Chapter 1: CHAPTER 01

මඟ හැරී | NONFICTION ✔Words: 5686

(මෙහි ඇති චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත වේ)

හ්ම්ම්... මම ජීවත් වෙනවා නේද ? ඇයි මම ජීවත් වෙන්නේ.? ඔව් හොඳ ප්‍රශ්නයක්. මම ජීවත් වෙන්නේ, මොකද මට මැරෙන්න බැරි නිසා. බෑ මට මැරෙන්න බෑ ඒකට මට හයියක් නෑ.

මම ආයෙත් බර හුස්මක් මගේ පෙනහළු වලට ගත්තා... එතකොට මේ විකාර කියවන මම කවුද..?  හ්ම්ම් ඒක නම් වැඩක් ඇති ප්‍රශ්නයක් නෙවෙයි. මම කියලා කෙනෙක් ඉන්නවද කියලවත් කිසි කෙනෙක්ට ගානක් නැති මනුස්සයෙක් මම. මගේ ඔලුව හරි බරයි නිකන් ටොන් ගානක මරක් මගේ ඔලුව උඩින් තියලා වගේ.. නිකමට මම ඇස් පිහිදලා මගේ කාමරේ වටේ බැලුවා.

හ්ම්.. තනිකරම අපායක්..!! හරියටම මගේ ජීවිතේ වගේ...

කලින් ඉඳපු තමන්ව දැන් ඉන්න තමන් එක්ක පාහලා බලලා මට මෙහෙම උනේ ඇයි කියලා කවදහරි හිතිලා තියෙනවද..? අන්න ඒ හැඟීම තරම් මාව මරවන්න පුලුවන් හැඟීමක් තවත් නැහැ.. මම මේ දැන් විඳින්නෙත් ඒ කාලකණ්ණි හැඟීමමයි. මට මෙහෙම වෙන්න බෑ. මට මෙහෙම වෙන්න ඕනෙත් නෑ..

මම වෙනස් වෙලා ඔව් හුඟක්ම... ඔන්න මගේ මූනට චූටි හිනාවක් ආවා.. කළු ගැහිලා ගිය තොල් දෙකෙන් මම දුම් ටිකක් උරා බිව්වා. මම ඉස්සර හරි නිදහස් මනුස්සයෙක්. විශේෂම දේ නිදහසේ හුස්ම ගත්ත කොල්ලෙක්. සාමන්‍ය විදිහට ඉගෙනත් ගත්තා. කොහොම හරි කැම්පසුත් සිලෙක්ට් උනා. එතනින් පස්සේ තමා මගේ ජීවිතේට මෙහෙම උනේ. නෑ... ඒත් ටික කාලයක් මම මගේ ජීවිතේ ලස්සනම කාලේ වින්දා. මට මගේ එයා හම්බුනා..

කවුද එයා..? හ්ම්ම් නමින් නම් සිතුම් අහිංස..

එයා ලස්සනයී. මම මුලින්ම වශී උනේ එයාගේ හිනාවට.. එයාට තිබ්බා හිනා වෙනකොට වල ගැසෙන ලස්සන කම්මුල් දෙකක්. හරි ලස්සන හදවතක්.. ඒ වගේම නිවුනු කටහඬක්.. මමත් පෙරුම් පුරාගෙන හිටියා උඹ මගේ නමට අයිති කරගන්න මගේ අහිංස..!! මටම විතරක් අයිති කරගෙන මගේ පපු තුරුලෙම තියාගෙන පරිස්සම් කරගන්න හීනයක් තිබ්බා. ඔව් ඔව් මම කිව්වේ තිබ්බා කියලා.. ඒත් තාමත් තියනවද.?? නෑ.. කොහෙත්ම නෑ.

මම ආයෙත් හොඳ හුස්මක් පෙනහලු ඇතුල්ට ඇදලා ගත්තා. මුළු කාමරේම මම ඒ උරපු දුමේ සුවඳයී. ඇබ්බැහියක්.. තනිකරම එයා නැති උන දවසේ ඉඳන් මගේ දුක තුනී කරපු ඇබ්බැහියක්.. මම මගේ එහා පැත්තේ තිබුන කාඩ් එක අතට ගත්තා.. ඒක හරි ලස්සන කාඩ් එකක්. කාටද එවලා තියෙන්නේ..? වෙන කාටවත් නෙවෙයි මටම තමයි.

මෙනුජ නුවන්සිත් පෙරේරා වෙත,

රස්නේ දියරයක් මගේ කම්මුල් දිගේ ගලන් ඇවිත් අර ලස්සන කාඩ් එකට වැටුනා...

.

.

සමනලී අධිකාරි සමඟින් සිතුම් අහිංස අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන්.....

මෙනුජ නුවන්සිත් පෙරේරා

----------------------------------------------------------------

හායි හායී..

මේක ඇත්තටම මගේ පළවෙනි උත්සාහය. මේක හොඳයිද කියලා පුලුවන් නම් කියාගෙන යන්න බලන්න.

අලුත් ඕතර් කෙනෙක් විදිහට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.

එහෙනම් පස්සේ හම්බෙමු...

10.20.2024  -යෙෂී-

First Chapter
ContentsNext
Previous
ContentsNext