් තුන් දෙනා ගැන ගාණක්ම නැති වෙද්දි උන් තුන්දෙනා කොහේ ඉන්නවාද කියලා ඒ මිනිස්සු ගොඩේ හොයන්න ඕනෙ නේද කියලා මතක් උනාම මගේ මූණ ඇද වෙලා ගියා...

"අනේ බන්. කෝලක් දාපන්කො බොම්බයිමොටයියාට..." අචියා මට කියද්දි මං ෆෝන් එක අතට අරං ශෙවිනුවාට කෝල් එකක් ගත්‍තා...

"හෙ-.."

මට හෙලෝ කියාගන්නවත් උනේ නෑ...

"කොහෙද බල්ලෝ ඉන්නෙ!!" එහා පැත්තෙන් කන පසාරු කරගෙන යන තරං සද්දෙන් විලාප දුන්නු ශෙවිනුවා නිසා කන තප්පර දෙකකට තාවකාලිකව බීරි වෙලා ගියා..

" මොකද wotto කෑගහන්නෙ..."

"ඉන්නෙ කොහෙද කියපන්...."

"මේ.. ඉන්නෙ නේද... හෙහේ.. පොඩ්ඩක් ඉදපන් සුදූ..."

මං එහෙම කියලා වට පිටාව සර්ච් කලා..

" A හෝල් එක ගාව.."

"ඉන්න තැන ඔහොමම ඉදපන්.. තොපි දෙන්නාව කන්න වටිනවා බූරුවෝ දෙන්නා.."

"බයින්නෙපා ම්හුක්... උඹ දන්නවානෙ අපි දඟයි කියලා.. ම්හුක්..."

" මගෙන් හොඳවැයින් අහගන්නෙ නැතුව ඉන්න තැනම ඉදපන්..උඹලාත් කරන්නෙම මහ wocana වැඩනෙ ගස්බල්ලො දෙන්නා.."

"කුණු හර්ප කියන්නෙපා wutto.. හිත-"

beep beep beep

කට් කලා නේත කෝල් එක බොම්බයිමොටයියා....

"අද කන්න වෙන සීන් එකක් තීන්නෙ බන්.. අරූ ආවේස වෙලා.." මං අචින්තයාට කිව්වාම ඌයි මායි දෙන්නාම කන් වලට ගහන්න ඇබ දෙකකුයි තැල්මවල් වලට ගාන්න හොඳ තෙලකුයි නැතුව අන්ත අසරණ වෙලා ඒ හෝල් එක ගාව අරූ එනකං හිටගෙන හිටියා...

"අනේ බන්.. බලපන්කො අරූ එන හැටි. බය හිතෙනවා බන්.."අචින්තයා ඈත එන ශෙවිනුවා දිහා බලලා මගේ දිහා බැලුව..

ඌ එන්නෙ නිකං ගමකට ගහන්න වගේනෙ බන්.. අනේ wutta.. අපි මොකටද මූට බය වෙන්නෙ... ඇයි යකෝ ඌ අපේ අප්පාද.. අපි කොල්ලොනෙ බන්.. මඟුල... කොල්ලො උනාම කොලු ගතිය තීනවා තමා.කොල්ලෙක් වෙලා කෙලි ගතියට ඉන්නද මු කියන්නෙ.. අනේ ගස්බල්ලා මූ... ඉදපන්කො පොල් ගහනවා ගිහින් සෙනෝදි නංගි මුගේ දිහා ජීවිතේට ඇහැක් ඇරලා බලන්නෙ නැති වෙන්න මටයි මගේ අහිංසකයාටයි ගැහුවොත් අද මූ...අම්මපා කරන එක කරනවාම තමයි... ඉදපන්කො...

"ආව්ව් ආව්ව්... ආහ්හ්... ගහන්න එපා පගෝ..."

ශෙවිනු ආපු ගමන් කලේ ඉන්න තැනවත් නොබලා හැරෙන හැරෙන අතට අචින්තයාටයි මටයි ගුටි දුන්නු එක වෙද්දි ඒ මහාබල මහා ශක්තිය තීන එබුවාම මාශ්මෙලෝස් වගේ තීන නහර පේන තරමේ අත් වලින් ගුටි කන එක හිතුවාට වඩා සිය ගුණේකින් විතර රිදුනා..

"අනේ වුට්ටෝ නවත්තපන්... අනේ..." අචින්තයාටයි මටයි යන එන මං නැති උනා.. වටේ පිටේ මිනිස්සු බල බල ගියා.. අනේ ඒත් මේකා නෙවෙයි නැවැත්තුවේ...

"නවත්තපන්.. නවත්තපන්?? උඹලා මට මොකක්ද යකෝ කියන්නෙ??" ශෙවිනුට තරහ ගිහිල්ලා...

අනේ බන්.. එච්චර තරහ යන්න තරම් අපි කලේ මොකක්ද බන්..

උගේ ඇස් දෙකත් එක්ක රතු වෙලා...

අනේ කෝ... මාව බේර ගන්න එකෙක්වත් නෑනෙ..

ශෙවිනු අපිට ගහන එක නවත්තලා හති ඇරියා.. අචින්තයා කඳුළු පුරෝගෙන එතනම බිම වාඩි උනා.. මගේත් ඇස් දෙක බොඳ වෙලා කඳුළු වලට.....

කෝ... අර ආදරේ දෙන්නම් කියපු පගයා.. කෝ ඒ වුට්ටා.. ගුටි කනකන් බලන් ඉන්නවාද දන්නෙ නෑ... ගස්බල්ලෝ දෙන්නා...

"අනේ ඇයි බන් ගැහුවේ..." අචින්තයා අඬ අඬම අහනවා..

"නැගිටපන්.."

ශෙවිනු උත්තරයක් නොදී අචින්තට නැගිටින්න කිව්වා...

"එක සැරයක් කිව්වාම නැගිටපන් මැරුම් නොකා.." ශෙවිනු කෑ ගැහුවාම මං ගිහින් අචින්තව නැගිට්ටෙව්වා..

"උඹලා මොන හුත්#ක්ද යකෝ කරන්නෙ. මොන මඟුලක්ද.. උඹලාට යන තැනක කියලා යන්න බැරිද. ආ බලපන්... බලපන්... අරුන් දෙන්නා වෙනම ගියා උඹලාව හොයන්න කියලා.. උඹලාට කෝල් එකක් ගන්නවත් මොළේ පෑදුනු නිසා හොඳයි. ඇයි බන් මෙහෙම කරන්නෙ. මේ නොදන්න තැනකට ඇවිත්.. උඹලා මෙහෙම පොඩි ඈවුන් වගේ වැඩ කරාම කොහොමද යකෝ.. එල... උඹලා මගේ ලේ පුච්චනවා ඉඳගෙන.. අද දවසට මේ කීවෙනි වතාවද කියපන්.. කලින් සැරේ ආපු ගමං අතුරුදහන් උනා... ඒ වෙලාවෙ විනුජ දැකපු නිසා හොඳයි... උඹලාට ගාය නම් ගෙදර ඉන්න තිබුනානෙ. මේ කොළ‍ඹ ඇවිත් මෙහෙම නටන්න තියාගන්න එපා යකෝ. දන්න අඳුරන අයදබලපන් ඉන්නෙ?? එහෙම වත් හිටිය නම් හිත හදාගන්න තිබුනා.. නැත්තං පොලීසි ගානෙයි අරහෙයි මෙහෙයි.. මොන මගුලක්ද කියහන්.."

ශෙවිනුවා බෙල්ලෙ නහර පෑදෙන සයිස් එකට අපි දෙන්නාගේ මූණටම බැනගෙන බැනගෙන ගියා..

මායි අචින්තයායි හූම් වත් නොකියා බිම බලාගෙන අහගෙන ඉඳියා...

අනේ ඉතින්.. සොරි ඉතින්.. හිතලා කලේ නෑනෙ.. අනික අපි පොඩි ළමයි නෙවෙයිනෙ දෙයියනේ.. දැන් දහාට වෙන්නත් ළඟයි.

"උඹලාගෙ කටවල් නැද්ද...."

"කෑ ගහන්න එපා ශෙවිනු. මිනිස්සු බලන් ඉන්නෙ."

"කෑගහන්න එපා? හහ්.. මරු ඒක කියන එකා.. අනික උන් බලන් හිටියට වට මොකද. මගේ මොකෙක්වත් නෙවෙයිනෙ උන්..."

ශෙවිනු ආයෙම වචන වලින් ගහන ගමං වටේ ඉන්න මිනිස්සුන්ට රැව්වා...

"ශෙවිනු. දැන් ඇති. ඇයි උඹ එහෙම ගැහුවෙ කියපන්! උඹට අපි පොඩි ඈවුන් වගේද පේන්නෙ?" මං ශෙවිනු ගෙන් ඇහුවා..

"දැන් ඇති තමයි. උඹලා කවදාවත් හැදෙන එවුන් නෙවෙයි මචන්. මටයි අමතක උනේ.. උඹලා හැමදාම කලේ මොනාම හරි කරලා මගේ ලේ පුච්චලා බනින කොට ඇති ශෙවිනු කියපු එක විතරනෙ."

ශෙවිනු එතන වාඩි වෙන්න පුළුවන් විදියට තිබුනු පඩි දෙක තුනේ උඩම පඩියෙන් ඉඳගත්‍තා...

"එහෙම නෙවෙයි බන්.."

"ඇති ඇති... උඹලමනෙ කිව්වෙ ඇති කියලා... ඒක නිසා නවත්තපන්.. මට උඹලගෙ බොරු හේතු ඕනෙ නෑ.. කට වහගෙන පැත්තකට වෙලා ඉඳපන්..."

"ශෙවිනු. මොකද උඹට වෙලා තීන්නෙ.. මෙතන මහලොකු දෙයක් උනේ නෑනෙ. උඹ මොකද මැරෙන්න හදන්නෙ. අපි දෙන්නා උඹලා තුන් දෙනාගෙන් අයින් වෙලා ඇවිත් විතරයි. අපි මැරෙන්න ගියේ නෑනෙ. උඹ මොකද මේ නහරකාරයා වගේ නහින්න හදන්නෙ..."

මට තද උනා.. ඇයි යකෝ.. මෙතන උනේ මොකක්ද... අපිට උන් තුන් දෙනාව මඟ ඇරුනු එක විතරනෙ... ඒකට මේ දුවගෙන ඇවිත් අපිට තඩි බාන්න තරම් මොකුත් උනේ නෑනෙ....

"...."

"ශෙවිනු....?"

"අනේ පින් සිද්ද වෙයි. ටිකක් කටවල් පියාගෙන ඉන්න..." ශෙවිනු අපි දෙන්නා දිහාට අත්දෙක එකතු කරලා කිව්වා...

මොකක්ම හරි වෙලා තීනවා... ඇයි ශෙවිනු මෙහෙම හැසිරෙන්නේ??

ශෙවිනු කාටදෝ මන්දා කෝල් කලා..

"හෙලෝ මචන්.."

.....

"ඔව් ඔව්..ඉන්නවා.."

.....

"ඒ හෝල් එක ළඟ."

.....

" හරි බන්.."

....

"අව්ලක් නෑ.."

....

"උඹලා වරෙන් එහෙනම්.."

......

"හරි.."

ශෙවිනු කෝල් එක කට් කරලා දණහිස් දෙක ලඟට අරන් අත් ඒ උඩින් තියන් අත් උඩින් ඔළුව ගහගත්තා...

මායි අචින්තයායි මූණට මූණ බලාගත්තා..

මූට මක් වෙලාද...

අචින්තයා ගිහින් උගේ ගාවින් වාඩි වෙලා උරහිස වටේ අතක් දාගත්තා...මාත් ගිහින් ඊට අනිත්පැත්තෙන් වාඩි වෙලා බෑග් එකෙන් ලේන්සුව එළියට අරන් බෝතලේ වතුර වලින් මූණ හෝදගෙන ලේන්සුවෙන් මූණ පිහාගත්තා..

අචින්තයාගේ කඳුළු පාරවල් යන්න වතුරෙන් තෙත් කරපු ලේන්සුවෙන් උගේ මූණ පිහිදගන්න කියලා ලේන්සුව ඌට දුන්නා...

"ශෙවිනූ... මොකද බන් උනේ?"

•••••••>>>>>>>

හලෝ..

මං ටයිප් කරපු ගමං මේ දුන්නෙ. ආයෙ චෙක් කලේ. නැ..

මේ දවස් වල බිසී අනේ.. මේ ටිකේ ක්ලාසස් වල එක්සෑම්..

වන් ශොට් එකක් කිව්වට දැන් මේක වන්ශොට් එකක් නෙවෙයි නේද 😂 සොරි ඉතින්.. ඒත් මේක චැප්ටර්ස් ගොඩක් තීන එකක් නෙවෙයි... මං පුළුවන් විදියට ඉක්මනට දෙන්න බලන්නම්..

මේකත් එක්ක ඉන්නවට තැන්ක්‍යූ...

ආදරෙයි..

Eesha~

Contents
Contents