Chapter 8: CHAPTER 08

මඟ හැරී | NONFICTION ✔Words: 16739

"උඹේ කොල්ල සමනලීව කසාද බැඳලා නෑ බන්..!! එදා උඹ ගියාට පස්සේ එතන කසාදයක් වෙලත් නැහැ.."

.

.

.

අතීතයෙන්...

"අ-අයියේ... මාව දාලා යන්න එපා අයියේ... අයියේ..."

මෙනුජ අහිංසව දාලා යන්නම ගියා.. සමහරවිට සදහටම.. දරාගන්න අමාරුයි අහිංසට.. කොච්චර හිත හයිය කරගන්න හැදුවත් කොහොමද දෙවියනේ අර අහිංසක හිත බිඳලා දාලා අහිංස හිත හදාගන්නේ.. අහිංස හොඳටම දන්නවා මෙනුජ ගැන.. කොච්චර පොරොන්දු ගත්තත් අහිංස දන්නවා මෙනුජට අහිංස නැතුව එක හුස්ම පොදක් ගන්න බැරි බව.. මොකද මෙනුජගේ හුස්ම පොද අහිංසම උනානේ..

"අහිංස, එන්න අපි යමු දැන්..!!"

බිම වැටිලා අඬන අහිංසට ඇහුනේ සමනලීගේ ඒ කටහඬ.. අනේ ඒ අහිංසකයා කොහොමද මෙච්චර ඉක්මන්ට තව කසාදයක් කරගන්නේ.. ඇඬුනා අහිංසට බිම ඉඳගෙනම ඇඬුනා.. කොල්ලෙක් නේද අහිංස උඹ..?? වාවන්නේ නෑ නේද බන්..?? සමනලී අහිංස ළඟටම ආවා.. බිම වැතිරිලා ඉන්න අහිංසගේ උරහිසෙන් අල්ලලා නැඟිට්ටුවා.. ඒත් ඇයි සමනලී අහිංසගේ හැසිරීම ප්‍රශ්න නොකරන්නේ..?? එයාගේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ එයා මේ දේ බලාපොරොත්තුවෙන් හිටියා කියලා නෙවෙයිද..?

" සමනලී මට සමාවෙන්න මම ඔයාව කසාද බඳින්නේ කැමැත්තෙන් නෙවෙයි..."

තවමත් ඒ ඇස් හිස්.. සමනලීව තේරුම් ගන්න අමාරුයි.. හැඟීම් විරහිත ඇස් වලින් බලන් ඉන්න මිනිස්සු හරි ගුප්තයි.. එයාලව තේරුම් ගන්න හරි අමාරුයි..

"සමනලී.. මම මෙනුජ අයියට ආදරේ කරනවා සමනලී.." අඬනවා අහිංස හොඳටම අඬනවා.. අහිංස කියන්නේ හැඟීම් හංගන්න දක්ශ කොල්ලෙක් නෙවෙයි.. ඒක නිසාම එයා අඬනවා... සමනලීට එයා මේවා කියනවා.. ඒත් ඇයි තවමත් සමනලීගේ ඇස් වල හැඟීමක් නැත්තේ අඩුම අනුකම්පාවක්වත් එහෙමත් නැත්නම් පුදුමයක සේයාවක්වත්..?

" සමනලී, ඔයා දන්නවද මෙනුජගේ ජීවිතේට මම බලෙනුයි ඇතුල් උනේ.. ඒ-ඒ ලස්සන ජීවිතේට අවසරයක් නැතුවමයි ඇතුල් උනේ.. එහෙම ඇතුල් වෙලා ඒ ජීවිතේ විනාස කරෙත් අවසරයක් නැතුව.. ම්-මට සාපවෙනවා දෙවියනේ සාප වෙනවා ඒ අහිංසකයගේ හිත කෑලි කෑලි වලට කැඩුවට.. දෙවියෝ උඩ ඉන්නවා නම් අහන්න, දෙවියනේ අනිවාරෙන් මට අර අහිංසකයෙක්ගේ ජීවිතේ විනාස කරාට දඬුවම් ලැබෙන්න ඕනා.. අන්තිම හුස්ම වෙනකන් මම විඳවන්න ඕනා.. මගේ අයියා අද විඳවනවට වඩා දහස් ගුණයකින් විඳවන්න ඕනා.. දුන්න බොරු පොරොන්දු මට ආපස්සට සාපයක්ම වෙන්න ඕනා..."

අහිංසගේ වේදනාත්මක විලාපය එතන රැව් දෙනවා.. අහිංසට මතක නෑ එයා ඉන්නේ කොහෙද කියලා.. අහිංස දන්නේ නෑ මොනවා එයාගේ කටින් පිටවෙනවද කියලා.. ඒ වටේම සෙනඟ පිරිලා.. ඒත් තාමත් සමනලී අර හැඟීම් විරහිත ඇස් වලින් හිස් අවකාශය දිහා එක එල්ලේ බලන් ඉන්නවා...

"දන්නවද සමනලී, මම මගේ අයියට හීන දකින්න ඉගැන්නුවා.. බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න ඉගැන්නුවා.. අද ඒ ඔක්කොම මම විනාස කරලා දැම්මා.. හරි ලස්සනට මම වීදුරු වලින් හදපු හීන මාලිගය මගේ අත් වලින්ම විනාස කරලා දැම්මා... සාහසිකත්වය කියන්නේ මේකට වෙන්න ඇති නේද..? දන්නවද.. එයා දැන් ගායකයෙන්.. අපි දෙන්නගේ හීනේ.. ඒත් ඒක ඉශ්ට වෙන්න තව ටික දුරක් යන්න වෙනවා.. ඒත් ඒ ටික දුර මෙච්චර ආවා වගේ අපි දෙන්නට අත් අල්ලන් යන්න බෑ.. ඒක නිසයි මම ඒ අත, අතඇරියේ... ඒත් ඒකෙන් එයාම විඳවනවා.. ඒක මට දරාගන්න බෑ "

සමනලීගේ හිස් ඇස් වලින් කඳුලු බේරෙනවා.. ඇයි ඒ.. ඒ අනුකම්පාව නිසාද..? නෑ කොහෙත්ම නෑ.. මගේ කියවීම නිවැරදිනම් ඒ ඇස් වල පසුතැවීමක සේයාවක් දිස් වෙනවා.. මේ ගලන්නේ පසුතැවිල්ලක කඳුළු.. ඔක්කොම අහන් ඉඳලා අන්තිමට සමනලී තීරණයක් ගත්තා.. ඒ තීරණය කොච්චරක් දුරට මෙයාලගේ ජීවිත වෙනස් කරාවිද..?

"අහිංස කලබල වෙන්න එපා.. මම අංකල්ට කතා කරලා මේ කසාදේ නවත්තන්නම්.. මම කියන්නම් මට තව කාලේ ඕනා කියලා.."

"අ-අනේ සමනලී ඇත්තමද ඔය... පිංසිද්ධ වෙනවා ඔයාට.."

.

.

.

"සමහරවිට ඇත්ත දැනගත්ත දාට ඔයා මට පිං පතනෙකක් නෑ අහිංස..."

වර්ථමානෙට...

අද මෙනුජට විශේෂ දවසක්... අද තමා මෙනුජගේ අවෝඩ් ශෝ එක තියෙන්නේ... මෙනුජගේ අලුත්ම සිංදුව "මඟ හැරී" නිකුත් කරලා අදට හරියටම සතියක්..!! හැම හීනෙකම අවසානය මෙයම උනා.. මේ සතියම මෙනුජ ඔහුගේ වැඩ එක්ක කාර්‍යබහුල උනා.. අහිංසගේ කසාදේ නැවතුන එකේ සතුට හිත යටම තැන්පත් වෙද්දී මේ එයා මහන්සි වෙන්නේ ඒ දෙන්නගෙම හීනේ අන්තිම කෙළවරට ළඟා වෙන්න.. අහිංසගෙයි සමනලීගෙයි කසාදේ නැවතුනා කියලා මෙනුජට අහිංසගේ ගෙදරින් කැමති වෙන්නේ නෑ..!! කොහෙත්ම කැමති වෙන්නේ නෑ..!!  ඒක මෙනුජ හොඳවාකාරමව දන්නවා.. ඒත් එයා තවම බලාපොරොත්තු වෙනවා  කලින් පොරොන්දු උනා වගේම අහිංස පිටිපස්සෙම පෝළිමට වෙලා හරි ලස්සනට අත්පුඩි ගහයි කියලා.. නොලැබෙන බව දැන දැනත් බලාපොරොත්තු වෙන එක මහ මෝඩ කමක් මෙනුජ..!!  මෙනුජ යතාර්ථය පිළිගත්තා.. නෑ එයාට පිළිගන්න උනා.. මෙයයි එයාලගේ දෛවය.. අපි මොන කෙරුමා උනත් කර්මයට, දෛවයට පිටුපාන්න බෑ.. ලෝක ස්වභාවයට පිටුපාන්න බෑ.. ලෝක සත්‍ය ඒකයි..!!

නිල්පාට සූට් එකකින් මෙනුජ හරි ගාම්භීරව අවෝඩ් ශෝ එකට ආවා.. තාමත් අහිංස කැමතිම විදිහට එයා ලෑස්ති වෙලා.. එයාලගේ කතාවේ අවසානයට... ඒ හීනේ අවසානයට අද මෙනුජ තනියම ඇවිදන් ආවා.. අත් අල්ලන් ඇවිදන් ආව ඒ මාර්ගයේ අද මෙනුජ තනියම... ඒකත් අහිංස කැමතිම විදිහට... මෙනුජගේ හිතේ වේදනාව නැති වෙන්නේ නෑ.. අවසන් හුස්ම වෙනකන් ආදරේ කරනවා කියලා උන පොරොන්දුව තාමත් මෙනුජ රකිනවා.. ඒත් තාමත්... තාමත් මෙනුජගේ හිතේ කොනක අහිංසව බලාපොරොත්තු වෙනවා.. එකම එක පාරක්වත් ඒ රුව දකින්න ඕනා කියලා හැඟෙනවා.. මොකද මේ ජයග්‍රහනයේ නියම අයිතිකාරයා මෙනුජ නෙවෙයි.. ඒ අයිතිකාරයා අහිංසම උනා..

" The most popular singer of the year award goes to Mr.Menuja Nuwansith Perera. Please come on stage.. "

ඇහෙනවද අහිංස.. උඹ කොහේ හරි ඉඳන් අහන් ඉන්නවද..??  උඹේ මෙනුජ ඒ හීනය දිනාගත්තා බන්..!! උඹ තනියම දැකපු හීනය උඹේ අයියා හැබෑ කරා බන්..!! මට ලෝබයි බන්.. උඹලගේ ආදරේ අකුරු කරපු මටම ලෝබයි මේ මොහොත තනියම විඳින්න... උඹත් ඕනා අපේ අහිංස.. ඇවිත් බලපන් උඹේ අයියගේ සතුට..

මෙනුජ වේදිකාවට නැග්ගා.. ඒ ඇස් කලබලයි.. හරිම කලබලකාරයෙක් වගේ.. මේ කලබලකාරයා ඒ කලබල ඇස් වලින් කාවදෝ හොයනවා.. ඒ කලබල ඇස් මොහොතකට නැවතුනා.. හරියට කලබලකාරයා හරි  කලබලයෙන් හොයපු මහ වටින දෙයක් හම්බුනා වගේ.. ඔව්.. ඒ කලබලකාරයට හම්බුනා.. ඒ හොයපු දේ හම්බුනා.. ඒ ඇස් මහන්සියෙන් හොයපු ඒ රුව හම්බුනා.. ඔව් හම්බුනා ඒ වලගැසුනු කම්මුල්වල අයිතිකාරයව.. ඒ වලගැසුනු කම්මුල්වල අයිති කාරයා පිටිපස්සෙම පෝලිමේ ඉඳන් හරි හයියෙන් අත්පුඩි ගහනවා.. සතුටු කඳුලු වලට ඒ දුඹුරු ඇස් දිලිසෙනවා.. සතුටුයි.. ඒ දෙන්නගෙම අවසන් හීනේ.. හරි ලස්සනට ඒ හීනේ අවසන් උනා.. මෙනුජ-අහිංස එකිනෙකාගේ නොවුනත් ඔවුන් ආත්මයෙන්ම එකිනෙකාටම අයිති වෙලා ඉවරයි.. ඒ බැඳීම ආත්මීයයි...!!

.

.

.

අහිංස එතනින් එළියට ආවා.. අහිංසට ඕනා මෙනුජව හමුවෙන්න.. ඒත් බෑ.. ඒක නිසාම අහිංස එළියට ආවා.. අහිංස එළියෙන් හිටගෙන හිටියා.. මෙනුජත් සම්මානය අරගෙන එහෙම්මම දුවගෙන ආවා.. එයාට ඕනා පෙන්නන්න.. හරි සතුටින් සම්මානය උස්සගෙන දුවගෙන මෙනුජ ආවා.. අහිංස අහස දිහා බලන් කල්පනා කරා.. මෙනුජ එනකම්ම අහිංස ඒ දිහා බැලුවේ නෑ.. අහිංසට මුහුන දෙන්න බෑ මෙනුජට.. තමන් ගැනම දැනෙන ඒ වරදකාරී හැඟීම අහිංසව පුච්චලා දානවා.. එයා සතුටු වෙන්න ඕනා.. ඔව් ඒ එයාලගේ හීනය.. දෙතැනෙක හිටියත් ඒ හිතවල තියන ආදරේ නම් නැති වෙන්නේ නෑ.. අඩු වෙන්නෙත් නෑ... ඒකයි ඒ බැඳීම සාංසාරික..

.

.

.

ඒත් ගත උනේ එක මොහොතයි...

බලාපොරොත්තු ගොන්නක් එක්ක පෙන්නන්න ගෙනාපු සම්මානය අහිංසගේ ඉස්සරහම කෑලි කෑලි වලට කුඩු වෙලා බිම වැටෙද්දී ඒත් එක්කම ඇහුන මනුස්ස කෑගැස්ම අහිංසගේ කකුල් වල ජීවය නැති කරා.. අහිංස එතනම ඇදන් වැටුනා.. නෑ නෑ නෑ... මේක වෙන්න බෑ... එයාගේ ඉස්සරහම එයාගේ පණටිකගේ බඩට ඇනුන පිහි පාරක් නිසා අහිංසගේ නාඩි වැටීම නතර උනා වගේ හැඟීමක් දැනුනා.. අහිංස හුස්ම ගත්තත් එයාගේ සිතුවිලි මේ මොහෙතේ වැඩ කරන්නේ නෑ.. ඔහොම ඉන්න එපා අහිංස නැගිටපන්..!! ඔය කොල්ලව බේර ගනින්..!! උඹේ හුස්ම ටිකනේ ඔය.. බේරගනින්..!! පිහිපාර ඇනපු ඒ නරුමයා දුවන් යද්දී තවමත් හැලහොල්මනක් නැතුව අහිංස මෙනුජ දිහා බලන් හිටියා.. අඩුම ගානේ ඒ ඇස් වල හැඟීමක් නෑ.. නිතරම හැඟීම් පුරවන් ඉන්න ඒ ඇස් හිස් වෙලා..

ඉතින් මෙයද අවසානය..?

_______________________________________________________

හායි

තව එකකින් ඉවරයි...

බායි