Back
/ 41
Chapter 37

තිස් හයවෙනි කොටස

No more | Ongoing

" ම්හ්ම්..."

" ඇහැරුනාද ආයු ගුඩ් මෝනින් මං ඇහැරවන්න කියල ආවෙ "

"........."

" එන්නකො මං උදේට කන්න කෑම ලෑස්ති කළා... අනිත් ඒව ඔයත් ඇවිත් බලන්නකෝ....වොශ් දාගෙන  පහලට එන්න හොදද"

මේ ගෙවුන සතියටම මෙලී හැමදාම කෑමත් හදන් උදේ දවල් රෑ අපේ ගෙදර ආවා වෙද්දි මෙහේම ඉන්න ඕන කිව්වත් මට තනියෙම ඉන්න ඕනි කිව්ව නිසයි කෙල්ල අල්ලපු වැටේ උනත් ගෙදරට  අකමැත්තෙන් ම ගියේ......

අදත් ඇවිත් වෙනස වෙනදට වඩා පාන්දර ඇවිත්... මගෙ වචනයක් ලැබෙන්නෙ නෑ කියල දැනගෙනම එයා කතා කරල එළියට යද්දි මං වොශ් එකක් දාගන්න වොශෲම් එකට ගියා....

අද තාත්තගෙ දානෙ ඉතිං පන්සල් යන්න ඕන... වෙන මොකුත් නෑ......තාත්ත වෙනුවෙන් දානෙත් හදාගෙන පන්සලට යනවා....

දැන් වෙලාව පාන්දර හතරයි දහයයි... මං ඇහැරුනේ එලාර්ම් එකට....

වොශ් එකත් දාගෙන මං පහල කිචන් එකට ගියා.....

"ම්..මේ ආයු "

මෙලී කතා කරද්දි මං ඔලුව උස්සල එයා දිහා බැලුවා..

" අද තෙරපිස්ට් හම්බෙන්න තියෙය් "

මං යන්තම් ඔලුව වැනුවා.... ඌව හම්බෙලා මොනව කරන්නද..... කලින් වගේ මේ සතියෙම දවස් තුනක් ම මං චිත්‍රයක් අදිනව ඉන්නව..

එකාතකට ඔලුවට නිදහස් ඒක....

ට්‍රීට්මන්ට්වලට ඩිප්‍රෙශන් කියල බෙහෙත් බොන එකයි ඔලුව පුපුරන්න වගේ එද්දි පේන් කිලර්ස් ගන්න එකයි තමයි මේ සතියෙම මං කලේ...

උයන්න අරන් විනාඩි පහක් ගියේ නෑ ආන්ටියි චූටි නැන්දයි ආවා වෙද්දි කට්ටිය එක්කම උයාගෙන  පන්සලට යන්න පික් මී එකකට නැග්ගා.....

එයාලත් මේ දවස් ටිකේම මෙලීගෙ ගෙදර තමයි නැවතුනේ....

මං දන්නව මං වැරදියි කියන්න ඒත් ඒ කාවවත් මෙහේ නවතින්න මට ඕන උනේ නෑ.....මාමව දකිද්දි මට බෙල්ල මිරිකන්න තරම් එන තරහව පාලනේ කරගන්න එක අමාරු උනොත්...

කණ්ණාඩියෙන් උනත් මාව දකිද්දි මට හිතෙන්නෙම ඒ කණ්ණාඩිය ඉන්න එකාගෙ හුස්ම හිරකරන් ඉන්න... මගේ පපුව ගැහෙන සද්දෙ දැනෙන හැම වෙලාවෙම ඒක අතට අරගන්න එන උවමනාව කොච්චරක්ද කිව්වොත් මට මාවම පාලනය කරගන්න බෑ......

ඒත් ඔය මූන ඔය උනුහුම මතක් වෙද්දි ඔයා නිසා වැටෙන හුස්ම නවත්තගන්න කියන හයිය කොහේදෝ අතුරුදහන් වෙලා යනවා තාත්තා....

ඔයාව ඕන..මට..... දන්නවද ඔයා... මට රිදෙනවා කියන්න ගොඩාක් රිදෙනවා කියන්න.... හැමදාම වගේ මට ඕන ඔයාගෙ උණුහුම අවුරුද්දක් විතරක් ඇති තරමට දීලා මෙහෙම අතෑරලා ගියේ කොහොමද තාත්තෙ..... හරියට කරකවල ඇතෑරල ඔලුව උස්සගන්නවත් බැරි වෙන්නම අතරමං කරලා දාලා ගියේ කොහොමද ඔයා.....

මං හිටියෙ පන්සලේ බෝධිය ඉස්සරහ ඉදගෙන.... දැනුන සැහැල්ලුවටම සතියක් තිස්සෙ ඇස්වල හිරවුන කදුලු කම්මුල් දිගේම පල්ලන් බහිද්දි මං ඒව පිහින්නවත් උත්සාහ කලේ නෑ......

මෙලී චූටි එක්ක හාමුදුරුවෝ වැඩමවන් එන්න කියල ගියාවෙද්දි..... නැන්දයි ආන්ටියි දාන ශාලාව ඇතුලෙ...මෙලී ඇරෙන්න ඒ කවුරුත් මං එක්ක කතා කලේ නෑ...... සමහර විට කතා කරන්න දුන්නෙ නෑ....

අපි ට පස්සෙ මං දැක්ක මාමාත් ආවා කියන්න මෙලීගෙ තාත්ත එක්කම....ඒ වගේම දැන් මං මෙතනට ආව වෙලේ ඉදන් මං දිහා බලන් ඉන්න මනුස්සයවත් .....

මං දන්නව තමුසෙට හේතු ඇති... තමුසෙගෙ වැරැද්දකුත් නැතුව ඇති..... ඒත් තමුසෙ මාව අතෑරල තිබ්බෙ මට තමුසෙ ව ඕනම උන වෙලාවෙදි කියන එක මට අමතක කරන්න බෑ... ඒත් මෙතන එයාගෙ කිසිම වැරැද්දක් නෑ... මං තමයි හරකෙක් වගේ දැන දැනම රට පටලන් ඉන්නෙ.... ම්හ්ම්.....

ලොකු හුස්මක් අරන් පහලට දාලා

මං නැගිටලා ඒ පැත්තට බෙල්ල හැරෙව්ව

ඒ ඇස් ලොකු උනා.. හරියට බලාපොරොත්තු උනේ නෑ වගේ... මං හිනාවුනා..... මං හිතලමද නැද්ද දන්නෙ නෑ... ඒත් ඒ හිනාව හරි ආගන්තුකයි කියන්න මට තේරුනා

ඒ  පුදුමෙන් වගේ ලොකු උන ඇස් මැලවිලා යනව මං දැක්කා..... මං ඒ ලගටම ගියා අදුරන්නෙ නැති මනුස්සයෙක් එක්ක හිනාවෙනව වගේ ආයෙම හිනාවෙලා මං දාන ශාලාව ඇතුලට යන්න ගියේ..... ඒත්

"මෙහෙම කරන්...න එ..පා මාවි.."

මගේ අතින් අල්ලන් කොල්ල ඇහෙන නෑහෙන ගානට කියද්දි ඒ එක්කම මං ඒ අත ගසල වගේ ඇදගෙන නෑහුන ගානටම ආපහු හැරෙන්නෙවත් නැතුව ඇතුලට ගියා.....

විනුද් කැම්පස් පාස්වෙලා තියෙද්දි..... එයා මෙහේ එපාර්ට්මන්ට් එකක නැවතිලා...නැන්දල ඇවිත් කිව්වෙ....

අන්තිමට ඔලුවත් අතගාල නැන්දයි මාමයි ගමේ ගියා වෙද්දි මේ සතියෙම වගේ අදත් මෙලී ආවෙ මට කතා කරන්න......

" ආයු... එකපාරක් මං කියන දේ අහන් ඉන්නවද යන්නෙ නැතුව.....ප්ලීස්"

"......."

ඒ කිසිම වෙලාවක ඒක අහන්න උවමනාවක් නැති නිසා හරි මෙතන විනුද් අතේ වැරැද්දක් නැති උනොත් අනුකම්පාවක් ඇති වෙයිදෝ කියල හරි නැත්තන් මං ආයෙමත් වැරදිකාරයෙක් වෙයිදෝ කියල හරි මං ඒක මගෑරියා...

කාමරේට ගිහින් දොර ලොක් කලාම ආයෙ කොහොමත් මෙලී එතනින් යනවා....මං දන්නව මං මෙලීට මෙහෙම කරන එක කොච්චර වැරදිද කියන්න එහෙම හිතුන තත්පරේ මං කෙල්ලව හොයාගෙන ගිහින් ඒ පපුවට තුරුල් වෙනවා... වෙලාවකට පුදුමයි ඒ දරාගැනිල්ල ගැන... කෙල්ලෙක් වෙලත්....

අදත් කෙල්ල කතා කරන්න හදද්දි මට ඕන උනේ කාමරේට යන්න... මගේ නෙවෙයි තාත්තගෙ... මං ඉන්නෙ ඒකෙ.. මගේ තාත්තගෙ මතක එයාගෙ සුවඳ එයාගෙ කඳුලු වේදනාව හැමදේම පිරුන කාමරයක් ඒක..ඒකපාර්ශ්වික ආදරේ මිස එයා වෙනුවෙන් ලැබුන ආදරයක්  ඇරෙන්න......

මීට දවස් හයකට කලින් මළගෙදර වැඩ ඉවර උනායින් පස්සෙ මං කාමරේට ආව වෙද්දි විනුද්තුත් ඒ එක්කම ආවා..... ඇවිත් කාමරේ දොරත් ලොක් කරන් කතා කරන්න ඕන කිව්ව..... එයාට කතා කරන්න දෙන්න කිව්වා...

ඒත්...

" මෙතනින් පලයන් මං වැදල කියන්නම්.... විනුද්... ප්ලීස් තමුසෙ හරි උනත් වැරදි උනත් මට කමක් නෑ..මං මුකුත්ම කියන්නෑ.... තරහක් ඇත්තෙත් නෑ...... අර ගෑණුලමයා ඔයාගෙ දරුවා ඒ අය එක්කවත් මට කිසිම තරක් නෑ...... ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්න..... මාත් මනුස්ස..යෙක් විනු..ද්......."

"...ශ්..අහන්න "

හිතේ පීඩනේටම මං කියවන් යද්දි අන්තිමට කටහඩත් බිදිලා ගියේ ඉකියකුත් පිටවෙද්දි.... ඒ එක්කම විනුද් මාව ඇදල අරන් තුරුල් කරගත්තෙ...... කොච්චර එපා කිව්වත් අනේ ඒ රස්නෙ පපුවට මට ලෝභ හිතෙද්දි...... ඒත් දෙයියනේ මේ තාත්තෙක් චූටි දරු පැටියෙක්ගෙ තාත්තෙක් මෙහෙම කොහොමද කියල හිතෙද්දි මං එහාට උනේ කරන්ට් එක වැදුන වගේ විනුද්ව තල්ලු කරගෙන.......

" ප්ලීස් ය..නවා..... මා..ත්..මමත්..මනු..ස්සයෙක්..මටත් රිදෙන..වා... "

" කාම් ඩවුන් මැණික ඔයා හිතන්-"

"ඩියන්!!  මේ මනුස්සයව මගේ කාමරෙන්... අයින් කරන්..න.."

කතා කරගන්නවත් බැරුව කටහඩ බිදෙද්දි විනුද් ආයෙම ඇවිත් මගේ මූන අත් දෙකට අරන් කතා කරන්න ගද්දි ඒ ඇස්වල පිරුන කදුලු දිහා බලාගෙනම මං ගාඩ්ට කෑ ගහල කතා කලා...

එහෙම ම විනුද්වත් තල්ලු කරන් මං වොශෲම් එකට ගියා.... ඒත් පැයෙන් පැයට විනුද් ආවත් මං මගෑරල බැරිම තැන ගේට් පවා ලොක් කලේ මූ තාප්පෙන් පැනල ඇතුලට එද්දි.... ඒත් මං දොර ඇරියෙවත් නෑ...... මං මෝඩයිද  කියලත් නොහිතුනා නෙවෙයි... මොන බොළද වැඩක්ද මේ කියල නොහිතුනත් නෙවෙයි ...... ඒත් මටත් වඩා විනුද් බොළදයි වගේ  පෙනුනා ඒ කරන වැඩවලින්.....

මේ සතියටම එළියට බැස්සෙ අද මම...

ඒත් විනුද්ට නෙවෙයි මෙලීටවත් මං කතා කරන්න අවස්තාවක් දුන්නෙ නෑ....

මට අහන්න ඕන උනේ නෑ..... තාමත් හිත කියන්නෙ අර දරුව විනුද්ගෙ නෙවෙයි කියල වෙද්දි ඒක බොරුවක්ම වෙයිදෝ කියන දේත් මාව නැවත්තුවා.....

එයා තාම චූටි කොල්ලෙක් කොහොමද පවුලක වගකීමක්... තාත්තෙක්ගෙ වගකීමක් ගන්නෙ කියල හිතෙද්දි...

ඊටත් වඩා 'උබ මොකටද ඕක හිත හිත වළලාන්න හදන්නෙ... උබ වගකීම ගන්න හිතන්ද... අනේ මේ කනවනම් කාල නිදාගනිම් හුත්ත' කියල හිත කෑගහල කියන නිසයි මං පැත්තකටම වෙන්න හැදුවෙ ඒත් කොහෙද ....

ඉතින් ඔන්නොහෙ තවත් මට නැතිවෙන්න දේකුත් නැති එකේ ඔච්චරටම කියන්න හදන දේ මෙලීට කියන්න කියල මං කාමරේට ගිහින් ඇදෙන් වාඩි උනා.......

ලොකූ කතාවක් කියන්න වගේ මගේ අත් දෙකත් අල්ලන් උකුල උඩට අරන් ලොකූ හුස්මකුත් පහල දාල කෙල්ල කතා කරන්න ගත්තා.......

" මුලින්ම මං දිහා බලන්න... මේ ඇස් මෙහෙම හිස් වෙලා තියෙද්දි මට රිදෙන තරම මෙච්චර යි කියන්න බෑ ආයු.....

උබේ හිනාවට මං කොච්චර නම් ලෝභයිද කියන්න මං දන්නෑ ඉතින් ඒක නැතිවෙලා යන්න මං කොහොමත් ඉඩදෙන්නෑ.....

".........."

" ම්හ්ම්......විනුද් ව මට මුලින්ම හම්බුනේ අපි ඒලෙවල් කරද්දි....."

🤍<3

____________________________________________________________

_________________________________________________________________________________________________

ආයෙ කාලෙකින් පස්සෙ එන්නාම්...❤️

මේක මේ ඉක්මනට ටයිප් කරපු නිසා අඩුපාඩු ඇති අනික කම්මැලි එපියක් 🥲

Share This Chapter