Chapter 7: CHAPTER 07

මඟ හැරී | NONFICTION ✔Words: 23671

කාලය කියන අමුතු සතා වේගයෙන් ගලන් යනවා.. තනියම නොවේ.. වෙනස්වීම කියන දේත් එක්කම ගලන් යනවා.. ඒකනේ කියන්නේ කාලයත් එක්ක මිනිසුන් වෙනස් වෙනවා කියලා.. එතකොට මෙනුජගේ හැඟීම්.. අදට මෙනුජයි අහිංසයි හමුවෙලා අවුරුදු දෙකක්..!! ඒත් තාමත් මෙනුජගේ "යාළුකම" කියන සීමාව නම් බිඳුනේ නෑ..මෙනුජට කල් ඕනා උනා හැඟීම් තේරුම් ගන්න.. ඒත් මෙතරම් කාලයක්.. සමහරවිට ඒ කෙනා අහිංස නොවුන නම් මේ වෙනකොටත් මෙනුජව අත ඇරලා යන්න ඉඩ තිබුනා.. ඒත් අහිංස හොඳ ඉවසිලිවන්තයෙක්; ඒ වගේම හොඳ උත්සහවන්තයෙක්.. තාමත් එයා මෙනුජගේ හැඟීම් ගැන දැන ගන්න මඟ බලන් ඉන්නවා.. මෙනුජගේ හිතේ ඇත්තටම අහිංස ගැන ආදරයක් තියනවා.. එයා අහිංසට ආදරෙයි.. ඒත් තාම ඒ දේ කියන්න සූදානම් නැති කමක් මෙනුජට තියනවා.. සමහර දේවල් අවශ්‍ය අවස්ථාවේම ළඟට ගත්තේ නැත්නම් ඒ දෙය සදහටම උනත් අපෙන් ඈත් වෙන්න ඉඩ තියනවා.!! නැති උනාට පස්සේ පසුතැවිල වැඩක් නෑ.. එයින් වන්නේ අපි අසරණවීමක් පමණයි...

.

.

"අහිංස, මොකක් හරි ප්‍රශ්නයකින්ද ඉන්නේ..?" අහිංස මේ දවස් ටිකේම හරි නිහඬයි.. අදත් බත් එකකුත් ඔතාගෙන මෙනුජගේ ගෙදර ආව අහිංස වෙනදා වගේ කියවන්නේ නෑ. වෙනදා තොරතෝන්චියක් නැතුව කියවන කට අද වැහිලා ගිහින්..!! අහිංස කියන්නේ නිහඬ කෙනෙක් නෙවෙයි. එහෙම කෙනා නිහඬ උන එක මෙනුජට ප්‍රශ්නයක්.. අහිංස මොකක්දෝ දෙයක් හිතේ හිරකරගෙන ඉන්නවා කියලා මෙනුජට හිතුනා.. මෙනුජට ඕනා ඒ දේ දැනගන්න..

"මුකුත් නෑ අයියේ.. පොඩ්ඩක් විතර ඔලුව කැක්කුමයි.." හීන් හිනාවක් එක්කම අහිංස කිව්වා. මෙනුජ දැන් හොඳට අහිංසව අඳුරනවා.. මෙනුජට හරි ලස්සනට අහිංසගේ ඇස් කියවන්න පුලුවන්.. ඒ ඇස්වල මොකක්දෝ අසරණකමක් ලියවිලා තියනවා..

මෙනුජ අහිංසව අතින් අල්ලගෙන ළඟට ගත්තා.. අහිංසත් මෙනුජගේ තුරුලටම ගුලි උනා.. මෙනුජගේ ඇඟ වටෙන් අත් දෙක ඔතාගෙන තද කරලා බදා ගත්තා. ඔලුව මෙනුජගේ පපුවට තද කරලා තියාගත්තා. හරියට මේ දේ අහිංසට ඕනම වෙලා තිබ්බා වගේ.. මෙනුජගේ උණුසුම අහිංස හරි ලෝබ කමකින් විඳිනවා.. අහිංසගේ හැසිරීම හරි වෙනස්.. ඒ ගැන නොහිතා මෙනුජ අහිංසගේ සිනිඳු කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමැද්දා.. මෙනුජට හොඳටම තේරෙනවා අහිංසගේ හැඟීම්.. ඒකයි මෙනුජ හිතේ තියන දේ අහිංසට කියන්න කියලා වද නොකරේ.. හිත සංසුන් උන ගමන් අහිංසම මෙනුජට කියනවා කියලා මෙනුජ දැනන් ඉඳියා.. අහිංස කියන්නේ දේවල් හංගන කෙනෙක් නෙවෙයි. එයාගේ මුලු ජීවිතේ ගැනම මෙනුජ දන්නවා. හොඳ හෝ නරක වේවා අහිංස ඒ සියලු දේම මෙනුජට කියනවා. ඒත් එක්කම කිසිම ප්‍රශ්නයක් නොවෙන්නත් අහිංස වග බලා ගන්නවා. ඒ හේතුව හින්දම ඒ දෙන්නා අතර වැරදි වැටහීම් නම් නොවුන තරම්.. ඒ තරම් ඒ දෙන්නා අතර විශ්වාසය කියන දේට මහා ඉඩක් තිබ්බා.

"අයියේ... මට බයයි අයියේ"

"මොකටද අහිංස බය..?"

"තනිවෙන්න බයයි මට.. මම තනිකමට මහ ගොඩක් වෛර කරනවා.."

" ම්ම් ?? "

"අයියට බැරිද අයියේ මම බලාපොරොත්තු වෙන වචන ටික කියන්න.. මම ඒ තරම්  වාසනාවන්ත නැද්ද අයියේ ඔයාගේ කටින් ඒ වගේ දෙයක් අහන්න ලැබෙන්න තරම්..?"

"මොනාද අහිංසට අහන්න ඕනා මගෙන්..?"

"අයියා දන්නෙම නැද්ද මම අහන්නේ මොකක් ගැනද කියලා... නෑ එහෙම නෑ ඔයා දන්නවා.. ඒත්-ඒත් ඔයා දන්නේ නෑ වගේ රඟපානවා.."

"අහිංස පොඩ්-" අහිංසගේ හිත හොඳටම රිදිලා වගේ... තාම මෙනුජගේ පපුවෙන් ඔලුව උස්සන්නේවත් නැතුව කියවගෙන යනවා.. මෙනුජට කතා කරන්නවත් දෙන්නේ නැතුව කියවගෙන යනවා..

"නෑ අයියේ ඔහොම ඉන්න මම කියනකන්.. ඔයාට දැනෙන්නේ නැද්ද අයියේ මගේ හැඟීම්.. මට තව බලන් ඉන්න බෑ මගේ අයියේ.. ඔයාට මාව විහිලුවක්ද මගේ අයියේ.. ඒකද මගේ ආදරේ බාල්දු කරන්නේ.. ඒකද මම බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා දැන දැනත් ඔයාගේ හැඟීම් ගැන මට කියන්නේ නැත්තේ.. මම ඔයාට මහ ගොඩක් ආදරෙයි මගේ අයියේ.. මගේ පණටත් වඩා ආදරෙයි.. ඔයාගේ ඉස්සරහ ආදරේ අයදින විදිහට වැඩ සලස්සන්න එපා මගේ අයියේ.. මගේ ආදරේ එච්චර පහතට දාන්න එපා.. ඔ-ඔයා ආ-ආදරේ නැත්නම් ඒ-ඒකත් ම්-මට කියන්න. මම ආයේ ඔ-ඔයාගේ ජීවිතේට එන්නේ නැතුව ඉ-ඉන්නම්.. මගේ ඇස් රිදෙනවා අයියේ.. බලන් ඉඳලම මගේ ඇස් රිදෙනවා.. තව නම් බෑ.. පින් සිද්ධවෙයි මගේ අයියේ අපි කවුද කියලා මට කියන්න.. මේ බැඳීමට නමක් දෙන්න අයියේ..?"

මුල් ටික හිතේ ධෛර්‍යයෙන් කිව්වත් අන්තිම ටික කියද්දී නම් අහිංසගේ හඬ හොඳටම බිඳුණා.. තාමත් අහිංස ඒ ඇස් දිහා කෙලින් බැලුවේ නෑ.. මෙනුජගේ පපුවෙම මූන හංගගෙන කියවගෙන ගියා.. අහිංස දන්නවා එයා මෙනුජගේ සාගරයක් වගේ ගැඹුරු ඇස් දිහා බලන් ඔච්චර දෙයක් කියන්නේ නැති වග.. එයාට හයියක් නෑ.. ඒත් මෙනුජගේ ඇස්.. ඒවා මට කියවන්න තේරෙන්නේ නෑ.. මෙනුජගේ හැඟීම් මට හඳුනගන්න අමාරුයි.. අකුරු කරන්නත් හරි අමාරුයි.. ඒත් තවමත් මෙනුජ නිහඬයි..??

"අ-අයියේ..." අහිංස හරි අහිංසක විදියට මිමිනුවා.. එයාගේ ඇස් දිලිසෙනවා.. ඒ දිලිසෙන ඇස් බලාපොරොත්තු ගොන්නක් හිතේ තදකරගෙන කතා කරනවා.. තාමත් මෙනුජ බැලුවේ නෑ අහිංස දිහා. තේරුම් ගන්න අමාරුයි මේ කොල්ලගේ හැඟීම්..!!

"උඹට වචන ඕනෙමද බන් මගේ හැඟීම් තේරුම් ගන්න..??"

"නෑ.. මට දැනෙනවා මගේ අයියව.. ඒත් ඒත් සමහර වෙලාවට හැඟීම් තේරුම් ගත්තටම මදි සම්බන්ධයක් පවත්වගන්න.. වචනත් ඕන වෙනවා මගේ අයියේ.. ආදරේ නොකියා හිතේ හංගන් ඉන්න කොච්චරක් අය මේ ලෝකේ ඇත්ද.. සමහරවිට එයාලා තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක සතුටින් ආදරේ බෙදාගන්නවා බලන් ඉන්නවා ඇති.. සමහරවිට ඒ ආදරේ ලබාගන්න ලෝබකම් කරනවා ඇති.. ඒ උණුහුම විඳින්නත් ලෝබකම් කරනවා ඇති.. ඔයා හිතනවටත් වඩා ගොඩක් කල් ඉඳන් මම ඔයාට තනියම ආදරේ කරා අයියේ.. ඒත් ඒ හැඟීම වින්දා හොඳටෝම ඇති මට.. ඒකපාර්ශවික ආදරේ වේදනාවක් මගේ අයියේ..!!"

මෙනුජට වාවන්නේ නෑ.. මෙනුජගේ පපුව ඇඳුම්කනවා.. මෙනුජ එහෙම්මම අහිංසගේ නළලින් ලා සිපුමක් තැවරුවා. හරිම ආරක්ශාකාරී හාදුවක්. අහිංස ඇස් පියාගෙන ඒ කෙටි හාදුව වින්දා. අහිංසට මේකත් මහ ලොකු දෙයක්. අහිංස මෙනුජව එයාගේ හිතේ හරි ඉහළ තැනක තියන් ඉන්නවා. ඒ නිසාම මෙනුජ අහිංසගේ අත් දෙක හරි පරිස්සමට අල්ලගෙන ඇස් දිහා බලාගෙන කතා කරන්න ගත්තා...

"දන්නවද අහිංස, උඹව මම මුලින්ම දැක්කේ ෆස්ට් ඉයර් කට්ටිය මුලින්ම ආව දවසේ. උඹ හරි ලස්සනයි බන්..!! එදාම තමා පළවෙනි වතාවට උඹ මන් එක්ක හිනා උනේ. ලස්සනයි උඹේ හිනාව.. හිනාවෙනකොට වලගැහෙන කම්මුල් හරි ලස්සනයි..

දන්නවද උඹ ටිකෙන් ටික මගේ ජීවිතේට එන්න පටන් ගනිද්දී මට මහ ගොඩක් බය හිතුනා බන්.. මේ මෙනුජ කියන්නේ ආදරේ ගැන දන්න මිනිහෙක් නෙවෙයි බන්. ආදරේ වින්ද මිනිහෙකුත් නෙවෙයි.. ඒ හැම දෙයක්ම දැනගෙන ආදරේකට මගේ ජීවිතේ තැනක් දෙන්න මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ.. මොකද මට බයයි බන්.. මම රැවටෙන්න බයයි..

ඒත් බන් උඹ ඇවිත් ඒ හැමදේම වෙනස් කරා.. බලාපොරොත්තු නැතුව හිටපු මගේ හිතේ අලුත් බලාපොරොත්තු ඇති කරා.. ආදරේ ගැන හැඟීමක් නොතිබ්බ මගේ හිත උඹේ ආදරේ මත්තෙම නැහෙන විදිහට වැඩ කරා.. අඳුරු මගේ ජීවිතේ උඹ කිව්වා වගේම පාට කරා.. ගායකයෙක් වෙන්න ඕන හැම විදියෙන්ම උඹ මට උදව් කරා.. මම දන්නවා සමහර වෙලාවල් වලදි උඹ මට හොරෙන් මම එපා කියද්දිත් රදීශ් එක්ක එකතු වෙලා මගේ හීනෙට පාර කැපුවා කියලා.. මට උඹට ආදරේ නොකර ඉන්න බැරි තරමටම උඹ මට ආදරේ දුන්නා බන්..!! උඹ පොඩි එකා උනාට උඹේ ආදරේ පොඩි නෑ අහිංස.. උඹේ ආදරේ අම්මා කෙනෙක්ට සමානයි බන්..!! උඹ මේ අනාතයට අම්මා කෙනෙක්ගේ ආදරේ දුන්නා බන්..!! ඒ ආදරේමයි මේ ගල් උන හදවත හෙලෙව්වේ...

පොරොන්දු වෙයන් බන් මේ අනාතයව තව දුරටත් අනාතයෙක් කරන්නේ නෑ කියලා. ආයේ කවදාවත් අනාතයෙක් වෙන්න දෙන්නෙත් නෑ කියලා.. පොරොන්දු වෙයන් මේ ආදරේ මඟ හැරෙන්න දෙන්නේ නෑ කියලා.. උඹ තමයි මගේ හිත හැඩ කෙරුවේ..  ඒ උඹ හැඩ කෙරුව හිත උඹම කඩන්නේ නෑ කියලා පොරොන්දු වෙයන්.. බලාපොරොත්තු නැති මගේ හිතට බලාපොරොත්තු ඇති කරේ උඹ බන්.. හරියට රස කෑමක් ජීවිතේට නොකාපු අසරණ දරුවෙක් වගේ.. ඒ දරුවට රසම රස කෑම කියන්නේ මොනවද කියලා අඳුන්වලා දුන්නේ උඹ බන්.. මට විස්වාසයි උඹ මාව මඟින් අත ඇරලා යන්නේ නැති වෙයි කියලා. ඒ වගේම මට විස්වාසයි උඹ මගේ විස්වාසය රකීවි කියලා..

ලස්සන වචනෙන් රෝමාන්තික ආදරවන්තයෙක් වගේ කියන්න බැරි උනාට සමාවෙයන් බන් ඒත් මේ පිරිමි පපුවේ උඹේ නමටම මහ ගොඩක් ආදරේ තියනවා. මම උඹට මහ ගොඩක් ආදරෙයි මගේ අහිංස.. අදටත් හෙටටත් මම මැරෙන අන්තිම හුස්ම වෙනකනුත් මම ආදරෙයි.. නිතරම මගේ කටින් මෙච්චර වචන පිට නොවේවි අහිංස.. ඒත් මම උඹට ආදරෙයි බන් මම දන්නේ එච්චරයි.."

.

.

.

.

නැවතත් වර්තමානෙට,

තවමත් මතක් වෙද්දි අද ඊයේ උනා වගේ හැඟීමක් දැනෙන ඒ ආදරේ ගැන මෙනුජ හඳ දිහා බලාගෙනම ලොකු කල්පනාවක හිටියා. හරි ලෝබයි මෙනුජට.. අහිංසගේ ආදරේ එහෙම ලේසියෙන් අමතක කරන්න අමාරුයි.. එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් ආදරයක් නෙවෙයි අහිංස මෙනුජට දුන්නේ.. ඒ ආදරේ වෙනස්.. උතුම්.. ඒ වගේම ආත්මීයයී..

නැවතත් මෙනුජගේ මානෙන්...

"ඔච්චර හඳ දිහා බලන් කල්පනා කරන්න එපා බන්... උඹව අතරමං වෙයි.." දැනටමත් අතරමං වෙලා ඉන්නේ කියලා කියන්න මට ඕන උනත් මම වචනයක් වත් කිව්වේ නෑ.. මට ඕන උනේ නෑ උගේ බයිලා අහන්න.. මට දැන් ඇවිල්ලා කියයි අමතක කරපන් හැමදේම කියලා.. එහෙම උන හැමදේම අමතක වෙන්න නම් මම මැරිලා උපදින්න ඕනා.

"..."

"මට උඹ එක්ක කතා කරන්න දෙයක් තියනවා"

"මට පාඩුවේ ඉන්න දීපන්.."

"අහිංස ගැන දෙයක් කිව්වොත් උඹ මට ඔය උත්තරේම දෙනවද..?"

"ම්- මොකක්ද අහිංසට ප්‍රශ්නයක් නෑ නේද.. සනීපෙන් ඉන්නවා නේද..?" මට ඇත්තටම හිතට බයක් දැනුනා.. රදීශ් හේතුවක් නැතුව ඔහොම කතාවක් කියන්නේ නෑ කියලා මම දන්නවා. අහිංසට කරදරයක් නැත්තම් එච්චරයි මට..

"මෙහෙමයි උඹ මොකක්ද හිතන්නේ සමනලී ගැන..? මට කියපන් උඹ ඒකිව දන්නේ කොහොමද කියලා..?"

"සමනලී..? එයා ගැන මොකටද දැන්..?"

"කියපන්කෝ මුලින්.."

"සමනලීව මම දන්නෙත් අහිංසගේ මාර්ගෙන් ඒකත් කැම්පස් එකේ අන්තිම කාලේ.. ළඟින් ආස්සරේ කරේ නෑ එහෙම කරා නම් උඹත් දන්නවනේ.. දවසක් දෙකක් කැම්පස් එකේ කතා කරා.. ගොඩක් වෙලාවට ඒකි අපිව මඟ ඇරලා වගේ හිටියේ.. අනික ඒකි හොඳ එකියක් කියලා තේරුනා බන්.. ඒකි අහිංසගේ මාමා කෙනෙක්ගේ දුවෙක්ලු බන්.. ලඟම නෑකමක් නැල්ලු.. ඒත් නෑකමට මාමලු.. අහිංසයි ඒ කෙල්ලයි ඉස්සර එහෙම ලොකුවට කතාබහ කරලවත් නෑ, නෑදෑයෝ උනා කියලා.. ඒකි දන්නෙත් නෑ අපේ සම්බන්ධේ"

"දැන් උඹ කිව්වේ කැම්පස් එකේ හිටියා කියලා.. එතකොට උඹගෙයි අහිංසගෙයි සම්බන්ධේ ඒකි නොදන්නේ කොහොමද..."

"මම හිතන්නේ  නෑ දන්නවා ඇති කියලා බන්.. අපි එහෙම යාලු වෙලා හිටියා කියලා වැඩිපුර මිනිස්සු ගැවසුන තැන්වල එකට හිටියේ නෑ නේ.."

"එහෙනම් කොහොමද අහිංසගේ තාත්තගේ කනට උඹලගේ සම්බන්ධේ ආරංචි උනේ..?"

"ඒක මට තාමත් හිතා ගන්න බෑ.."

"මම දන්නවා ඒක..!! දන්නවද ඒක අහිංසගේ තාත්තට කියලා තියෙන්නේ ඔය සමනලී අධිකාරිගේ තාත්තා..!!"

"මො-මොකක් ඔය ඇත්තමද..?? උඹ කොහොමද දන්නේ??"

"මට අහිංස කෝල් කරා බන්..!!"

"මොකක්..!! ඒත් සමනලී එහෙම කෙනෙක් කියලා හිතා ගන්න බෑ මට.."

"මම උඹට කියලා තියනවා නේද මිනිස්සුන්ව විස්වාස කරන්න එපා කියලා. කොහෙද උඹත් මැටි හරකනේ ලස්සනට ඇදලා පැදලා කතා කරපු ගමන් ඕන මිනිහෙක්ව විස්වාස කරනවා.."

"අහිංස තව මොනවද කිව්වේ.. ඌ හොඳින් ඉන්නවද.. කාලා බීලා ඉන්නවද..??"

"මට උඹට කියන්න තව දෙයක් තියනවා බන්..!!"

"කියපන්.."

.

.

.

.

.

"උඹේ කොල්ලා සමනලීව කසාද බැඳලා නෑ බන්..!! එදා උඹ ගියාට පස්සේ එතන කසාදයක් වෙලත් නැහැ.."

______________________________________________

හායි

හා හා ගොඩක් සතුටු වෙන්ඩ එපා... දැන් තමා කතාවේ රියල් බාල්දිය පත්තු වෙන්නේ... කලින් ගියේ පොඩි ට්‍රයල් එකක්...

එන්ඩ් එක මොකක් වෙයි කියලද හිතෙන්නේ...

තාම කතාවට ආවේ නැතත් සමනලීව අමතක වෙන්නේ නැති චරිතයක් වෙයි ඉස්සරහට...

බායි