Back
/ 51
Chapter 47

හතළිස් හයවෙනි පරිච්ඡේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

පැටියා ඉපදිලා සති කීපයක් ගෙවිලා ගියෙ මගෙ හිත එන්න එන්නම බය වෙද්දි. ඒකට සමහර වෙලාවට මිත්‍රන් කියන කතා හේතුවක් උනත් එයා කිව්වෙම ඒවා මම දැනගන්න ඕන කියලා. විශේෂයෙන්ම..

රුද්‍රව අවිශ්වාස කරන්න එපා, මිත්‍රන් වෙනුවට කෙනෙක් අපි අතරට එනවා කියන එක.. වගේ දේවල් සම්පූර්ණෙන්ම මගෙ ඔළුව විකාර කරා.. ඇඳේ ඉඳපු මං නැගිටලා එළියට බැස්සා.. ඊයෙ රෑ ගියායින් පස්සෙ රුද්වත්, ආදි අණ්ණාවත් රාජ්වත් තාම ගෙදර ආවෙ නෑ.

මං හිටියෙ කවුරුම හරි එනකන්. මට පාලුයි.. දැන් නම් බයයි..

"තමුසෙ බය වෙලාද?"

"අම්-මෝ.. මිත්‍රන් ම-ම බය උනා.."

මගෙ ඇඟට සීතල අතක් තියෙවෙද්දි මං ගැස්සුනා. මේ ඉන්නෙ මිත්‍රන් විතරක් නෙමේ.. මරණින් පස්සේ දෙන්නගේ ආත්ම දෙක එකට එකතු උනා කියනවා. මට නම් තේරෙන්නෙ නෑ. හැබැයි වෙලාවකට මිත්‍රන් තමුසෙ කියද්දි , කැඩුන දෙමලෙන් කතා කරද්දි , විශ්වාස කරන්න බැරි උනත් මට ඒවා විශ්වාස කරන්න උනා. ඒත් විශ්වා නැති උනා කිව්වම මට ඒ පීඩනෙන් මිදෙන්න දවස් කීපයක්ම ගියා. මොකද මට නිතර නිතරම ඒ පෙට්ටි හිනාව මතක් වෙන්න ගත්තා. ඒ කාලෙ කොච්චර ලස්සනද..

විශ්වා කියන්නෙ හරි අහිංසක කොල්ලෙක්. හැබැයි මිත්‍රන් නම් එහෙම උනේ නෑ. අනේ මංදා දැන් හිතල බලද්දි දෙන්නගේ සමානකම් තියෙනවා හා නැද්ද?..

රාජ් විශ්වා මැරුනා කියල දැනගත්ත වෙලේ පොළවෙ පස් කෑවෙ නැති ටික විතරයි... මම රුද්ගෙන් අහද්දි ඒක රාජ්ට ඇහිලා තිබුනා. ඉතින් එතනින් එහාට එයා පෙරැත්ත කරද්දි අපිට නොකියා බැරි උනා..ඒ කතාව නම් හරිම පැටලිලි සහගතයි. මට ඒ ගැන හිතුවොත් පිස්සු හැදෙයි කියලා හිතුනා.. රුද් කැමති උනේම නෑ මුළින් මට ඒක ගැන කියන්න. ඔය ආත්ම හුවමාරු උන දේවල් ගැන පවා මට කිසිම දැනුමක් නැති එකේ.. මේක ගැන නම් කලින් කිව්ව වගේ අබමල් රේණුවක තරම් දෙයක් තේරුනේ නෑ.

"බය වෙන්න එපා සේරම පරිස්සමට එන ගමන්"

"මොනවද මිත්‍රන් එයාල කරන්නෙ??"

"තව දවස් දොලහකින් ගොඩක් දේවල් වෙනස් වේවි! අපේ උදව් තියන නිසා කොයි වෙලාවකවත් රුද්ගෙ ජීවිතේ ගැන බය වෙන්න එපා..! මතක තියාගන්න හැමදේකම අවසානය තීරණේ කරන්නෙ ඔයා කියලා. මටවත් එතනදි උදව් කරන්න බැරිවේවි"

මං කිව්වෙ. මං කිව්වෙ නැත්ද? මාව ආයෙම බය කරපු මිත්‍රන් කොහෙන් හරි ගහකින් කඩාගත්ත අඹ වල්ලක් මට දික් කරලා යන්න ගියා. රස පාටයි.. ඉදිලාත් එක්ක. එයා යනවා කියන එක මතක් වෙද්දි මට දුක හිතුනාත් මම ආයෙ හිත හදාගත්තා. මොකද ආත්ම දෙකක් වෙන් වෙලා විඳපු දුක මම දැක්කා.

ගේ ඇතුළෙන් පැටියා අඬන සද්දෙ ඇහෙද්දි මම ආපහු ගෙට දිව්වෙ සිහියක් නැතුව. දරු කැක්කුම ඉස්සරහා කොහෙද ඉතින් වෙන දේවල් ගැන සිහියක්..මං ඉක්මනට අත් හෝදගත්තා. මං ආස නෑ දරුවා අඬනවාට. මට මගෙ පැටියා පුදූම තරම් ලෙංගතුයි.. අනේ මංදා.. රුද්‍ර වගේම හැඩ හුරුකම් ගතිගුණ දැම්ම ඉඳන් පෙන්නන පැටියා දැක්කම මට අල්ලලා මිරිකන්න හිතුනත් මං පරිස්සමට අත් උඩට අරන් කිරි සුවඳ ගහන චූටි තොල් උඩ හාද්දක් තිබ්බා....

"ඕ...ඕ... මමා ඉන්නවා වස්තුව...ම්ම්... නාඬා ඉන්න ඕ...වස්තුව අඬනවා..."

අඬන එක නවත්තපු සින්න කුට්ටි මගෙ පපුවෙ පැත්තක් චූටි අත් වලින් අල්ලන් හයියෙන් හිනාවෙන්න ගත්තා.. කෝලමක් මහා! මම නෑ කියල දැනුන ගමන් බෙරිහන් දීලාම අඬනවා. ආවම එයාගෙ කුක්කුව අල්ලන් හයියෙන්ම හිනා වෙනවා. හැමෝම කියන විදියට පැටියා ලොකු උනහම මට හුඟක් ආදරේ කරයි.. රුද් කියන්නෙ රුද් නැති දවසක පැටියා මාව බලාගනීවි කියලා..

ඒක හිතෙද්දි ආය මගෙ පපුව බර උනා.. ඒ උනත් එයා දන්නෙ නෑනෙ එයාට කලින් යන්නෙ මමයි කියලා.. මම නැති දවසකට එයා හුරු වෙයිද? මම නැතුව එයා ඉඳීවිද? එයා හයියයි.. එහෙමනෙ? මගෙ රුද්‍රගෙ හිත හයියයි..

මගෙ සින්න කුට්ටි මම නැති දාක වයසට ගියපු මගෙ රත්තරන් ආදරවන්තයව බලාගනීවි.. අනේ එයාට දරුවෙක්ට වගේ සලකපන් මගෙ පුතේ.. ඔයාලගෙ අප්පා ඔයාලා වෙනුවෙන් මේ හැමදේම කරන්නෙ...

දවසක් එයි! එදාට ඔයාලව අත් වලට ගත්ත අප්පාගෙ අත් වැහැරෙන.. තව දුරටත් මගෙ සින්න කුට්ටිව වඩාගන්න බැරිවෙන.. ඇවිදින අඩියක් ගානේ වෙවුලන.. අන්න එදාට තමා මගෙ සින්න කුට්ටී අප්පා බලාගන්න ඕනෙ තේරුනාද?

මං පැටියව තුරුළු කරන් හිතුවා.. වෙන දෙයක් ඕන්නෑ දෙවියනෙ මගෙ පව්ල රැකලා දෙන්න....

ක්‍රීස්***

ආවා.. රුද්ගෙ වාහනේ සද්දෙ ඇහෙද්දි මං කුට්ටිව අත් වලට අරන් වඩාගෙන රුද්‍ර ගාවට ගියා. අනේ එයා ඇවිත්.. එයාගෙ ඇස් අද හිනාවෙනවා.. එයා ඉස්සරහා තිබ්බ ටැප් එකෙන්ම අත් හෝදන් මං ගාවට ආවා..

මාව තුරුල් කරන් නළලට හාදුවක් දුන්න එයා ඊගාවට මගෙ තොල් අල්ලගත්තා..

"ම්හ්...අනේ පැටියා ඉන්නවා.."

"යෙන්න ප්‍රච්චනේ? සින්න කුට්ටි ඒව දැකලා පුරුදු වෙන්න ඕන.."

"මොනාද දෙයියනේ දරුවට උගන්නන්නෙ..."

"ම්හ්.. ආදරේ කරන විදිය. එයා දකින්න ඕනා එයාගෙ අප්පා මමාට පණ වගේ ආදරෙයි කියලා.. මගෙ ඇඟේ ජරාව නෑ.. කුට්ටි ගන්නද?"

"හ්ම්!"

එයාලා එහෙමයි.. කොහෙ ගියත් විසබීජ අරන් එන්නෙ නෑ. බබාටයි මටයි දෙන්නටම හොඳ නෑ ගානවා.. රුද් අතේ ඉඳපු සින්න කුට්ටිට නැමිලා අත් දෙක දික් කලේ අතට එන්න කියන ගමන්.

"කෝ වාංග පා... අප්පාගෙ කුට්ටි ඉංගේ වා.. අප්පා ගාවට ...ඕ... ඕ අප්පගෙ රාහුල්.."

එයා අත් දෙක දික් කරද්දි අන්තිමේ පැටියා එයාගෙ අත් දෙකට පැන්නා වෙද්දි ඒ බෝල කම්මුල් චප්ප වෙන්නම එයා සිපගත්තෙ මං හිනාවෙවී එයාලා දිහා බලන් ඉද්දි. රුද් පරිස්සම් උනා.. පැටියා අතේ තියන් මට දුක් විඳින්න බැරි හන්දම හුඟාක් පරිස්සම් උනා.. අපි හිමීට අපේ කාමරේට ඇවිදන් ආවෙ පැටියා ආපහු නිදන් ඉද්දි.. වෙන මොනා කරන්නද එයත් නිදාගන්නවා ඇහැරෙනවා මිසක්.. එහෙමත් ශෝක්..

"තව දවස් කීපයයි රූහා! මම පොරොන්දු උනා වගේ ජීවිතයක් අපි හැමෝටම ලබලා දෙනවා"

"මොනවා කරත් පරිස්සමට රුද්! මගෙ දරුවට අප්පා ඕනි"

"පොරොන්දු වෙනවා. මගෙ රූහාට හස්බන්ඩ් නැති වෙන්න දෙන්නේ නෑ.."

"එන්නකො දැන් කාලා වොශ් දාලා ඉමු!"

රුද් බබාව ඇඳෙන් තියලා කොට්ට වලින් වට කරලා ඉවර වෙද්දි මං එයාගෙ අතින් අල්ලගත්තෙ කන්න දෙන්න ඇදන් යන්න උනත්..

"ආහ්!"

මාව එයා ගාවට ඇදිලා ගියෙ එයා මේසෙට හේත්තු කරල තිබ්බ පුටුව උඩ ඉඳන් මාව එයාගෙ උකුල උඩින් ඉන්දව ගනිද්දි..

"කුට්ටි?"

"ම්ම්?"

"ඔයාට දැන් ප්‍රශ්නයක් නැත්තම් අපි...-"

එයා අහන්නෙ මොකද්ද කියලා මට තේරෙද්දි මං හිනා වෙලා ඒ තොල් වලට පාත් උනේ එයාගෙ අත් මගෙ ඇඟ පුරාම යද්දි.. කාලෙකට පස්සෙ දැනෙන හැඟීමට මුල් දවසෙ වගේම අපි මත් වෙලා හිටියා

________________________________________________

සිරාවටම අහන්නෙ smut ඕනෙද?..

මං ලොකුවට එලවන්නෑ ඒකයී.. ඔන්නම් ලියතෑකි..

ගිහින් එන්නම්. අන්තිම එපිසෝඩ් ටිකක් දිග නිසා ඉක්මනට දෙන්න බැරිවෙයි!

පරිස්සමට ඉන්න.. ඔයාලව දාලා යන්න කාලෙ ලං වෙනවා නේද ඉතින්🥺❤️‍🩹

Share This Chapter