Chapter 2 of 2

part 2❤💚

Friend Or Unfriend ❤💚 (Completed)352 words~2 min read

"මං පොරොන්දුව කැඩුවෙ උඹ නිසා................"

"මොකක්ද.....?"

"ටිකෙන් ටික අපි ලොකු වෙද්දි මං තේරුම් ගත්තා අපේ බැදීමට නමක් නෑ කියලා ...."

"නමක් නෑ .......?"

"ම්ම්....අන්න ඒ නිසයි මං ටීනව ඉස්සරහට දාලා නොකියම උඹගෙන් ඈත් වුණේ....ටීනා කියන්නෙ මගෙ girlfriend නෙමෙයි ......"

"මොනවද කියන්නෙ ......?"

"අපිට කවදාවත් හොදම යාලුවො වෙන්න බෑ සහස්...."

"නුවන්......?"

"මං කවදාවත් හිතලා තිබ්බෙ නෑ මේ බැදීමට නමක් දෙන්න...ඒ නිසාමයි මං උඹගෙන් ඈත්වෙලා බැලුවෙ මට ඒක කරන්න පුලුවන්ද කියලා .....ඇත්තටම මට ඒක කරන්න බෑ....ඉතිං අන්තිමට මං තීරණය කරා අපේ බැදීමට නමක් දෙන්න...උඹගෙ තීරණේ මොකක් වුණත් මං කියන දේ අහලා ඉන්න....මට ඕන මේ බැදීමට නමක් දෙන්න....හැබැයි හොදම යාලුවො කියලා නෙමෙයි....."

"එහෙනම්.....?"

"මගෙ boyfriend වෙන්න....."

"න්....නුවන් 😳...........?"

"මට සමාවෙන්න සහස්.....මං උඹට ආදරෙයි ......තේරෙන කාලෙ ඉදන්ම මං තේරුම් ගත්ත දේ තමයි මං උඹට ආදරෙයි කියන එක...."

"නුවන්.....ම්...මං....."

"මං දන්නවා උඹට මේක අමාරු ඇති....කාලෙ අරන් මට උත්තරයක් දෙන්න....."

"නුවන්......"

"මං දන්නවා සහස් උඹ gay නෙමෙයි කියලා ....ඒත් එකපාර reject කරන්න එපා plz......"

"නුව්......."

"සහස් ප්ලීස්......."

චටාස් 👋......

"ස්...සහස්......"

එකපාරටම වැදුන කම්මුල් පාරින් ගැස්සිලා ගිය නුවන් කදුලුත් පෙරාගෙන සහස් දිහා බැලුවා....

"ඉවරද....ඉවරද ආ....කතා කරල ඉවරද....? තමුසෙම කියලා තමුසෙම නිගමන හදන් දැන් අඩනවද ආ.....මට කතා කරන්න දුන්නද....?"

"........"

"දන්නවද මං කම්මුලට ගැහුවෙ ඇයි කියලා .....?"

"ම්.....මං ......."

"කැමති නෑ කියලද හිතුවෙ .....ආහ්.....දන්නවද තමුසෙ ඒ නැති කරේ මට තමුසෙත් එක්ක ආදරෙන් ඉන්න තිබ්බ කාලෙ....ඇයි මෝඩයො කලින් ඕක නොකිව්වෙ....දන්නවද මං කොච්චර විදෙව්වද කියලා තමුසෙ නිසා ....."

"සහස්....."

"ඔව් යකෝ ඔව් මං gay නෙමෙයි තමයි හැබැයි උඹ වෙනුවෙන්, උඹට විතරක් මං gay.....මං තමුසෙට ආදරෙයි .....මටත් තේරෙන කාලෙ ඉදන් මං ආදරෙයි .....ඇයි යකෝ මගේ ආදරේ නොතේරුණේ....එක පාරක්...එකම එක පාරක් මාත් එක්ක කතා කරන්න තිබුනා නේද.....🥺"

"සහස්.....දෙයියනේ ඇත්තමද 🥺....."

"තමුසෙ නම් මහ මෝඩයෙක් .... මෙහෙට වරෙන් මෝඩ පැටියා ......"

එහෙම කියලා නුවන්ව ඇදලා ගත්ත සහස් හාදුවකට මුල පුරද්දි මුලින්ම දැනෙන දෙතොල් වල පහසට දෙන්නම මත් වුණා... ටිකෙන් ටික කලුවර වෙන අහසක් යට ඒ විදියට නමක් නැති බැදීමකට නමක් ලැබුනා....අලුත් පරිච්ඡේදයක් ඒ අහස යට පෙරලුනා.....

.

.

.

The End................

.

.

💢ඉතිං චූටි කතාවකින් ආවෙ මාවත් අමතක වෙලා යයි කියලා ඔයාලට 😌....

💢කොහොමද ඉතිං හැමෝම හොදින් නේද....?

💢කතාව ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න....ඔයාලට ගොඩක් ආදරෙයි  ❤

💢අලුත් කතාවක් මං ලියන්න යන්නෙ....එතකන් මාව අමතක කරන්නෙපා හාද 😘

✍️තිසූ......

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!