Chapter 16 of 20

chapter 16 ♥️

are u lesbian?534 words~3 min read

"එහෙම ප්‍රශ්නයක් නෑ පැටියෝ මන් ඒකට කැමති."

මෙතු ලැජ්ජාවක් නැතුව කියපු දේත් එක්ක සෙනුගේ ඇස් දෙක නලලින් නැවතිච්ච එක ලොකු දෙයක් කොහොම වුණත් තව මොහොතක් මෙතු එක්ක කතා කරන්න තරම් ශක්තියක් නැති නිසා වෙන්න පුළුවන්.

මෙතුගෙන් එහාට දුවන රතු වෙච්ච ජම්බු ගෙඩිය දිහා මෙතු බැලුවේ ආදරෙන්,

"ම්න් කියපු දේට ඔයා මගේත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ, ඒත් මැණික ඔයාගෙ හුරතලේ දිහා මට තවත් බලන් ඉන්න බෑ, මට පිස්සු හැදෙනවා සත්තයි"

මෙතුගෙන් එහාට දිව්ව සෙනු නැවතුණේ ඉස්කෝලෙ තිබ්බ නිදහස් වගේම ලස්සනම තැනක් වෙච්ච සල් ගහ යට, සල් ගහ තිබ්බෙ බුදු මැදුර එක්ක නිසා ඒ හරිය තවත් සන්සුන් වුණා.

සෙනුගේ කකුල් වලට පෑගෙන වැලි පොලවෙ සද්දෙ විතරක් එයාට ඇහුණේ ඒ හරියේ ක්ලාසස් අඩු නිසා.

" එයාට පිස්සු ............ආර්ර්....මොකෙක්ද  වගේ කිව්ව හැටි, එයා එහෙම කිව්වේ විහිළුවටද දන්නෙ නෑ , එයා කොහොමත් එහෙමනේ , ඒත් අනෙ එයා විහිළු කරන්නේ නෑනෙ ........... "

"එයා මට කැමතිද දන්නෙ නෑ"

"පිස්සුද සෙනු ඔයාට, එයා ඔයාට

කැමැති වෙයිද"

"ඒත් ම්න් එයාට කැමති උනානේ,"

"ඒ ඔයානේ, එයා ඔයාට වඩා

වෙනස් සෙනු"

"අනෙ මට පිස්සු"

විනාඩි ගාණක් හිතත් එක්ක කරපු සංවාදේ සෙනු නවැත්තුවේ එයාට පිස්සු කියන එක පිළිගන්න ගමනුයි 🙂💔

methu pov........

ආයිෂ් දැන් ඉන්ටවල් එකත් ඉවරයි තවම අර මැට්ටිව දැක්කේ නෑනෙ,

පාලුයිත් වගේ.......

ඒත් අද උදෙ ම්න් කියපු එකත් එක්ක එයා මට ආය කැමැති වෙයිද , අපරාදෙ එහෙම කිව්වේ හැබැයි .....

author pov......

මිෂෙල් රොෂෙල් දෙන්නටත් තේරිලා තිබ්බෙ මෙතු ඉන්නෙ කලබල වෙලා කියලා,

අහුවත් මුකුත් නෑ කියල කියන නිසාමද කොහේද රොෂෙල් ඒ ගැන අහන්න ගියේ නෑ. ඒත් මිෂෙල් වැඩෙ අතාරීද සහෝදර වරුණි.... ඔවු කොහෙත්ම නෑ,

" ඔයි මේ තමුසෙ මොනාද ඔච්චර කල්පනා කරන්නෙ, බදින එකා එක්ක හදන දරුවො ගානද?, මොනාද යකෝ වෙලා තියෙන්නේ , මේ අහපම් මෙතු මට කොලේ වහන්න නම් හිතන්නවත් එපා උභ"

"මොකෝ මිෂෙල් මේ , ම්න් ඔයාට කවද්ද කොලේ වැහුවේ, අනික මගේ මැණිකට ම්න් හැරෙද්දී කියන්න පුළුවන් නෙ "

මෙතු පුරුදු පරිදි ගාණ බටර් පාරට මිෂෙල් සෛලන්ට් වුණත් එයා දන්නව මෙතු මොකක් හරි දේක හිර වෙලා ඉන්නෙ කියලා,

__________________________________

කල්පනා ලෝකේ හිටපු මෙතු ගැස්සිලා ගියේ ඩෝ බෙල් එකට,

' මොකාද යකෝ ඩො බෙල් එකේ එල්ලිලා ඉන්න පරයා'

මෙතු බෙල් කරන එකාගේ අම්ම අප්පා සිහිකරන ගමන් ගිහිං දොර ඇරියා...

"සප්රඉස්ස්ස්ස්ස්ස් ම්න් ආවා."

"අපෝ උභද අජූත පජාති මිත්‍රයා"

"ඇයි යකෝ ම්න් තමා"

"හ්ම් හ්ම් වරෙන් ඇතුලට යමන් "

"ඇයි ආන්ටි ලා නැද්ද"

" නෑ"

"ඇයි එයාලා කොහේද ගියේ "

"දන්නෙ නෑ"

"ඈ යකෝ ති දන්නෙ නත්නම් මමද දන්නෙ "

"ම්ම්ම්"

"ඇයි මෙතු මේ"

"මට බෑ"

"බෑ කිව්වේ"

" බෑ බැරි නිසා"

" ඒ කියන්නේ "

" මට බෑ බන් ම්න් අවුරුදු ගාණක් අමාරුවෙන් හිත හදාගත්තෙ , මට බෑ ම්න් හුස්ම ගන්නව කියන එකත් මට අමතක වෙනවා , අනෙ මට බෑ එයාව ආයෙ පාරක් දාලා යන්න මට පිස්සු හැදෙයි ..........."

දෙකුපුල් කඩාගෙන වැටෙන කඳුලු ඔක්කම විදු ගෙ උරහිස උඩ දිය කරන ගමන් මෙතු එයාගෙ අතීත කතාව සම්පූර්ණ කරන්න පටන් ගත්තා.

__________________________

ම්න් හිතුවා වගේම එයත් මට ආදරේ කරලා තිබුණා. මට එතකොට 13ක් එයාට තාම 12ඉ එක අසම්මතයක් ඒත් මන් ආදරෙයිනෙ.

ස්කූල් එකට හොරෙන් මායි එයයි මගේ යාලුවො දෙන්නයි එයාගෙ යාලුවයි විතරක් දන්න අපෙ ආදර කතාව සාමන්‍ය විදියට ගෙවිලා ගියත් එක පාරටම ඒ ආදර කතාවට දූෂ්ඨයා උණේ මගේ හොදම යාලුවා......

_______________________

වැඩිපුර දෙන්න හිටියෙ කොහේද හැහැ කම්මැලි නෙ

ChathushWeerarathne

කතාවට හරි හමන් අවසානයක් දෙන්නම් සගෝර් 💀

එහෙම දෙන්න නම් අනන්

මනන් වානා මට වෝට් තමා ඕනා 🙂

යන්නම් 🙂💔💀