Chapter 4: CHAPTER 04

මඟ හැරී | NONFICTION ✔Words: 20380

"ඔක්කොම බඩු ටික අස් කරගනින්..මමත් උදව් කරන්නම්"

"අනේ බන් උඹේ ඔය රැව්ල කපා ගනින්කෝ... වැද්දෙක් කියලා හිතයි මිනිස්සූ..."

"මේ උඹ මේ කෑම ඔක්කොම කන්න ඕනා... බලන්කෝ උඹේ හැටි... ඇදිලා ගිහිල්ලා... "

"මිනිහෙක් වෙයන් බන්... ප්ලීස්... වගකීමක් නැතුව වැඩ කරන්න එපා උඹ ඔහොම නෑ ඉස්සර..."

"මම නැත්තෙම් තේරෙයි උඹට..."

"දැන් අලුන් සිංදුව එළියට දාපන්... උඹ කිව්වනේ ඒක හරි කියලා..."

රදීෂ්....!!!

අහලා තියනවද දේවදූතයෝ කියලා ජාතියක්..! අහලා තියනවද එහෙම අය මනුස්ස ස්වරූපයෙන් වැඩ ඉන්නවා කියලා මේ ලෝකේ ඒකත් බිඳුනු හිත් සුවපත් කරන්නම... රදීෂුත් අන්න එහෙම කෙනෙක්... මෙනුජගේ මානෙන් මෙනුජගේ ආරක්ශක දේව දූතයා..එහෙම නැත්තම් ගාඩියන් ඒන්ජල්..!! මෙනුජ ගැන සම්පූර්ණයෙන් දන්න කෙනා කවුද කියලා ඇහුවොත් මම බය නැතුව කියනව ඒ රදීෂ් කියලා..

මෙනුජගේ ජීවිතේ බිංදුවේ ඉඳන්ම හිටපු යාලුවා රදීශ්ම උනා.. මෙනුජගේ අම්මා තාත්තා එතකොට පවුල උනේ රදීශ්.. හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඕනා එතකොට හැම මනුස්සයෙක්ම ජීවිතේ පතන මනුස්සයෙක් රදීශ් කියන්නේ.. බය නැතුවේ හිතේ ප්‍රශ්නයක් කියන්න.. එතකොට ප්‍රශ්නයක් කියන්න කළින් ඒක අඳුනගන්න පුදුමාකර මනුස්සයෙක්..!! වාසනාවන්තයි... මෙනුජ හුඟාක් වාසනාවන්තයි ඒ වගේ පුදුමාකාර මනුස්සයෙක් එයාගේ ජීවිතේට මුනගැහුන එක.. රූස්ස ගහකට උනත් කෙලින් හයියට ඉන්න අරටුවක් ඕනා වගේම මෙනුජ කියන රූස්ස ගහේ අරටුව රදීශ්ම උනා.!!!

.

.

.

නැවතත් මෙනුජගේ මානෙන්,

'මහලොකුවට හෙට ශෝ එකක් තියනවා වගේ මේ මිනිහා මාව ලංකාවට ගෙන්න ගත්තේ.. ඒත් දැන් කොහේ ගිහින්ද මන්දා.. වත්තේවත් බලන්න ඕනා..'

මම එහෙම හිත හිත ගියත් රදීශ් කෝල් එකක නිසා ඒකට බාධාවක් නිවී හිටියා ඒත්.. ඒ කතා කරන්නේ කවුරු ගැනද..??

"ඔව් බන් ඔව්.. කෑවා බන් උඹ කියපු ඔක්කොම කන්න දුන්නා.."

"..."

"නෑ බන් නෑ... මගේ වචනේ විස්වාස කරපන් ඌට එහෙම වෙන්න දෙන්නෑ මම.."

"..."

"ඔයා කියපු විදිහට සේරම කරා අහ්- මම උඹට පස්සේ ගන්නම්කෝ.."

.

.

"කවදා ඉඳන්ද අනුන්ගේ ෆෝන් කෝල් වලට ඇහුම්කන් දුන්නේ උඹ.."

"මට කියපන් කවුද ඒ කතා කරේ කියලා...???" මට සැකයි... මම ගැනවත්ද මෙයාලා කතා කරේ, ඇයි මට එහෙම දැනෙන්නේ..? ඒත් කවුද ඒ..?

"අනේ මේ මගේ යාලුවෙක් බන්... ඒක වැඩක් නෑ දැන් උඹේ අලුත් සින්දුවේ වැඩේ බලපන්.. මහන්සි වෙලා ඒවට අවදානය දියන්.."

"ම්ම් ඒක හරි.. මන් දැන් යන්නම්..." ආව කාරණෙත් කියන්නේ නැතුවම මම ගියා.. මට ඇත්තටම සැකයක් හිතුනා.. රදීශ් කතා කරේ ඇත්තටම එයාගේ යාලුවෙක්ටද..?

.

.

මම මගේ බඩු ටික අස් කරගන්න ගියා..අනික රෑ වෙලා... ඇඳුම් එකින් එක පිළිවෙලට ආයෙත් නවන ගමන් මගේ අලුත් සින්දුව මිමිණුවා.. මඟ හැරී... ඒක මම මගේ හැඟීම් අකුරු කරපු සිංදුවක්..!! සින්දුව මුමුන මගේ වැඩේ මම ඉද්දී කොළයක් වැටුනා.. මම පරිස්සම් කරන තවත් එයාගේ මතකයක්.. එක ලිවුමක්...

මට මතකයි බන්.. උඹ ඒකාලේ මගේ පස්සෙන්මයි.. මම යන යන දිහාවේ උඹේ අර කොට යාලුව එක්ක මොකාක් හරි වැඩක්.. හරි ලස්සනයි බන්.. තාමත් හිත පිරෙනවා... මම ඒ ලියුම් කෑල්ල අරගෙන ජනේලේ අයිනට ගියා.. හඳ ලස්සනට පායලා තියනවා.. දන්නවද ආදරයෙන් පිරුණු මනුස්සයෙක්ට හඳ දිහා බලද්දී එයාගේ ආදරේ හඳෙන් ප්‍රතිබින්භ වෙනවලු.. ඇත්ත තමයි අහිංස උඹේ ලස්සන හිනාව මට හඳ තුලින් ලස්සනට පේනවා.. මේ අඳුරු මූසල අහස හඳේ එලිය නිසා දිලිසෙනවා බන්.. හරියට උඹ වගේ බන්..මගේ මූසල අඳුරු ජීවිතේ හරි ලස්සනට උඹේ එලියෙන් එළිය කරා..හ්ම්ම්.. ඒත් මට අමතක උනා බන් අමාවකක් කියලා දවසක් එනවා කියලා.. අමාවක ආ දවසට ආයෙත් කලින් වගේ අහස එළිය නෑ... කළින් තිබුණ මූසල අඳුර එක්ක අහසට පුරුදු පරිදි තනිවෙන්න වෙනවා ලෝක ස්වභාවලු නේ..

උඹ කාල බීලා සතුටින් ඉන්නවද අහිංස..? මේක පිස්සුවක් වගේ බන්..? හඳ දිහා බලන් උඹට කතා කරන එක.. ඒත් අහපන්.. උඹට මතකද උඹ හොරෙන් හොරෙන් ඉස්සර මන් දිහා බලන විදිහ.. හහ් දැන් මතක් වෙද්දිත් හිනා යනවා ඇති නේද..!! එතකොට හොඳට අහුවෙන බොරු කියලා බොරුවට කතා කරන්න එන එක!! මොරටු කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් පේරා ම ආපු එක..!! උඹ නම් නපුරෙක් වගේ හිටපු මාව ගොඩක් වෙනස් කරා බන්...

උඹ මට තාම කිව්වේ නෑ නේද කොච්චර කල් ඉඳන් මට ආදරේද කියලා.. ඇහුව හැම වෙලේම කියන්නේ මොකක්ද 'අනේ ඔයාට වැඩක් නෑ නේ අයියේ' කියලා.. පිස්සුවක් වෙලාවකට මහ..

ඇත්තටම මට හිනා ගියා... හයියෙන්ම හිනා ගියා. අපේ මුල්ම හමුවීම.. එහෙම ගන්නත් බෑ.. මම එයාව දැක්ක මුල්ම දවස කියමු. මොකද එයා මටත් ගොඩක් කලින් ඉඳන් ආදරේ කරලා ඒත් මේ පිස්සු කොල්ලා විස්තරයක් කියන්නේ නෑ නේ.. මට එයාව හම්බුනේ පේරා වලදී.. අහලා තියනවද පේරාදෙනියම ප්‍රේමයක් කියනවා.. අන්න ඒ කියපු පේරාදෙනියෙදිම තමයි අපි ආදරේ කරේ. සුන්දරයි.. ඒ ආදරෙත් හරි ලාමකයි.. හුඟක් දැනෙනවා. අතින් අල්ලන්නත් හරි කෝල කමක් දැනෙන කාලේ. ආදරේ සුන්දරම අවධිය කිව්වොත් මම නිවැරදී. මම අනාත කොල්ලෙක්. මට කාත් කවුරුවත් හිටියේ නෑ. සීයෙක් හිටියා ඒත් මට දහ හතරෙදි විතර එයත් අන්තරා උනා. එතනින් පස්සේ මගේ පවුල රදීශ්.. අපිට පහළ බැජ් එකේ ළමයි මුලින්ම ආව දවසේ තමයි එයාගේ ඇස් මගේ ඇස් එක්ක මුලින්ම ගැටුනේ.. ඒ දවස් වල මගේ හිතේ ආදරේ ගැන බලාපොරොත්තුවක්වත් තිබුනේ නෑ... තනිකරම අඳුරු ජීවිතයක් ගත කරේ.. ආදරේ විස්වාස කරෙත් නෑ..

මෙනුජ අහිංස ආදර කතාව මෙතැන් සිට...

කඳු පංති අස්සෙන් ලා හිරු කිරණ දහරාවක් ගලාගෙන ඇවිත් හරි ලස්සනට භූමිය සිප අරන් තිබ්බ මල් පෙති පිරිමදිද්දී ඒ අස්සෙන්ම එන මද සුළගත් නිතරඟම ඇහෙන කුරුලු නාදයත් ලබා දෙන්නේ හරි නැවුම් හැඟීමක්..!! ඔව් මේ වගේ මොහොතවල් වල තමයි මිහිතලය හිනා වෙනවා කියන්නේ.. හරි ලස්සනයි.. අලුයම පේරාදෙණිය කියන්නේම නැවුම් හැඟීමක්.. කවුද මේ හැඟීම විඳින කෙනා.. හ්ම්ම්.. ජීවිතේ නිදහසේ ඉන්න කොල්ලෙක්..!! නිදහසේ හුස්ම ගන්න බැඳීම් අඩු කොල්ලෙක්..!! ජීවිතේ පොඩි කාලෙ ඉඳන්ම තනියෙම හැදුනු අත්දැකීම් වලින්ම ජීවිතේ ඉගෙන ගත්ත කොල්ලෙක්.. දන්නවා ඔයාලා මේ කවුද කියලා..ඒ.. මෙනුජ..!! හරි ලස්සන මනුස්සයෙක්..!!

"මෙනුජ බන්.. අද නේද අලුත් බැජ් එක එනවා කියන්නේ.. උඹ එන්නේ නැද්ද බන් පොඩ්ඩක් ඒ පැත්තේ.."

"ඒ පැත්තේ ගියා කියලා මොනවද බන් මට ලැබෙන්නේ.." වෙනස්.. එයා හිතන විදිහ හොඳටම වෙනස්..!!

"දැන් උඹ මෙතන බකන් නිලන් හිටියා කියලා මොනවද ලැබෙන්නේ.."

"රදීශ්... උඹට තේරෙන්නේ නෑ... යමු එහෙනම්.."

මෙනුජයි රදීශුයි දෙන්නම ගියා අලුත් ළමයි ඉන්න පැත්තට... ගොඩක් අලුත් අය හිටියා ඒ හැමෝම හිටියේ ගොඩක් සතුටින් උන් හැමෝගෙම ඇස් දිලිසෙනවා.. අලුතින් පේරාදෙනියට එන හැමෝම එහෙමයී.. පරිසරේ තියන ලස්සනට ගොඩක් වහ වැටෙනවා.. උන්ගේ හිත් සතුටින් ඉපිලෙනවා ඇති මොකද මේ උන්ගේ හීනේ නවාතැන්පොලක් නේ...

ඒත් එක්කෙනෙක්.. එක්කෙනෙක් විතරක් පේරාදෙනියට වශී වෙලා නෑ වගේ.. ඒ කෙනා පිස්සුවෙන් වගේ කාගේ හරි රුවක් හොයනවා.. ඒ ඇස් කලබලයි.. පෙනුමෙන් හරිම ආකර්ශනීය කෙනෙක්.. මෙනුජගෙත් අවදානය මේ කලබල ඇස් වල නැවතුනා.. බෙල්ලෙන් ඉස්සී ඉස්සී ඒ ඇස් කාවදෝ හොයනවා. ගොඩක් උස නැති නිසා නේ මේ ඔක්කොම කරදර.. මෙනුජගේ මුවේ සිහින් හිනා රැල්ලක් ඇඳිලා අතුරුදහන් වෙලා ගියා මේ අලුත් කලබලකාරයව දැකලා.. පුදුමයි.. මෙනුජ කියන්නෙම එයාට වැදගත් නැති දේකට එයාගේ අවධානය දෙන්නේ නැති කෙනෙක්.. ඒත් මේ අලුත් කලබලකාරයා මෙනුජගේ අවධානෙත් හොරා අරගෙන..!!

එක වෙලාවෙම මේ අලුත් කලබලකාරයගේ කලබල ඇස් සන්සුන් උනා. ඒ ඇස් මෙනුජගේ ඇස් එක්ක ගැටුනා. ඒ ඇස් වල තිබ්බ කලබලේ හොරු අරන් ගිහින්දෝ කොහෙද..!! හිනාවුනා හරි ලස්සනට.. දැන් නිවිලා ඉන්න ඒ කලබලකාරයා මෙනුජ එක්ක හිනා වුනා. ලස්සනයි.. ඒ හිනාව ගොඩක් ලස්සනයි.. එයාගේ දෙකොපුල් ලස්සනට වල ගැහෙනවා හිනා වෙද්දී.. මෙනුජගේ හිත ගැස්සුනේ නෑ කිව්වොත් බොරුවක්..!! මෙනුජට හිතුනා ඒ රූපය දෙවියන් නිවී සැනසිල්ලේ මවන්නැති කියලා.. ඒත් එහෙම මවද්දී සමහරවිට කලමනා මදි වෙන්න ඇති.. ඒ නිසාම ඒ දෙකොපුල් වල ගැහෙන්නැති..!! පුදුමයි..!! මෙනුජ ආයෙත් අර කලබලකාරයට අවදානේ දීලා.. ඒත් ඒ කලබලකාරයගේ හිනාව සැනෙන් අතුරුදහන් උනා.. ඇයි ඒ.. මොකද මෙනුජගෙන් පෙරලා හිනාවක් ඒ කෙනාට ලැබුනේ නෑ.. වැරදී මෙනුජ.. මෙනුජට තිබුණා පෙරලා හිනාවක් දෙන්න.. බෑ නේ ඉතින් මෙනුජට එහෙම කරන්න.. මෙනුජ කියන්නේ අනවශ්‍ය දේවල් වලට අවධානේ දෙන කෙනෙක් නෙවෙයි නේ නේද..??

"රදීශ්.. මම යනවා බන්..!! ලෙක්චර් එක තව පැය බාගෙකින් පටන් ගන්නවා...උඹ ඉක්මනින් වරෙන්.."

මෙනුජ එහෙම කියලා එන්න ආවා.. මෙනුජ ආස නෑ ඒ වගේ කලබල පරිසර වලට.. ඒක මෙනුජට කරදරයක්.. ආයේ අර කලබලකාරයව මතක් වෙලා හීන් හිනාවක් මෙනුජගෙ මුවේ ඇඳුනා.. මම කලබලකාරයා කිව්වට එයා පුංචි හොරෙක් වගේ නේද..? මෙනුජගේ අවදානේගේ හොරාගත්ත පුංචි හොරෙක්..!!

එදා දවසේ වැඩ ටික ඉවර වෙලා මෙනුජ එයාගේ ගෙදර ගියා.. පුංචි ගෙයක්.. එයාම තනියෙන් ජීවත් වෙන හරි ලස්සන පිළිවෙල පුංචි පැළක්..!! දවසේ ම වැඩ කරපු නිසා මහන්සි යන්නත් එක්කම ඉක්මනින් මෙනුජ පිරිසිඳු වෙලා එළියට ආවා.. ඇවිත් වැඩ ටික කරන්න පොත් ටික එළියට ගනිද්දී එක පොඩි ලියුම් කෑල්ලක් එළියට වැටුනා.. මෙනුජ දැනුවත්ව බෑග් එකට ආව දෙයක් නොවන බව මෙනුජගේ මූනෙනුත් සටහන් වෙද්දී ඒ මොකක්ද කියලා මෙනුජ දිග ඇරලා බැලුවා... ලියමනක් තමයි ඒකත් නමක් නැති කෙනෙක් ගෙන්...

.

.

.

" දන්නවද සූරියකාන්ත මලක් බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳන් හිටියලු හිරු හමුවන තෙක්...! ඒත් ඉතින් ඒ හිරු පොඩ්ඩක් විතර අහංකාරලු.. කරන්න දෙයක් නෑ.. හිරුගේ ආදරේ ඒ සූරියකාන්ත මලට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්ම සූරියකාන්ත මල දිගටම ආදරේ කරනවලු.."

-???-

.

.

-------------------------------------------------------------

අමාවක දවසේ ඉවසීමෙන් බලා හිටියොත් ඊළඟ දවසේ අනිවාරෙන් හඳ පායනවා.. ඒත් ඒක මෙනුජට තේරෙන්නේ නැති පාටයි..

කවුද මේ නම නොදන්න මෙනුජගේ ජීවිතේට ආව අලුත් කෙනා...

ආ අර කෝල් එක ආවේ කාගෙන් කියලද හිතන්නේ..??

කලින් චැපි වල වගේ දුකක් නෑ නේද... එහෙමනේ ඔයාලා ආස... ඒ නිසා මම සතුටු වෙන්න පුලුවන් විදියට ලිව්වා..

ඊළඟ චැපි ටික ආදරණීය කරනවා මම.. ඒක පොරොන්දුවක්..!!

බායි බායි..