Chapter 4: Chapter 04

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) CompletedWords: 27865

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  හතරවන කොටස 🌙

................................................................

" ඒ මනුස්සයට ඕනේ ඔලුව නිදහස් කරගන්න කෙනෙක්.....

උඹ හිතන දෙයක් ඒ මනුස්සයට උඹෙන් ඕනේ නෑ....

ඒ නිසා ඔය ඈඩියාව නවත්තලා මේක ඇදගන්නවා......

සිනුදි උඹ අමතක කරන්න එපා මම මගේ මුලු තරුණකාලෙම නාස්ති කරගත්තෙ උඹට උගන්නන්නයි කන්න හොයන්නයි කියලා.......

උඹට බැරිද මං වෙනුවෙන් මේ පොඩි දේ කරන්න.......? "

වීපි සර් දුන්න සල්ලි මිටියක් පෙන්න පෙන්න අම්මා ඒ කියපු වචන ටික මට අද වගේ මතකයි. එදා අම්මගෙ වචන වලට මම අවනත නොවුනා නම්, වීපි සර්ගෙ නිල නොලත් පෙම්වතිය නොවුන නම් මගේ ජීවිතේ මොනවගේ වෙනසක් වෙයිද කියලා හිතන්න උත්සාහ කලත් ඒ වගේ දෙයක් හිතන්න පවා මගේ හිත මොනතරම් බයද කියලා මට තේරුනෙ එතකොට.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

තාරක විසින් අපි හැමෝගෙම සැලරි ස්ලිප් බෙදාගෙන යද්දි හැමෝම වගේ ඒ තුන්ඩුව අතට ගත්තෙ හරි සතුටින්.

" මේපාර බෝනස් එකෙන් මොනාද කරන්න ඉන්නෙ.... "

ස්ලිප් එක මට දෙනගමන්ම තාරක එහෙම ඇහුවෙ හැම අවුරුද්දකම අහන සුපුරුදු ප්‍රශ්නෙ.

" ම්ම්.... තාම හිතුවෙ නෑ.... "

පරිඝණක තිරය මතම ඇස් රදවාගෙන මම එවැනි පිළිතුරක් දුන්නෙ ඇස් වල තිබුන ඇත්ත හැගීම එළිවේවිදෝ බියෙන්.

" මම නම් මෙපාර ඩිසයිනඩ් සාරි එකක් ගන්න ඉන්නෙ.... "

සයුරි එයාගෙ හීනෙ ඒ විදියට කියද්දි හිමාෂත් ඒ කතාවට එකතු වුණා.

" ඊළග අවුරුද්දෙ වෙඩින් එක නිසා... මෙපාර බෝනස් එක මම නම් ඉතුරු කරගන්නව....... "

මගේ කාර්යාල මිතුරන් හැමෝම වගේ දැනටමත් ප්‍රසාද දීමනාව විදම් කරන හැටි ගැන සැලසුම් කරලා අවසන්. මට දැනුනෙ ලොකු වේදනාවක්. සිද්ද වෙන ගොඩක් දේවල් සැරින් සැරෙට මට මතක් කරනවා මම සාමාන්‍ය කෙල්ලෙක් නෙමේ කියලා.

වීපි සර් මට රැකියාවක් කරන්න අවසර දුන්නට ඒ රැකියාවෙන් උපයන මුදල් වියදම් කරන්න මට අයිතියක් නෑ. මම සදහටම එයාගෙන් යැපෙන්න ඕනෙ එයාට බයවෙලා ජීවත් වෙන්න ඕනෙ.. ඒකයි වීපි සර්ගෙ නීතිය.. ඇත්තටම වීපි සර් බයයි මම තනියම නැගිටින්න උත්සහ කලොත් එයාට මාව පාගගෙන ඉන්න මාව බය කරගන්න  බැරිවෙයි කියලා..

මට තාම මතකයි රස්සාවක් කරන්න අවසර ඉල්ලලා මම වීපි සර් ලග වැද වැටුනු හැටි.

" බේබි ඩෝල් ඔයාට මොනවද අඩු.... මගෙන් ඉල්ලන්න... මම ඔයාට ඕනෙම දෙයක් අරන් දෙන්නම්....

කියන්න බේබි ඩෝල් මොනාද ඔයාට ඕනේ...

බංගලාවක්... අලුත් කාර් එකක්...

එහෙම නැත්නම් ජුවලරීස් ද...

කියන්න බේබි ඩෝල්.... මම  ඔයාට නොදෙන දෙයක් නෑ නේ....

ඔයා ඒක දන්නවා බේබි ඩෝල්.... "

ඔව් ඇත්ත වීපි සර් මට නොදෙන දෙයක් නෑ.. මට මොනවද ඕන ඒ හැමදේම කිසිම අඩුවක් නැතුව එයා මට ගෙනත් දුන්නා. වෙන කාගෙවත් ලග නැති විදියෙ ආභරණ,  අලුත්ම විලාසිතාවල වටින ඇදුම්, සපත්තු , උසස්ම වර්ගයෙ කෑම බීම ඒ කිසිම දේකින් එයා මට අඩුවක් කලෙ නෑ. මම ගත කලෙ කිසිම අඩුවක් නැති සුඛෝපභෝගි ජීවිතයක්. ඒත් ඒ පුදුම හිතෙන ජීවිතෙ ඇතුලෙ මට ඕනෙම කරන ගොඩක් දේවල් තිබුනෙ නෑ.

මට නිදහස තිබුනෙ නෑ.. ඒ වෙනුවට මේ සුඛෝපභෝගි ජීවිතය පිරිලා තිබුනෙ බයෙන්..

එතකොට ආදරය...

ආදරය කියන වචනෙවත් ඒ ජීවිතය ඇතුලෙ තිබුනෙ නෑ... ඒ වෙනුවට තිබුනෙ අපයෝජනය, සහසිකත්වය වගේ භයානක වචන.

මට ඒ හැම දේම දරාගෙන ඉන්න පුලුවන් සීමාවක් තිබුණා. එතනින් එහාට තමයි මම තීරණය කලෙ පුංචිම හරි නිදහසක් හොයාගෙන යන්න.. ඉතිං අවසානයෙ වීපි සර්ගෙ කොන්දේසි වලට යටත් වෙලා හරි රස්සාවකට එන්න ගත්ත තීරණය තමයි මගේ ජීවිතෙ මම ගත්ත වටිනාම තීරණය වුනේ. දවසෙන් වැඩි පැය ගානක් ගෙදරින් ඈත් වෙලා ඉන්නව තරම් සතුටක් මට තවත් තිබුනෙ නෑ.

අපි හැමෝම වගේ කරන රැකියාවට අවංකයි , ලැදි ඒත් ඇත්තටම බැලුවොත් අපි රැකියාව කරන්නෙ ආයතනයට තියෙන ආදරේටම නෙමේ මුදල් වෙනුවෙන්. මාසෙ අවසානෙට පසුම්බියට වැටෙන වේතනය වෙනුවෙන්. ඒත් මගේ කතාව වෙනස්. මම රැකියාවක් කරන්නෙ සම්පූර්ණයෙන්ම මානසික සහනය වෙනුවෙන් පමණයි. අදටත් මගේ හැම ඕනා එපාකමක්ම හොයලා බලන්නෙ වීපි සර්. හැම මාසෙකම බැංකුවට බැර වෙන මගේ වේතනයට වෙන්නෙ මොකක්ද කියලවත් මම දන්නෙ නෑ.

" සිනුදි... සිනුදි.... "

මගේම අතීතයේ තනිවෙලා වුන්න මම ගැස්සුනෙ කන ලගින්ම ඇහෙන හිමාෂාගෙ හඬට.

" මොන ලෝකෙද බන් උන්නේ....

අන්න උඹට බොස් එන්නලු.... "

හිමාෂාගෙ කතාවට මම කලබලෙම නැගිටගත්තෙ බොස් කියන වචනය ඇහුන පමාවෙන්. ඊයේ පෙන්නු නාටකය නිසාම අලුත් සර් අමුතු කෙනෙක් කියන එක දැනටමත් මම තේරුම්ගෙන වුන්නා.

" බොස්...!

ඒ මොකටද.... "

" කවුද බන් දන්නෙ....

ඉක්මනට යනව සිනුදි.... නැත්නම් අර යකා නැට්ට පාග ගනි උදේන්ම.... "

අතට අහු වුන ෆයිල් එකකුත් බදාගත්ත මම පුලුවන් ඉක්මනින් අඩි තිබ්බෙ චෙයාර්මන් සර්ගෙ කාර්යාල කාමරයට.

අවසර අරගෙන මම කාර්යාල කාමරයට ඇතුලු වෙද්දිත් ආගත් සර් වුන්නෙ මේසය මත ඔලුව තියාගෙන. සර්ට කුමක් හෝ අසනීපයක්ද යැයි සිතමින්ම මම ඉස්සරහට අඩි තිබ්බෙ කුතුහලයෙන්. මගේ අඩි සද්දෙටද කොහෙද සර් හිස ඔසවලා බලද්දියි මම ඒ ඇස් වල තිබුණු විඩාබර බව දුටුවෙ. ගිනි කන්දක් වගේ  රතු වෙලා බාගෙට පිය වෙන ඒ ඇස් එදා, පාර මැදදි මම දැක්ක පැහැදිලි දුඹුරු ඇස් වලට වඩා බෙහෙවින් වෙනස්.

පෙර දින රාත්‍රිය විඩාබර ශෝකී රාත්‍රියක් වී ඇති බවට ඒ ඇස් සාක්ෂි කිවුවා.

" අහ් සිනුදි....

අද මට කෝඩිනේටින් ටීම් එකත් එක්ක මීටින් එකක් තියෙනවා....

ඔයාට පුලුවන් ද එකෙ ඇජෙන්ඩා එක හදලා දෙන්න... "

සර් කතා කලෙත් වරින් වර නලලත පිරිමදිමින්. ඔහු බොහෝ අපහසුවෙන් ඉන්න බවයි මට හැගුනෙ....

" පුලුවන් සර්... මම හදලා දෙන්නම්...

ඒත් සර් අසනීපෙන් වගේ..

සර්ට ඕනෙ නම් මට පුලුවන් මීටින් එක පෝස්ට්පෝන් කරන්න... "

ගිනි රතු වුන ඒ ඇස් ඊළගට මගේ උවන මත නතර වුනෙ වේගයෙන්.

" ඒ වැඩේ එක කෝල් එකකින් මටත් කරගන්න තිබුනා සිනුදි....

මට මීටින් එක පෝස්ට්පෝන් කරන්න ඕනෙ නම් ඔයාට ඇජෙන්ඩා එකක් හදන්න කියන්නෙ නෑ නේ නේද....

කරුණාකරලා සිනුදි මම කියපු දේ විතරක් කරන්න පුරුදු වෙන්න.... "

ආගත් සර් තරහින් කෑගහද්දියි මට එයාගෙ ඇත්ත තත්වෙ මතක් වුනෙ. පොඩ්ඩක් හොදින් කතා කරපු ගමන් මිනිස්සු විශ්වාස කරන්න යන මට හොදම වැඩේ.

" සොරි සර්.... "

මම හැදුවෙ කරබාගෙනම එළියට යන්න.

" අහ් අනික...

සිනුදි මට මේ ෆයිල් ටික අද ඕෆ් වෙන්න කලින් චෙක් කරලා ඕනේ.... "

අතිරේක මේසය මත තිබුණු කන්දක් උස ලිපිගොනු කිහිපයක් අතින් පෙන්නමින් ආගත් සර් එහෙම කියද්දි නම් මට හුස්ම ගන්නත් අමතක වුණා.

" ඇයි...

බෑ කියලද කියන්න යන්නෙ.... "

ඒ මුණෙ ඇදිලා මැකිලා ගියෙ  දගකාර හිනා රැල්ලක්. මම කලින් දවසෙ කටට ආපු සේරම කියලා දාපු  වරදට දඩුවම් දෙනව වගේ හැගීමක් ඒ මුණෙ ඇදිලා තියෙද්දි මම ටයිල් පොලවට රවන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති තැන.

" පුලුවන් සර්... "

බිම බලාගෙනම ඕනාවට එපාවට මම  එහෙම කිවුවේ ආගත් සර් එක්ක ආයෙත් එකට එක කියන්න තිබුණු අකමැත්තට.

" ඇජෙන්ඩා එක හදලා ඉවර වෙලා ෆයිල් ටික අරන් යන්න එන්නම් සර්... "

" ඔකේ....

දැන් යන්න පුලුවන්...

මට වැඩ තියෙනවා... "

මම එද්දිත් ලොකුම ලොකු වැඩක් කරමින් වුන්නා වගේ ලිපිගොනු කිහිපයක් එයා දිගහැර ගත්තෙ මට පේන්නමද කොහෙද. ටයිල් පොළවට රවාගෙනම මම කාර්යාල කාමරයෙන් පිටතට එන්න දොරට අත තියනවත් එක්කම දොරත් ඇරගෙන මාවත් තල්ලු කරගෙන කාමරය ඇතුලට ආවේ අයිෂා මැඩම්. ඒත් එක්කම ආරක්ෂක නිලදාරියෙක්ද ඒ පිටුපසින් දිව ආවේ ඇයව වලක්වාලන්නට වගේ. මම තල්ලු වෙලා ගිහින් බිත්තියට හෙත්තු වෙන අතරෙ කඩාගෙන බිදගෙන ආව අයිෂා ආගත් සර් ලගට ගිහිල්ලත් ඉවරයි.

" සර්.... සොරි සර්... අපි මේ මිස්ව නවත්තගන්න උත්සහ කලා.... "

පුටුවත් පසෙකට තල්ලු කරගෙන නැගිටගත්ත ආගත් ආරක්ෂක නිලදාරියා තවත් මුකුත් කියන්න කලින් අතින් සංඥා කලෙ නිහඬ වන ලෙසට.

" ඉට්ස් ඔකේ....

ඔයාලා එළියට යන්න..... "

ඒ අවසරෙන් මාත් ආරක්ෂක නිලදාරියාත් කාර්යාල කාමරයෙන් පිටතට ආවත් මම දැක්කා ආගත් සර්ගෙ ඇස් වල තිබුණු තරහව. එයා අයිෂාත් එක්ක රණ්ඩු කරපු ඒ තියුණු ඇස් අදත් ඒ විදියටම අයිෂා දිහා බලාගෙන වුන්නා.

" සිනුදි කවුද බන් ඒ.... "

" අර ඇක්ට්‍රස් අයිෂා නේද... "

බලාපොරොත්තු වුන විදියටම මගේ කාර්යාල මිතුරන් මාව වට කරගත්තේ චෙයාර්මන් සර්ගෙ කාමරයෙ වුන සිද්දිය සවිස්තරාත්මකව මගේ මුවින් දැනගන්න.

" ඔව් මාත් ඒ වගේ දැක්කෙ....

අයිෂා වෙන්න ඇති... "

ඒ පිළිතුරෙන් නම් මගේ කාර්යාල මිතුරන් යම්තරමකට හෝ සෑහීමකට පත් වුනෙ නෑ. ඕපදූපයක් දැනගන්න ආසාවෙන් වුන්න ඒ මූණවල් හැකිලෙනවා මං බලාගෙන.

ඒත් එක්කම කාමරයෙන් පිටතට පැමිණි ආගත් අයිෂා දෙන්නම අපිව පසු කරමින් විදුලි සෝපානය වෙත ගියෙ ආයතනයෙන් පිටවීමට විය යුතුයි.  කාර්යාල මිතුරන් මා වට කරගෙන සිටි නිසා ආගත් සර් මම ගැන ආයෙත් පාරක් සැක හිතන්නට ඇති. ඒ නිසාමයි ඒ සුපුරුදු සීතල රැවිල්ල පිටව යන අතරතුරදි වුනත් මා වෙත පා කර එව්වේ.

ඔවුන් පිටව ගොස් විනාඩි කිහිපයකට පසු මගේ දුරකථනය නාද වුනෙ ආගත් සර්ගෙ පෞද්ගලික දුරකථන අංකයෙන්. ඉක්මනින් රිසිවරය අතට ගත්ත මා ඇමතුමට සම්බන්ධ වුණා.

" හෙලෝ සර්... "

" සිනුදි අද මීටින් සේරම කැන්සල් කරන්න...

මට එන්න වෙන්නෙ නෑ... "

" ඕකේ සර්... "

ඇමතුම විසන්ධි කරපු මට සතුටක් දැනුනා. ඒ අර කන්දක් උස ලිපිගොනු අද අවසන් කරන්න ඕනෙ නැති නිසා වගේම අයිෂා මිස් එක්ක තියෙන ප්‍රශ්නෙ අද ඒ දෙන්නට විසදගන්න ලැබෙන්න කියන බලාපොරොත්තුවත් හිත යට තිබුණු නිසා වෙන්න ඇති.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" සිම්මි.... "

නිදාගෙන වුන්න කෙල්ලව මම ඇහැරෙව්වේ සිම්මිත් එක්ක කතා කරන්න ඕන වුන නිසා.

" සීනු.... "

මා කාර්යාලය නිම වී නිවසට පැමිණි බව වත් නොදැන සිටි ඇය මා දුටු විගසින්ම මුහුණ පුරා හිනා වුනේ හරි ලෙන්ගතුව. මුල්ම වතාවට වීපි සර් සමග පළමු හෝරා කිහිපයක් ගත කරලා ආපු මගේ ලග තිබුන පීඩනයෙන් බිදක්වත් සිම්මිගෙ මුහුණෙන් මම දැක්කෙ නෑ. එදා මළානික වෙලා තිබුන මගේ මුහුණ වෙනුවට මම අද දකින්නෙ බලාපොරොත්තු වලින් පිරිලා තියෙන සිම්මිගෙ මුහුණ.

" හොදින් නේද.... "

මම ඇහුවෙ ඒ මූණ දෝතට ගන්න ගමන්. කෙල්ල ඇස් වලින් හිනා වෙලා ඔලුව සෙලවූයේ ඔව් කියන්න. ඒ හිනාව, සතුට අව්‍යාජ බව තේරුනත් මම ඒ ඇත්ත පිළිගන්න කැමති වුනේ නෑ. ඊටත් වඩා වීපි සර් නිසා මට ලැබුනු අත්දැකීම් වලින් පස්සෙ  සිම්මිගෙ හිනාව ඇත්තක්ද නැද්ද කියලා හිතාගන්න බැරි තරමට මම අතරමං වෙලා වුන්නා කිවුවොත් නිවැරදියි.

" බොරු කියන්න එපා සිම්මි....

ඊයේ මොකද වුනෙ.... "

" මුකුත් නෑ.... "

" මුකුත් නෑ කියන්නෙ....

අහන්න සිම්මි... හිතේ තියන ඕනම දෙයක් මට කියන්න... බය වෙන්න එපා... "

සිම්මි මගේ අත උඩින් අත තිබ්බෙ සැහැල්ලුවෙන්.

" ඇත්තමයි සීනු... මුකුත් වුනෙ නෑ...

එයා මාව ක්ලබ් එකකට අරන් ගියා... ඊට පස්සේ එයා බොන්න පටන්ගත්තා...

මට එයා ලගින් ඉන්න කිවුවා...

එච්චරයි... "

" මොකක්... ? "

මම ඇහුවෙ ඇස් ලොකු කරගෙන පුදුමයෙන්.

" ඔව් සිනුදි ඔව්... ඊට පස්සේ එයා මාව ගෙදරට ගෙනත් ඇරලුවා... එච්චරයි...

මගේ ඇඟට අතවත් තිබ්බෙ නෑ... පුදුමයි නේද...

එයා වීපි සර් වගේ නෙමේ සිනුදි මට හිතෙන්නෙ එයා වෙනස්....

එයා වෙනස් කෙනෙක්... "

වීපි සර්ව මුලින්ම මුණගැහුන දවසෙ මම උන්නට වඩා හාත්පසින්ම වෙනස් හැගීමකිනුයි අද සිම්මි ඉන්නෙ.. ඒ මූණෙ තියෙන්නෙ සතුටක්. ඒ දගකාර ඇස් අලුත් බලාපොරොත්තුවකින් දිස්නෙ දෙන්න අරන්. සිම්මි කියන කතාව මගේ අත්දැකීම් එක්ක විශ්වාස කරන්න අමාරු වුනත් කෙල්ල කියන්නෙ බොරු නොමෙ කියන එකත් මට විශ්වාසයි. අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි අම්මා නිසා සැනසීමක් , සතුටක් , බලාපොරොත්තුවක් , හීනයක් ලැබෙනව නම් ඒ තරම් තවත් සතුටක් තව කොහෙද. කොහොමටත් සිම්මි මට වඩා වාසනාවන්තයි.

" අපි ඒකට වාසනාව කියමු සිම්මි....

ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනේ..... "

මම සිම්මිගෙ නලලත හාදුවක් තිබ්බෙ අක්කා කෙනෙක්ගෙන් නංගි කෙනෙක්ට ලැබෙන්න ඕනෙ ආදරෙ අඩුවක් නොකරන්න.

" මාත් එහෙම හිතනවා....

සීනු... මට විතරක් නෙමේ ඔයාගෙ ජීවිතේටත් දවසක ලස්සන හදක් පායනවා... මට විශ්වාසයි... ඒ හඳ මේ මූසල  කළුවර නැති කරලා දායි..... "

සීනූ මට තුරුල් වෙනවත් එක්කම ඇහුනෙ මම අහන්න අකමැතිම ඒ හඬ.

" හඳක් .....?

හදක් මොකටද බේබි ඩෝල්...

ඔයාගෙ ජීවිතෙ එළිය කරන්න මම වගේ  ඉරක් ඉද්දි... "

මම ඉක්මනින්ම  නැගිටගත්තෙ ඇස් වල කදුළු පුරෝගෙන. දෙවියනේ මේ මනුස්සයගෙන් මට ගැලවීමක් ඇත්තෙම නැද්ද. මගේ හිත කෑගැහුවේ වේදනාවෙන්. වීපි සර් අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි වෙව්ලන දෙපා අඩියෙන් අඩිය මම පිටුපසට තිබ්බා. මගේ වෙවුලන දෙපා ගැහෙන තොල් කදුළු පිරුණු ඇස් හැමදාමත් වගේ වීපි සර්ට ගෙනාවෙ සතුටක්.

" බේබි ඩෝල්... අපිට ගමනක් යන්න තියෙනවා ලෑස්ති වෙන්න.... "

වීපි සර් මා වෙත  විසික් කලෙ අලුත්ම විලාසිතාවකට නිම වූ ඉන්දියානු ලෙහෙන්ගාවක්. එයටම ගැලපෙන ඉන්දියානු ආභරණ අරගෙන එන්නත් ඔහු අමතක කරලා නෑ. ඒ ආභරණ අතර තිබු ගෙජ්ජි වලින් සාදන ලද පා සලඹ දුටු පමණින්ම මගේ මුලු ගතම ගැහෙන්න ගත්තෙ වෙන්න යන දේ තේරුම්ගෙන.

වීපි සර් කට කොනකට මවාගත්ත හිනාවකින් සෝෆාවට බර වෙද්දි මට අඬනව ඇරෙන්න වෙනත් විසදුමක් තිබුනෙ නෑ. මොන තරම් ඇඩුවත් කකුල් දෙක අල්ලලා වැන්දත් වීපි සර්ගෙ තීරණෙ වෙනස් වෙන්නෙ නෑ කියලා දැන දැනමත් මම බොරුවට මගේ කදුළු නාස්ති කරනවා.

" බේබි ඩෝල් මාව තරහගස්සන්නෙ නැතුව ඉක්මන් කරනවා.... "

මම සිම්මි දිහා බැලුවෙ පුදුම තරම්  අසරණව. ඇස් වල කදුළු පුරෝගෙන හැමදේම හොදින් වෙයි කියනව ඇරෙන්න වෙනත් මාර්ගයක් සිම්මිට තිබුනෙත් නෑ.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️