Chapter 39: 35 වන පරිච්ඡේදය

වස්සාන ඍතු 🍂❤Words: 29053

හොස්පිට්ල් එකේ ඉදන් එන ටිකට එයාට හොදටම නින්ද ගිහින්...මටත් ගස්සගෙන සෙසඳු මල්ලි එක්කත් රණ්ඩු වෙලා එලියට ආපු කොල්ලව මම යාලු කරගත්තෙ මගෙ අස්සට ගුලි කරගෙන වෙද්දි එයත් කරේ මගෙ බෙල්ල අස්සට මූණ ගහගත්ත එක...

කපටිකමට කිස් එකක් ඉල්ලුවත් මම කරේ ගෙදර ගිහින් දෙන්නම් කියලා එයාව ශේප් කරගත්ත එක....නිවේන් ලගදි මට මාව පාලනය කරගන්න බෑ...මීට කලිනුත් අපි අතර ඔය වගේ දේවල් උනානම් උනේ මගෙ ඉවසීමක් නැතිකම නිසා වෙනකොට මට ඕනෙ උනේ නෑ අදත් ඒ ටිකම වෙනවා දකින්න...එයා දැන් මේ මගේනෙ...ඉතින් මොකටද ඔය වගේ තැනක එහෙම දෙයක් කරන්නෙ...අඩුම අද මට එයාට කිස් එකක්වත් දෙන්න හිතදුන්නෙ නෑ...මගෙ හිත කීවෙම ගෙදර ගිහින් එයාව තුරුලට අරන් ඇති තරම් ආදරේ කරපන් කියලා වෙද්දි මමත් කරේ එයාව අරගෙන ඉක්මනින් ගෙදර ආව එක...

ගේ ලගට ඇවිතුත් වාහනේ නතර කරලා මම බැලුවෙ මේ තරම් වෙලා ගිරවෙක් වගේ කියවපු මගෙ කොල්ලා ඇයි මේ සද්ද නැත්තෙ කියලා....එතකොටයි මමත් දැක්කෙ කකුල් දෙකත් ශීට් එක උඩට අරන් ගුලිවෙලා නිදන් ඉන්න මගෙ හා පැටියව....නිවේන් කියන්නෙ හුරතල් ලෝකයක්....තනිකරම හා පැටියෙක් වගේ...තාමත් එදා වගේමයි....මම එයාව දැක්ක දවසෙ ඉදන් මේ වෙනකන් කිසිම වෙනසක් වෙලා නෑ...අවුරුදු 25ක් උනාට එයා හැසිරෙන්නෙ අවුරුදු 18ක පොඩි එකෙක් වගේ වෙනකොට හැමදාම වෙන්නෙ මගෙ හිත එයාට ලෝබකම් කරන එක...දැන් කියලත් වෙනසක් නෑ....හා පැටියෙක් වගේ ශීට් එකේ ගුලිවෙලා ඉන්න විදිහටබෙල්ලත් රිදෙනවා ඇති...ඔය දැක්ක පාර මම කරේ එයාගෙ ඔලුව අතගාන ගමන්ම එයාට කතාකරපු එක...

"නිවේන්.....කෝ නැගිටින්න ලමයෝ..."

"මිහුක්...."

"හුරතල් වෙන්න පුලුවන් පස්සෙ...කෝ යමු ගේ ඇතුලට...ඔය බලන්නකො බෙල්ලත් රිදෙනවා ඇති...පණ්ඩිතකමනෙ ඔයාගෙත්...මම කොච්චර ඇහුවද ශීට් එක පාත් කරලා දෙන්න...කෝ මම කියන එකක් ඇහුවද නෑනේ..."

"නිදි මතයිනෙ...."

"ඇදට ගිහින් නිදාගමු...."

මම කොච්චර කතා කරත් එයා කරේ නිදිමතයිනෙ කිය කිය තවත් හොදට ගුලිවුණි එක...මගෙ අත් අස්සෙ හංගගන්න පුලුවන්  තරමටම එයා පුංචියි...අනිත් වෙලාවට කටර් එක වගේ කියවන එයා නින්දෙනුත් මොනවදෝ කනවා...කුරුලු හොටයක් වගේ තොල් දෙකත් උල්කරගෙන එයාගෙම ලෝකෙක අතරමන් වෙලා...

"නිවේන්...මැණික කෝ නැගිටින්න..."

"ම්හ්ම්..."

ආයෙම මම කතා කරපු පාර එයා කරේ ලාවට ඇස් පොඩි කර කර මගෙ දිහා බලපු එක...නිදිමත නිසාම ඒ ඇස් හීනිවෙලා...එයාට ඒ විදිහ මාරම ලස්සනයි...අවුල් උන කොණ්ඩෙත් අතින් හද හද මොනවදෝ කල්පනා කරනවා...

"මොනවද දැන් ඔය කල්පනා කරන්නෙ..."

"අපි මේ කොහෙද ඒයි ඉන්නෙ..."

ඒ ටිකට ඉන්න තැනත් මතක නෑ....මරු කෙනාටනෙ මම ගෙට යන්න කතාකරලා තියෙන්නෙ...

"හරි ශෝක්....දැන් කොහෙ යනවා කියලා හිතාගෙනද කාර් එකට නැග්ගෙ..."

"මිහුක්...."

ඒ අහපු පාර මටත් රවලා අහක බලාගත්තෙ හරියට නිකන් මම වැරැද්දක් කරා වගේ...පුදුම කෝලමක් තමයි ඒක....මෙහෙම හිටියොත් තව පැය ගානකට මට මෙයාව ගෙට අරන් යන්න වෙන්නෙ නෑ....වොශ් එකක් දම්මලා මොනවා හරි ටිකක් කවන්න ඕනෙ...ඔය හිටියට අද උදේට කාලත් නෑ....මමයි ශෙනුලුයි දෙන්නම උදේ පහලට ගියෙ මේ ඩබලට කන්න මොනවා හරි අරන් එන්න කියලා...මම යනකොට කියලමයි ගියෙ කොහෙවත් දුවන්නෙ නැතුව room එකට වෙලා ඉන්න කියලා...මගෙත් මෝඩකම...මොකද ඉතින් මෙයා කවද්ද කියන දෙයක් ඇහුවෙ...හිතුවත් වගේ මම කෑම එක අරන් room එකට එන ටිකට මේ බටු ඇටේ සෙසඳු මල්ලි අස්සට පැනගෙන....ඒ ගිය පාරනෙ ඔය මරාගත්තෙ..දෙන්නට එක විනාඩි පහක් එක ලග ඉන්න බෑ රණ්ඩු වෙනවා...ඒ උනාට දෙන්නට දෙන්නා නැතුවත් බෑ....මමයි ශෙනුලුයි වගේ තමයි...ඒත් දැන් ඕවා හිතලා බෑ...මෙයාව ඇතුලට එක්කන් යන්න ඕනෙ...

"දැන් මොකක්ද මට කරන්න කියන්නෙ...."

"වඩා...."

මම එහෙම අහපු පාර එයා කරේ ශීට් එක උඩ හරිබරි ගැහිලා වාඩිවෙලා මූණත් පුම්බගෙන වඩාගන්න කියලා අත් දෙක දික්කරපු එක වෙද්දි මමත් කරේ හරි පරිස්සමට එයාව වඩාගත්ත එක...ඔලුව වැදුනනම් මට මෙතන ඉන්න හම්බෙන්නෙ නෑ...ඔය පොඩ්ඩක් කොහෙහරි වැදුනත් ඇති ඇගෙන් කෑල්ලක් ගියා වගේ කදුලු පුරවගන්නවා....එහෙව් කොල්ලට එදා මම අත ඉස්සුවා කියලා මතක් වෙනකොට පපුව යාන්තමට රිදෙන්නෙ ගත්තෙ උන දේවල් ආපස්සට අදින්න බෑ ඒ නිසා පපුව පුරවලම උට ආදරේ කරපන් කියන්න වගේ...

වඩාගත්තට මොකද දැනෙන්නෙත් නැති ගානයි...හරියට නිකන් පුලුන් කොට්ටයක් වගේ..මම වඩාගත්ත පාර එයා කරේ මගෙ බෙලල වටේට අත් පටලගෙන කකුල් දෙකත් ඉණ වටේ ඔතාගෙන මගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්ත එක...එයාගෙ හුස්ම මගෙ බෙල්ල පාමුල වදිනකොට මගෙ හිතට දැනෙන්නෙ මහ පුදුමාකාර සැනසීමක්....අවුරුදු තුනක් දුරින් ඉදන් නොදැනෙන්න එයාට ආදරේ කරපු මමම අද ඒ හැගීම ඇස් පනාපිට විදගන්නකොට,මට තේරෙන්නෙ නෑ මම හිනා වෙන්නද ඕනෙ අඩන්නද ඕනෙ කියලා....තාමත් කෝල බෙයාර් කෙනෙක් වගේ මගෙ ඇගේ එල්ලිලා ඉන්න එයාවත් අරන් මම කරේ ගේ ඇතුලට යන්න අඩිය ඉක්මන් කරපු එක...

ඒ යන මගත් ගිරවෙක් වගේ කියවපු එයා මටත් කතා කරන්න කියලා සැර දැම්මෙ හිනා වෙවීම මමත් එයා කියපු දේ කරද්දි....එයා ඔහොම තමයි...එයා කතා කරනකොට මමත් කතා කරන්න ඕනෙ...ඒක තමයි එයාගෙ විදිහ...

"ස් ස් ස් ...මේ ඒයි...."

"මොකෝ..."

"මොකෝ මොකෝ කියන්නෙ....හරියට කතා කරනවකො මිනිහො...."

"හරි හරි දැන් ඇයි මට කතාකරේ...."

"නෑ මුකුත් නෑ....මහ නරකයෙක්..."

මූණ පේන්නෙ නැති උනාට මොකද එයා ඒක කියපු තාලෙන් මට හිතාගන්න පුලුවන් මේ වෙලාවෙ ඒ මූණ කොහොම ඇතිද කියලා...ඒ පාර මොකෝ දන්නෙ නෑ...

"ඇයි බබා..."

"මට එපා...."

"මොනවද බං එපා කියන්නෙ...ඔය ඉතින්...දඟලන්න එපා නිවේන්..."

එයාවත් උස්සගෙන බෑග් එකත් අනිත් අතින් එල්ලන් පඩිපෙළ නගින ටිකට මට එපා කිය කිය එයා දගලන්නෙ ගත්තෙ මට මාවත් control නැතුව යද්දි....ඇදගෙන වැටුනොත් එහෙම දෙන්නම ඉවරයි....

ඒ පාර මෙන්න මේ යකා දගලලා දගලලා බිමට පැනගත්තා...හොදකට නම් වෙන්න බෑ...මූණත් රතු කරන් බලන් ඉන්න ලස්සන විතරක්...

මොකේට හරි මල පැනලදත් මන්ද...පුංචි ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ....

"මොකද රවන්නෙ...."

"නිවේන්,බබා,බං....."

"මො...මොකක් කීවා...."

ඉණටත් අත් දෙක තියාගෙන ඇට්ටරයෙක් වගේ මොනවදෝ මන්ද කියවගෙන ගියෙ එයා කියපු කිසිදෙයක් තේරුම්ගන්න බැරුව මම උඩබිම බලද්දි...

"තමුසෙනම් මහ මොකෙක්ද මන්ද...මට ඕනෙම නෑ...නෑ කීවොත් නෑ නෑමයි..."

"මොකද ලමයො මේ...."

"ආආආ...මට ලමයා කියලා නම් කියන්න එපා හරිද...."

"ඇයි උබ සුපර් ශිවාද...."

"අනේ මේ..."

වට්ටි අම්මලා පරාදයි මගෙ කොල්ලගෙ කියවිල්ලට....මොනවා හරි හිතේ තියාගෙන තමයි ඔය පුප්පන්නෙ...ඕක කියන්න ගියොත් අහයි ඇයි මම සර්පයෙක් වගේ පේනවද කියලා...එහෙමට කෙනානෙ මේ....ටිකක් ඉන්නකො මේ යක් පැටියව ශේප් කරගන්නකන්....

"රවන්නෙ නැතුව මොකද උනේ කියන්නකො...

මම මුකුත් වැරැද්දක්වත් කරාද...."

"පුහ්....පේනවා නේද...පේනවා නේද ඒක අහපු ලස්සන....මම මුකුත් වැරැද්දක්වත් කරාද...යැයි යැයි තමයි....බූරුවෙක් මහ..."

"ඇයි නිවේන් මේ...."

"ආයිශ්....අනේ මේ ඒයි..."

"මො...මොකද...ආව්...ආව් බං...හපන්න එපා යකෝ රිදෙනවා....මේකා මහ කොටියෙක්නෙ.."

"කොටියෙක් නෙවෙයි පූසෙක්...."

පේනවා නේද මගෙ අතත් හපලා මුකුත් නොවුන ගානක ඔලුව කස කස ඒක කියපු හැටි....අම්මපා මුගෙ මේ හුරතල්කම නැතිවෙන්න මම හොද දෙකක් දීලා...කොහෙ ගහන්නද ඇසුත් බෝල කරන් බලන් ඉද්දි...ඔය මොකක් උනත් වැඩක් නෑනෙ මිනිහට මල පැනලනෙ....ඇයි ඇහුවට කියන්නෙත් නෑ...

"මොකද උනේ කියන්නකො..."

"තවුසෙටත් බැරිද කියනවකො මට ආදරේ හිතෙන නමකින් කතා කරන්න...හැමවෙලේම නිවේන් නිවේන් නිවේන්....පේනවනෙ ශෙනුල් අයියා අර බොම්බයි මොටයි කාරයටත් බබා කියලා කතා කරන ලස්සන...ඒකට තවුසෙ..

හහ්...අනේ මට මොකද...මම නම් තවුසෙට ආදරේ නෑ...නෑ කීවොත් නෑ නෑමයි...."

ඒකයි එහෙනම් මේ කොච්චි කරල වගේ මල පැනලා කියවන්නෙ...නිවනක් නෑ උඩ බලාගෙන කියවනවා....මම කරේ එයාට නොදැනෙන්නම මගෙ බෑග් එකට බිමට අතඇරලා එයාව බිත්තියට මැදි කරගත්ත එක...මේ වෙලාවට කවුරුත් පඩිපෙළ use කරන්නෙ නෑ...ඉතින් මම කරේ එයාගෙ අත් දෙක බිත්තිය දෙපැත්තට තියලා තද කරලා එයාගෙ මූණට එබුන එක...ඔය ඉන්නෙ අහිංසකයා වගේ...

"මො...මොකද මේ...."

ඒ ටිකට කට වැහිලා...

"ඇයි එපාද...."

"මො...මොනවද...."

"ගෙදර ගියාම දෙන්නම් කියපු දේ...."

"මේ..මේ ගෙදර නෙ...නෙවෙයිනෙ..."

"මූණත් රතු කරන් ඔය කියවන හැටියට ගෙදර යනකන් ඉවසන්න බෑනේ නේද...."

"පි...පිස්සු...."

ලැජාජාවට රතු උන මූණ හංගගන්න මගෙ පපුවට මූණ ගහගෙන හරි හිමීට කතා කරන එයාව ආයෙම බිත්තියට වාරු කරගත්ත මම කරේ ඒ නලලෙන් මගෙ තොල් තද කරපු එක...

හැමදාම එයාට හොරෙන් තවරපු ඒ හාදුව දැන් මෙහෙම දෙනකොට දැනෙන හැගීමට මම මහ ගොඩක් ලෝබයි....

"කෝ මෙහෙ බලන්නකො..."

"මිහුක්...."

බලන්න කීවත් නොබලපු තැන මම කරේ එයාගෙ තොල් මගෙ තොල්වලට හිරකරගත්ත එක...එයත් මට ආදරෙයි කියලා දැනගත්ත දවසින් පස්සෙ මේ පලවෙනි වතාව මම එයාට කිස් එකක් දීපු....මගෙ අත්වලට හිරවෙලා තිබ්බ එයාගෙ අත් මම ඇතඇරලා දැම්මෙ එයා දගලපු නිසා....ඒ අතඇරියත් හරි එයා කරේ එයාගෙ අත් දෙකෙන්ම මාව බදාගත්ත එක...

එයාගෙ උඩු තොල අල්ලගත්ත මම කරේ හරි පරිස්සමට එයාව වඩාගෙන බිත්තියට තදකරගත්ත එක....ඇතියි කියලා හිතෙන තරම් වෙලාවක් ඒ තොල් රහ බලපු මම කරේ එයාගෙ කට මගෙ එක අතකින් තදකරලා ලාවට ඇරගත්ත එක...කුරුලු හොටේ වගේ චූටියට ඇරුණ එයාගෙ කට ඇතුලෙ මගෙ දිව එහා මෙහා ගියෙ කිසිම හිඩැසක් ඉතුරු නොකර....අනේ මගෙ පොඩි එකා...ඇත්තටම නිවේන් කියන්නෙ පොඩි එකෙක් වගේ...වැටෙයි කියන බයටද මන්ද කකුල් දෙකත් හරි තදේට මගෙ ඉණ වටේ ඔතාගෙන හිටපු එයා දැනටමත් දාඩියවලින් පෙගිලා ගිහින්...මේ පුංචි දේට ඔහොම නම් අනිත් දේවල් ගැන කවර කතාද...ඕන දෙයක් වෙන්න කියලා ඒ දේත් කරලා දාන්න තිබ්බා එයා හොස්පිට්ල් නොහිටින්න.....ලෙඩ ගානේ ඉදලා ගෙට ගොඩවෙන ටිකට එච්චර වේදනාවක් එයාට දෙන්න....ඇත්තටම මට එහෙම කරන්න බෑ...ඇතියි කියලා හිතෙන තරම් වෙලා එයාව කිස් කරපු මම එයාගෙන් ඈත්වුණේ එයා ආයෙම මගෙ බෙල්ල අස්සෙ මූණ ගහද්දී...

"මේ ඒයි...."

"මොකෝ මේ...ම්ම්ම්...."

"මට ඒ මදිනෙ...."

"මදි උනාට කරන්න දෙයක් නෑ...ඩොක්ටර් කීවනෙ තව දවස් දෙකක්වත් යනකන් වැඩිය මහන්සි වෙන්න එපා කියලා...."

"අනේ ඒයි....මට ඇති ලෙඩක් නෑනෙ....ඒ නිසා චූට්ටම චු......"

"එක පාරක් කීවම අහන්න පුරුදු වෙන්න සුදූ...

දවස් දෙකක් ඉවසන්න බැරිකමක් නෑනෙ..."

"ඔව් ඉති.......හෑ....ඔහෝම පොඩ්ඩක් ඉන්න...."

"ඇයි....."

"ඔයා මොකක්ද දැන් ඒ කීවේ....."

ඒ මදිය කිය කිය කෑගහපු කොල්ලා එකපාරටම මොකක්ද දැන් ඒ කීවේ අහද්දි මමත් කල්පනා කරේ මම මොකක්ද කීවේ කියලා....

"මොකක්ද...."

"සුදූ කීවේ...."

"අහ්...ඒක...."

"ඔයා ඒ මටද කීවේ...ඈ ඒයි...ඔයා ඒ මටද කීවේ..."

"නැතුව ඉතින් මෙතන තව කවුරුත් ඉන්නවා වගේ පේනවද...."

"ඉහික්....ඉහික්....."

"අන ඇයි මේ...මොකෝ ලමයෝ මේ අඩන්නෙ...."

සුදූ කීවේ එයාටද අහපු පාර මමත් කරේ ඔව් කියපු එක...එයාට නැතුව මම ඉතින් වෙන කාට ඔහොම කතා කරන්නද....ඒ ඇහුවත් හරි නිවේන් කරේ මහ සද්දෙන් අඩන්න පටන්ගත්ත එක....අනේ ඇයි මේ...මම මුකුත් වැරදි දෙයක්වත් කීවද...

ඒ අඩ අඩම එයා කීවේ මටත් දරාගන්න බැරි කතාවක්....

"මට...මට ඒ දෙන්නත් කතාකරේ සුදු කියලා..."

"කවුද නිවේන්...."

"අම්මයි තාත්තයි...."

"අනේ මගෙ දරුවො....මම ඔයාව ඇඩෙව්වද...

මට..මට සමාවෙන්න...."

"ඇඩෙව්වා නේන්නම් ඒයි...ඇඩෙව්වා නේන්නම්...ඉහික්...ඉහික්..."

"S...sorry...."

"එපා...."

"ඇයි...."

"සොරි කියන්න එපා...හැබැයි එක දෙයක් පොරොන්දු වෙනවද...."

"මොකක්ද...."

"මට අදින් පස්සෙ හැමදාම සුදූ කියලා කතා කරනවද....ඔයා..ඔයා එහෙම කතා කරනකොට මට හිතෙනවා මම..මම දැන් සම්පූර්ණ මනුස්සයෙක් කියලා...."

"අනේ දරුවො...."

"මම ආදරෙයිනෙ මගෙ සුදු මහත්තයට..."

"මමත් ගොඩක් ආදරෙයි....මගෙ............

සුදූට...."

හරි ආදරෙන් මම ඔයාට ආදරෙයිනෙ සුදු මහත්තයා කියපු කොල්ලා කරේ හොටු ටිකත් මගෙම ෂර්ට් එකේ පිහලා කීවෙනි වතාවටද මන්ද ආයෙම මගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්ත එක....

මම කොච්චර ඒ දවසෙ හිතෙන් විදවන්න ඇතිද....මගෙ ඇස් පනාපිට මගෙ කොල්ලා එදා අම්මයි තාත්තයි ඉල්ලලා අඩද්දි මට උනේ හොස්පිට්ල් room එකේ දොර ලගට වෙලා ශෙනුල්ට වාරුවෙන්න....හැම තප්පරේම එයාට නොදැනෙන්න එයා ලග හිටපු මට එයා accident උනා කියලා ආරංචිය ආවේ මගෙ මුලු ඇගම පන නැතිවෙලා යද්දි...මම හිතුවෙ මට ඌව නැතිවුණා කියලා...මොකක්දෝ වාසනාවකට එදා මගෙ කොල්ලා බේරුනා...

හැබැයි සිහි නැතුව....ඌ දන්නෙවත් නැතුව එදා ඌව එදා හොස්පිට්ල් එකට අරන් ගියෙ මම කියන එක...මමයි ශෙනුලුයි එතනට යනකොටත් මැරුණයි කියලා හිතලා උන් හැමෝම මගෙ අහිංසකයව අතඇරලා දාලා...මට සිහියක් තිබුණෙ නෑ...ඌව අරන් හොස්පිට්ල් එකට යනවා ඇරෙන්න මට වෙන දෙයක් ගැන සිහියක් තිබුණෙම නෑ....ශෙනුල් තමයි කීවේ ඒ වෙද්දිත් මගෙ පොඩි එකාව තනිකරලා උගෙ අම්මයි තාත්තයි යන්නම ගිහින් කියලා....මම අදටත් දන්නෙ නෑ නිවේන්ව එදා හොස්පිට්ල් අරන් ගිය වගක් කොහොමද සෙසඳු මල්ලි දැනගත්තෙ කියලා...සමහරවිට ශෙනුල් ඒකට මොනවා හරි කරන්න ඇති....උන් දෙන්නගෙ යාලුකම මොන තරම් හයියද කියනවනම් සෙසඳු නිවේන් ලගින් එක අඩියක්වත් හෙල්ලුනේ නෑ..

මට උනේ ඒ හැමදාම එලියට වෙලා හොරෙන් ඒ දිහා බලන් ඉන්න....මම බලන් උන්නා...මගෙ පොඩි එකා ඇස් අරිනකන් මම හැම තප්පරේම බලන් උන්නා....ඇස් ඇරපු තප්පරෙන් ඌ ඇහුවෙ කෝ සෙසඳු ඒ දෙන්නා කියලා වෙද්දි උට හොරෙන් උටත් වඩා මම එදා ඇඩුවා...එහෙව් මම අද උබට පොරොන්දු වෙන්නම්...

පන යන අන්තිම තප්පරේ වෙනකන් මම මගෙ සුදූව ඇස් දෙක වගේ පරිස්සම් කරනවා...

සමහරවිට ඒ දෙන්නටත් වඩාම.....

හැමදේම අන්තිමේ ලොකු හුස්මක් පාතට දාපු මම කරේ මගෙ තුරුලට ගුලිවෙලා උන්නු එයාවත් අරන් ඇතුලට ගිය එක....

________________________________________

Hospital bill එක ගැන හිතන්න එපා හාද🤭

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

(මේ කොටස The wings story එකේ හෙට චැපියට අයත් කොටසක් බව කරුණාවෙන් සලකන්න....කැමති අයට කියවන්න පුලුවන්)

"අච්චර වලව් වත්තෙ මල් තියනකොට මොන එහෙකටද බේබි මේ කැලෑ මල්....."

"මට ඕන නිසා...."

"වලව් වත්තෙ මල් හරි සුවදයි...හැමදාම සාත්තු කරන නිසාද මන්ද හරිම ලස්සනයි...."

"ඔය කට පොඩ්ඩක් වහගන්නවද....මට ඕනෙ නෑ සාත්තු කරලා බලා කියාගත්ත මල්....කැලේ පිපෙන කැලෑ මල්වල වටිනාකම උබ දන්නෙ නෑනෙ ආශද...."

"හහ්...."

"සාත්තු කරලා ලස්සන කරන මල් දාහක් අස්සෙ කැලේ හැංගුන එක කැලෑ මලක් තියෙනවා....උබ නොදන්නවා උනාට මම ඒ මලට හරි ආදරෙයි..."

"කෝ මොන මලද බේබි....මටත් ආසයිනෙ බලන්න.."

"බලපිය ගිහින් කණ්..............අනේ මේ ආශද තමුසෙට ඒ පණ්ඩිතකම්වලින් වැඩක් නෑනේ.."

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මම යනෝ බායි බායි....පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user