Back
/ 41
Chapter 13

දහතුන්වෙනි කොටස

No more | Ongoing

"සුදු අයියේ , මං මෙහේ"

"මං මෙහේ තුදු අයියේ"

"ඒයි එයා මගේ සුදු අයියා ඔයාගෙ නෙවෙයි"

" අහ් අල්ලග....ආආව් හ් අම්මෝ කොන්ද... දෙයියනේ කව් අහ් ම්...මෙලී"

අද උදේ ඉස්කෝලෙ ගිහින් ටිකක් වේලාසන ආවෙ ඉස්කෝලෙ ස්පෝ'ට්ස් ප්‍රැක්ටිස් නිසා පන්තියෙ බල්ලෙක්වත් නැති වෙද්දි ... එහේ වගේ නෙවෙයි මෙහේ ඉස්කෝලෙ ශෙඩුල් එක එහෙම මාර වෙනස් ගොඩක් ලමයි එහෙමත් නෑ කලින් කිව්වොත් වගේ හැම මැත්ස් බයෝ ලමයි හිටියත් පිසික්ස් වලට ගුරුවරයෙක් නෑ... ඒත් එයාල ක්ලාසස් වලින් ඒවා කවර් කරගන්න නිසා ලොකුවට අවුලක් නැහැලු.... චිත්‍ර වගේ... චිත්‍ර නම් ඉතින් ඒලෙවල් වල එක්කෙනයි දෙන්නයි උනාට ඕලෙවල් වල නම් ඉන්නව බර ගානක්.... ජැපනීස් උනත් එහෙම ම තමයි.... ඉතින් අද ඒලෙවල් ඕලෙවල් වෙනසක් නැතුව ග්‍රව්න්ඩ් බහිද්දි මං ඉදලත් වැඩක් නැති එකේ ලොකු සර්තුත් කිව්වම මායි තව මිස්ල සර්ලා පස් හය දෙනෙකුයි පර්මිශන් අරන් ගෙදර ආවා...

දැන් ඉතින් මේ ආපු වෙලේ ඉදන් මේ ඕලෙවල් කරන පොඩි එකියි ලග ගෙදරක හැමදාම වගේ නැතත් නිතරම වගේ මෙහේ දුවන් ඇවිත් මාව මැදිකරන් චූටි එක්ක රන්ඩු අල්ලන බටු ඇටේකුයි එක්ක මාකෝපෝලෝ කර කර හිටියෙ.. දැන් හවස පහටත් කිට්ටුයි හැබැයි.... ප්‍රැක්ටිස් නිසා විනුද් තාම නෑ මාමා නම් ආවා එකහමාරටම...

කතාවක් තියෙය්නෙ කොච්චර ලොකු උනත් තමාගෙ ඇතුලාන්තයේ ජීවත් වෙන පොඩි එකාව පරිස්සම් කරගන්න කියල මෙච්චර දවසක් නම් ඕක මට වැඩක් තිබ්බෙත් නෑ මතක තිබ්බෙත් නෑ.. මළකදක් විතරක් ඇරුනම පරිස්සම් කරන්න මොකෙක්වත් මගේ ඇතුලෙ හිටියෙත් නෑ... ඒත් දැන් මන්දන්නෑ මං ගොඩක් ලොකු වෙලත් ඒකත් කොල්ලෙක් වෙලත් මෙහෙම පොඩි එකෙක් වගේ පොඩි උන් එක්ක සෙල්ලම් කරන එක... හිතන්න ගියොත් මටම පුදුමයි... සමහර විට පොඩි කාලෙ ඉදන්ම මගෑරුන මාව මං හොයන්න හදනවදෝ හිතුනා...

ඉතින් දෙයියනේ කියල මුං දෙන්නමේ අහිංසක මගේ ඇස් ගැටගහල මෙහේ මෙහේ ගගා ගේ වටේ දුවද්දි ගල් මුල් වල වැදිල බිම පතබෑවෙයිදෝ හිත හිත අත් දෙකත් දික් කරන් වටේ කැරකුනා වෙද්දි ගිහින් කාගෙදෝ ඇගේ වැදුන ගමන් මං ගැනම ඇති උන ආඩම්බරය පිරුන හැගීමත් එක්ක තද කරල අල්ලගන්නවත් එක්ක ම ඒ මනුස්සයත් එක්කම දෙයියො බුදුන් සිහිවෙන්නම බිම පතබෑවුනා....

පත්බෑවුන පතබෑවිල්ලෙ හැටියෙ අල්ලන් තියෙන්නෙ පොඩි උන් දෙන්නව නම් නෙවෙයි සුවර් වෙද්දි ලෙෆ්ට් උන කොන්දත් අල්ලගෙනම කෑගහගෙනම ඇස් බැදල තිබුන රෙදි පටිය ගැලෙව්වෙ වැටුන තැනම ඉදගෙන ....

ඒ හිටියෙ...

දෙයියනේ මගේ කෙල්ල..මෙලී.

. කොන්ඩෙ ආපහු කපලා... වෙනස් වෙලත් වගේ ටිකක්.... අනේ ඇයි ඒකිගෙ ඇස් වල කදුලු රිදුනවත්ද වෙන්න බෑ මේකි කොල්ලෙක් වෙන්න ගිහින් අම්මගෙ කීමට කෙල්ලෙක් උන එකියක් වෙද්දි අලි පැටිය වගේ ඇග උඩ වැටුන පාරට රිදුනෙ මගේ කෝටු සරීරෙට වෙද්දි මමයි අඩන්න ඕන... .... ඒත් හිතන්නවත් වෙලාවක් නොදී මං ලගම වැටුන විදිහට ම හිටපු කෙල්ල මාව තද කරල බදගත්තා...

"ම්....මගේ ආයු... උ...බ හිනාවෙනවා දෙයියනේ.... ම්..මේ තරම් වෙනස් වෙන්න මගේ කොල්ල සතුටින් තෑන්ක් ගෝඩ් තැන්ක් යූ සෝඕ.... මච්...හැ..ම්මදාම මෙ හෙම්ම හිනා වෙලාඉන්න ... මගෙ පොඩි එකා.... උබ දන්නවද මට කොච්චර සතුටුද කියන්න... අර තිරිසන්නුට හෙන ගහන්න නැති වෙලා තිබුන ම...ගෙ කොල්ලගෙ හි...නාව්.... ඒක උබ මවාගෙන හිනා..වෙන එක නෙවෙයි කියල.... තේරෙද්දි ....අනේ රෙද්...ද ඇ...ඩෙනවනෙ සතුටුයි යකෝ මට...."

හනේව්.... කෙල්ල ඉකිගගහ කියවන් යද්දි මට දැනුන හැගීම කොහෙම වචන කරන්නද කියල මං දැනන් හිටියෙ නෑ... මේ තමයි මගේ පවුල... මගේ හොදම යාලුව අක්කා අම්ම නංගි මේ හැමෝම උන කෙනා ......මාව තේරුම් ගත්තු කෙනා කොච්චර හිනා වෙලා තිබුනත් මගේ ඇත්ත හිනාව මොකක්ද බොරු හිනාව මොකක්ද අදුරන කෙනා...... මගේ ඇසුත් තෙත් වෙද්දි මාත් එහෙමම හිටියා...

" ඒයි හොටු ගාන්න එපා යකෝ.... ට්‍රේනින් එක තිබුන කෑම ෆැක්ට්‍රි එකකද මනුස්සයෝ කොන්ද නෑ වගේ..."

තවත් ඒ ඇස් වක කදුලු බලන්න බැරි තැන මං කියාගෙන හිනාවෙද්දියි දැක්කෙ අපිට ටිකක් එහා ගෙදරට එන පාරෙ මග ඉදන් අපි දිහා බලන් ඉන්න විනුද්ව.... මට හරියට මූන නොපෙනුනත් එයා ඉන්නෙ නිකන් බයවෙලා ගල් වෙලා වගේ බෑග්ගෙත් කකුල් දෙක ලග බිම ... මූට මේ මනුස්සය ව යකෙක් වගේවත් පේනවද දන්නෑ... තාම ඇග උඩත් එක්කනෙ.... මං හිනා උනත් මූ හිනා උන්නෑනෙ

ඊට ටිකක් මෙහා මෙලීගෙ බැගේජ් එක....

"පලයන්කො යන්න තෝ බූරුවා ටිකක් ඉමෝශනල් උනාම මගුලක් කියනව .... ම්හුම්... මං යනව ගෙට"

" ඇහ් දැන් ගෙට යන්නෙ නැන්දලට කිය....."

" අනේ මං එනව කියල මාමට කිව්ව තවුසෙ එපා මට... අහ් ඔයාද චූටි....මේ බට්ට කවුද"

"හරි යනවකො එහෙනම් ඇතුලට.... මං එන්නම්..."

"හහ් යනව තමයි මට එපා තවුසෙව"

මෙලී එක්ක කියවන් ගිහින් ඒකි චූටි එක්ක කියව කියව ඇතුලට යද්දි මාත් යන්න ඕනි උනත් ආයෙත් හැරුන ඇස් ගියේ මගේ දිහාම බලන් හෙමීට ඇවිදන් එන විනුද් ව...

"විනුද්...."

" ........"

"අද කොහො..."

"ආයු..!!"

මං කතා කලත් එයා මුකුත් නොකියා මං දිහාම බලන් හිටියා විතරක් වෙද්දි මෙලී කෑගහනව ඇහුනවත් එක්ක ඒ දිහාවට ඔලුව යන්තම් හරවල බලපු විනුද් ආපහු මගේ දිහාත් බලල මුකුත් නොකිය ම ගෙට ගියා.... මොකක්ද ඒ ගමන උනේ....

මේ මනුස්සයට හිටි ගමන් මොකක් හරි වෙනවා....

"ආයූ....!!!"

"ආහ් මොකද බං කෑගහන්නෙ නා ගනින්කො ගිහින්"

" බලන්න ආන්ටී... මං කොච්චර දුර ඉදන්ද මූව බලන්න ආවෙ ඒත් මූට අගයක් නෑනෙ බලන්න අන්කල්..."

"අනේ මේ නොකිය ආවනම් ඉන්නව දැන් "

"දුව හස්සියෙනෙ එනවකිව්වෙත් මට ලොකු දෙයක් නම් ලෑස්ති කරගන්න බැරු උනා... දුවට අපේ චූටිගෙ කාමරේ ඉන්න එක හරි මදිද මන්ද.... ඒත් මං කිව්වෙ චූටිට අපිත් එක්ක ඉන්න් ......."

"අනේ සොරි ආන්ටී කරදර වෙන්න උනාට මං අනිද්දට යන්න හිතාගෙන ආවෙ ..... අනික ඔයාල මට ඉන්න දුන්න එකම ලොකු දෙයක්...මේ මට ආයුගෙ කාම්..අහ්ව්ව්"

"මොකද දුව"

"අහ් මේ සොරි මට පෑගුනානෙ ගිහින් වොශ් දාගෙන රෙස්ට් කරන්නකෝ.. නැත්තන් නැන්දයි මාමයි අපි දෙන්නවම පන්නල දායි"

"ආ දැන් මං ආපු එක තමයි වැරැද්ද නේ හරි හරි මට තියෙය් නෙ හෙන අමාරුවක් හොදවෙන්නැති තමුසෙගෙ දුක සැප බලන්න රෙද්... ක්හ්ම් අපි යමු නංගී "

මේකි හෙන දක්ශයි කතාවෙන් ඔන කෙනෙක් එක්ක හරි ඉක්මනට ෆිට් වෙනවා දැන් නැන්දල උනත් . මං දන්නෑ මේකි කොහොමද මාමව ඔච්චර දන්නෙ කියන්නෙ... ඕක ඇහුවත් ඉතින් කියන එකකයැ......

පස්සෙ මාත් කාමරේට ගියේ තව ටිකකින් හරි විනුද් එයි කියල හිතාගෙන් මොකද අද කොල්ලගෙ මූන හරි නෑ.... මොකද කවදාවත් මේ විදිහට කතා නොකර ඉදල නෑ ...මං කතා නොකලත් එල්ලි එල්ලි හරි මොකක් ම හරි කියවනව.... වෙනද මෙහෙම මං වෙලාසන ස්කූල් එකෙන් ආවොත් කාමරේටත් එබිල මට කතාකරගෙනමයි යන්නෙ... එතකොට අද මොකද ... මූ බූටක්වත් කෑවවත්ද... හැබැයි මං දැනුවත්ව කෙල්ලෙක් නම් නෑ....

මං පැයක් විතර බලන් හිටියත් විනුද් ආවෙ නැති තැන මං ගියේ ඒකගෙ කාමරේට යන්න උනත් දුවගෙන ආවෙ මෙලී...

"කොහෙද යන්න හදන්නෙ "

"කොහෙවත් නෑ විනුද් අවුලින් වගේ හිටපු නිසා බලන්න යන්න හැදුවෙ... මොකද ඔහොම හිනාවෙන්නෙ"

ඊව්ව් මේකිගෙ හිනාවෙ කැත

"විනුද්.....ම්ම්ම්.... විනුද් අවුලින් නම් තමයිනෙ ඇත්තෙ .... මටත් රවාගෙන ගියේ හරියට බැදල කනවද තම්බල කනවද වගේ මූඩ් එකකින්"

"අහ් ඇයි දන්නෑ .....ඒක නෙවෙයි උබ ඌවත් කලින් ඉදන් දන්නවද"

"ඇ ම්..මං පිස්සුද ම්ම් මං ක් කොහොමද දන්නෙ මගුකක් නොකිය කියපන්කො සුදු මහත්තයා මං නැතුව පාලුවෙන් හිටියෙ කියල ... හැබැයි ඉතින් එහෙම පාලු හිතෙන්න තියා මතක් උනේවත් නැති වෙන්න පුලුවන්..... මොකද සමහරු ඉන්නවනෙ හුස්මක් වැදෙනවටත් විනාකිරි බීලා මැරෙන්න හදන.. ක්හ්ම්...."

"මොනවද බං කියවන්නෙ උබට මහන්සි නම් ගිහින් කාලා නිදාගන්නවා විකාර කියවන්නැතුව"

"හැබැයි මෙහෙම යි පු... මගේ සුද්දෝ ඔයා දන්නවනෙ මං කොච්චර නම් පාලුවෙන් හිටියද කිය...."

දඩාස්

"ඒ මොකක්ද උනේ.. කොහොමද දො.. "

"හහ් අමෝ අමෝ මේ අහපංකෝ සිරාවටම විනුද් උබේ කවුද"

"මාමගෙ පුතා කියන්නෙ මස්සිනා ද කොහෙද නෙ දන්නෑ හරියට ම"

"හුත්තක් නෙවෙයි බං මං ඇහුවෙ උබත් හරකා කියල මරන්නයැ.... ඌ උබට මුකුත් කිව්වෙ එහෙම නැද්ද"

"කිව්වෙ නැද්ද අහන්නෙ මොකක්ද "

"කිව්වෙ නැද්ද ඇහුවෙ එක උබට කියන්නැතුව මං දන්නෙ කොහොමද "

"ඇත්තටම පිස්සුද හලෝ තමුසෙට.. "

"ඔව් ඔව් මට පිස්සු මං යනව ටිකක් නිදාගන්න... හැබැයි ආයු එකක් මතක තියාගන්න උබට ඕනිම දෙයක් මට කියන්න පුලුවන් කියල වගේම උබේ හිත මගෙන් හංගන්නත් බෑ කියල "

මෙලී මොන විකාරයක් කියවනවද කියල හිත හිත ඉද්දි මේකි එකපාරටම කවදාවත් නැතුව සුදාම්මි කැරක්ටර් එකක් ඇක්ට් කරන්න අරන් මාව බදාගෙන මූන ලගටම ඇවිත් අප්පිරිය හිතෙන ටෝන් එකකින් කියවන් ගියා වෙද්දි එකපාර ට දඩස් ගාල මහ හයියෙන් දොර වැහුන වෙද්දි දොරට පස්ස හරවන් හිටපු ඒ මොකක්ද බලන්න හැරුනත් මහ හයියෙන් හිනා උන මෙලී ආපහු විකාර ගොඩක් කියවන් ගිහින් නිදාගන්න කියල ගියාවෙද්දි .... මගේ කම්මුලෙන් අත් තියන් ඒ අන්තිමට කියපු දේට නම් මොකක් දෝ හොර වැඩක් කරන්න ගිහින් අහුහුන එකෙක් ගානට මගේ පපුවත් ගැහෙන්න ගත්තා...

ටිකක් වෙලා ඇදේ ඉදන් හිටපු මං ආපහු නැගිටල විනුද්ගෙ කාමරේට ගියා දොර ලොක් කරලත් නැති එකේ ඇතුලට ගිහින් බලද්දි කොල්ල හොදටම නිදි.....

අසනීපයක්වත්ද හිතෙද්දි මං මුනින් අතට හැරිලා එහා පැත්ත හරවන්තිබුන ඔලුවෙ නලලට්ම්ට අත තියල බැලුව රස්නෙද කියල ......

දෙයියනේ මූට උන නේද...

"විනුද්..... විනුද් ....දැන් ඔය කාලද ඉන්නෙ..... කෝ ඇහැරෙන්න ලමයෝ... ඔයාගෙ ඇග රස්නෙයි වගේ"

"ම්හ්ම්"

"කන්න ආවෙත් නෑනෙ"

"ම්හ්ම්"

මං ඉක්මනට නාන කාමරේට ගිහින් වතුර එකකුත් අරන් ඇවිත් මගේම පොඩි ටවල් එකකුත් අරන් ඇවිත් ඒ ඇග පිහින්න ගත්තා... පොඩි උනාට මුගේ සික්ස් පැක් එකත් තියෙය් ද කොහෙද මූ හෙන කදයා වගේ මං උඩට හරව ගන්න හෙන ගේමක් දුන්න...උඩට ශර්‍ය් එකක්වත් ඇදන් නෙවෙයි හිටියෙ සරම විතරයි මං ඉතින් උඩ ටික තවල කුස්සියට ගියේ මොනව හරි කන්න දෙයක් හදන් යන්න දැන් රෑ වෙන්නත් ඇවිල්ලානෙ ..... අමාරු උනොත් කියල හිතෙද්දි මගේ හුස්ම නවතින්න වගේ ෆීල් එකක් එනවා.... නැන්දලත් නෑ මළගෙදරක යනව කියල ගියා වෙද්දි ගෙදර හිටියෙ චූටියි මෙලීයි මායි විනුද්තුයි විතරයි ....

මං ගිහින් යූ ටියුබ් එකෙන් සුප් එකක් හදන විදිහත් ප්ලේ කරන් හදන්න ගත්තත් මට තේරෙන්නෑ අප්පා.... ආයිශ්.... මෙලීව ඇහැරවන්නත් බෑ වගේ ... චූටි ඔන්ලයින් ක්ලාස් එකක්....

රෙද්ද මගේ වාසනාව තමයි මගුල

අර්ග්....

කොහොම හරි යන්තන් ශේප් එකේ මං හදාගත්තු සුප් එකත් අරන් ගිහින් විනුද්ට ඇහැරුවා..

"විනුද් ..."

" ......ම්ම්..."

"විනුද් කෝ නැගිටල මේක බොන්න...

ම්ම් ඇන් හරි ... ම් මං පොවන්නම් ආ කියන්නකෝ..... හැබැයි මේ ම්ම් මං උයන්න දන්නෑ.... මේක රස නම් නැතුව ඇති හැබැයි ගුනයි ඉස්සර මෙලී මට හදාදෙන්නෙත් මේ වගේ .... ඒ නිසා අමාරුවෙන් හරි කමක් නෑ බොන්නකෝ"

විනුද් ව ඇහැරවන් හෙඩ් බෝඩ් එක විදිහට තියෙන ඇද විට්ටමට කොට්ටයක් තියල එයාට හාන්සි වෙන්න උදව් කරල හැන්දකට සුප් අරන් පොවන ගමන් මං කියව්ව වෙද්දි මෙලෝ අමාරුඅක් නැති එකෙක් ගානට මූ මගේ දිහා බලන් හිටියෙ කන්න වගේ.... පේන නොපෙනෙන ගානෙ හිනාවක් එක්ක මැලවුන ඇස් වලින් මං දිහාම බලන් ඉද්දි.... මගේ හාට් බීට් එකත් නිකන් පිස්සු කෙලින්න ගන්නවනෙ...

"මේ පලවෙනි වතාවද"

"අහ්"

"කෑමක් ඔයා හදපු"

"මෙහෙම ලොකු කෑම ක් නම් පලවෙනි වතාව හැබැයි මං නූඩ්ලස් හදන් කාල තියෙය් .... මොකද හිනාවෙන්නෙ !!!!"

"සුප් කියන්නෙත් ලොකු කෑමක් නෙ නේද ඉතින් ....... උයල නැතුවට කවල පොවල නම් පුරුදුයි වගේ...."

"ම්ම් මං එකපාරක් මෙලී අත කඩාගෙන ඉද්දි කවල තියෙය් එච්චරයි ඉතින් "

"ම්ම්...... මට ඇති...."

"ආ !!!!! කටවගෙන ආ කියනවා ඇති කොහෙද "

"මොකක්ද කිව්වෙ මුලින් කරල පෙන්නන්න බලන්න ....."

"මොකක්ද "

"කටවහගෙන ආ කියනවිදිහ.. ඔන්න ඇස් පියාගෙන ආ කියන විදිහ නම් කියාදෙන්න පුලුවන් මට"

"අනේ මේ විනුද් ...!"

"ආ...ආ...ආ"

ඉතින් මං ඌට සුප් එකත් ඔක්කොම පොවල පැනඩෝල් දෙකකුත් දීලා.....

චූටිටයි මෙලීටයි රෑට කන්න ත් මතක් කරල ආපහු විනුද්ගෙ කාමරේට ගියා... වෙලාවට නැන්දල මෙලී එනව කිව්ව නිසා උයල තිබුන ඒවම තියෙන නිසා හොදයි.....

විනුද් ගෙ ඔලුවට අත තියල රස්නෙ අඩුවගේ දැනුන නිසා නිදාගන්න කියලා එන්නාඅවත් මගේ මැනික් කටුව ලගින් තද කරල අල්ලගත්ත වෙද්දි

"ම......ට ස්...සීතල යි මාවි...... ඒ...ත් ලග....ට් එන්නෙපා!!!!!! උන බෝ කර...න් ඉස්කෝලෙ ලෙඩ නිවාඩු නොදා යන..ව ගි...හින් නිදාගන්නවා!!!!!!"

"අහ් තමුසෙට මොනා නැතත් හතර ගාතෙන් ඉදගෙන කෙදිරිගාගන්න බරුවත් මට කෑගහන්න පන තියෙය් නෙ!!! හුහ්..... යනව තමයි ආයෙ එන්නෑ පැත්තෙවත් !!!!!"

පව් කියල බලන්න ගියාම මෙච්චර වෙලා මට කියල කවාගෙනත් බූරුව!!!

මං බැන බැනම ආවා ඒත් මට නින්ද ගියේම නැති වෙද්දි පැය දෙක තුනක් ඇදේ පෙරලි පෙරලි හිටපු මං නැගිට්ටා.....

VINUD Pov.

කවදාවත් හම්බෙලා නැති ඒත් හැමදාම හැම තත්පරේකම ඕන උන උනුහුම ඒ උනුහුමේ අයිතිකාරයාගෙ නමින් ම හැමදාම ගැහුන අදත් හෙටත් ගැහෙන පපුව අස්සෙ දැනෙනකොට ලෝහකමින් උණත් මං ඇස් ඇරියා... තියෙන හොරකමනෙ ඉතිං....

මට වඩා වැඩිමල්ලු... ඒ උනාට මෙහෙම ගුලිවෙලා ඉද්දි මට තමුසෙව පපුව අස්සෙම හංග ගන්න හිතෙනව ඕයි... තත්පරේකට ඈත් කරන්න ලෝභයු... එහෙම එකේ කොහොමද බං මටත් වඩා අයිතියක් කියන්න පුලුවන් උන් ලග උබ හිනා වෙනව බලන්නෙ... රිදෙනවා නෙ බං මට...

උබට අයිතියක් කියන්න තරම් අයිතියක් මට නැති කොට උබ දන්නෑ මං කොච්චර බය්යයිද කියන්න වෙන එකෙක්ගෙ හුස්මක්වත් උබට වැදෙනව බලන්න .... ඒත් මුකුත්ම කියන්නෙවත් කොහොමද ... උන්ට තියෙන තරම් අයිතියෙන් බිදුවක්වත් මට නැති කොට...

හැමදාම මට ගුලිනොවුනට කමක් නෑ මට පේන මානෙන් ඉදපන් මැණික....ආආආආ........ පපුව බල්ටි ගහනව රෙද්ද ...

"ම්හ්ම්...."

මේක කෙදිරි ගගා තව ගුලි වෙනවා....

ට'සිරි කකුල...

මූ නිදි නිසා හොදයි කකුල් දෙක අස්සෙන් කකුල ගහගත්තා... මේ පින්න වැටෙන පාන්දර කියන්නෙ බිම්මල් පිපෙන වෙලාවක් වෙද්දි මතක් උනත් නගින එකාම කකුලත් ගහ ගහගත්තම....

මොනව උනත් දැන්ම ඇහැරෙන්නෙ නැතුව ඔහොම ටිකක් ඉද්පන් මැනික....

මට ලෝභයි යකෝ

මගේ පපුව අස්සෙ හැංගුන ඒ ඔලුව ට මං යන්තන් තොල් තදකලා... මේක බබෙක් වගේ ඕඩිකලොන්ග් සුවදයි.... ඉස්සර වගේම...

ගුලිවෙලා තිබුන රෙද්ද් දෙන්නම වැහෙන්න පොරවලා ලැබෙන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතන් මං තව ටිකක් මගෙ හොරගෙඩියව පපුව අස්සට අරන් හරි තදට තුරුල් කරගත්තා...

කකුල ගනින් මැණික.... පොඩි එවුනුත් නැගිට්ටද කොහෙද.... ආර්ග්

--------------------------------------------------------------------

--------------------------------------------------------------------

අද කොටස නම් හරි නැතුව ඇති... මං ආයෙ චෙක් කලේ නෑ..

🖤🌼

Share This Chapter