Back
/ 31
Chapter 26

Part 26 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

අවුරුද්දක්ම ගෙවිලා ගියා මේ වෙනකන් දේශි ගැන කිසිම ආරංචියක් නෑ..මං මට පුලුවන් හැම විදිහකින්ම එයාව හෙව්වා..දේශි වගේම අයියලත් නෑ..එයා college එකෙනුත් අයින් වෙලා..දනුකලා පවා එයාල කොහෙද කියන්න දන්නෙ නෑ අහන හැම සැරේම කියන්නේ..දේශ් කොහෙ හරි හොදින් ඇති කියලා විතරයි..

ඒ සිද්දියෙන් පස්සේ..මට අත්තම්මවත් නැති උනා ශනිල්ක එයාගෙ පලිය ගත්තා..නෑ මට දුකක් නෑ එයා මෙච්චර කල් මාව පාවිච්චි කරා කියන එක මං විශ්වාස කරනවා රදී අයියා කිව්ව හැම දේම මං විශ්වාස කරනවා..

මං දෙයියනේ මට එච්චර ආදරේ කරපු මනුස්සයව මරන්න ගියේ..අත්තම්මගෙ වචනවලට මං රැවටුනා..දේශි නැති මේ අවුරුද්ද ඇතුලත මං සෑහෙන්න දුක් වින්දා..ඒ ආදරේ නැති අඩුව මට තදින්ම දැනෙනවා..දේශි මට කවදාවත් සමාව දෙන එකක්නම් නෑ..එයාගෙ ආදරේ මං හෑල්ලු කරා නෙවෙයි..එයාව අවිශ්වාස කරා නෙවෙයි..මං රැවටුනා..අසීමිතව දේශිගෙ ආදරේ මට දැනිලත් මං එයාට වෛර කරා..

කියාගන්න බැරි තරම් දුකයි මට වචන නෑ මගෙ දුක කියන්න..අඩලා අඩලා දැන් අඩන්න කදුලුත් නැති තරම්..ජීවිතේම එපා වෙලා කොහොම හරි දේශිව හොයා ගන්නවා කියන හැගීම තමා මාව හැමදාම ජීවත් කරන්නේ..මං දන්නවා එයා කොහේ හරි හොදින් ඇති මට ඒක දැනෙනවා..

කාලෙකට කලින් දේශිගේ මගේ මතක පිරුන ඒ කාමරේ මං දැන් තනි වෙලා..මං ඉන්නෙ එයාලා ගෙදර..කාටත් හොරෙන් මෙහෙ ඇවිල්ලා අපි දෙන්නගෙ සුවද පිරුන ඇදේ වැතිරිලා නිතරම වගේ ඒ මතක එක්ක තනි වෙනවා..එයාගෙ හිනාව ඒ සුවද මට මගහැරිලා..මොන දේ උනත් චූටි මැණික කියලා මාව බදා ගද්දි ඒ දැණුන උණුහුම මට මගහැරිලා..

ගේ පුරාවට අපි හැමෝගෙම මතකවලින් පිරිලා..කාටත් හොරාවට හිතින් මට ආදරේ කරලා මාව බලා ගත්ත රදී අයියා..මාත් එක්ක ඩ්‍රාමා බල බල පිස්සු නැටුව සුදු අයියා..අපි දෙන්නටම හැම වෙලේම බැන බැන ඉන්න හර්ෂ අයියා නිතරම අපිව හිනස්සන දනුකයයි නෙහසුයි..මට එයාලා ගොඩාක් මතක් වෙනවා..අපි ගොඩක් සතුටින් හිටියා..එකට කෑව බිව්වා සෙල්ලන් කරා රණ්ඩු කරා හිනා උනා..ඒ කිසිම කෙනෙක් නැතුව මං දැන් තනි වෙලා..

අත්තම්මත් නැති උනාට පස්සෙ මං ජීවත් වෙන්නෙ ගොඩක් අමාරුවෙන්..college ගිහින් ඇවිල්ලා රෑ වෙලා රෙස්ටුරන්ට් එක්ක වැඩකට යනවා..හැම දේකදිම මට ලොකු හයියක් උන දේශි නැතුව මගෙ හැම දේම මට තනියම දරා ගන්න වෙලා..

ට්‍රීං....ට්‍රීං.....ට්‍රීං....

" hello පවිත්‍ර කියන්න.."

" විවේන් ඔයා කොහෙද ඉන්නේ.."

" දේශිලා ගෙදර.."

" අහ්..මං ඔයාලා ගෙදර ඉන්නේ ඔහෙට එන්නද ඒනම්.."

" එපා ඉන්න මං එන්නම් ඉක්මනට.."

" හ්ම්ම්..පරිස්සමින් එන්න.."

කෝල් එක කට් කරපු මං දේශිගෙ කාමරේ ජනේලෙන් එළියට පැන්නා..තව දුරටත් අර මුදුව මගේ අතේ නෑ..ඒක අයිති වෙන්න ඕනි කෙනාටම මං ඒක දුන්නා..දේශි ලග පරිස්සමට ඒක ඇති..

විනාඩි කීපෙකින් දුවගෙන කාටත් හොරාවට මං ගෙදර ආවා..

" මහන්සි නැද්ද හලෝ ඔහොම දුවලා.."

" නෑ.."

" අනේ මංදා ඔයාලටත් මාර ජාති තමා තියෙන්නෙ.."

මට දෙශිව නැති උන දවසේ ඉදන් වචනෙකින් හරි මට හයියක් උනේ මූ..එයා මේ වෙද්දි අපි ගැන හැම දේම දන්නවා..

" ඇයි ආවෙ.."

" කාලද ඉන්නෙ ඔයා.."

" නෑ.."

" එන්න කමූ.."

පවිත්‍ර මගෙ අතින් ඇදන් ගේ ඇතුලට ගියා..

" අදත් වැඩද විවේන්.."

" හ්ම්ම් හවස යන්න ඕනි.."

" ඔයාට ඕක කරන්නම ඕනිද..exam කර ගන්නෙ කොහොමද ඔයා.."

" exam කරලා මං මොනා කරන්නද පවිත්‍ර..ඊට කලින් මං ජීවත් වෙලා ඉන්න එපැයි.."

" පණ්ඩිතයි..මං කිව්ව ඔයාව බලා ගන්නම් කියලා..අපෙ අම්ම හැමදාම ඔයා ගැන අහනවා.."

" කාගෙන්වත් යැපෙන්න කැමති නෑ මං.."

" ඔව් අලි ඔලුවනේ..ආ මේක කන්න.."

කෑම මේසෙ ඉදන් හිටිය මට පවිත්‍ර ගෙනාව රයිස් එක පිගානකට දාලා දුන්නා..පවිත්‍ර නිතරම මට කෑම අරන් එනවා..ඒකට මං කැමති නෑ ඒත් කොල්ලගෙ හිත රිද්දන්න බැරි නිසා මං මුකුත් කියන් නෑ..එයා මේ කාලෙට මට ලොකු හයියක්..

" පවිත්‍ර.."

" ම්ම්ම්ම්.."

" හෙට college එන්න වෙන් නෑ මට.."

" ඇයි ඒ.."

" හෙට උදේ ඉදන් වැඩට යන්න වෙනව මට..උදේ වරුවෙ වැඩ කරන එකෙක් නිවාඩු දාලා ඒ වෙනුවට මට යන්න වෙනවා..වැඩියෙන් ගානකුත් දෙන්නම් කිව්වා.."

" මට තේරෙන් නෑ විවේන්..පාන්දර college යනවා එහෙම්ම හවස් වෙලා මහ රෑ වෙනකන් රෙස්ටුරන්ට් එකේ වැඩ..සමහර දවස්වලට college එන්නෙත් නෑ..ඔයාට මහන්සි නැද්ද විවේන්.."

" මහන්සි..ඒ දේවල් නිසා නෙවෙයි..මගෙ හිතට මහන්සි දේශිව හොයලා..මං කරපුවට විපාක බං මට මේ ලැබෙන්නේ..එයා මොනා උනත් හිතන්න නැතුව ඇති මං එයාව මරන්න යයි කියලා.."

" ඒක කරේ ඔයා නෙවෙයි නේ.."

" ඒත්.."

" ඇති කාලා ඉන්නකො දැන්..කාලා ලෑස්ති වෙන්න මං ගිහින් දාන්නම් ඔයාව.."

මං ආයෙ මුකුත් නොකියා කෑම කෑවා..

කාලා ඉවර වෙලා මං ලෑස්ති වෙලා පහලට එද්දි පවිත්‍ර ගේ අස් කරනවා..පව් ඒ කොල්ලත් වෙලාවකට මගෙ පව් කර ගහනව වගේ..මට ගෙදරවත් අස් කරන්න වෙලාවක් නෑ..පොඩි හරි වෙලාවක් තිබ්බම දේශිලා ගෙදර දුවනවා..මගෙ ගෙදර නැතත් එහෙනම් තාම තිබ්බ වගේම තියනවා..

" ඔයා ලෑස්තිද..ඉන්න මේ ටික හෝදලා එන්නම් වෙලා යන් නෑ නේ.."

කුස්සියට වෙලා පිගන් හෝද හෝද හිටිය පවිත්‍රව මං බදා ගත්තා..

" මොකද මේ.."

" මට සමාවෙන්න.."

" ඇයි.."

" ඔයාට ආදරේ කරන්න බැරි එකට.."

" මං ආදරේ බලාපොරොත්තුවෙන් මුකුත් කරන් නෑ විවේන්..මං දැන් දන්නවා ඔයාට කොහොමවත් මට ආදරේ කරන්න බෑ කියලා..ඔයාගෙ හදවත පුරා ඉන්නේ දේශාන් විතරයි..තව ටිකක් ඉවසමු..එයා ඉක්මනට එයි ආයේ.."

පවිත්‍ර මාව තව ටිකක් තදින් බදා ගත්තා..මෙයත් වෙලාවකට අනේ මංදා..මට දුකයි එයා ගැනත්..

" යන් යන් ඔයාට වෙලා යයි.."

" හ්ම්ම්ම්.."

එයාට ඉස්සර වෙන්න ඇරලා මාත් ගිහින් කාර් එකට නැන්ගා..

රෙස්ටුරන්ට් එකේ වැඩ කරනව කියන්නේ මහ එපා කරපු දෙයක්..ඒකෙ අයිති කාරයා මාත් එක්ක පුදුම තරහකින් ඉන්නේ..හේතුවක් නෑ ඒත් ඒ මනුස්සයා මට හැම වෙලේම මොනා හරි කියලා බනිනවා..සමහර දවස්වලට ඒකේ සින්දු කියන එකා ආවෙ නැති උනාම ඒ වැඩෙත් මං කරන්න ඕනි..ඒකනම් ඉතින් මං ගොඩක් ආසාවෙන් කරනවා..

" විවේන් රෑ වෙලා ගෙදර යන්නෙ කොහොමද.."

" දුවන් යනව ඉතින්.."

" ඕක හැමදාම කරන්න පුලුවන්ද..කවුරු හරි දැක්කොත් එහෙම අනේ මංදා..මගෙ බයික් එක දෙන්නද ඇහුවම ඒකත් එපාලු.."

" මං බයික් එකක් ගන්න ඉන්නේ.."

" සීරියස්ලී..ඒක හොදයි.."

" හ්ම්ම්ම්.."

කතාවෙන් කතාව රෙස්ටුරන්ට් එක ලගට ආව නිසා මං කාර් එකෙන් බැස්සා..

" පරිස්සමින් යන්න.."

" හරි විවේන් ඔයත් පරිස්සමින්.."

පවිත්‍ර යනකන් බලන් ඉදලා පිටිපස්ස දොරෙන් මං ඇතුලට ආවා..

" අහ් උබ දැන්ද එන්නේ.."

" මං කොහොමත් මේ වෙලාවට නෙ එන්නෙ සර්.."

" හා හා ඉක්මනට ලෑස්ති වෙලා අර පිගන් ටික හෝදලා දාපන්..අද කට්ටිය වැඩී.."

" හරි සර්.."

ඒ රෙස්ටුරන්ට් එකේ අයිති කාරයා..ඌට මාව පෙන්න බෑ ඉතින්..හොද උස මහත ඩයල් එක ඌටත් මගෙ වයසෙම කෙල්ලෙක් ඉන්නවා..මං එයාව ඊයෙ දැක්කේ රට ඉදලද කොහෙද ආවෙ ඊයෙ පෙරේදා..හුරුබුහුටි පෙනුමක් තියෙන්නෙ කෙල්ල ලස්සනයි කොහොම හරි..

" උබට හෙට උදේ ඉදන් වැඩ නේ.."

" හ්ම්ම්ම්.."

" එතකොට college.."

" හෙට යන්න වෙන් නෑ ඉතින්..අවුලක් නෑ එක දවසකට..කොහොමත් මේ දවස්වල ළමයි එන්නෙ නෑ වැඩිය උන්ට ක්ලාස් තියනව නේ.."

" උබ ක්ලාස් යන්නෙ නැද්ද.."

" ඕන් නෑ.."

" අනේ මංදා කොහොම හරි exam ගොඩ දා ගනින්..."

" බලමුකෝ.."

ඒ සුරේශ් මට වඩා අවුරුදු තුනක් වැඩිමල්..ඇදුම් මාරු කරන් ආව මං සුරේශ් අයියා එක්ක කතාවක් දාන් පිගන් කෝප්ප හෝදලා දැම්මා..වෙලාවකට ඒව හෝදන්න ඕනි රෙස්ටුරන්ට් එකේ තැනක් කොතනක් නැතුව අතු ගන්න ඕනි මේස පුටු පිහදන්න ඕනි තවත් වෙලාවකට මට උයන්නත් වෙනවා..එක වැඩක් කියලා නෑ කරන්න තියන හැම දේම කරන්න වෙනවා..

" විවේන් ඕක කරලා ඉවරනම් අර මේස ටික පිහලා දානවා..එකින් එක ඇන ඇන කියන්න බෑ මට බලලා කරනවා.."

" හරි සර්.."

දැක්කනේ..මේ මිනිහා මට පුදුම වදයක් දෙන්නේ..

සර් කිව්ව විදිහට මේස අස් කරන්න යද්දි කිව්ව වගේම අද සෙනග ගොඩයි..

සර්ගෙ දුව අදත් ඇවිල්ලා පැත්තකට වෙලා පොතක් කියව කියව  ඉද්දි මං එයාව මගෑරලා අනිත් මේස ටික ඉක්මනට පිහන්න ගත්තා..

දැන් එතුරු එයා ඉන්න මේසෙ විතරයි..එතෙන්ට යනවද නැද්ද කියලා දෙතුන් පාරක්ම කල්පනා කරපු මං..එයාට ඩිස්ටර්බ් වෙන් නැති වෙන්න ඉක්මනට මේසෙ පිහලා යන්න හැදුවත්..

" ඔයා විවේන් නේද.."

" අහ්.ඔව්.."

" මං ඔයාව දන්නවා..දේශාන්ගෙ යාලුවෙක් නේද.."

" ඔ_ඔයා එයාව දන්නවද.."

" ඔව්..පැරිස්වල අපි දෙන්න එකට හිටියේ.."

" එයා දැන් කොහෙද.."

මට පුදුම සතුටක් දැනුනේ අවුරුද්දකට පස්සෙ එයා ගැන පොඩි හරි දෙයක් දැන ගත්තම කියා ගන්න බැරි තරම් සතුටක් දැනුනේ..මං ඉක්මනට එයාගෙ අත් දෙම අල්ල ගත්තා..

" කියන්නකෝ එයා කොහෙද දැන්.."

" අහ්..දැන් දවස් හතරක් අපි  මෙහෙට ඇවිල්ලා..දැන්නම් එයා ඇත්තෙ අපෙ ගෙදර.."

*****

😪👍

vote 👇

අලුත් එක 👉👈

Share This Chapter