Back
/ 31
Chapter 25

Part 25 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

"  දේශී........."

" දේශ්......"

" නෑ..නෑ ඒක වෙන්න බෑ...දේශී අනේ.."

ගන් එකේ අන්තිම සිල්වර් බුලට් එක දේශිගෙ පපුව පසාරු කරන් යද්දි එයා මගෙ අත් උඩටම කඩන් වැටුනා..

නෑ ඒක මං නෙවෙයි කරේ..මගෙ අත් උඩම අත් තිබ්බ අත්තම්මා මට හිතන්නවත් ඉඩ නොදී ඇහිපිල්ලමක් ගහන වේගෙන් මගෙ අතින්ම කොකා ගැස්සුවා..මං එයාව මරන්න නෙවේ දෙයියනේ ගියේ ඒත්..

" දේශි අනේ..කතා කරන්නකෝ දේශි...නෑ නෑ ඒක වෙන්න බෑ..ම්_මං.."

" දේශ්...මල්ලි නැගිටපන්.."

හර්ෂ අයියයි සුදු අයියයි ඒත් එක්කම එද්දි ශනිල්කගෙන් ඈත් උන රදී අයියා අපි ලගට දුවන් ආවා..

" එහාට පලයන්..."

" අයියේ ම්_මං..."

" උබට සතුටුද දැන් අහ්..කියපන්..මගෙ එකාව මරා ගත්තම උබට සතුටුද.."

" විවේන් වරෙන් යන්න.."

අත්තම්මා මාව ඇදන් යන්න හැදුවත් මං ඒ අත ගසලා දාලා ආයෙත් දේශිව තුරුල් කර ගත්තා..

" අහ් උබ අවමගුලටත් ඔහොම්ම ඉදලම වරෙන් ඒනම්..ඕකට ආයෙ බේරුමක් නෑ..මගෙ මිනිහා මරපු පලිය මං ගත්තා.."

මට ආපිට දෙන්න උත්තර නෑ..මං ඉන්නෙ මේ ලෝකෙ සිහියක නෙවෙයි හිතා ගන්න බෑ උන දේවල් මෙච්චර ඉක්මනට උනාද කියන එක..

රදී අයියා මගෙ අතින් දේශිව ඇරන් තුරුල් කර ගද්දි ඇස් කොනෙන් මං දැක්කා අත්තම්මා නෝන්ඩියට හිනා වෙලා යන්න යනවා..

" ද්_දේශී.."

" විවේන් උබ.."

" අයියෙ මට සමාවෙන්න ම්_මං ඒක හිතලා කරේ නෑ.."

" මොනාද උබ හිතලා නොකරෙ කියපන්..මෙච්චර කල් මගෙ කොල්ලට බොරුවට ලන් වෙලා ආදරේ කරලා මූව රැවැට්ටුවා..දේශ් උබට කොච්චර ආදරේ කරාද කියන්න උබ දන්නවද..මූ විතරක් නෙවෙයි විවේන් උබට මාත් ආදරේ කරා..ඒත් අයියටයි මල්ලිටයි දෙන්නටම එක්කෙනෙක්ට ආදරේ කරන්න බෑ නේ ඒකයි මං මූට උබව දීලා ඈත් උනේ..මාත් උබට නොසෑහෙන්න ආදරේ කරා විවේන්..ඒත් උබ.."

දෙයියනේ අයියා..මෙච්චර කල් එයත් මට ආදරේ කරා කිව්වම මට උත්තර දෙන්නෙ කොහොමද කියලා පවා හිතා ගන්න බැරි උනා..

" උබ බොරු පලියක් මුගෙන් ගත්තේ..උබ ඇත්ත දන්නෙ නෑ අර ගෑණි හැමදාම උබව රවට්ටලා ඒකිට ඕනි දේවල් කරව ගත්තා..උබෙ අම්මයි තාත්තයි මූ නෙවෙයි මරලා දැම්මේ අපෙ අම්මවයි තාත්තවයි තමා උබෙ සීයා මරලා දැම්මේ..උබට අත්තම්මා හරි ඉතුරු උනා ඒත් අපිට..මායි මල්ලි කොච්චර දුක් වින්දද ජීවත් වෙන්න..අඩන්න එපා විවේන් බොරුවට..මගෙ කොල්ල වෙනුවෙන් ඔය ඇස්වලින් එක කදුලක්වත් වැටෙන්න ඕනි නෑ..අහගනින් ඇත්ත මොකක්ද කියලා උබ දැන්වත් දැන ගන්න එපැයි.."

" තොගෙ සීයා මගෙ අම්මට ආදරේ කරා ඌට මගෙ අම්මවයි තාත්තගෙ බලෙයි ඕනි වෙලා තාත්තව මරලා ඒ මිනිහා ඇල්ෆා කෙනෙක් උනා..අන්තිමට මගෙ අහිංසක අම්මට උනේ උබෙ අත්තම්මගෙ අතින් මැරුන් කන්න..කොච්චර විශ්වාස කරන්න අමාරු උනත් ඒ තිරිසන් මිනිහගෙ අත්වලින්ම තමා උබෙ අම්මයි තාත්තයිත් මරලා දැම්මේ..ඒකයි ඇත්ත් විවේන්..මූ ගත්තේ මුගෙ අයිතිය ඌට ආයෙ හම්බුනේ තමන්ගේ තාත්තගෙ බලය..තව එකක් ඔය මහ ලොකු ලූනගෙ අතිවලින්ම උබෙ මරණෙත් ලියවෙන්න ගිහින් ඒකෙනුත් උබව බේර ගත්තේ වෙඩි කාලා මේ වැටිලා ඉන්න එකාම කියන එකත් අමතක කරන්න එපා.."

මොනාද මේ අයියා කියන්නේ..හැමෝමව මරලා දැම්මේ මගෙ සීයයි අත්තම්මයිද එතකොට..බොරූ..අයියා බොරු කියන්නේ..අත්තම්මා කොහොමද මාවත් මරන්න හදන්නේ..නෑ ඒක වෙන්න බෑ..

මං පපුව අල්ලන් නැමෙද්දි ශනිල්ක එක්ක ඔට්ටු උන සුදු අයියයි හර්ෂ අයියයි දුවන් ඇවිත් දේශිව බදා ගත්තා..

අනේ මටත් එයාව තුරුල්කර ගන්න ඕනි දෙයියනේ..රදී අයියා මට එයාට අතවත් තියන්න දෙන්නෙ නෑ ඒත්..

" දේශ් බබා..ඇයි මේ මං දිහා බලන්නකෝ..අනේ රදී එයාව බේර ගන්න..එක්කන් යන්කෝ..මගෙ බබාට මුකුත් වෙන්න දෙන්න එපා අනේ හර්ෂ.."

" රදී ගනින් කොල්ලව.."

අයියා දේශිව අත්දෙකටම උස්සන් නැගිට්ටා..

සුදු අයියාට උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව හර්ෂ අයියා බදාන හුගාක් අඩනවා..එතකොට මං..මගෙ හුස්ම පවා නැවතිලා වගේ..වචනයක්වත් කතා කර ගන්න බැරි තරම් පපුවත් අල්ලන් බිම ඉදන් හිටිය මං හෙමීට නැගිට්ටා..

මගෙ ලෝකෙ එක තැන නැවතිලා වගේ..එක නිමේෂෙකින් ගොඩාක් දේවල් උනා..මං එයාට ආදරේ කරේ නැත්තෙ නෑ..මං දේශිට ඉස්සර ඉදන්ම ආදරේ කරා..ඒත් අත්තම්මා මට ඒකට ඉඩ දුන්නෙ නෑ..එයා මාව රැවැට්ටුවා..මගෙන් ප්‍රයෝජන ගත්තා..

අයියලා යන්න යද්දි මං හර්ෂ අයියගෙ අතින් අල්ල ගත්තා..

" අනේ අයියේ..ම_මං ඒක..දෙයිනයනේ මං මෙච්චර කල් හිතන් හිටියෙ එයා_"

"ඒයි පොඩ්ඩෝ..අපි ඒ ගැන පස්සෙ කතා කරමූ..දැන් මූව බේර ගන්න විදිහක් බලපන්.."

"මගෙ පන දීල හරි මං එයාව බේර ගන්නවා.."

" නෑ..මුගෙ පන ගත්ත එකාම කොහොමද ආයෙ පන දෙන්නේ..උබෙ අත්තම්මගෙන් පරිස්සම් වෙලා පාඩුවේ ඉදපන්..ආයෙ මූට උබෙ හුස්මවත් වැටෙන්න තියන් නෑ මං."

" අයියා මං___"

එයාලා යන්න ගියා..දේශිවත් එක්කන් එයාලා යන්න ගියා..

මං දැන් මොනාද කරන්න ඕනි..තේරෙන් නෑ මට කියන්න ඕනි මොනාද කරන්න ඕනි මොනාද කියලා මට තේරෙන් නෑ..අයියලා යන්න යද්දි මං එහෙම්ම බිම ඉදගෙන මහ හයියෙන් අඩන්න ගත්තා..

අත්තම්ම ලගපාතකවත් නෑ..එයාට මොනාද ඕනි උනේ..දේශිව හරියට මරලා දාලා එයාගෙ බලේ ගත්තෙත් නෑ එයාට ඒක නෙවෙයි ඕනි උනේ..එතකොට එයාට ඕනි මාවද..වෙන්න පුලුවන්..මගෙ බලේ මගෙ ශක්තිය එන්න එන්න වැඩි වෙනවා..මාව මරලා දැම්මොත් ඒ හැම දේම ඒ කෙනාගෙ වෙනවා..

" ශ_ශනිල්ක.."

" මං උබෙ අත්තම්මව මැරුවට කමන් නැද්ද.."

" ශනිල්ක..."

" උබ එපා කිව්වත් නැතත් මං ඒක කරනවා.."

අයියලාගෙන් ගුටි කාලා වැටිලා හිටිය ශනිල්ක අමාරුවෙන් මං ලගට ඇවිල්ලා අත්තම්මව මරන්නද අහද්දි දෙන්න ඕනි උත්තරේ මට තේරුන් නෑ..මං දැන් අත්තම්මට වෛර කරන්නද..අයියා කිව්ව දේවල් ඇත්තනම් ඒක සාධාරණයි..ඒත් ඒක එහෙම නෙවෙයිනම්..රදී අයියට ඒ වගේ බොරුවක් මේ වෙලාවෙ කියන්න කිසිම උවමනාවක් නෑ..ඒ කියන්නේ මගෙ අම්මවයි තාත්තවයි වගේම දේශිගෙ අම්මා තාත්තා පවා මරලා දැම්මේ සීයයි අත්තම්මයි..මාව පවා මරන්න යද්දි දේශි මාව බේර ගෙන..එතකොට මගෙ ජීවිතේ බේරලා මට පන වගේ ආදරේ කරපු කොල්ලවද මං මරන්න ගියේ.. අත්තම්මා මගෙ හිතේ තනිකර දේශි ගැන ඇති කරේ වෛරයක් ඒත් එයාගෙ ආදරේට ඒ වෛරේ නැති කරන්න පුලුවන් උනත් අන්තිමට මං එයාව මරන්න තීරනේ කරා..ඒත් අන්තිම මොහොතේ මට එයාට ඒද්දන්න ඕනි උනේ නෑ..ඒක මං කරපු දෙයක් නෙවෙයි ඒ හැම දේම අත්තම්මා නිසා..

" මරලා දාන්න.."

හැම දේම ගැන හිතලා මං මගේ තීරණේ කියද්දි...කට කොනෙන් හිනා උන ශනිල්ක යන්න ගියා..ඔව් අත්තම්මා මැරෙන්න සුදුසුයි..මං රදී අයියා කිව්ව දේවල් විශ්වාස කරනවා..

සාදාරණයි අත්තම්මා එයාවත් පාවිච්චි කරලා ගොඩක් පව්කාර වැඩ කරා.. අන්තිමට ශනිල්ක හොයා ගත්තා එයාව control කරන කෙනා..ඒ කියන්නේ එයත් ලෑස්ති එයාගෙ පලිය ගන්න..

මං තනි උනා..හැමෝම යන්න යද්දි තනි උන මං..ගහකට වාරු වෙලා ගග දිහා බලාන බිම ඉද ගත්තා..

මගෙ දේශිව බේරලා දෙන්න දෙයියනේ..සිල්වර් උන්ඩයක් පපුවටම බැස්ස කෙනෙක් මේ වෙනකන් ජීවත් වෙලා නෑ..ඒත් මගෙ දේශිට මුකුත් වෙන් නෑ මුකුත්ම නෑ..එයාට එයාගෙ අයියලා ඉන්නවා..

මගෙ අත් දිහාම බලාන මං කල්පනා කරා..මේ අත්වලින් නේද මං එයාට එහෙම කරේ..මට සමාවෙන්න මගෙ දේශී මට ඔයා නැතුව ඉන්න බෑ මං ඔයාට ගොඩක් ආදරෙයි..ආයෙත් මං ලගට ඇවිත් චූටි මැණික කියලා මාව තුරුල් කර ගන්න දේශි..ඔයාගෙ චූටි මැණිකට සමාව දෙන්න..

උබෙ හුස්මවත් නොවිද ඉන්න බෑ මට..අයියා මගෙන් ඔයාව කොහොම හන්ගන්න හැදුවත් මං ඔයාව හොයාන කොහොම හරි එනවා..

දේශී..තාත්තෙක් වගේ මට ආදරේ කරා..මගෙ ඇත්ත දැන දැන මගෙ අතින් එයා මැරෙන්න පවා ඉඩ තියනවා කියලා දැන දැනත් මට ආදරේ කරන්න තරම් ඒ හිත එච්චර හයියද..

මං ඔයාට ආදරෙයි දේශී මට ඔයා නැතුව ඉන්න බෑ..

*****

😪👍

vote.👇

Share This Chapter