Chapter 9 of 9

පසුවදන

හිස් හැඟීමකින් හිත වැහිලා ගියාට මට වගකියන්න අමාරුයි. ඒත් මේ හැම චැප්ටර් එකක් පුරාවටම මට දැනුනෙත් හිස් හැඟීමක් කිව්වොත් පිළිගන්නවද.. අසාමාන්‍ය විදිහට නිශ්ශබ්ද සීතල පාලු රැයවල් වල ටේබල් ලෑම්ප් එකේ කහපාට එළිය විතරක්ම කාමරේ එළිය කරද්දි දැනුනු පාලු, අඳුරු හැඟීම වචන අස්සෙ දුක පිරෙව්වද.. මං දන්නෙ නෑ.

මෙවැනි කතා බොහොමයක් ලෝකේ තිබුනත්, ලියැවෙන්නේ අවම වශයෙන් වුවත්, හැමදාමත් සාම්ප්‍රදායික කතා කලාවෙන් එහාට යමක් ලිවීමට මා පෙළඹූයේ කුමන හැඟීමක්දැයි නොදනිමි.

හිතේ ඇතිවූ හිතලුවකට වුවත් යථාර්ථය එක්කිරීම අපහසු නැත. ස්තූතියි.

ප.ලි- මේ කතාවට මෙතරම් ආදරයක් බලාපොරොත්තු නොවූ බව කිව යුතුමය.  හැම වචනයකට ම ස්තූතියි. නැවතත් වේදනාත්මක ආදරණීය කෙටිකතාවකින් හමුවෙමු.

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!