Chapter 2: ලිව්ම ( part 1 )

තුන්කොන් BLWords: 32178

සසිරු pov

ඉන්ද්‍ර දිශාවට ඉඹුල් විමානෙට ඉරු දෙවි අධිපති වන්නේ...

රන් සිරිවස ගෙන සුරත දරාගෙන තුරගෙකු පිට වැඩ ඉන්නේ...

ඇතියම් රෝ දුක් දුරැර දමා නිති චිරත් කලක් සෙත දෙන්නේ..

ඉන්ද්‍ර දිසාවෙන් ඉරු දෙවි වැඩලා ග්‍රහ මේ දොස දුරලන්නේ..

" හරි..ඒක තමා තාලේ මැදුම් මහ දෙතිතට යන්නෙ..ග්‍රහ පන්ති කවි අයත් වෙන්නේ බලි ශාන්තිකර්මයට..ග්‍රහයන්ගෙන් පැමිණෙන සියලු අපල උපද්‍රව දුරුකොට සෙත් සාන්තියක් ලබා ගැනීම අරමුණ.."

" සසිරූ.........."

" පොඩ්ඩක් කෑ නොගහා හිටපන්කෝ මං මේ ළමයිට පාඩම් කියලා දෙනවා.."

" අනේ එනවකෝ.."

" වද දෙන්න එපා මිනිහෝ.."

" සසිරු වරෙන්කෝ.."

" ඔහොම ඉන්න නංගිලා මං ගිහින් එන්නම්.."

මුලු ජීවිතේම ඩාන්සින් උන මට ලස්සන පොඩි හීනයක් තිබුනා..කවදා හරි දවසක දක්ශ ඩාන්සර් කෙනෙක් වෙන එක වගේම මං ඉගෙන ගත්ත දේවල් අනිත් අයටත් උගන්නන්න..

මං හිටියෙ එකොළහ වසරෙ නංගිලා ටිකකට ඩාන්සින්වල පොඩි පාඩමක් කියලා දෙන ගමන්..එයලා නිතරම පාඩම් අහ ගන්න මාව හොයාන එනවා..මතීශ් කෑ ගහන නිසා මං එයාලට ටිකක් ඉන්න කියලා නැගිටලා එන්න ආවා..

මහෙ ගොඩක් ලස්සනයි..ඇළ දොළවල් වගේම කුඹුරු බලන බලන තැන තිබුනත් ගමේ ජීවිතේ ටිකක් දුශ්කර උනා..

අපෙ සීයගෙ කුඹුරෙ අයිනට වෙන්න තියනවා පොඩි පැලක්..පොඩි කාලෙ ඉදන්ම පාඩම් කරන්න වගේම තනි වෙන්න ඕනි උන හැම මොහොතෙම මං ආවෙ මෙතෙන්ට..පැලත් එක්කම තිබුන අඹ ගස් වත්තෙ කවදාවක් අඹ නොතිබිලා නෑ.. මතීශයයි මායි ජීවිතේ වැඩි හරියක් කාලේ ගත කරේ මේ හරියේ..

පැලේ හිටිය මං අඹ ගස් පැත්තට ගියේ මතීශ් එහෙ ඉදන් කෑ ගහන නිසා..

ඒ පාර මොන මගුලක් කරගෙන දන්නෑ කෑ ගහන්නේ..ඔය මතීශ් ඉන්නව නේද කටින් විතරයි වැඩ..

" සසිරූ.........."

" එනව යකෝ..ඇයි මොකද.."

" මේ මේකයි.."

" ඔව් මොකක්ද.."

" බැහැ ගන්න බෑ ඕයි.."

මං කිව්වේ මුගෙ කට විතරයි කියලා..උස අඹ ගහකට නැගලා බැහැ ගන්න බැරුව රිලවෙක් වගේ එල්ලිලා බලන් ඉන්න කැත විතරක්..

" ඉතින් මං මොන කරන්නද.."

" පහලට ගනින් මාව.."

" මට බෑ නැන්ග විදිහටම බහින එකයි ඇත්තේ.."

" එහ්..පිස්සුද ඕයි ඕම ඉන්නවා උදව් කරපන් යකෝ.."

" බෑ.."

" සසිරූ..හු#තක් කරන්න එපා මාව බිමට ගනින්.."

යන්න ගිය මං ආපිට හැරුනේ නහයෙන් අඩන මතීශයාව බිමට ගන්න හිතානනම් නෙවෙයි..

" කුණුහරප කියන්න එපා මතීශ් මං කියලා තියනවා උබට.."

" යැයි යැයි තමා..මට බහින්න උදව් කරපන් මයෙ අම්මා.."

" ඉනිමගක් අරන් එන්නම් ඉතින් හිටපන්.."

" ආදරෙයි අහස තරම්.."

කොච්චර කරත් රිලවෙක් වගේ ඌට ගහේ එල්ලිලා ඉන්න දෙන එක හරි නෑ නේ..මතීශ්ට එහෙම්ම ගහ උඩම ඉන්න ඇරලා මං ඉනිමගක් ඉල්ල ගන්න ලගම තිබ්බ අපෙ මාමලා ගෙදර ආවා..

" සුනිල් මාමේ.."

" මාමේ.."

" ඕ.."

" අහ් මේ සසිරු පුතා මොකෑ මේ පැත්තේ.."

" මාමේ ඉනිමග පොඩ්ඩක් දෙන්න පුලුවන්ද.."

" අර මක්කටැයි.."

" රිලවෙක් අඹ ගහක් උඩ බැහැ ගන බැරුව හිර වෙලා ඌට බහින්න උදව් කරන්න.."

" හෑ.."

" නෑ නෑ මුකුත් නෑ.."

" ඉනිමග පිලිකන්නෙ ඇති ගිහින් ගනින්.."

සුනිල් මමා කියන්නේ මේ මගෙ අම්මගෙ අයියා කෙනෙක්..එයාගෙම නෙවෙයි අම්මාගෙත් නැන්දගෙ පුතාද කොහෙද..

" කව්ද අපෙ මහත්තයා ආවේ.."

"  සසිරු කොල්ලා..ඉනිමග ඉල්ලන් යන්න ආවේ.."

" අම්මා මරාන ඉපදුන එකා..අපෙ මහත්තයා ඕකව ගෙන්න ගන්න එපා ඕකා මහ අසුබයි..මං කැමති නෑ ඕකව මේ පැත්ත පලාතටවත් ගෙන්න ගන්නවට..එක පරකුත් ඕකා ඇවිල්ලා ගියාම යස අගේට තිබ්බ කෙසෙල් ගහ කඩාන වැටුනා උගෙ ඇස්වහ වැදිලා මගෙ හිතේ..ගමේ උන් කියන කතා හරි..අද මොනා මොනා වෙයිද දන් නෑ ඕන්.."

" මැණිකෙ මං කියලා තියනවා උබට ඔහොම කතා කරන්න එපා කියලා කටවහන් ගෙට පලයන් කොල්ලට ඇහුනොත් හිත රිදේවි.."

මට ඇහේවි කියලා මාමා නැන්දට ගෙට යන්න කිව්වට ඒ කිව්ව හැම වචනයක්ම එකක් නෑර මට ඇහුනා වෙද්දි මං ඉක්මනට ඉනිමග අරන් එන්න ආවා..

අම්මා මරාන ඉපදුන එකා..මං හෙන අසුබයි..ඔය වචන ටික අහන්නේ මං පොඩි කාලේ ඉදන්..ඒ කාලෙනම් ඒ වචනවලට නොසෑහෙන්න රිදුනා ඒත් දැන් ඒවට මං හුරු වෙලා..ඔව් මං මගෙ අම්මා මරාන ඉපදුන එකා තමා..මාව අම්මට හම්බෙද්දි මගෙ අම්මාට වයස අවුරුදු දා හතයි හරියට දැන් මගේ වයස වගේ..මං නිකන් අත්වැරදීමක් විතරයි..ඒත් මං හම්බෙන්න ඉද්දි අම්මා මට ගොඩාක් ආදරේ කරලා..දැන් මට කියලා ඉන්නෙ මගෙ අප්පච්චි විතරක් වෙද්දි එයා එදා ඉදන්ම මාව උස් මහත් කරන්න ගොඩාක් මහන්සි වෙනවා..

" සසිරූ මයෙ අම්මා ඉක්මනට ආව නේද ඉතින්.."

" ආ බැහැපන් දැන්.."

මං ගහේ ඉනිමග හේත්තු කරලා රිලා පැටියා බහිනකන් ඒක අල්ල ගත්තා..

" මේ උඩ බලන්න එපා සසිරුවා ඈ ජොකා විතරයි ඇදන් ඉන්නේ.."

" කට වහන් බැහැපන්කො ඉක්මනට.."

" ආයෙනම් සරන් අදින් නෑ හොදේ.."

" ඉතින් මං කිව්වද උබට අදින්න කියලා.."

" නිකන් ආසාවට ඇන්දෙ ඉතින්.."

මං වෙලාවකට සරමක් ගහන් ඉන්න නිසා මතීශ්ටත් ඕනි උනා ඒකම කරන්න..ඊයෙ හීනෙනුත් දැක්කලු පොර සරමක් ඇදන් ඉන්නවා..ඒ නිසා ආස හිතිලා උදේම අපෙ ගෙදර දුවන් ඇවිත් මට කියලා සරමක් අන්දව ගත්තත් එයාට හුරු නෑ ඕවා ඇදන් ඉදලා ඒත් ඉතින් ආසාව නිසා මගෙ සරමක් අන්දව්වා..මූටත් වෙලාවකට මාර ආතල් එන්නේ..

" අම්මොහ්..කොන්දත් රිදෙනවා.."

" ඉනිමග ගිහින් දෙන්න සුනිල් මාමට.."

" අයියෝ තනියම යන්න බෑ ඔයත් යන්.."

ආයෙ එහෙ යන්න හිත නොදෙද්දි මං මූණ එල්ල ගත්තා..

" ඇයි ඇයි මොකද..අර මායාකාරි මොනා හරි කිව්වද.."

" මුකුත් නෑ.."

" වරෙන්කො යන්න.."

මතීශ් ඉනිමග කරේ තියාන එක අතකින් මාවත් ඇදන් ගියා..මූට පුදුම හයියක් තියෙන්නෙ මොනා උනත්..මං අත් දෙකෙන්ම ඉනිමග උස්සන් ආවෙත් හෙන අමාරුවෙන් ඒකට මේකා..

" සුනිල් මාමේ..ආ ඔයාගෙ ඉනිමග.."

" අපෙ අප්පේ ඉස්කෝලේ මහත්තයාගෙ මුනුබුරානේ..එන්න පුතේ.."

" පෙනේද සසිරූ මේ මායාකාරිගෙ පැණිය.."

නැන්දා නලවලා කරලා මතීශ්ට කතා කරද්දී..මේකා මගෙ කනට මිමිණුවා..

" කොල්ලා එන්න එන්න ලස්සන වෙනව අප්පා..ඉස්කෝලේ මහත්තයා හරී වාසනා වන්තයි.."

" අහ් නැන්දේ මෙන්න ඔයාගෙ ඉනිමග.."

" මූ ඉස්සල්ල ඇවිල්ලා මේකද අරන් ගියේ..එහෙනම් ඉතින් හෙට අනිද්දාම මේකත් කැඩිලා යයි.."

නැන්දා මට දොස් තියන ගමන් මතීශ් අතින් ඉනිමග ගන්න අතරෙ මතීශ් ඒකිට දැම්මෙ මරාගෙන කන්න පුලුවන් වගේ බැල්මක්..

" අපෙ සීයගෙ වාසනාවත් නැති වෙලා ගිහින් මගෙ ලස්සන පියකරු මූණෙ පිම්පල් එකක්වත් දායිද මංදා.."

" ඇයි.."

" නෑ මේ මායාකාරියෙක්ගේ කට වහයි ඇස්වහයි වැදිලා.."

ඒකටනම් නැන්දගෙ මූණ පුංචි වෙලා ගියා..අම්මපා මූට කටක් නෙවෙයි තියෙන්නෙ වක්කඩයක්..

මතීශ් කැමති නෑ වචනෙකින් හරි කවුරු හරි මගෙ හිත රිද්දනවට..ඒ නිසා මෙයා ඉස්සර ගමේ මිනිස්සු එක්ක රණ්ඩුවටත් යනවා..දවසක් මට බැන්න අයියා කෙනෙක්ට හොදටම ගහලා ඉස්කෝලේ මහත්තයා මෙයාව වැස්සෙම මිදුලෙ දණ ගස්සලත් තිබ්බා..

නොතේරුම් කමට ඒ කාලෙ එහෙම කරාට මූයි මායි මේ වෙද්දි මිනිස්සු ගැන නොසෑහෙන්න තේවල් තේරුම් ගත්තා..එක එක මිනිස්සුන්ගේ මානසික මට්ටම් වෙනස් නේ..අපිත් එයාලා ගානට නොවැටී ඉන්න අපිම දැන ගන්න ඕනි..අපිට බෑ මොනා උනත් එයාලගෙ කටවල් වහන්න..ගමේ මිනිස්සු එක අතකට හරි මෝඩයි..

" මේ නංගිලා අදට ඇති ඈ අපි ගෙදර යනවා ඔයාලා ඔන්නම් තව ටිකක් පාඩම් කරලා යන්න.."

" ඒයි මං එයාලට ඒ පාඩම කියලා දීලා ඉවර නෑ.."

" කරන්න දෙයක් නෑ හෙට අනිද්දම නංගිලාට පාඩම් අහ ගන්න වෙන කෙනෙක් හොයා ගන්න වෙයි අපි ගියා හොදේ.."

අපි යනවා කියද්දි කෙල්ලො ටිකගෙ මූණු ඇද වෙලා ගියා..පාඩම් අහ ගන්නම නෙවෙයි මෙයාලා මාව හොයාන එන්නෙ කියලා මං නොදන්නවා නෙවෙයි..ගමේම ඇහැට කනට පේන ලස්සන කොල්ලෙක්ට ඉස්සර ඉදන්ම ඉන්නෙ මං වෙද්දි ගමේ කෙල්ලො ටිකගෙනම් අවදානේ ඒ කාලෙ ඉදන්ම ඔනෑවටත් වඩා..උන්ගෙ අම්මලානම් කැමති නෑ උන් මාව ආශ්‍රය කරනවට ඒත් පොඩි උන්ගෙ හිත්වල මහ උන්ගෙ වගේ හනමිටි අදහස් තිබුන් නෑ..මතීශ් කොච්චර ලස්සන උනත් කෙල්ලො ටික ඔක්කොම දන්නවා මූවනම් දැලේ දා ගන්න එක හෙනම අමාරුයි කියලා අනික ඉස්කෝලේ මහත්තයාගෙ මුනුබුරා නේ..

" මේ සසිරුවා.."

" ම්ම්ම්.."

" ගම දාලා යන්නත් ලෝබයි බං.."

ඇළ අයිනෙන් තියන පුංචි අඩි පාර දිගේ ඇළේ මාලුන්ටත් බායි එකක් දාන අපි දෙන්නා යන්නෙ අපේ ගෙදර..

ලෝබයි තමා මෙච්චර ලස්සනයි තැනක් දාලා යන්න හිතෙන්නෙ කාටද..මං වැඩියෙන්ම ආස කොල පාට ලෝකෙ තනි වෙලා ඉන්න..නිස්කලංක තැනක ලස්සන කතා පොතක් කියවනවා කියන්නේ මගෙ ජීවිතේ මං ආසම කරන දෙයක්..

ඒත් ඉතින් නුවරත් ගොඩක් ලස්සන පැත්තක් නේ..

" ආ රස්තියාදුවේ ගිහින් දැන්ද එන්නෙ කොල්ලො දෙන්නා.."

" පිස්සුද අප්පච්චි..අපි දෙන්න ඒම රස්තියාදු ගනවද.."

ඒ මගෙ අප්පච්චි..පිලේ ඉදගෙන වේවැල්වලින් කූඩ හද හද හිටිය අප්පච්චි ලගින් මතීශ් ගිහින් වාඩි වෙද්දි මං ඈතට වෙලා එයාලා දිහා බලන් හිටියා..

මගෙ අම්මා මගෙ අප්පච්චි මගෙ හැම දේම එයා..ලොකු වයසක් නෑ..මාව හම්බෙද්දි අම්මයි අප්පච්චී දෙන්නම ගොඩක් පොඩී..අප්පච්චිට විස්සයි අම්මට දා හතයි..ආදරේ දරා ගන්න බැරිම උන දවසක එයාලා කාටත් හොරාවට හැම සීමාවක්ම බිදලා තිබ්බා..ඉතින් මගෙ අම්මා එයා වගේම ලස්සනට මාව අප්පච්චිට දීලා යන්න ගිහින්..

" අප්පච්චි හෙට ටව්මට යන්නද.."

" ඔව් සුදූ..මේ ටික ටව්මෙ කඩේට දීලා එන්නම්.."

" මං කිව්ව නේ අප්පච්චි කඩේ මුදලාලි බඩුවලට හරියන්න ගානක් දෙන්නෙ නෑ කියලා.."

" කටවහන් ඉදපන් සුදූ එහෙම හරි සොච්චමක් දෙනවනේ ඒ මනුස්සයා.."

" ඒත් අප්පච්චි ඔයාගෙ මහන්සි__"

" ඇත්ත ඇත්ත සසිරුගෙ කතාව ඇත්ත අප්පච්චි මහන්සියට හරියන්නවත් ගානක් දෙන් නැත්තන් අපි වෙන කඩයක් බලමූ.."

" උබලා පැහෙන් නැතුව ඉදපන්කෝ සුදු මහත්තයා ඒවා මං බලා ගන්නම්.."

" අහ් මේ අන්න උබට ලිව්මක් ආවා ලාච්චුවේ ඇති ගිහින් බලපන් සුදූ.."

මතීශයයි මායි මූණෙන් මූණ බලා ගත්තා..

ලිව්මක්..මට..ඒ කියන්නේ..

හිතේ බලාපොරොත්තු ගොඩාක් පුරවන් මං ශනික ගේ ඇතුලට දුවලා කබඩ් එකේ ලාච්චුවේ දාලා තිබ්බ ලිව්ම අතට ගත්තා..

" සසිරූ..මෙහෙ අරන් වරේන් තනියම එහෙම බලන් නෑ.."

නෑ ඒක කොහොමත් මං තනියම බලන් නෑ..ඒ හීනෙට තවත් අයිති කාරයෙක් ඉන්නව නේ..මට ඒ හීනෙ පෙන්නුවෙ මතීශ් වෙද්දි ඉතින් කොනෙන්ද හීනෙට යන පාර දිහා තනියම බලන්න අයිතියක්..

ලිවමත් අරන් එළියට ආව මං අප්පච්චි මතීශ්ගෙයි මැද්දෙන් පිලේ වාඩි උනා..

" ඔන්න කඩනවා.."

" කඩපන් කඩපන් ඉක්මනට.."

මං හෙමින් සීරුවේ පරිස්සමින් ලිව්ම කැඩුවා..

මටත් නොදැනී මගෙ ඇස්වලට කදුලු ඉනුවා..නෑ මගෙ විතරක් නෙවෙයි මතීශ්ගෙයි අප්පච්චිගෙයි පවා ඇස් කදුලු වලට දිලිසෙනවා..

අවුරුදු ගානක අපි තුන්දෙනාගෙම මහන්සියක ප්‍රතිඵල..

" යේහ්..සසිරුවා..ඉන්ටවිව් ඇවිලා..ඕයේ ආයෙ ගේමක් නෑ උබ කොහොමත් දැන් ඉස්කෝලේ තමා..අප්පච්චි බලන්න බලන්න ඔයාගෙ සුදූ නුවර ඉස්කෝලේට යනවා.."

" බුදුසරණයි මගෙ කොල්ලට.."

මතීශ් ලිව්මත් උස්සන් උඩ පනිද්දී මං අප්පච්චිගෙ කකුල් අල්ලලා දණ ගහලා වැන්දා..

" හොදට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙන්න ඕනී.."

" අප්පච්චි මේ මගෙ ලිව්වත් එන්න ඇති නේ.."

" ආව සුදු මහත්තයා..ඉස්කෝලේ මහත්තයා අරන් ගියා.."

" ඕයෙහ්හ්...."

" සුදු මහත්තයා.."

" ම්ම්ම්.."

" පින් සුදු මහත්තයා..මගෙ කොල්ලට ලස්සන හීනයක් පෙන්නුවාට.."

" නෑ අප්පච්චි..මං හීනෙ පෙන්නුවා විතරයි..මාවත් එක්කන් හීනෙට යන්න ගොඩක් මහන්සි වෙලා පාර කැපුවෙ මූම තමා.."

එයා කදුලු හන්ගන් මට හිනා උනා..

මතීශ්ව මට මුලින්ම හම්බුන දවස මතක් උනා..එතකොට මං හය වසරේ..මහා වසවර්ති කොල්ලෙක් ඇවිල්ලා මට එහා පැත්තෙන් ඉද ගත්තා..මූණෙ හිනා පොදක් නෑ පුදුම නපුරුකමක් තිබ්බේ..එයා හරි දගයි ඉස්කෝලේ වැඩ මුකුත්ම කරන් නෑ ඒ නිසාම එයාගේ අම්මයි තාත්තයි ඉස්කෝලේ මහත්තයාගෙ ගෙදර නතර කරලා එයාව ගමේ ඉස්කෝලේට දැම්මා..ඉස්කෝලේ මහත්තයා නිතරම මාව හොයන් එනවා මතීශ් එක්ක සෙල්ලන් කරන්න එක්කන් යන්න..හෙමීට හෙමීට අපි දෙන්නා ගොඩාක් ලන් වෙලා හොදම යාලුවෝ උනා..මාත් එක්ක ඉදලම එයාගෙ දගෙත් ටික ටික අඩු උනා..හොදට ඉගෙන ගත්තා.. මං නිතරම එයාට පාඩම් කියලා දුන්නා..ඔහොම කාලයක් යද්දි නවය වසරෙදි විතර එයා කිව්වා එයා එක්ක නුවර ඉස්කෝලේට යන් කියලා මතීශ් පොඩි කාලෙ ගිය ඉස්කෝලේට..නුවර ගැන විස්තර කිව්වා ඉස්කෝලේ ගැන විස්තර කිව්වා..මටත් නොදැනීම නුවර ඉස්කෝලේට යන එක මගෙ ලොකුම හීනයක් උනා..අපි දෙන්නම මහන්සි උනා ගොඩාක් පාඩම් කරා..අප්පච්චිත් ගොඩාක් මහන්සි වෙලා සල්ලි හොයලා මට ඕනි කරන පොත් පත් ඔක්කොම අරන් දුන්නා..අන්තිමට ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට සාමාන්‍ය පෙළට අපි දෙන්නටම A නවයක්..

මං මතීශ්ව බදා ගත්තා..මට සතුටුයි..ගොඩක් සතුටුයි..

මෙච්චර සතුටු ඇයි කියලා හිතනව ඇති..සමහර අයට නුවර ලොකු ඉස්කෝලේකට යන එක පොඩි දෙයක් වෙන්න ඇති..ඒත් අපි වගේ පුංචි ගම්වල කොල්ලො කෙල්ලොන්ට ඒක ලොකු දෙයක්..මෙච්චර කාලෙකට අපෙ ගමෙන් ලොකු ඉස්කෝලේකට ගිය කෙනෙක්ට ඉන්නෙ එක්කෙනයි ඒ අපෙ අප්පච්චිගෙ හොදම යාලුවා ඉස්කෝලේ මහත්තයාගෙ පුතා..මතීශ්ගෙ බාප්පා උන මගෙ තාත්තා විශ්ව..එතකොට ඊලග කෙනා මම හැමෝම කිව්ව අම්ම මරාන ඉපදුන යන යන තැන අසුබක් වෙන කොල්ලා නුවර ඉස්කෝලේකට යනවා..එතනින් නවතින් නෑ මං මට තව හීනයක් තියනවා නැටුන් ගුරුවරයෙක් වෙන්න..ඒ හීනෙටත් මං කොහොම හරි යනවා..

" ඇති ඇති..බෙල්ල යකෝ..මැරෙයි මං.."

" කවද්ද සුදූ ඉන්ටවිව්.."

" ලබන සතියේ.."

" අවුරුදු දෙකක් විතර මං දැන් මගෙ කොල්ලො දෙන්න නැතුව ඉන්න ඕනි නේද.."

" අප්පච්චිත් නුවර ඉමුකෝ.."

" බෑ සුදු මහත්තයා..මට ගම දාලා යන්න බෑ නේ.."

" මගෙ සුදූ ලොකු මහත්තයෙක් වෙලා අප්පච්චිව ගමෙන් එක්කන් යන්නකෝ.."

" අනේ අප්පච්චි...."

" හා හා නාඩ ඉදින්කො දැන්..විශ්වට කෝල් එකක් ගන්නත් ඕනී.."

" අප්පච්චි සසිරුව එහෙද නවත්තන්නෙ එතකොට.."

" ඔව් සුදු මහත්තයා..එහෙ නතර කරන්නමයි කියලා කියනව නේ.."

" අන්න සසිරු උබෙ පරණ යාලුවා එක්ක හිටිය හැකි ගිහින්.."

පරණ යාලුවා ගැන කියද්දි මගෙ හිනාව තවත් වැඩි උනාද කොහෙද..එක වසරෙ ඉදන් පහ වසරට එනකන් මගෙ හොදම යාලුවා සෙනාශ්..එයානම් අහිංසකයි මේ බූරුවා වගේ නෙවෙයි..දැන්නම් ඉතින් මං වගේ ලොකු ඇති..චූටි කාලෙ මගෙ පවුල එයාලා..අප්පච්චි වැඩට යද්දි සෙනාශ්ගෙ අම්මා මාව එයාගෙම පුතෙක් වගේ බලා ගත්තා..කට පුරා මට මගෙ පුතේ කියලා කතා කරා..මගෙ කටිනුත් අම්මා කියන වචනෙ පිට උනේ එයා වෙනුවෙන් විතරයි..මොකද ඒ වචනෙට හරිම අර්ථයක් දෙන්න එයාට පුලුවන් උනා..එයා ඉන්දියාවෙ කෙල්ලෙක්..පුදුම ලස්සනක් තිබ්බේ..අම්මා මොකද තාත්තා මොකද..මට තාම මතයි මං සෙනාශ්ගෙ අම්මාට මං අම්මා කියද්දී මේකි අම්මනම් මං තාත්තා බං තාත්තා කියපන් කියලා මට  කිව්ව විදිහ..ඉතින් එදා ඉදන් එයා මගෙ තාත්තා උනා..තව සුට්ටි මල්ලි බබෙකුත් හිටියා..අනෙ දෙයියනේ එයත් දැන් ලොකු කොල්ලෙක් වෙන්න ඇති..

මේ මතීශයා හරි ඉරිසියයි සෙනාශ්ට..මෙයාගෙ බප්පගෙ පුතා උනාට මෙයාටත් එයා එක්ක ලොකු ආශ්‍රයක් නෑ නේ..මෙයා මෙහෙ එද්දි එයා ගියා නේ ඉතින්..ඉදලා හිටලා අවුද්දට එහෙම නුවර ගියාම හම්බෙනවලු ඒත් ඉතින් දෙන්නා දෙපැත්තට වෙලා රව රව ඉන්නවා ඇත කතා බහා නැල්ලු..මතීශ් හිතන්නෙ දැන් මං එයාව අතෑරලා සෙනාශ් එක්ක ඉදී කියලා..හරි ඉතින් දෙන්නා දැපැත්තෙන් තියන් ඉන්නවා දෙන්නම යාලුවෝ නේ..

" සුදු මහත්තයා මගෙ කොල්ල බලා ගනින් ඈ.."

" ඔයා බය වෙන්න එපා අප්පච්චි මේ මං ඉන්නකන්..එක පගර නැට්ටෙක්ගෙ නැට්ටියෙක්ගෙ හෙවනැල්ලවත් වැටෙන්න දෙන් නෑ හොදේ.."

" උබ ඉන්නකන් ඒ ගැනනම් කොහොමත් බයක් නෑ සුදු මහත්තයා..අන්න කුස්සියේ බත් ඇති බෙදාන කාපල්ලා..පැණි වලලු දෙක්කුත් ඇති..කාලා නාලා කරලා ලෑස්ති වෙන්න හවස පන්සල් ගිහින් එන්න.."

ඒවා ඇවිල්ලා දිව්‍යලෝකෙ කෑමක්..අප්පච්චි ටව්මට ගියොත් ඉතින් අපි දෙන්නට පැණි වලලු දෙකක් අරන් එනවමයි..

මායි මාතීශුයි ගෙට ගියේ බත් කන්න..

මගෙ ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙන්න යන්නේ..හිතේ චූටි බයකුත් තියනවා ලොකූ සතුටක් එක්ක දුකකුත් තියනවා අප්පච්චිව දාලා යන්න වෙන නිසා දුකයි..ඒත් ඉතින් තමන්ගෙ හීනවලට  යන්නනම් දුක සතුට දෙකම දරා ගන්න පුරුදු වෙනවා..

*****

😪👍

පාසල් ප්‍රේමය..ඒකත් හොදම යාලුවෝ අතර..

මේ කොල්ලො ටිකගේ දග වැඩ පිස්සු වැඩ ඉස්සරහට බලමු ඒනම්..

vote..👇