Chapter 5: CHAPTER 05

මඟ හැරී | NONFICTION ✔Words: 24835

සිසිල් පින්නක් වැටෙන උදෑහනේ මෙනුජ සුපුරුදු පරිදි සුපුරුදු බංකුවේ වාඩි වෙලා සුපුරුදු පරිදිම බර කල්පනාවක.. අවුරුදු විසි දෙකක තරුණයෙක් උනත් ඔහුගේ සම වයසේ ඉන්න තරුණයන්ට සාපේක්ෂව වෙනස්ම ගති පැවතුම් මෙනුජට පිහිටලා තියනවා..!! මෙනුජ හරි කැමති වගේ හරිත පැහැයට.. ඒ වගේම ඒ අන්ධකාරයට..!! එහෙම නොවුන නම් එයා නිතරම මේ බංකුවට වෙලා ඉමක් කොනක් නොපෙනෙන කඳු පංති දිහා බලාගෙන අහස පොළොව ගැටගහන්න කල්පනා කරන්නේ නෑ නේ..?

මෙනුජ නිතරම කල්පනා කරනවා එහෙම නැත්නම් සිංදුවක් මුමුනනවා.. ඇයි මෙනුජ මෙහෙම..? හේතුව තමයි අහේතුකවම ඒක ඔහුගේ ස්භාවය..!! අහලා තියනවද මනුස්සයෙක් තනිකමට පෙම් බඳින්න පටන් ගත්තම ඒක ඇබ්බැහියක් වෙනවා කියලා.. මෙනුජත් එහෙමයි.. මිනිසුන් නැති නිස්කලන්ක ස්වාභාවික  පරිසරයක් බර සිතිවිලි ගොන්නක් ගොඩක් එක්ක මෘදු සංගීතය කියන්නෙම මෙනුජට ඇබ්බැහියක්..!! දකින කෙනාට පිස්සුවක් වගේ වෙයි ඒත් මෙනුජ මෙනුජගේ ලෝකේ සතුටින්.. නිහැඬියාවට මහ ගොඩක් ඇබ්බැහි උන ඒ නිහැඬියාවේ අතරමං උන උන්ව එයින් ගලව ගන්න බෑ ඒක ඵල රහිත වැඩක්..!!

මෙනුජ ඔහුගේ ඇස් පියව ගත්තා... ඔව් දැන් මුමුනනවා... පදවැල් ටිකක් මුමුනනවා..

මා ඔබෙයි ඔබම කියයි

ඔබ මගේද මටම බයයි

ඔබ සදක් වගේ හැඩයි

හෙට අමාවකද සැකයි

දෑස් පියාගෙනම මෙනුජ මුමුණනවා... මෙනුජ වාඩි වී හිටි බංකුවේම තවත් කෙනෙක් වාඩි උනා.. මෙනුජගේ පද වැල් ටිකට වශී උන හැඩක් ඒ මුවේ ඉරියව් වලින්ම පේනවා..!! කවුද මේ.. අවසරයක් නැතිවම මෙනුජගෙ තනිකම නැති කරන්න ඇවිත් තියන ආගන්තුකයා..

මෙනුජ ඇස් පිය විවර කරා.. මෙනුජ අඳුන ගත්තා.. එයාට මතකයී.. ඒ ඉන්නේ අලුත් කලබලකාරයනේ..

"ලස්සනයී"  අලුත් කලබලකාරයා අර තිබ්බ නිහැඬියාව බින්දා..

"හ්ම්ම්..."

"ඔයා අදහස් කරේ මොකක්ද.."

"ඔයා අදහස් කරන දේ මයි"

"ඒකත් එහෙමද... ඔයාට කරදරයක් නැත්නම් සින්දුවේ ඉතුරු ටික කියනව ද..?"

"..."

"ඔයා සිංදුව කියන්නේ නැද්ද..?"

" ඔයා කිව්වේ මට කරදරයක් නැත්නම් කියන්න කියලනේ.." ඒ කියපු දේට නම් අලුත් කලබලකාරයගේ සද්දේ නිකන්ම වැහිලා ගියාද කොහෙද.. එයාගේ මුවේ හුරතලයක් මුසු රැවුමක සේයාවක් ඇඳී තිබුණා.. කොහෙද මෙනුජ දකින්නේ එයා තාමත් අර හිස් අවකාශේ දිහා බලාගෙනනේ..

"ඔයා මට ඔය නොකියා කියන්නේ මම වදයක් කියලද..??"

"ඔයා කැමති දෙයක් හිතා ගන්න පොඩි කොල්ලෝ.." මෙනුජ අර අලුත් කලබලකාරයව විහිලුවට ගෙන වගේ.. මෙනුජ වැරදී.. අලුත් කලබලකාරයගේ මූනටම කිව්වනේ වදයක් කියලා..ඒත් මේකයි මෙනුජගේ ස්භාවය.. එයාගේ තනිකමට බාදා වෙන හැම දෙයක්ම මෙනුජට වදයක් තමයි..

"මම මෙතනින් යන්නේ නෑ... ඔයා ඕන දෙයක් කරගන්න.." මේ කොල්ලා නම්  එසේ මෙසේ කොල්ලෙක් නොවන හැඩයි..!!

මෙනුජ පිළිතුරක් දුන්නේ නැහැ.. ආයෙත් සුපුරුදු කල්පනාවේ වැටුනා.. ආයෙත් හිස් අවකාශෙට අවදානය දීලා.. ඒත් එහා පසින් වාඩි වී ඉන්න කලබලකාරයට මේක හරි හැටි බලන් ඉන්න බෑ වගේ..

"අහ්ම්.. ඔයාගේ නම මොකක්ද..?"

"ඒක වැදගත් නෑ.." ඇයි මේ මනුස්සයගේ මෙච්චර ආඩම්බරකම..!! අර කලබලකාරයට නම් මෙහෙම හැසිරීම් නුරුස්සන්නේ නැති පාටයි..

"මේ හලෝ.. ඔයා මහලොකු සෙලිබෙටි නෙවෙයි නේ ඔච්චර ගනන් උස්සන්නේ... ඒක නිසා ඔහොම ලොකු කමින් ඉන්න එපා.. ඔයාගේ ලොකු කම් බලන්න කවුරුත් නෑ මෙ-"

"මෙනුජ නුවන්සිත්..!!"

"අහ්ම්.. ක-කලින්ම කියන්න තිබ්බනේ.. හරි කමක් නෑ පස්සේ හම්බෙමු..." එහෙම කියලා අර කලබලකාරයා එන්න හැරුනා.. කලබලකාරයා පසු තැවුනා එයා කතා කරපු විදිහ ගැන.. කොහෙද ඉතින් මේ තමන්ගේ කට තමන්ටම පාළනයක් නැති කොට.. ඊටත් වඩා එයාට කෝල කමත් දැනිලදෝ මන්දා.. මේකනේ පළවෙනි වතාව ඒ දෙන්නා කතා කරපු..

"හ්ම්..."

අඩි කිහිපයක් මෙනුජගෙන් ඈතට ගිය ඒ කලබලකාරයා නැවත මෙනුජ ළඟට දිව ගොස්...

"සිතුම් අහිංස"

"..."

"මතක තියාගන්න ඒක තමයි මගේ නම.."  එහෙම කියලා දිව ගියා... වෙනස් මේ කොල්ලා නම් හොඳටම වෙනස්..!! අර අහම්බෙන් දකින්න ඇබෙන හීන් හිනා රැල්ල මෙනුජගේ මුවේ ඇඳිලා තිබ්බා..ඒකත් මේ අලුත් කොල්ලා අහිංස වෙනුවෙන්මයි..!!

මෙයයි මුල්ම අවස්ථාව... ආරම්භය හරි කෝලයි... ඒ වගේම සුන්දරයි.. නමුත් අවසානයේ ඔවුන් දෙදෙනාම විඳවන තරම දන්නවා නම්.. සමහර විට අහිංස මෙනුජගේ ලයාන්විත හඬ මඟහැර යන්න තිබුණා... සමහරවිට මෙනුජගේ හිතේ මේ අලුත් කටකාට කොල්ලට පුංචිමවත් ඉඩක් නොලැබෙන්න තිබ්බා.. ඒත් මෙයයි  දෛවය... අහිමිවීමට නියමිත බැඳීම් හරි ලස්සනට මුනගැසීම...බලමු මොවුන්ගේ දෛවය කෙසේ විසඳේද කියා...

.

.

.

මෙලෙස දින ගනනක් ගත උනත් අලුත් කලබලකාරයා අහ්ම්.. නෑ අහිංස මෙනුජට ඉඳහිට නෙත ගැටුනත් කතාබහන් කරන්න නම් ආවෙ නෑ.. ඒත් කවුදෝ නම නොදන්න කෙනෙක් නම් මෙනුජට ලියමන් දෙන්න පටන් ගෙන.. එකක් දෙකක් නෙවෙයි මෙනුජ ළඟ එහෙම ලියමන් විස්සකට වැඩියෙන් තියනවා.. අදත් කැම්පස් ඉවර වෙලා මෙනුජ ගෙදර ආවා.. මෙනුජ කලබලේම බෑගය ඇද ඇද මොනාදෝ හොයනවා.. මෙනුජ හරියට අවදානේ දීලා හොයපු දේ අන්තිමට හමු උනා.. ලියමන.. මෙනුජ අර ලියමන් වලට කැමති වෙන්න පටන් අරන් වගේ...

"දන්නවද... හිරු කොතරම් දුරින් හිටියත් සඳු හිරු දිහාම බලන් ඉන්න වග..?? සමහරවිට හිරු නොදන්නවා ඇති සඳු බලන් ඉන්නවා කියලා.. ඒත් සඳුට අවස්ථාවක් නැති ලු හිරු ළඟටම ඇවිත් ඉන්න මොකද හිරු තාම දන්නේ නෑනේ සඳුගේ ආදරේ.. සඳු හිරුගේ ආදරේ ලැබෙනකන් තනියම ආදරේ කරනවලු..."

-???-

කවුද මේ නම නොදන්න ලියමන්කාරයා... හැම ලියමනකම තනියම ආදරේ කරන එකක් ගැන ලියවිලා තියනවා.. ඒකත් ස්වභාවධර්මගේ දේවල් එක්ක.. සමහර දේවල් ගැලපෙන්නෙත් නෑ.. ඒත් එයාට ඕන පණිව්ඩේ ඒ ඔස්සේ දීලා..

'ඔය කියන සඳුට හිරුගේ ආදරේ ලැබේවිද කියලා නම් මට විස්වාස නෑ..'

මෙනුජ එහෙම කියලා නින්දට ගියා... ඒත්  ඒ හඳ එලිය දිහා බලාගෙන තවත් තැනක තවත් කෙනෙක්..

'මට විස්වාසයි හිරුගේ ඒ ආදරේ සඳුට අනිවාරෙන් ලැබෙයි කියලා..'

තැන් දෙකක සිතිවිලි වර්ග දෙකක්..!!

.

.

.

තවත් දවසක ආරම්භයක්..!! සුපුරුදු විදියටම මෙනුජ කැම්පස් ආවා.. වෙනදා නොදැනෙන මොකක්දෝ නැවුම් හැඟීමක් මෙනුජට දැනෙනවා.. හේතුවක් නැතිවම අමුතුවට දැනෙනවා.. වෙනදා වගේම උදෙන්ම ඇවිත් පුරුදු බංකුවේම වාඩි වෙලා ඉන්නවා.. ඊට පස්සේ ලෙක්චර් එකට යනවා.. ආයෙත් බංකුවට යනවා.. ආයෙත් ලෙක්චර් එකට යනවා.. ඒකාකාරී හොඳටම ඒකාකාරී.. ඒත් මෙනුජ වෙන මොනවා කරන්නද.. එයාගේ පාඩුවේ එයා ඉන්නවා.. ඒත් එකම එක දෙයක් වෙනස් වෙලා.. මෙනුජ ඉන්න මේ ගොඩක් තැන්වල අර කලබලකාරයා එයාගේ කොට යාලුවා එක්ක මොකාක් හරි වැඩක්..!! නෑ නෑ මෙනුජ බලන්න නම් නෙවෙයි ඇවිත් තියෙන්නේ.. එයාට වැඩ ගොඩයි..!! ඒක නිසයි නිතරම මොකාක් හෝ බොරු දේකට ඇවිදින් මෙනුජගේ ඇස් ගැටුන ගමන් ම බිම බලන් දුවන් යන්නේ..හරිම විකාරයි..!!

සුපුරුදු කැම්පස් ඉවර වෙලා විදිහටම මෙනුජ එන්න ආවා.. එයා කැම්පස් එකෙන් එළියට බැස්සත් මොර සූරන වැස්ස.. අවාසනාව මෙනුජ නම් කුඩයක් ගෙනත් නෑ.. වටපිට බැලුවත් රදීශුත් පේන්න නැහැ.. ඉතින් වැස්ස අඩු වෙනකන් මෙනුජ බලන් ඉන්නවා.. වැස්සත් අඩු වෙන පාටක් නෑ..

"මෙනුජ අයියේ.."

ඕහ් මෙනුජට මතක් උනා... මේ කවුද..ම්ම් නම නම් මෙනුජගේ මතකේ නෑ වගේ.. ඒත් අර කලබලකාරයා කියලා නම් මෙනුජට මතකයි.. මෙනුජ සුපුරුදු සිහින් හිනාවක් දුන්නා.. පුදුමයි..!! එදා හිනා නොවුනට අද නම් හිනා උනා.. අහිංසත් පෙරලා හිනා උනා.

"අයියේ... අයියට කුඩයක් නැත්තම් මාත් එක්ක යමු.."

"කමක් නෑ.. මම වැස්ස අඩු උනාම යන්නම්. ස්තූතියි.."

"වැස්ස අඩු වෙන එකක් නෑ.. අයියා කැමතිද රෑ වෙනකන් මෙතන හිටගෙන ඉන්න.. අනික මම ඉන්නෙත් අයියලගෙ ගෙවල් වලට ටිකක් එහායින්.. ඒක නිසා අපි යමු.."

"හ්ම්.."

දෙන්නා එන්න පිටත් උනා.. මහ හයියෙන් වහිනවා.. එක කුඩටක් යට ආදරවන්තයින් දෙන්නෙක්..අහ්ම්.. නෑ ආගන්තුකයින් දෙන්නෙක්.. අහිංස නම් හුඟාක් සතුටින් මෙනුජට කිට්ටු වෙලා යනවා.. මෙනුජගේ උරහිසට විතර අහිංස උස ඇති.. අහිංසගේ හද ගැස්මත් එන්න එන්නම වැඩි වෙනවදෝ කියලා අහිංසට හිතුනා.. අහිංස ඔහුටම බැනගත්තා මේ අමුතු හැඟීම නිසා.. ඒත් මෙනුජ.. සුපුරුදු පරිදිම නිශ්ශබ්දව යනවා..

"අයියේ"

"හ්ම්ම්"

"ඇයි අයියා කතාකරනවා අඩු..? ඒත් මම දැකලා තියනවා වෙන අයියා කෙනෙක් එක්ක කතා කරනවා.. ඒත් එයා එක්ක විතරයි.."

"එයා තමයි මගේ ජීවිතේ මට කියලා ඉන්න එකම කෙනා.." අහිංසට දුකයි.. මොකද අහිංස කියන්නෙම ලොකු පවුලක ආදරේ එක්කම හැදුනු කෙනෙක්.. ඉතින් එයාට හිතාගන්නවත් බෑ කෙනෙක්ගේ ජීවිතේ තමන්ගෙම කියලා එකම එක්කෙනෙක් ඉන්න මනුස්සයෙක්ගේ හැඟීම.. අහිංසට ඕනා දැනගන්න.. අහිංසට තවත් මෙනුජ ගැන දැනගන්න ඕනා..

"අයියේ වැස්ස වැඩී වගේ.. අපිට තව දුර යන්න පුලුවන් වෙයිද..? පොඩ්ඩක් නැවතිලා යමුද.." අවස්ථාවක්.. අහිංසට ඕනා අවස්ථාවක් මේ නිහඬ පුද්ගලයගේ හැඟීම් තේරුම් ගන්න.. ඒකට අහිංසට ඉවසන්න ඕන වෙයි.. මොකද තාමත් මේ දෙන්නා සමීප නෑ...

"හරි.." මෙනුජට ඉක්මනින් යන්න ඕන උනත් අහිංසගේ ඉල්ලීම අහක දාන්න හිතුනේ නෑ.. ඔවුන් දෙදෙනාම පොඩි කඩයක් ඉස්සරහට ආවා.. සීතලයී.. මේ වැස්සේ හුඟක්ම සීතලයි.. ඒක නිසාම උනුවෙන් කෝපි දෙකකුත් ඉල්ලගත්ත මෙනුජ ඒ කඩේ ඉස්සරහ බංකුවේ ඉඳන් ඉන්න අහිංසට එකක් දුන්නා.. අහිංසට සතුටුයි.. මෙනුජගෙන් එයාට හම්බුන මුල්ම දේ ඒක.. කෝපි එකක්..!!

"ස්තූතියි" මෙනුජත් ඒ අසලින්ම වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන අර රස්නේ කෝපි එක බොනවා.. සිතිවිලි මැද අතරමං වෙන්න කියාපුම මොහොතක්.. ඒත් ඉතින් එහෙම බෑ.. අහිංස ඉන්නවනේ.. මෙනුජ කියන්නේ නිහඬ බවට ඇලුම් කරන කෙනෙක් උනත් අහිංස කියන්නේ නිහඬ බවට අකමැති කෙනෙක්..!! දෙවිදිහක් හාත්පසින්ම දෙවිදිහක්..!!

"අයියේ.. ඇයි ඔයා කිව්වේ ඔයාගේ ජීවිතේ ඉන්න එකම කෙනා ඔයාගේ යාලුවා කියලා.. අම්මා තාත්තා එයාලා කොහෙද.."

"එයාලව මම කවදාවත් දැකලා නෑ.." අහිංසට දුකයි.. එයා ඒ වගේ මෝඩ ප්‍රශ්නයක් ඇහුව එකත් එයාට දුකයි.. ඒත් එයාගේ හිතේ පොඩි සතුටක් තියනවා මොකද මෙනුජ එයත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ සමීප වෙන්න අරගෙන..!! අහිංසට ඕනා මේ අඳුරු මනුස්සගේ කතාව දැනගන්න.. මේ අඳුරු ජීවිතය පාට වලින් පාට කරන්න.. මෙනුජගේ ජීවිතේ තනිකරම අඳුරු වෙද්දී අහිංසගේ ජීවිතේ දේදුන්නක්.. ඉතින් ඒ දේ දුන්නේ පාට ටිකක් අරගෙන මෙනුජගේ ජීවිතේ පාට කරන්න අහිංසට ඕනා.. ඒත් ඒක එහෙම වෙයිද..?

"මට සමාවෙන්න අයියේ එහෙම ඇහුවට.. ඒත් අයියේ.. ඒ මතකයන් අමතක කරන්න.. ඔයාගේ හිතේ ප්‍රශ්නයක් තියනව නම් කාත් එක්ක හරි කියලා නිදහස් කරගන්න.. නැති උන අය ගැන හිතන්නේ නැතුව ජීවිතේට අලුතින් අයව එකතු කරගන්න බලන්න.. එයාලා එක්ක සතුටින් ඉන්න.. ආදරණීයන් එක්ක ඉන්න එකේ සතුට, එයාලා එක්ක හැඟීම් බෙදාගත්තට පස්සේ තියන නිදහස, අඳුරනොගන්න තාක් තනිකමට ඔයා ආදරේ කරයි.. ඒත් ඒක හරියටම අඳුරගත්තට පස්සේ ඔයා තනිකමට වෛර කරන්න ගනී අයියේ.."

මෙනුජ අහන් හිටියා.. අද.. ඒකත් මුල්ම වතාවට එයා ඇබ්බැහි වෙලා ඉන්න තනිකම ගැන ප්‍රශ්න කරා..!! එයා හිතුවා අහිංස කියපු කතාව වැරදි නෑ කියල.. වැරදි නෑ.. කොහෙත්ම වැරදි නෑ.. තනිකම ඇබ්බැහිවෙන සුළු ඇති ඒත් ඒ සම්බන්ධතා එක්ක ගොඩනැගෙන සතුට නොදන්න අයට..!!

"ඔයා කියන එක ඇත්ත වෙන්න ඇති අහිංස.. ඒත් ඔය කියන තරම් ලේසියකට මනුස්සයෙක්ට වෙනස් වෙන්න බෑ.. තනිකමේ ආයේ ගොඩ ගන්න බැරි තරම් අතරමං උන මනුස්සයෙක්ව ගොඩ ගන්න කවුරුත් දක්ශ නෑ.. ඒක කරන්න අමාරුයි.."

අහිංස මෙනුජට තව ටිකක් ළං වෙලා මෙනුජගේ අතින් සුමුදුවට අල්ලගෙන ,

.

.

.

" ටිකින් ටික ඔයා අතරමං උන තනිකමෙන් ගැලවෙන්න පාර පෙන්නන, ඉඩ දෙනවද මට ඔයාගේ ජීවිතේට එන්න... අඩු තරමේ යාළුවෙක් විදිහටවත්... මම ආසයි ඔයාගේ ජීවිතේ පාට වලින් පුරවන්න... ඉඩ දෙනවද මට..??"

.

.

.

.

.

.

"දන්නවද සමනල්ලු හරි ආසයිලු අඳුරුවට තියන අහස පාට වලින් පාට කරන්න.. ඒකමලු ඒ සමනල්ලු  අහස අඳුරු උන හැටියේ දේදුන්නට පාට දෙන්නේ... අදුරු අහස පාට වලින් හැඩ කරන්න  ඒ අහස ඉඩ දෙනකන් ඒ සමනල්ලු බලන් ඉන්නවලු.."

-???-

විටෙක අසරණකමේ සමානාර්ථය වූත්, තවත් විටෙක විරුද්ධාර්ථය වූත් අකුරු සතරක ඒක වචනය "තනිකම" නම් වේ..

--------------------------------------------------------------------

හරි අහිංසක ඉල්ලීමක් නේද අහිංස ඉල්ලුවේ..??

ඒ දෙන්නගේ ආදර කතාව තව චැපි දෙකකට වගේ තියෙයි.. මේ ඔක්කොම මෙනුජට මතක් වෙන ඒවා ළමයි..!!  මම මේ ටික සරලව ලිව්වා... හිත නිදහසේ කියවන් යන්න..

අහිංස ගැන?

මෙනුජ ගැන ?

හිතෙන දේවල් කියන් යන්න...

සමනලී දැන්ම මේකට එනටර් වෙන්නේ නෑ.. එයා පස්සේ එන්නේ...

බායි එහෙනම්ම්