Chapter 6: CHAPTER 06

මඟ හැරී | NONFICTION ✔Words: 27050

තාමත් වහිනවා.. මේ වැස්ස නම් නවතින්නේ නැති පාටයි.. මේ වැහි මොහොතේ අඳුරු කාමරේට වෙලා මෙනුජ බර කල්පනාවක..!! එයා කල්පනාකරනවා හෝරා කිහිපයකට කලින් අහිංස කියපු දේවල්.. ඇයි මෙනුජ අඳුරෙන් එළිය දකින්න උත්සාහ නොකරන්නේ..? අඩුම තරමින් පුංචිමවත් උත්සාහයක්..? ඒත් මෙනුජ කියන්නෙම ආදරය කියන අකුරු හතරේ තේරුමවත් නොදන්න කෙනෙක්..!! හිතලා බලන්න මනුස්සයෙක්ගේ ජීවිතේක ආදරේ කියන දේ අංශුමාත්‍රයක තරම්වත් දැනිලා නැතුව තියෙද්දි, එහෙව් මනුස්සයෙක් කොහොමද අලුත් ආදරයකට තමන්ගේ හදවතේ ඉඩක් දෙන්නේ.. අම්මා තාත්තෙක්ගේ ආදරේවත් නොලැබුන කෙනෙක් කොහොමද දෙවියනේ ආදරයක් විශ්වාස කරන්නේ.. ඒකයි ඔහු පුංචිම උත්සාහයක්වත් නොදෙන්නේ.. ඒත් මෙනුජ තාමත් අහිංසගේ වචන ගැන කල්පනා කරනවා. එයා ඉඩ දෙන්න ඕනෙද..? අහිංසට එයාගේ ජීවිතේට එන්න ඉඩ දෙන්න ඕනේද..? අන්තිමට එයාට ඒ දේනුත් විඳවන්න උනොත්..? මේ ඉන්නවටත් වඩා පල්ලෙහාට වැටුනොත්..? මෙනුජට දරාගන්න බැරි වෙයි.. ඒත් එයාට අහිංස ගැන පුංචිම විස්වාසයක් තියනවා. සමහරවිට අහිංස එයාගේ ජීවිතේ අර කිව්වා වගේම පාට කරයි.. සමහරවිට මෙනුජගේ ජීවිතේ අඳුර නැති කරයි..!!

අහිංසගේ වචනේ විස්වාස කරලා මෙනුජ අන්තිමට තීරණය කලා අහිංසට එයාගේ ජීවිතේ ඉඩන් දෙන්න.. මෙනුජ විස්වාස කරා අහිංස එයාගේ මේ තිරණේ ගැන පසුතැවෙන විදිහේ දෙයක් නොකරාවි කියලා..

.

.

.

දින ටික ටික ගත උනේ මෙනුජ අහිංස ගොඩාක් සමීප යහළුවන් කරලා.. "යහළුකම" කියන දේට සීමා උනේ මෙනුජ විතරක් වෙද්දී අහිංස ආදරේ කරා.. ඔව්.. අහිංස මහ ගොඩක් මෙනුජට ආදරෙයි..  මෙනුජගේ ජීවිතේ පොඩිම හරි ඉඩක් හදාගන්න මේ ටික කාලෙදි අහිංසට පුලුවන් උනා.. ඔව් අහිංසයි මෙනුජගේ ජීවිතේට බලෙන් ඇතුල් උනේ.. අහිංසයි බලාපොරොත්තු නැති මෙනුජට බලාපොරොත්තු ඇති කරවන්න උත්සාහ කරන්නේ.. වේලිලා ඉරිතැලිලා ගිය පපු කැවුත්තට වතුර දාලා සරු කරන්න හදන්නේ... ජීවිතේම කලකිරිලා හිටපු මනුස්සයෙක්ට ජීවිතේ ලස්සන ගැන කියාදෙන්න උත්සාහ කරන්නේ.. හුස්ම ගන්න මළ කඳකට පණ පොවන්න උත්සාහ කරන්නේ.. ඒ අඳුරු මනුස්ස පරාණේ පාට වලින් හැඩ කරන්නෙත්.. අහිංස කියන්නෙම ආදරෙන් පිරුණු මනුස්සයෙක්... අහිංසගේ හැම නහරයක් ගානෙම දුවන්නේ ආදරේ ඒවගේම කරුණාව.. අහිංස මහ ගොඩක් ආදරේ පුරවගෙන බලන් ඉන්නවා ඒකත් මෙනුජගෙම නමින්.. අහිංස ඒ ආදරේ සදහටම මෙනුජගෙම නම සින්න කරලා ඉවරයි..!!

"අයියේ මේ අහන්නකෝ.. අපි සිංදුවක් කරමු ද..?" අහිංස බලාපොරොත්තු උනා අදවත් මෙනුජගෙන් හොඳ පිළිතුරක් ලැබෙයි කියලා. මේ දවස් ටිකේම ඔය ගැන ඇහුවත් මෙනුජ නෙවෙයි පිළිතුරක් දුන්නේ..

"ඒක හරියයිද.. අනික මට ඔච්චර ගානක් වියදම් කරන්නත් සල්ලි නෑ.."

"අයියේ සල්ලි ගැන අපි පස්සේ හිතමුකෝ.. දෙයක් වෙයිද නැද්ද කියලා හිතන්න කලින් ඒ දේ පටන් අරන් ඉන්න එපැයි.. ආ ඔහොම ඉන්නකෝ.."

"මගේ ලස්සන හීනයක් තියනවා.. දැනට ඒ හීනේ මගේ.. තව චුට්ටකින් ඒක අපේ හීනේ වෙනවා..ඔහොම ඉන්නකෝ මොකක්ද හීනේ කියලා මම පෙන්නන්න.."  අහිංස අර වාඩි වෙලා ඉන්න බංකුව උඩට නැග්ගා.. මොකක් කරන්න හදනවද මන්දා මේ කොල්ලා..!!

"වසරේ ජනප්‍රියම ගායකයා සම්මානය මෙවර දිනා ගන්නේ මෙනුජ නුවන්සිත්...." එහෙම හයියෙක් කෑ ගහලා කිව්වා.. මේ කොල්ලා අහස උසට හීන දකිනවා වගේ..!!

"දන්නවද ඊට පස්සේ මම ඔයා සම්මානෙ ගද්දි පිටිපස්සෙම පෝළිමේ ඉඳන් හයියෙන් අත්පුඩි ගහනවා මෙන්න මෙහෙම.."

මෙනුජට මේ වෙලාවේ දැනෙන හැඟීම එයාටවත් හිතා ගන්න බෑ.. මේ කොල්ලා ලස්සන හීන දකිනවා.. ඒකත් තමන් ගැනම..!! නමක් නොදන්න මහ අමුතු හැඟීමකින් මෙනුජ අහිංස දිහා බලන් හිටියා.. ඒත් අන්තිමට මෙනුජ අහිංස ළඟට ගිහින් නැග්ග බංකුවෙනුත් බස්සවගෙන ඒ දෙකොපුලම අත් දෙකෙන් අල්ලගෙන..

"ලොකු ලොකු බලාපොරොත්තු දීලා මාව අතරමං කරන්න එපා අහිංස.. ඒ බලාපොරොත්තු දවසක බිඳුන දාට මට මාවම නැති වෙයි.."

"අයියේ.. හැම වෙලාවෙම දේවල් නොවෙන පැත්තට හිතන්න එපා. ධනාත්මකව හිතන්න.. ඔයාට පුලුවන් මගේ අයියේ.. නැහැ අපිට පුලුවන්..!! අපි ඒ හීනේ හොයාගෙන යමු... ඒ හීනේ කෙලවරටම මේ විදියට අත් අල්ලගෙන යමු.. පොරොන්දු වෙනවා මම ඔයා එක්කම ඉන්නවා කියලා.." එහෙම කියලා අහිංස තමන්ගේ දෙකොපුලේ තියන අහිංසගේ අත අරගෙන හයියෙන් අල්ල ගත්තා. අහිංස මෙනුජගේ ගැඹුරු ඇස් දිහා බලන් ඉන්නවා. ඒ තද කලු තියුණු ඇස් කියන්නෙම ඇබ්බැහියක්..!! ඔවුන් කතා කරනවා.. ආදරේ උතුරන අහිංසගේ ඇස් කියවන්න මෙනුජ උත්සාහ කරනවා.. ඔව් ඒ ඇස්වල මෙනුජ කෙරෙහිම උතුරන්න තියන ආදරේ අඳුරගන්න මෙනුජට පුලුවන්... ඒ දුඹුරු ඇස් වල ආදරේ උතුරනවා.. ඒ ඇස්වල අතරමංවෙන සුලුයි..!!

"අහ්ම්.." මොවුන් හිටපු ලෝකෙන් එකපාරටම එළියට ආවේ කාගේ හෝ උගුර පාදන සද්දෙකින්.. කවරෙක්වත් නෙවෙයි ඒ රදීශ්..!

"මෙනුජ උඹට මිස්ටර්.කවිරත්න කතා කරා.. අසයිමන්ට්ස් වල මොකක්ද වැඩක්..මේ දැන්ම එන්න කිව්වා.. පොඩ්ඩක් බලපන්කෝ.."

"අහ් හරි.. යන්නම් අහිංස.." එහෙම කියාගෙනම මෙනුජ එතනින් ගියා..

"මේ අහිංස මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනා.." රදීශ්ගේ හඬේ නම් එච්චර සුහද බවක් නෑ..

"ඇයි අයියේ..?"

"උඹ ඇත්තටම මෙනුජට ආදරෙයිද..?"

"හ්ම්ම් මහ ගොඩක්..!!"

"මෙනුජත් උඹට ආදරේද.."

"දන්නේ නෑ"

"උඹ උඹේ පවුල ගැන දැනගෙනම නේද මෙනුජට ආදරේ කරන්නේ..?"

"ඔව් අයියේ.."

"දිසානායක කෝටිපති පවුලේ එකම උරුමක්කාරයා වෙන සිතුම් අහිංස දිසානයකව සල්ලිත් නැති බලයක් නැති අනාතයෙක්ට ඔයාලගේ පවුලේ අය දෙයි කියලා හිතනවද..?? ඒකත් කොල්ලෙක්ට..!!"

"මගේ පවුලේ අය මට ආදරෙයි අයියේ.. එහෙම නැතත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මම මෙනුජව අත අරින්නේ නෑ අයියේ.. ඒක මම පොරොන්දු වෙනවා.."

"ප්ලීස් මල්ලි මම විස්වාස කරනවා උඹ ඔය පොරොන්දු අකුරටම ඉශ්ට කරයි කියලා.. උගේ හිත බිඳින්න එපා බන්.. ඌ පව්.."

" මම කොහොමද හිත හදාගෙන මගේ අයියගේ හිත බිඳින්නේ එහෙම කරොත් මට සාප වෙයි.. අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් උණුහුමක් ආදරයක් විඳපු නැති මගේ අහිංසකයගේ හිත මම බිඳලා දාන්නේ කොහොමද..? මම එහෙම කරන්නේ නෑ අයියේ.. මම පොරොන්දු වෙනවා..!!"

"එහෙනම් එච්චරයි මල්ලි.. මම ගැන අහිතක් හිතන්න එපා.. එක බඩවැල කඩාගෙන නාවත් ඌ මගේ සහෝදරයා.. ඌ ගැන මට කැක්කුමක් තියනවා බන්.. සතුටින් ඉඳපන්..!! උඹේ ආදරෙන් ඌව සුවපත් කරපන්..!!"

දැනෙනවා.. ඒ පොරොන්දුව හිතටම දැනෙනවා..!! මෙනුජගේ හදවතටම ඒ කතාබහ දැනුනා.. ඔව්.. මෙනුජ අහන් හිටියා.. අකුරක් නෑර.. අහිංස එයාට ආදරේ කියලා කියපු තැන ඉඳන්.. අමතක උන ෆෝන් එක ගන්න ආපු මෙනුජ ඔක්කොම අහන් හිටියා.. මෙනුජට දරාගන්න බෑ මේ හැඟීම.. ඒක අකුරු කරන්න මෙනුජට තේරුමකුත් නෑ.. තමන්ට තව කෙනෙක් ආදරෙයි කියලා දැනෙද්දි.. තමන්ට තව කෙනෙක් ඉන්නවා කියලා හදවතට දැනෙද්දි ඇතිවෙන හැඟීම මොකක්ද කියලවත් මෙනුජට තේරුනේ නෑ.. මෙනුජගේ හුස්ම පවා මේ මොහොතේ හරි බරයි කියලා දැනුනා.. මෙනුජ ගියා වේගෙන් එතනින් ගියා.. අහිංස එයාට ආදරෙයි.. කළින් ඉඳන්ම දැනන් ඉඳියත් වචන වලින් ඇහෙද්දි ඒක හරි වෙනස්..!! එයාගේ ඇස්වල ලා කඳුලු පටලයක් බැඳිලා.. හේතුව..?? දන්නේ නෑ.. එයාවත් දන්නේ නෑ හේතුව මොකක්ද කියලා.. එයා දන්නේ එයාගේ හිත මහ ගොඩක් බරයි කියලා විතරයි.. මේ දැනෙන හැඟීම හරි නුපුරුදුයි.. සමහරවිට.. සමහරවිට මෙනුජත් අහිංසට ආදරේ ඇති..!!

.

.

.

කාලය ගලන් යනවා හරිම වේගෙන් ගලන් යනවා.. අහිංස මෙනුජට ආදරෙයි කියලා දැනගත්ත මොහොතේ ඉඳන්ම ආයේ කිසි ලියමනක් නම නොදන්න කෙනෙක්ගෙන් ආවේ නෑ.. මෙනුජ එතනින් එහාට ඒ ඒකපාර්ශවික ආදරවන්තයා කවුද කියලා හිතුවෙත් නෑ.. එතකොට මේ වෙනකොට මෙනුජ ආදරවන්තයෙක්ද..? ම්ම්... නෑ...ඔව්... ඒකට උත්තරයක් මෙනුජ තාම අදුරගෙන නෑ.. මෙනුජට තාම නුහුරුයි.. මේ හැඟීම් නුහුරුයි.. විඳලා නෑ මෙනුජ කලින් ආදරයක්.. මෙනුජට ඕනා.. මෙනුජට ඕනා කාලය.. ඒත් අහිංස.. එයා මෙනුජගේ ඉරි තැලුණු හදවත සුවපත් කරන්න ගොඩක් උත්සහ කරනවා.. එයා විස්වාස කරනවා මෙනුජ කියන්නේ මෙහෙම ඉන්න ඕන කොල්ලෙක් නෙවෙයි කියලා.. ඒ නිසාම එයා උත්සාහේ අත අරින්නෙත් නෑ..!!

"අයියේ මම අම්මට කියලා බත් එකක් බැඳන් ආවා අපි දෙන්නට.. අපි කමුද..?"

"එපා අහිංස.. මම ගෙනාපු කෑම එක අපරාදෙනේ.." මෙනුජට මෙහෙම කියලා නම් අහිංසගෙන් බේරෙන්න විදියක් නෑ.. අහිංස කියන්නෙම උත්සාහේ ලේසියෙන් අත අරින්නේ නැති කොල්ලෙක්..!!

"අනේ අයියේ.. මගේ අම්මා ආසාවෙන් බැඳලා ඳුන්න බත් එකනේ.." ම්ම් ඇත්තටම අහිංසගේ අම්මා ආදරණීය කෙනෙක්..!! අහිංස වගේ පුතෙක් බිහි කරපු ඒ අම්මා ඇත්තටම හරිම ආදරණීයයි..

"ම්ම්... එහෙනම් කමු.."

"අයියේ..., මේ මේ.. මම ඔයාට කවන්නද..?"

"හ්ම්ම්.." කිසිවක් කිව්වේ නෑ... හූමිටි තිබිල්ලක් පමණයි..

ගෙනාපු බත් පත දිග ඇරියා.. හරි සුවඳයි.. මෙනුජගෙන් එක වචනයක් පිට උනේ නෑ තාම... සමහරවිට මේ හැඟීම එයාට නුහුරු ඇති..!! දිග ඇරපු බත් එකෙන් බත් කටත් අනලා ඒ මුල්ම කට මෙනුජට අහිංස කැව්වා. මෙනුජ ඇස් පියාගෙන බත් කට රසවිඳිනවා.. අහිංස හරිම අවංක හිනා රැල්ලක් මුවේ තියාගෙන මෙනුජ දිහා බලන් හිටියා.. ඒත් ඒත් එක මොහොතයි.. අහිංස කලබල උනා.. මෙනුජගේ වහන් ඉන්න ඇස් වලින් ගඟේ වාන් දොරටු ඇරියා වගේ කඳුලු ගලන් යනවා.. හිර උනා.. පළවෙනි බත් කට හිර උනා.. ඇයි රත්තරං මේ..?? අහිංස එයාගේ වතුර බෝතලේ අරගෙන ඉක්මනින් එයාගේ අතත් හෝදගෙන මෙනුජට වතුර පෙව්වා.. මෙනුජගෙ පිට හරි පරිස්සමෙන් අත ගගා වතුර පොවනවා.. මෙනුජ.. දැනෙනවද බන් ඒ ආදරේ... ඉක්මන්ට තේරුම් ගනින් බන් ඒ ආදරේ..!!

"අනේ අයියේ සමාවෙන්නකෝ.. බත් එකේ මොනාහරි තිබ්බද අයියේ..? නැත්තම් ඔයා නොකන දෙයක් තිබ්බද..? අනේ ඔය..!! පරිස්සමෙන් වතුර ටික බොන්න..

හරි නේද අයියේ.. මම මේ බත් එක තියන්නම්.. ඔයාගේ කෑම එක කන්න.." එහෙම කියලා අහිංස දිග ඇරපු බත් පත වහන්න හැඳුවත් මේ පාර ඒක වැළැක්කුවේ මෙනුජ..

"මට තව බත් කටක් කවන්න.." දිලිසෙන ඇස් වලින් අහිංස දිහා බලාගෙනම අහිංසගේ අතින් අල්ලගෙන  මෙනුජ එහෙම අහද්දි අහිංසගේ ඇස් වල කඳුලු පිරුනා.. ඒ කතාවම ඇති අහිංසගේ හිත මහ ගොඩක් රිද්දන්න.. එයාට මෙනුජව මෙහෙම දකින්න බෑ..

"මයෙ දෙයියෝ.. අනේ.. මම කවන්නම්.." එහෙම කියලා අහිංස බත් කැව්වා.. මෙනුජට බත් කටවල් තුනක් කවද්දි එයා එකක් කෑවේ සමහර වෙලාවට ඊටත් අඩුයි.. ඒත් ඒ හැම කටක්ම කෑවේ මෙනුජ ඇස් පියන්.. දන්නේ නෑ මෙනුජගේ හැඟීම් මොනවද කියලා.. ඒත් එයා ඒ හැඟීම විඳිනවා.. අහිංස බාධා කරේ නෑ.. මෙනුජට මෙනුජගේ පාඩුවේ ඉන්න දීලා එයා බත් කැව්වා.. ඒ කවන හැම බත් කටකටම ආදරෙත් පොඩ්ඩ පොඩ්ඩ දාලා කැව්වා.. අන්තිමට ආයේ අහිංස අතත් හෝදන් මෙනුජ ළඟට ආවා.. අහිංසට ඕනා කතා කරන්න.. එයාට ඕනා මෙනුජගේ හැඟීම් තේරුම් ගන්න..

"අයියේ.. අපේ අම්මගේ බත් රසයි ද..?"

"මගේ ජීවිතේ කාපු රසම කෑම වේල.."

"ඒත් ඇයි අයියට හිර උනේ..?"

"මට පළවෙනි පාරට පවුල කියන හැඟීම දැනුනා බන්..!!"

"ඉ-ඉතින් ඒ හැඟීමට අයියා ආදරෙයිද..?" අහිංසගේ හඬ වෙව්ලනවා..

"ඔව්.. තව විඳින්න ඕනා කියලා හැඟුනා.."

"හ්ම්.."

"ප්‍රශ්නයක් අහන්නද..?"

"අහන්න අයියේ..?"

"හැම අම්මා කෙනෙක්ගෙම බත් කටේ ඔය රස ඇති නේද බන්.. ඒක වෙනස් රසක්.. ඇබ්බැහි වෙන රසක්.. සමහරවිට අම්මලා ආදරේ කලවම් කරලා උයන නිසා වෙන්න ඇති නේද..?" දැනෙනවද වෙනසක් මෙනුජගේ.. දැනෙනවද මෙනුජ දිගට කතා කරනවා.. අහිංස මෙනුජගේ හදවත සුව කරන්න පටන් අරන්..! අහිංසට කරන්නම ඕන කරන දේ වෙන්න පටන් අරන්..!!

"ඔව්.. අම්මලා ආදරේ කලවම් කරලා උයනවා.. ඒ වගේම ආදරෙන් කවනවා.. ඔයාට ඒ හැඟීම ඒ ආදරේ දැනුනද මගෙ දෙයියෝ.."

"ඔව්.. ඔව්.. මට උඹව අම්මා වගේ දැනුනා බන්..!!"

දරාගන්න බෑ මෙතනින් එහාට දරාගන්න බෑ.. අහිංසගේ හදවත රිදෙනවා.. ඒ කියපු වචන පහ අහිංසගේ හිත නොසෑහෙන්න සතුටු කරා.. හදවතේ මෙනුජ ගැන මහ වේදනාවක් උඩු දුවද්දී හිතේ එයාට මෙනුජ දීපු ඒ තැන  නිසා සතුටින් පිනුම් ගැනුවා.. කඳුලු හරි වේගෙන් පල්ලම් බහිනවා.. අහිංසට රටක් ලෝකයක් දින්න වගේ.. අහිංසට මේක නේද ඕනා උනේත්..? මෙනුජට නැති උන ආදරේ දෙන්න.. ආදරේ අඩු වෙලා තිබ්බ මෙනුජගේ ජීවිතේ ආදරෙන් පුරවන්න...

අහිංස මෙනුජගේ පපුව උඩින් අත තියන් මෙනුජගේ ඇස් දිහා බලාගෙනම..,

"අවසර දෙනවද එකම එක පාරක් හරි ඔය පිරිමි පපුවට තුරුල් වෙන්න... හ්ම්ම්... දෙනවද එකම එක ඉඩක් මේ ඔලුව ඔය පපුවේ තියාගෙන කඳුලු දිය කරන්න...?"

.

.

.

"අවසර හොයන්නේ මොකටද බන් අවසරයක් නැතුවම මගේ ජීවිතේට රිංගුවටත් පස්සේ.."

එක මොහොතයි.. ගත උනේ තත්පර කිහිපයයි.. අහිංස මෙනුජගේ පපු තුරුලේ ඉන්නවා.. පළවෙනි වතාවට ඒ උණුහුම විඳිනවා.. දෙදෙනාම ඒ දෙදෙනාම උණුසුම විඳිනවා..ඒ හැඟීම වෙනස්..!! ඒ වගේම සැනසීමක් දැනෙනවා.. මෙනුජ මෙච්චර කල් හොයපු ඒ සැනසීම මේක කියලා මෙනුජ හිතුවා.. ඔව් මෙයයි ඒ සැනසීම..! තමන්ගේ මුළු ලෝකෙම තමන්ගේ පපු තුරුලේ උණුහුමට ඉන්නවා තරම් සැනසීමක් මේ ලෝකේ නෑ.. මෙනුජගේ ආත්මයම සුවපත් වෙනවා වගේ දැනුනා.. මෙනුජගේ අභ්‍යන්තරයේ දැල් උන ගිහි පිළිගු නිවිලා ගියා වගේ සැනසීමක් දැනුනා.. ආත්මෙට නැවුම් බවක් ආවාක් වගේ දැනුනා..ඒ වගේම ජීවිත කාලෙම නැතුව තිබුනු ඒ සැනසීම ලැබුනට පස්සේ මේ සැනසීම අත් අරින්න ලෝබ කමකුත් දැනුනා.. අර ඉරි තැලිලා ගිය හදවතේ හරි ලස්සන මලක් පිපිලා තිබුනා..

ඉතින් මෙය නොවේ ද සැනසීම..??

_______________________________________________________

හායි !!

මට ආදරේ ගැන කිසිම අත්දැකීමක් නෑ හැඟීමකුත් නෑ... ( දැනට ) ඒක නිසා අඩුපාඩු තියේද දන්නේ නෑ...

ආ මේ.. මාර වේගෙන් ආදරේ ගලන් යනෝ වගේ ඇති.. මම ගොඩක් මේක අදින්න උත්සාහ කරන්නේ නෑ.. ඒකයි ඉක්මනින් ඉක්මනින් කාලේ යනෝ වගේ ඇත්තේ..

දැනුන දේ කියන් යන්න

බායි