Back
/ 41
Chapter 29

විසි අටවෙනි කොටස

No more | Ongoing

මං හිටියෙ තාත්තගෙ බෙඩ් එක ලග බිම වාඩි වෙලා කැනියුලාවක් ගහපු අත යන්තමට බදාගෙන බෙඩ් එක උඩින්ම ඔලුව තියාගෙන....

ඔලුව නිකන් කම්මලක් වගේ වෙලා තිබුනෙ.... ඊයෙ රෑ මෙලී කියපු දේවල්, එතකොට තාත්තගෙ කතාව කල්පනා වෙද්දි මට පිස්සු වගේ.... ඒක නිකන් නූල් බෝලයක් ලිහුවා වගේ හෙනම පැටලිලි සහගත්තයි...... ඊටත් වඩා මට මං ගැනම දැනුනෙ කලකිරීමක්.. මේ සමාජෙ ගැනත් ......

ඊයෙ රෑම තාත්තට සිහිය ආව වෙද්දි කලින් හොස්පිට්ල් ගෙනාපු වෙලේ වගේම එවෙලෙ ත් තාත්ත මුලින්ම ඇහුවෙ මං ගැන වෙද්දි අයිසීයූ එකෙන් තාත්තව නෝර්මල් රූම් එකකට මාරු කලත් හරි මං තාම මෙතන ....

ඊයෙ එයා එක දිගට කියෙව්වා.... පස්සෙ බෙහෙත්වලටම නින්දගියේ පොඩි එකෙක් වගේ දහස්වාරයක් විතර සමාව ඉල්ලල එයාව දාල යන්නෙපා කියල ......

.

.

.

.

".... අ...අයුල්.. මගෙ පුතේ....... උ..බ ආවද රත්..තරන්...ම.."

"ශ්.... තාත්තෙ දැන් ඔයා රෙස්ට් කරන්නකෝ අපි හෙට කතා කරමු හරිද... මං ඔයාගෙ ලගම ඉන්නවනෙ"

මං එයාගෙ අතක් අල්ලන් කියද්දි එයා නෑ කියන්න ඔලුව දෙපැත්තට හෙල්ලුවා..... එහෙම ම නැගිටින්න හදද්දි මං එයාට හෙඩ්බෝඩ් එකට හාන්සි වෙන්න කොට්ට තියල හදල හාන්සි කලා...

"මට දැන්ම කියන්න ඕන... පුලුවන් නම්...පු..ලුවන් නම් තාත්..තට සමාව දීපන් පුතේ"

"......."

ලොකූ හුස්මක් පහල දාල මගේ අත අත් දෙකෙන්ම තද කරන් ඒ පපුවට තියාගෙන තාත්ත කතා කරන්න ගද්දි මාත් ඒ ඇදෙන් වාඩි වෙලා එයාට කතා කරන්න දුන්නෙ ඒකෙන් එයාගෙ හිතට නිදහසක් දැනේවි කියල හිතාගෙන...

" මගේ පලවෙනි ආදරේ උබලගෙ අම්ම නෙවෙයි පුතේ... සමහර විට අන්තිම ආදරෙත්...... මං කැම්පස් යද්දි මට හොදම යාලුවෙක් හිටියා.... ඌ මාව බලාගත්තෙ තාත්ත කෙනෙක් දරුවෙක් බලාගන්නව වගේ..... මං හරි හිතුවක්කරයි ඒ දවස්වල... ඉතින් ඌ මගේ පස්සෙන්මයි ...  මං මොන මගුල කරත් ඌ හැමදාම මං එක්කම හිටියා හරියට මාව පරිස්සම් කලා.... තාත්තෙක් දරුවෙක්ට කරනව වගේ යාලුවෙක් හොදම යාලුවෙක්ට කරනව වගේ නැත්තන් සහෝදරයෙක් සහෝදරයෙක් ට කරනව වගේ ඌ මට පුදුම තරම් ආදරේ කලා......

ඒත් මං ....... ටිකෙන් ටික මට ඌව ඒ එක විදිහකටවත් පෙනුනෙ නෑ පුතේ....

මගේ හිතත් හරි මුරණ්ඩුයි... කොච්චර එහෙම නෙවෙයි කියල වලදාන්න හැදුවත් ඒ හැගීම හැමදාම වැඩි උනා මිස අඩු උනේ නෑ....

අනිත් හැම එකා ඉස්සරහ ම යකෙක් වගේ හිටපු මං ඌ ගාවදි පොඩි එකෙක් වෙන්න ගත්තා.... උගේ අස්සෙම ඉදන්  බොලද මනුස්සයෙක් වෙන්න අරන් තිබුනා....

ඌත් හැමදාම කලේ මාව හුරතල් කරපු එක මුලින් ඌට එෆෙයා එකක්  තිබුනෙත් නැති නිසා ටිකෙන් ටික මං බලාපොරොත්තු ගොඩගහගන්නැති..... ඒත් අන්තිම අවුරුද්දෙ රෑ තිබුන පාටි එකකට ගිහින් උදේ පාන්දර ඌ එද්දි පාන්දර වෙලා තිබුනත් මට මතකයි මං ඇහරන් හිටියා ඌ එනකන්ම......ඒ ඇවිත් ඌ කියද්දි,

" මං ඒකිට ප්‍රපෝස් කලා බං අද.. මට නිකන් පිස්සු වගේ කෙල්ල එක පයින්ම හා කිව්ව බං..... "

උගේ මූනෙ තිබුනෙ පුදුම සතුටක්..... ඒත් මට දැනුනෙ ඔලුවට හෙණයක් ගැහුව වගේ.... ඒත් අඩන්න කෑගහන්න කියලද... මාත් ඌව බදාගෙන විශ් කලා....

මොකද ඔය කෙල්ලව සෙට් කරගහන්න ඌට ෆුල් සපෝට් එක දුන්නෙත් මමමනෙ.....

එදා ඉදන්  ඌටත් නොකියම මං   ක්ලබ් යන්න පුරුදු උනා.... ඌ  මුල ඉදන්ම මං ක්ලබ් යනඑකට විරුද්ද උනා ඒත් තිබ්බ දුකටම මං ගියා.... එදා එ..දා මට මාව කන්ට්‍රෝල් කරගන්න බැරි උනා බං ....තිබුන දුක කේන්තිය ඔක්කොම එක්ක මගේ වටේ කැරකුන කෙල්ලෙක්ව අරන් මං රූම් එකකට ගිහින්..... එකපාරටම ඇහුන දොර කැඩුන වගේ සද්දෙකට ඇහැරල බලද්දි ගිනිපිටවෙන ඇස්වලින් මං දිහා බලන් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ඌ......

මං එවෙලෙ තමයි මට එහා පැත්තෙන් හිටපු උබගෙ අම්මව පළවෙනි වතාවට දැක්කෙ.....

කණ පුපුරලා යන්න පාරවල් ගොඩක් පලවෙනි වතාවට මට උගෙන් හම්බුනා....

නරකම දේ උනේ ඌ කියද්දි ඒ උගේ නංගි කියල.... මට මාවම අප්පිරිය උනා බං .....පුදුම ඇති නේද.... ඔව් පුතේ උබ හිතුව හරි... ඒ උබේ මාමා... ලවන්‍යාගෙ අයියා... අනූශ්... ඌට තමයි මං ආදරේ කලේ... සමහර විට තාමත් "

".........."  ඒක අහල මට නිකන් හෙණයක් ගැහුවා වගේ දැනුනා...... මොනව කියන්නද..... මං තාත්තගෙ අත් තව ටිකක් තදට අල්ලගත්තා හරියට ඔයාට මං ඉන්නව කියන්න වගේ...... එයාගෙ ඇස්වල කදුලු එකදිගට පල්ලම් බහිනවා.... මට ඒවා පිහදාන්න හිතුනෙ නෑ.... සමහර විට ඒ අවුරුදු ගාණක වේදනාව වෙන්නැති.....

" ඉතින් මං අතින් උන වැරැද්ද නිසාම මං ලවන්‍යව බැන්දා.... අදටත් ඌ දන්නැතුවති පුතේ මං ඌට ආදරේ කලා කියන්න...."

" තාමත් ආදරෙයි කියන්න "

"අහ් "

" ඒකට කමක් නෑ තාත්තේ ම්ම්.... ඔයාගෙ ඇස්වලින් ඒක පේනවා හොදටම...."

මං තාත්තගෙ පපුවට ඇදට නැගල තුරුල් වුනා.... ආයෙ ලොකු හුස්මක් අරන් තාත්ත ආයෙ කතා කරන්න ගත්තා.....

"ඒත් මං එයාව බදින්න එන පොරොන්දුව පිට රටින් ගියේ වැඩ වගේකට ඒ ගිහින් දරුවා හම්බෙන්න හොස්පිට්ල් ඇඩ්මිට් කලා කිව්වම මං එන්න හැදුවත් ෆ්ලයිට් එක මිස් උන නිසා මට එන්න බැරිවෙද්දි පහුවදා ඇවිත් බලද්දි ම්..මගෙ දරුව.. නැති වෙලා කියද්දි.... මට හිතුනෙ ඒකෙ වැරැද්දත් මගේ කියල....

ඊටත් වඩා අනූශ් ඒ වැරැද්දත් මගේ පිට දාලදෝ එදා මට ගහපු දවසින් පස්සෙ තරම්වත් එයා මාත් එක්ක කතා කරනඑක නවත්තල දාල තිබුනා.....

ඒත් ආපහු ටික දවසක් යද්දි ලවන්‍යා ආයෙ ප්‍රෙග්නට් උනා වෙද්දි මාස නවයක් යන්නත් කලින්ම උබව හම්බුනා..... පුතේ....

ඔයා හම්බෙලා අවුරුදු හයක් යනකන්ම අපි හිටියෙ අනූශ්ලගෙ ගෙදර උබගෙ අම්මට ඕන කිව්ව නිසා.... අනූශ්තුත් බැන්ද අර ගෑනු ලමයවම..... ඒ ගෙදර මං හිටියෙ පිච්චි පිච්චි.... කොච්චර උත්සාහ කලත් මට උබගෙ අම්මට ආදරේ කරන්න පුලුවන් උනේ නෑ බං....ඒත් මං මොනව කරන්නද.... මට උබව පෙනුනෙත් වදයක් විදිහට හරියට උබ නිසා මට ලවන්‍යව අතාරින්න බෑ කියල හිතුන එක අනූශ් අර කෙල්ල එක්ක එකට ඉන්නව දකින්න වෙන එක  ඒ හැමදේටම වැරදිකාරය උබ විදිහට පෙනුන එක මට නවත්තගන්න බැරි උනා පුතේ.....

ඒකමයි මං උබගෙන් ඈත් උනේ.....

මට කවදාවත් උබගෙ අම්මට උබට හොද හස්බන්ඩ් කෙනෙක් තාත්තෙක් වෙන්න බැරි උනා පුතේ..... අඩුම ලවන්‍යා එක්ක ඇදට නැග්ගෙත් එදා ක්ලබ් එකේදි ඇරුනම එකම එක පාරයි බං..... ඒ දෙවතාවෙම මං හිටියෙ සිහියක් කියල නාමයක් නැතුව.....

ඔය නිසාම ලවන්‍යගෙයි මගෙයි අතරෙ හැමතිස්සෙම හිත් නොහොද කම් රන්ඩු ඉවරයක් උනේ නෑ ඒත් ඒව වැඩි උනේ එදා......

එදා උබලගෙ අම්ම මගේ ඩයරි එක හොයාගෙන තිබුනා... ඒකෙ මගේ ආදරේ ගැන හැමදේම තිබුනත් වාසනාවකට අනූශ්ගෙ නම තිබුන්නෑ වෙද්දි එයා ඒකට පරල වෙලා රණ්ඩු කරන්න ගද්දි...හේතුව නොදැනත් අනූශ් ඒ හැම අවුලක්මත් මගේ වැරදි විදිහට ගත්තද කොහෙද ...ඒ නිසා ම මං උබලව අරන් මෙහේ ආවා.....

ඒත් ලවන්‍යා මට කියන්න පුලුවන් ජරාම දේවල් කියල අපහාස කරද්දි හැමදාම අපි අතර රණ්ඩු වල ඉවරයක් තිබුනෙ නෑ...... ලවන්‍යා ගෙදරින් පිට ජොබ් එකකට යන්නත් බලෙන්ම පටන් අරගද්දි එයා වෙන කෙනෙක්ට හිතයි ගතයි දෙකම දීලා තිබුනා.... අන්තිමට උබ නිසා ඩිවෝස් එක දෙන්න බෑ කියල මං ඒකිට වැන්දත් එක්ක... ඒත් පො"නයෙක් එක්ක ඉන්න බෑ කියල එයා යන්න ගියා... ඇත්ත පො*නයෙක් එක්ක එයා කොහොම ඉන්නද.....

ඒත් මට දරාගන්න බැරි උනා පුතේ කොච්චර කලත් මට කවුරුත්ම නෑ කියල තේරෙද්දි මං පිස්සෙක් නොවුන නම් ඒ උබ නිසා....ලවන්‍යා ගියාම අනූශ්ල උබව ඉල්ලද්දි මං උන් එකෙක්ටවත් උබට කිට්ටු වෙන්නවත් දුන්නෑ... ඒත් මං පොන්නයෙක් නෙවෙයි කියල පෙන්නන්න තිබුන ඕන කමටම මං මාවම ජරාවක් කරගත්තා.... උබ මාත් එක්ක දැකපු ගෑණු එකෙක් එක්කවත් මං උබගෙ අම්ම එක්ක තරම්වත් දුරක් ගිහින් නෑ පුතේ ...

සමාවෙයම් පුතේ උබව විනාස වෙන්න දීලා පො* නයෙක් වගේ හිටියට.... උබව තේරුම් ගන්න බැරි උනාට......

එච්චර දෙයක් වෙලත් උබව රටින් පිට නොයැව්වට..... මට බය හිතුනා පුතේ උබත් මාව දාල යයි කියල..... ඒ නිසාමයි උබගෙ අම්මට අර දරුවයි මායි නොවදිනා වැදුම් වැදල උබව අනූශ්ලයි දිහා යැව්වෙ.....

මට සමාවෙයන් මගේ රත්තරනේ

මං තිරිසනෙක්ටත් වඩා අන්ත උනාට.. උ...බ..ව විනාස වෙ...න එක...න..  "

කදුලු මැද්දෙම ඉකිත් ගැහෙද්දි තාත්තගෙ වචන බිදිලා ගියා වෙද්දි මං තව ටිකක් තදට එයාට තුරුල් උනා....

"ශ්... දැන් ඇති තාත්තේ ම්ම්...සමාව දීලනෙ ඉන්නෙ..... කවදාවත් ඔයාගෙ පැත්තෙන් මං හිතන්නවත් බැලුවෙ නෑනෙ දැන් ඇති ම්ම්... "

"නෑ.... අහන්න දැන් හරි උන් ඔක්කොම ඉවරයි..... එකෙක්..වත් මං ඉතුරු ක..ලේ නෑ.... මගෙ දරුවට අත තියපු....

එදා උබට මොනව හරි උනානම් හිතෙද්දි මට මාවම මරාගන්න තරම් කේන්ති ආවා ඒකයි එහෙම ම මැරෙන්න වැටිලා හිට්..ටියෙ... මෙලී දරුවා ආවෙ නැත්තන්-"

මෙලී කියද්දි, එයා තාත්තා ලේ විලක් මැද්දෙ ඉන්නව දකිද්දි අනික ඒ එයාගෙත් තාත්ත වෙද්දි එයාට පිස්සු නොහැදුනා විතරයි කියල එයා පරක්කු උනානම් වෙන දේ හිතෙන්නවත් බෑ කියල හිතෙද්දි මං මැද්දෙන් පැන්න.....

"එතකොට මෙලී... ඔයා දන්නව නේද....."

"......."

"ම්ම්"

"ඔ..ඔයා දැනන් හිටි...යද පුතේ "

"ම්ම් එච්චරයි හැබැයි "

" හ්ම්ම්... ඒ දරුවා නැති උනා කිව්වට එහෙම වෙලා නෑ... ලවන්‍යා  දරුවව හොරෙන්ම එදා හොස්පිට්ල් එකේදිම කොහොමද දන්නෑ මෙලීගෙ අම්මට දීලා..... ඔයා දන්නවනෙ එයාල කැම්පස් කාලෙ ඉදන්ම යාලුවො කියල ඒත් ඒක නෙවෙයි ඇත්ත ම හේතුව......මෙලී කියන්නෙ මගේ දරුවෙක් නෙවෙයි කියන එක..."

"මොකක්"

මොලෙත් එක්ක පැටලිලා ගියා

"ම්ම්ම්... ලවන්‍යා බය වෙන්නැති.. එයාගෙ නම කැත වෙනවට... අන්තිම ට මගේම වැරැද්දක් පිට දාල එයා එ..යා ලස්සන..ට පැත්තකට උනා.... හ්ම්හ්...එයාගෙ වැරැද්දක් නෑ පුතේ..... "

.

.

.

.

ටිකක් වෙලා එහෙමම ඉදපු මං බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබුන මගේ පොන් එක ගත්තෙ මෙලීට කතා කරන්න... කෙල්ල ඊයෙ රෑම ගෙදර යැව්වෙ බෑ කියද්දි... ලේ ගොඩක් දීපු නිසා එයා රෙස්ට් එකේ ඉන්න ඕනි... ඒකමයි බලෙන්ම යැව්වෙ හැබැයි පොරොන්දුවක් අරගෙන....

මං දන්නවා දැන් කට්ටියක් ගොඩක් පණ දාගෙන මාව හොයනව ඇති කියන්න .... බොරු කියන්න ඕන්නෑ ඒක මතක් උනෙත් මෙලී කියද්දි.... ඒව මතක් වෙන්න තරම් සිහියක නෙවෙයි මං හිටියෙ....

ඉතින් මං කිව්ව මං කියනකන් එයාලට ගන්නත් එපා ගත්තට ආන්ස්වර් කරන්නත් එපා කියල....

මං දන්නෑ මං කරන යන දේ හරිද වැරදිද කියල ඒත් ඒ තරම් දුරට හිතන්න තරම් පුලුවන් කමක් මට ඉතුරු වෙලා නෑ....

ඊයෙ ආවත් හරි දැනුයි හරියට පෝන් එක බැලුවෙ..... අම්මෝ කෝල් 98ක් ඒකත් චූටිගෙ නම්බර් එකෙන්.... තව අදුරන්නැති නම්බර් එකකිනුත් කෝල් තිස් ගානක් තිබුනා.... ඒත් එකක්වත් විනුගෙන් ඇවිත් තිබුන්නෑ....

මගේ පපුව නිකන් හිරඋනා වගේ දැනුනා.... හුස්මක් පහල දාපු මං එහෙම ම චූටිට ගන්න හැදුවෙ නිකන් ඒ මිනිස්සු බය කරන්න ඕන නැති නිසා......

රින්ග්ස් දෙකක් යන්නත් කලින් කෝල් එක ආන්ස්වර් උනා .....

"හෙලෝ"

"......"

" හෙලෝ චුටි මාව ඇහෙන-...."

ඒත් එක්කම රූම් එකේ දොරට තට්ටු කරල ඩොක්ටර් ඇතුලට එද්දි මං එහෙම ම පෝන් එක පැත්තකට දැම්මා....

"  ඩොක්ටර්....."

" මිස්ටර් සේනානායකව ඉක්මනට සිංගප්පූරු එක්ක යන්න වෙනවා... එයාගෙ තත්වය ගොඩක් නරකයි.... ඒ වගේම සහ ඊටත්  වඩා ඔයාගෙත්..."

" මං කලිනුත් කිව්වනෙ මං ගැන... ප්ලීස් ඒක ගැන අමතක කරන්න මං  ඒක බලාගන්නම්..... තාත්ත ගැන හැමදේකටම තැන්ක් යු සෝ මච්.... අපි අද රෑම පිටත් වෙනවා "

---------------------------------------------------------------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------------------------------------------------------------

අඩුපාඩු ඇති ප්ලීස් එහෙම තිබුනොත් කියන්න ගොඩක් දවසකින් දෙන්න බැරි උන නිසා හදිස්සියෙ ටයිප් කලේ

Share This Chapter