Chapter 1 of 9

හැඳින්වීම

මෙය කෙටි පරිච්ඡේද අන්තර්ගත කෙටිකතා ගණයෙහිලා සැලකිය හැකි කුඩා සමරිසි කතාවකි. මෙහි එන සියලු නිසඳැස් මා විසින් විටින් විට රචිත ඒවා වේ.

මෙහි අවසානය විවෘත අවසානයක් වන බවද ප්‍රථමයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබට දැනෙන දේ සටහන් කිරීමට කාරුණික වෙන ලෙස ඉල්ලා සිටිමි.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මංවත් නොදැන ම

මට ම හිමි වූ

මංවත් නොදැන ම

මට අහිමි වූ

මගේ ම යැයි කිවහැකි

මට අයිතියක් නැති

නුඹේ ආදරය

මගේ ආදරය

නුඹ මා වෙනුවෙන්

පිදූ ආදරය

නමුත් කිසිදා

අපේ නොවූ ආදරය

අසම්මත ආදරය

අසීමිත ආදරය

අව්‍යාජ ආදරය

අවිහිංසක ආදරය

නොඉපදුනු ආදරය

මියැදුනු ආදරය

සිතින් විතරක්

දරාගෙන

ආදරේමදැයි අස අසා

නුඹ නුඹව

මං මාව

අපි අපිව

රවට්ටපු ආදරය

හිමිවෙන්න වරම් නැති

එහෙත් හිත නිවන්නැති

ඒ තරම්

මහ ගොඩක්

නිරාමිස ආදරය

නොදැක්ක සේ

නොඇසුනු සේ

නොදැනුනු සේ

වෙනත් නම්වලින්

වැසූ ආදරය

නුඹ සදහටම ගිය පසුව

මුල දමමින්

අතු දමමින්

මල් දමමින්

ඵල දරමින්

මා පෙළයි

විසකුරු ලෙසින්

නුඹේ ආදරය..

🌼කඩදාසි මල්.. 🌼

කිසිදාක පිපුණේ නැත..

~~~

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!