Chapter 2: CHAPTER 02

මඟ හැරී | NONFICTION ✔Words: 18040

මම දැන් හිටන් ඉන්නේ හරි ලස්සනට සරසපු වෙඩින් හෝල් එක ඉස්සරහ..

'උඹට විශ්වාසද මෙනුජ උඹට තව දරාගන්න පුලුවන් කියලා' මගේ හිතම මගෙන් ප්‍රශ්න කරා. මම අසරණයි හොඳටම අසරණයි.. මට දරාගන්න බෑ.. ඒත් මට බයගුල්ලෙක් වගේ පැනලා යන්නත් බෑ මගේ මැණීකේ.. උඹේ අම්මලට බයේ මම පැනලා යන්නෙත් නෑ..

ඇහෙනවද ඔයාලට මගේ පපුව කෑගහලා අඬනවා.. තේරෙනවද උඹලට මම ඉන්න තත්වය.. තනිකමෙන් පිරුණු අඳුරු මගේ ජීවිතේ පාට වලින් පාට කරපු පුංචි සුරදූතයා උඹයි මගෙ අහිංස.. සමාවෙන්න මට තවත් උඹට මගේ කියලා කිව්වට ඒත් මොකක් කරන්නද බන් මගේ මේ මුරණ්ඩු හිත තාමත් උඹ මත්තෙම නැහෙනවා උඹව ඉල්ලලා අඬනවා..

මගේ හිත අයාලේ යනවා..හහ් හිත හීලෑ නෑ කියනවලුනේ නේද..?  මම තාමත් අර කියපු හෝල් එක ඉස්සරහ හිටගෙන.. මට අඬන්න බෑ එහෙම ඇඬුවොත් මගේ පිරිමි කමට මොකක්ද වෙන්නේ.. උඹ හොඳටම දන්නවානේ අහිංස උඹේ මෙනුජ අයියගේ දරාගන්න පුලුවන් සීමාව..!! ඒක නිසා නේද උඹ මාව අතඇරලා ගියේ..?? එහෙම නේද..?? ඒක නේද උඹ මගෙන් අරම පොරොන්දුවකුත් ගත්තේ..??

අතීතයෙන්..

"චූටි මැණිකේ මම බත් එකක් ගෙනාවා කාලා ඉඳින්"

"චූටි මැණිකේ..."

"මෙනූ අයියේ... මට පොරොන්දුවක් වෙන්න"

"මොකක්ද අහිංස කියපන් මට.."

" කවදමහරි දවසක මොකක්ම හරි හේතුවක් නිසා මට ඔයාව දාලයන්න උනොත් ඔයාගේ ආදරේ මඟහැරුනොත් මට පොරොන්දුවෙන්න ඔයා ඔයාගේ ජීවිතේ කලින්ටත් වඩා ලස්සනට ඉන්නවා කියලා සතුටින් ජීවත් වෙනවා කියලා.. පොරොන්දු වෙන්නමට ඔයාගේ ජීවිතේ නැති කරන්නේ නෑ කියලා.. අපේ ආදරේ නාමෙන් පොරොන්දුවෙන්නකෝ මගෙ අයියේ..!!"

.

.

.

මම අදටත් ආදරෙ නාමෙන් පොරොන්දු රකිනවා අහිංස.. ඒත් අහිංස උඹ කිව්වා වගේ මම කොහොමද බන් මගේ ජීව්තේ කලින්ටත් වඩා ලස්සනට තියාගන්නේ..?? උඹ නැති මගේ ජීවිතයක් ගැන මගේ හීනෙකවත් තිබ්බේ නෑ අහිංස.. උඹ මට ලස්සනට ආදරේ කරන්න ඉගැන්නුවා වගේම ඇයි බන් මට ඉගැන්නුවේ නැත්තේ උඹ නැති ජීවිතේක හුස්ම ගන්න විදිහ.. මේ උන්මත්තකයා උඹේ ආදරෙන් උමතු වෙලයි ඉන්නේ..

මම දැන් වෙඩින් හෝල් එක ඇතුලට යන ගමන් ඉන්නේ. මගේ පපුව ගැලවිලා වැටෙයිද කියලා හිතෙන තරමට ගැහෙනවා. උඹ වෙනුවෙන්ම ගැහුන මගේ හදවත උඹ නැති වෙලා යන බයටම ගැහෙනවා. මගේ ඇස් දෙකට දියරයක් පිරෙනවා නෑ නෑ එහෙම වෙන්න බෑ... මම ඉක්මනින් ඇස් දෙක පිහිදගත්තා. මම අද ආවේ උඹේ ආසම පාට වෙච්ච නිල් පාටින් සූට් එකක් ඇඳන්..

අතීතයෙන්..

"අයියේ.."

"හ්ම්ම්.."

"අයියා මොකක්ද අපි දෙන්නගේ වෙඩින් එක දවසේ අඳින්නේ.. "

"..."

"අයියේ මම ආසයි අපි දෙන්නම නිල් පාටින් ඇඳන් ඉන්නවා බලන්න.. මම හීන මවන මගේ ලස්සනම දවසේ මම ආසම පාටින් අපි දෙන්නම ඇඳන් ඉන්නයි මට ඕනා.."

" ඒත් අහිංස අලු පාටින් සූට් එකක් අඳින්න මම ආසයී.."

"නෑ.. මම කැමති නෑ.. මට ඕනේ එළියක් තියන පාටින් අඳින්න.. අලු කියන්නේ දීප්තියක් නැති පාටක්.. මට ඕනේ මගේ මහත්තයා එදාට කාටත් වඩා බැබලෙනවා දකින්න..ඒක නිසා අලු එපා.. නිල් හොඳේ..."

"..."

"හොඳ ඳ.. හොඳ ඳ.. උත්තරයක් දෙන්නකෝඕඕඕඕ"

"හම්මේ මෙන්න වැන්දා ඔයා කියන එකක් තමයි... දැන් සතුටුයි නේද..? දැන් ඇති තුරුල් වෙලා හිටියා ගෙදර යමු.. ඔයාලගේ අම්මා බය වෙයි.."

.

.

.

අලු යට ගින්දර දැල්වෙනවා වගේ උඹෙයි මගෙයි පරණ මතක මගේ වටේ දෝන්කාර දෙනවා බන්..!! මම ආස නෑ බන් මේ හැඟීමට.. මාව ඇතුළෙන් පිච්චෙනවා බන්.. ජීවිතයක් මතකයන් එක්ක ලස්සන වෙනව වගේම ජීවිතයක් පණ පිටින් පුච්චලා දාන්නත් මතකයන්ට පුලුවන්.. ඔව් මාවත් දැවෙනවා අහිංසගේ මතකයන්ගේ ගින්නෙන්!!!

මම එයාගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා.. එයා ලස්සනයී.. දීප්තියක් නැති පාටක් ඇඳන් හිටියත් එයා ලස්සනයි..එයා මාව දැක්කා. මගේ ඇස් දැක්ක ගමන් උඹේ ඇස් ගැස්සුනේ ඇයි අහිංස..?? කියපන්..?? උඹ මාව බලාපොරොත්තු උනේ නැද්ද..?? සමහරවිට නැතුව ඇති නේද..?

මම බලන් ඉද්දිම මගේ එකාගේ ඇස් දෙකට කඳුලු පිරුනා.. මම උඹට කියලා තියනවා නේද ඔය කඳුලු උඹේ ඇස් වලට කැතයි කියලා.. ඇයි උඹ අඬන්නේ..? මට ආදරේ කරන්න ඕනා කිව්වෙත් උඹයි... මගේම වෙන්න ඕනා කිව්වෙත් උඹයි... මාව දාල ගියෙත් උඹයි... අන්තිමට තව කෙනෙක් බඳින්නෙත් උඹම තමයි.. මම ගියා ඒ දෙන්නා ළඟට. සමනලී... ඒකි ලස්සනයි.. මගේ එකාගේ අත වටේ අත පටලවගෙන හැමෝත් එක්කම හිනා වෙවී ඉන්නවා. මමත් ගියා..මගේ හඬ බිඳෙන්නේ නැතුව තිබ්බොත් හොඳටම ඇති මට...

"මගෙන් සුභ පැතුම් දෙන්නටම.." මම සමනලීට අතට අත දුන්නා..

"අනේ ස්තූතී අයියේ. අයියා ආපු එකත් ලොකු දෙයක්..අයියා තනියමද ආවේ..??"

"ඔව් නන්ගි.. මගේ යාලුවෝ තව ටිකකින් එයි.. අහිංසගෙත් යාලුවෝ ටිකනේ.."  මම දන්නවා උන්ට උනත් දුකයි. ඒ අපේ යාළුවෝ. කැම්පස් කාලේ ඉඳන්ම අපි එක්කම ඉඳපු අපේ සහෝදරයෝ ටික..මම දැක්කා මගේ කටින් එයාගේ නම පිටවෙනකොටත් මගේ කොල්ලගේ ඇස් ගැස්සුනා. හ්ම්ම් ඔයාල සමනලී ගැන පුදුම වෙනවා ඇති නේද..? සමනලී දන්නේ නෑ අපේ සම්බන්ධේ ගැන.. එයාට ආරංචි උනත් එයා විස්වාස කරේ නෑ.

"අ-අයියේ.."  මුල්ම පාරට අහිංස කතා කළා. ඔව් උඹට සමනලීව කසාද බඳින්න ඕනා කියලා මට කියපු දවසේ ඉඳන් අද නේද ඔය කටින් අයියේ කියලා මට කතා කරේ..ඔව් මම දුන්නේ නෑ උඹට අවස්ථාවක් කතා කරන්න.. මොනවා කතා කරන්නද මන් ඊටත් පස්සේ?? වෙව්ලනවා උඹේ හඬ.. මට දැනෙනවා බන්.. ඒත් මම උඹ ඉස්සරහ දුර්වලයෙක් වෙන්නේ නෑ.

"මගෙන් සුභ පැතුම් කොල්ලෝ..." එහෙම කියලා මම එයාව වැළඳ ගත්තා. ඔව් මම දිව්රනවා යාලුවෙක් විදියට විතරමයී. යාලුවගේ කසාදෙට සුබපතන යාලුවෙක් විදිහට..!! එයත් මගේ පපුවට ඔලුව හේත්තු කරගෙන මාව වැලඳ ගත්තා. එපා වස්තුවේ ඔහොම කරන්න එපා. මගේ හිත කෑගහනවා. මේ මොහොත.. මට දරාගන්න බෑ එයා කාලෙකට පස්සේ මගේ තුරුලේ ඉන්නවා. කාලෙකට පස්සේ මට සැනසීම කියන දේ දැනුනා.. කාලෙකට පස්සේ මම හුස්ම ගන්නවා කියලා දැනුනා.. මම තවත් එයාව තදට වැලඳ ගත්තා. මේ මොහොතේ කාලේ නිකන් නැවතුනා වගේ.. මට මේ ඉන්න තැනත් අමතක වෙලා ගියා..ඒත් තව මොහොතයි ගතවුනේ... මම එයාව ඈත් කරා. වෙන කෙනෙක්ගේ සැමියෙක්ව මම වැලඳගෙන ඉන්නේ කියලා මගේ මනසේ දෝංකාර දුන්නා. මම වැරැද්දක් කරන්නේ.. මේ තුරුල් කරන් ඉන්නේ මගේ ආදරේ උනත් දැන් එයා වෙන කෙනෙක්ට අයිති වෙන්නයි යන්නේ..  සමනලී අපි දිහා පුදුමයක් නැති ඒත් හැඟීම් විරහිත ඇස් වලින්  බලන් ඉන්නවා.

"සමනලී... මේකව පරිස්සමෙන් බලා ගන්න. මේක අපේ යාලුවනේ ඒකමයි මේ කියන්නේ. අහිංස පොඩි දේටත් ගොඩක් සංවේදී කෙනෙක්. ඒක නිසා දුකක් දෙන්න එපා. මම දන්නවා ඔයා ගොඩක් හොඳ කෙල්ලෙක්.. ඒකමයි මම ඔයාට බය නැතුව මෙයාව බාර දෙන්නේ. සතුටින් ඉන්න දෙන්නම. පරිස්සමෙන් ඉන්න. මම ආයෙ ඔයාලා ඉස්සරහට එයිද දන්නේ නෑ.. ආයේ හම්බුනොත් චූටි පැංචෙක් එක්කම ලස්සන චූටි පවුලක් දකින්න තිබ්බොත් මට ඇති.."

"හරි අයියේ.. මම පොරොන්දු වෙන්නම්.. මම අහිංසව බලා ගන්නම්.."

මම පුංචි හිනාවක් සමනලීට දීලා එන්න ආවා. මට ඇහුනා බන් උඹේ ඉකි ගැහිල්ල. මම අච්චර දේවල් කියද්දී උඹට ඒවා දරා ගන්න බෑ කියලා මම දන්නවා.. ඒත් මගේ පණනේ උඹ.. උඹව නිකන්ම කොහොමද බන් මම දාලා එන්නේ.. මම පිටිපස්ස බලන්නෙවත් නැතුව එළියටම ආවා. ඔව් මගේ ඇස් දෙකෙන් වේගෙන් කඳුලු පල්ලම් බහිනවා.

මම තද කරන් හිටපු මගේ කඳුලු මගේ පාලනයක් නැතුවම ගලන් යනවා. පිරිමින්ට බැරිද අඬන්න කියන්න මට? පිරිමින් කියන්නෙත් මිනිස්සුමනේ.. ආදරේ ඉස්සරහ මේ හිත හරි දුර්වලයි බන්..!! මගේ පපුව ඇදුම් කනවා අහිංස. මේ පිරිමි පපුවටත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවා මගේ අහිංස. මම උඹට ආදරෙයි අහිංස. මම මහ ගොඩක් උඹට ආදරෙයී.

ඔව් මෙතන කවුරුත්ම නෑ. මගේ දුක අහන්න කවුරුත් නෑ.. හොටෙල් එකේ එළියේ වත්තේ කොනක මම ඉන්නේ. මම අඬනවා දකින්නත් කවුරුත් නෑ... මම හෙටින් මේ ඔක්කොම අත ඇරලා යනවා බන්.. උඹව දැක දැක මම කොහොමද බන් හුස්ම අරන් ජීවත් වෙන්නේ.. උඹලා කාටවත් හොයාගන්න බැරි වෙන්න මම යනවා.

.

.

.

"අයියේ.."

මම හැරුනේ නෑ... මම දන්නවා මේ කවුද කියලා.. අහිංස.. ඇයි බන් මෙතනට ආවේ..??

"හරි ලස්සනට ලොකු කතා ගොඩකුත් කියලා මාව අත ඇරලා යන්නද හදන්නේ..ඒ..? කියන්න මට.."

.

.

.

.

සිතුම් අහිංස දිසානායක

(ඩිම්පල් තියේ හොඳේ... එහෙම මවාගනිල්ලා *චුරුස්*)

---------------------------------------------------------------

ටන්ට ටන්ට ටා... මම ආවා... ඔයාල මට කමෙන්ට්ස් ගොඩක් දුන්න නිසා සතුටටම තව එකක් දුන්නා... මම බලාපොරොත්තු උනේ නෑ එච්චර ආදරේ ගොඩක්.. ඉතින් කාලෙකට පස්සේ ගොඩක් මම සතුටින් හිටියා.. ❤️🥹

ඔන්න ඉතින් අදට ඉවරයි. කලින් එකේ චුට්ටක් දුන්න නිසා අද ටිකක් දිග එකක් දුන්නා.

මම මේක මෙහෙම පබ්ලිශ් කරන්න හිතපු එකක් නෙවෙයි. අපේ සුදාම්මි @Jeon_Taeshu කියපු නිසා තමා මේක එළියට ආවේ... නැච්චම් මේක තිබ්බා වගේම මගේ ඩ්‍රාෆ්ට් එකේ වැහිලා තියෙයි...

ඔයාලට මොකද හිතෙන්නේ කතාව ගැන ? ජුක තමා මේකේ වැඩිපුර තියෙන්නේ නේද?? මේක පටන් ගත්තෙම වෙන්වීමකින් නිසා සතුටක් නම් නැතුව ඇති... තාම නම් තේරෙන්නේ නැතුව ඇති නේද? අනික  මේක ගොඩක් දිග නෑ..

මෙනුජ ගැන ?

අහිංස ගැන ?

ආ හොඳම කෙනා සමනලී ගැන මොකද හිතෙන්නේ??

කියගෙන යන්න බලන්න

21.10.2024  -යෙෂී-