Chapter 17: chapter 17 💗

are u lesbian?Words: 17061

•

•

•

•

•

ස්කූල් එකට හොරෙන් මායි එයයි මගේ යාලුවො දෙන්නයි එයාගෙ යාලුවයි විතරක් දන්න අපෙ ආදර කතාව සාමන්‍ය විදියට ගෙවිලා ගියත් එක පාරටම ඒ ආදර කතාවට දූෂ්ඨයා උණේ මගේ හොදම යාලුවා......

"යො මෙතු අපි යමන්ද, practice ඉවර වෙලා දැන් කොච්චර වෙලාද "

"සෙනු තාම ගියේ නෑනෙ බන්"

"ඉතිං මොකද එයා අර පොඩි ළමයින්ව බලලා යයි, කොහොමත් ඔයාගෙන් පස්සෙ under 14 කැප්ටන් වෙන්න වෙන්නෙත් එයාටනෙ"

"ම්න් නම් ඒ දවස් වල පොඩි උන් දිහා බල බල හිටියෙ නෑනෙ බන්"

"දැන් ස්විමින්ග් වල ගොඩක් පොඩි අය ඉන්නවනෙ"

"මෙතු ඔයාලා දෙන්නට ඕනි නම් එය එනකම් ඉන්න මට ඉන්න ඕනි නෑ"

"යනවනම් යන්න මිෂෙල් මන් කොහොමත් සෙනු එනකම් ඉන්නව"

"ගියාට කමක් නෑ බන් උභ හිටියත් කියව කියව ඉදි යන්න දුන්නෙ නෑ කියලා"

"දැන් කොහොමත් ම්න් ඉන්නවට කැමැති නෑනෙ කෞරුත්"

"අයියො මොකක්ද බන් බලපම්කො රෝශෙල් මේකිට දැන් පොඩ්ඩ ඇත්නම් ඩොං යනවා"

"අනෙ නෑ මට එහෙම මගුලක් වෙන්නේ නෑ උභ තමා මුලින් ආපු කණට වඩා වෙනින් ආපු අඟක් ලොකු කරගත්තෙ"

"දැන් උභ කියන්නේ මට සෙනුව උභලට වඩා ලොකුයි කියලද, අනෙ මේ එහෙම එකක් නෑ භන්"

"මේ රොෂෙල් මන් යනවා"

"යෝ මිෂෙල්"

මිෂෙල් එතනින් ගියේ ම්න් එයාව ගණන් ගත්තෙ නෑ කියලා හිතාගෙන නම් ඒක වැරදි ඒ මගේ යාලුවා මොනා වුණත්, එතනින් පස්සෙ වෙච්ච දේ මාව අද මේ ඉන්න තත්වෙට පත්කරන්න ඇති,

"ඒ මෙතු මිෂෙල් ගියපුදෙන්"

"ඇයි බන් ඒකිට ඉස්සර වගේ මාව තේරුම් ගන්න බැරි, එයා දන්නව මට එයා තරම් ලොකු වෙන එකියක් වත් නෑ කියලා"

"මට උඹ එක්ක ඒ ගැන කතා කරන්න ඕනි,..."

"මොකක්ද බන් කියපම්"

"මට අපේ අක්කව තේරෙනවා බන් උඹවත් තේරෙනවා... මේක මෙහෙමයි කියල මට විෂවාස නෑ බන් හැබැයි මට හිතෙනවා.."

"මොකක්ද බන් කියපම්"

"උභ මෙච්චර කල් අපේ අක්කිට මාර අට්ටේන්ෂන් එකක් දුන්නනේ කොටින්ම කිවුවොත් සමහර උන් හිතුවෙ අපේ අක්කා උභේ කෙල්ල කියලනේ... ඒත් දැන් උභට කෙල්ලෙක් ඉන්නව උභ එයා ගැන හොයනවා..

.. එයා එනකන් ඉන්නවා හිතෙන්නේ නැද්ද අපේ එකීට ඉරිසියයි කියලා."

රොෂෙල් මොනා කිව්වත් මිෂෙල්ට ඉරිසියා කරන්න තරම් හේතුවක් නෑ කියලා ම්න් වගේම එයත් දැනගෙන හිටියා,

මන් දන්නෙ නෑ මිෂෙල් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා, ඒත් ඒක ඉරිසියාවක් නෙමෙ.

"මෙතු..."

"ඔවු බන්.. කියහන් "

"කිව්වා කියලා තරහා වෙන්න එපා.... ඇත්තටම බන්.. අපේ අක්කා උඹට කැමැත්තෙන් හිටියෙ"

බිම බලන් හිටිය මම ගැස්සිලා රොෂෙල් ගෙ මූණ බැලුවේ, මොකක්ද ඒ කිව්ව කුණුහර්පේ කියලා අහන්න වගේ... උගෙ මූණ බැලුවාම මට ඒක කුණුහර්පෙකටත් වඩා ලොකු දෙයක් කියලා තෙරුණා,

රොෂෙල් ගෙ මුණේ විහිළු වක් තියා විහිළුවක ලකුණක් වත් නෑ මට පිළිගන්නම වෙනවා මගේ යාළුවා ඒක ඇත්තටම කිව්වේ කියලා,

"පිස්සුද උභට"

ම්න් ඒක ඇහුව විදියවත් මට මතක නෑ ම්න් උගෙ ඇස් දිහා බලන්න නැතුව ඇති මොකද ම්න් ඒ තරම් ශොක් වෙලා හිටියෙ,

"ම්න් යනවා බන්.."

රොෂෙල් එතනින් ගියේ මාව බාගෙට පිස්සු වට්ටලා , ඌට සමහරවිට තවත් කතාකරන්න වචන නැතුව ඇති,

"අක්කි...."

සෙනු, ඔවු රොෂෙල් එතනින් ගිය ටිකට සෙනූ එතනට ඇවිත්,

"ඇයි"

"ඇයි අහන්නෙ ම්න් කියන දේ අහන්නකෝ... අද මාර වැඩක් නෙ උණේ , ආහ් මේ ඒකට කලින් අහන්න ගියේ කොයි මිෂෙල් අක්කි අද ආවට මට කතා කරන්නවත් ඉදලා නෑ, හුම්"

"එයා ගියා"

"කොහේද අනෙ එයා ගියේ , ඇයි එයා ගියේ අපරාදෙ මට එයාට කියන්න දේකුත් තියෙනවා...

ඇයි එයාට යන්න දුන්නේ .. ආහ් ඇයි යන්න දුන්නේ ... හුම්"

සෙනු මගේ උරහිස් වලට ඇන ඇන මිෂෙල් ගැන අහද්දි මට මල පැන්නා,

"මොන මගුලක්ද ඕයි ම්න් කොහොමද දන්නෙ ඒකි ගිය තැන, ගිහිං හොයාගනින්කෝ, වදයක් වෙන්නේ නැතුව.."

සෙනු එයාගෙ බෝල ඇස් ලොකු කරන් මගේ දිහා බලන් හිටියා ඒ බලන් ඉද්දී කෙල්ලගේ ඇස් දෙකෙන් කදුලු වාන් දන්න පටන් ගත්තා, එයා අහක බලාගෙන හිමීට කිව්වේ ම්න් එහෙනම් යන්නම් කියලා

යන්න යන එයාව අතින් අල්ලලා අනෙ මැණික සොරි හිතලා නෙමෙ කිව්වේ කියලා කියන්න තරම් හොද මානසිකත්වයක නෙමෙ මම හිටියේ,

...............

එදා එක හමාරේ බෙල් එක වැදුණේ ඕනාවට එපාවට , ම්න් රොෂෙල් දිහා බැලුවා , මට පොඩි හිනාවක් දාපු ඌ බැග් එක අස් කරගනිම් කියලා හීනියට කිව්වා....

එදා ලාවට පොද වැටෙන දවසක් මම බැග් එකත් කරේ එල්ලගෙන තෙමි තෙමිම ඇවිත් car එකට ගොඩ වුණා, car එකේ ෂටර් එකට ඔලුව ගහගත්ත මට මගේ හිත දොස් කියන්න පටන් ගත්තා,

මන් හොදටම දැනන් හිටියා මිෂෙල් මට කැමැති කියලා, ඔවු සත්තකින්ම මට ඒක තේරුණා ඒත් දෙයියන්ගේ නාමේට මට හිතුණේ නෑ එකි මට ඇත්තටම ආදරේ ඇති කියලා, ඔවු මන් වැරදි මන් දැන දැනම ඒකිව රිද්දුවා, මන් මහා පව්කාරයෙක් ඒ කෙල්ල අහිංසකයි මන් කියන්නේ කෙල්ලො දෙන්නම අහිංසකයි,

මිෂෙල් විතරක් නෙමෙ සෙනුත්,

මම එදා ගෙදර ගිහිං රොෂෙල් ට මෙසේජ් එකක් දැම්මේ ඔලුව ටිකක් නිදහස් කරගන්න වුණත් අද හවස උන් එළියට යනවා කියපු හින්දා මන් මුකුත් ඌට කියන්න ගියේ නෑ.

•••••••••••••

මචන්, පොඩි ප්‍රශ්ණයක් වුණා

මොකක්ද ඔයි....

හවස අපෙ කාර් එක ඇක්සිඩන්ට්

වුණා.....

අවුලක් නෑනේ බන්...

නෑ බන් අක්කිට අමාරුයි...

i. c. u දැම්මාලු

..................

-------------------------

මන් අම්මිලටත් කියලා කලම්බො වල ආසිරි හොස්පිටල් එකට ආවා.....

ඒ එද්දී ආවෙ කකුල් ඇද ඇද කියලා මට හොදට මතකයි....

මන් ඇවිත් රොෂෙල් ගෙ වෝඩ් එකට ගියා..

ලොකුවට එයාට තුවාලයක් වෙලා තිබුණෙ නැති වුණත් එයා හිටියේත් අමාරුවෙන්..

මිෂෙල් ව බලපු ඩොක්ටර් මිෂෙල් ලගේ අම්මිලාට මොනාදෝ කියද්දි ඒ ආන්ටි අන්ක්ල්ව බදාගෙන අඬන්න ගත්ත එක මන් දැක්කා ......

මිෂෙල් ට සජරි එකක් කරන්න එදාම රෑ ගත්තා, මන් හිතන්නෙ එක පැය 6 කටත් වැඩි එච්චර වෙලා මාව හොස්පිටල් එකේ තියන්න අපෙ අම්මිලා කැමැති වෙලා නෑ ඒ නිසා මන් උදෙ වෙනකං මගේ ඇද උඩ හිටියෙ නින්දක් නැතුව.....

උදෙ හොස්පිටල් එකට ගිය මට අහන්න ලැබුණේ මට හොරෙන් මට ආදරේ කරපු ඒ ලස්සන හිත දැනටමත් මේ ලෝකේ දාලා ගිහිං ඉවරයි කියලා

ම්න් හිතන්නෙ මට ඒ දවස දරගන්න බැරි උණා ම්න් දන්නෙ නෑ ම්න් අඩපු විදියට ම්න් කොහොමද ජීවත් උණේ කියලවත්...

හැමදේම වෙනස් උණ වේගේ වැඩි ඔවු ඒ වේගේ හොදටම වැඩි ........

මම ෆියුනරල් එකේදී එක වචනයක් කතා කරල තිබුණෙ නෑ එදා වෙනකං මන් අඩුම තරමේ කාලවත් ඉදලා නෑ....

එදා මට රොෂෙල් පොඩි ඩයරි එකක් තිබ්බා ඒක ඇතුලේ පොඩි කොළ කෑල්ලක් අමුණලා තිබුණා මම ඒ ක අතට අරගෙන රොෂෙල් දිහා බැලුවත් එයා එතනින් ගියේ ඒ මොකක්ද කියලවත් නොකියායි........

මට ගෙදර ඇවිල්ලත් ඒ ඩයරි එක කියවන්න බැරි වුණා ඒත් හරියටම මිෂෙල් ගෙ ෆියුනරල් එකට සති දෙකකට විතර පස්සෙ මට ඒ ඩයරි එක කියවන්න උවමනාවක් ආවා,

ඒක ඇතුලේ තිබ්බ පොඩි කොළ කෑල්ල මගේ ඇගිලි තුඩු අස්සෙ හිර වුණා.

-----------------------------------------------------

මෙතු...,

මන් දන්නෙ නෑ ඔයා මගේත් එක්ක තරහා වෙයිද යාලු වෙයිද කියලා, ඒත් මැණික රොෂෙල් මේ උදෙ කියලා තිබ්බ දේ ඇත්ත, ඔවු මන් ඔයාට ආදරේ කරා ඔයා සෙනුට ආදරේ  දැන දැනම මන් ඔයාට ආදරේ කලා,

මන් වැරැදීද මෙතු ,

ඔයා සෙනුට කැමැති කියලා ඉස්සල්ලාම මට කියද්දි මට මැරෙන්න හිතුණා මෙතු ඒත් ඔයා එයාට ආදරේ නිසාම මන් මුකුත් ඔයාට කිව්වේ නෑ....

ඔයාට සෙනු ගොඩක් ආදරේ කියන එක ඔයා දන්නවනෙ මෙතු ඒ වගේම මතක තියාගන්න මේ මිෂේලුත් ඒ වගේම ඔයාට ආදරෙයි කියලා ,

මන් ඔයාට වදයක් වෙන්නේ නෑ මෙතු මන් හැමදාම ඔයාගෙ හොදම යාලුවා විදියට ලගින් ඉන්නම් .....මන් පොරොන්දු වෙනවා ඔය දෙන්නගෙ මැද්දට එන්නෙ නෑ කියලා.

මන් දන්නව මන් වැරදි කියලා වෙන කෙනෙක්ට අයිති හිතකට බලෙන් ආදරේ කරන මම වැරදි කියලා මන් දන්නවා......

මෙක දැක්කාට පස්සෙ මාව තේරුම් අරන් ඔයා කතා කරයි කියලා හිතනවා.........

මීට,

මිෂෙල්

----------------------

නෑ මැණික උභ වැරදි නෑ උභ මට ආදරේ බව දැන දැන උඹට ගින්දර දීපු මමයි වැරදි , මෙක දැක්කට පස්සෙ කතා කරන්න කියල ලියාපු උභ කොහේද මැණික ගියේ මන් කාට මෙවා කියන්නද මිෂෙල් .....

මන් කෑ ගහල ඇඬුවා ඇස් දෙක දිය වෙනකං ඇඬුවා .... ඒත් මන් දන්නවා කදුලු වලට මේ කිසි දෙයක් හරි ගස්සන්න බෑ කියලා....

එයා ලියුම ලියලා තිබ්බෙ එදා හවස වෙන්න ඇති, මට ඒක දැකලා රොෂෙල් එක්ක කතා කරන්නවත් හිත හදාගන්න බැරි වෙච්ච කොට අපෙ අම්මිලා මාව සයිකොළොජික් කෙනෙක්ට පෙන්නුවා..

ඔවු මට ඩිප්‍රේෂන් වලට බෙහෙත් හම්බුනා....

මට රිකවර් වෙන්න මාස ගාණක් යන්න ඇති එතකන් අපි හිටියෙ රටින් පිට .....

හැමදේම හරි ගියාට පස්සෙ මන් ආයෙ මෙහෙ ආවෙ .... ඉට පස්සෙ තමයි මට උභව හම්භුනෙ....

______________________________________

ඔන්න update දුන්නා 🙂 දැන් ඉතිං ලයික් එකක්වත් හලං පලයවු..........