Back
/ 51
Chapter 46

හතළිස් පස්වෙනි පරිච්ඡේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

කොච්චර පැටියට රූම් එකක් තිබුනත් රුද්ට ඕන උනේ නෑ එයාව රූම් එකෙන් තියන්න. මටත් කැමත්තක් තිබ්බෙ නැති හින්ද අපි අපේ සින්න කුට්ටිව එක්කන් අපේ කාමරේට ආවා. මුළු ගෙදරම කිරි සුවඳ ගහන්නයි යන්නෙ. මං එයාට රාහුල් කියනවා...

නිදාගෙන ඉන්න පැටියාව කාමරෙන් ගෙනිහින් තියපු මම පිටිපස්ස හැරුනෙ මගෙ බෙල්ල ගාවි දැනිච්ච රස්නෙ හුස්මකට.

"ද්-දෙයියනේ.. රුද්?"

"කුට්ටි නිදිද වස්තුව?"

"ම්ම්.. නින්ද ගිහින් නේ"

"අමාරුයිද?"

මගෙ මූණට පාත් වෙච්ච එයාගෙ ලොකු අතක් මගෙ ඔළුව උඩ නතර වෙද්දි එයා ඇහුව.. හරි සනීපයි..

"නෑ..."

"යෙන්න මේ පොයි?"

"ම්හ්...මෙහෙ රිදෙනව රුද්.. කොන්දත් රිදෙනවා.. බඩත් රිදෙනව.. හුම්"

එයාට බොරු කියල වැඩක් නෑ කියලා තේරුන මම කියද්දි හිනාවෙන් පිරිල තිබ්බ එයාගෙ මූණ ආය අව්ල් ගියා.. එන්නකො

මාව උස්සගත්ත රුද් ඇඳේ පැත්තකින් හාන්සි කරලා මට නැගිටින්න එපා කියල සැර කරලා කුස්සියට ගියා.. විනාඩි පහලවක් විතර යන්න ඇති.. මගෙ ඇස් පිහාටු බර උනා.. මට හරි මහන්සි අප්පා..

නින්ද ගිහින් ටිකකින් දෙහිකොළ සුවඳකුයි සැර බාම් සුවඳකුයි දැනෙද්දි මගෙ කොන්ද හරිය රත් වෙනව වගේ දැනුනා.. මාව උඩ ගිහින් ඇහැරුනේ බය උන පාරට.. ඇත්තටම් මට බය හිතුන බබා ඉන්න හින්දා..

"මගෙ කුට්ටි බය උනාද?"

"රුද්?"

"අමාරු හින්ද චුට්ටක් තවලා බාම් එකක් ගාන්න.."

"ඕනෙ නෑනෙ.."

"කමක්නෑ ඉන්නකො.. වේදනාව අඩු උනහම කියන්න.."

ආයෙම උණුවතුර එකේ රෙදිකෑල්ල පොඟවලා මිරිකලා ගත්ත එයා මාව හාන්සි කරලා හිමින් තවන්න ගත්තා... අනේ පව්නෙ.. එයත් නිදි නෑ පහුගිය දවස් ටිකේ..

"රුද් ඔයාට නිදිමත නැද්ද?"

මගෙ කකුල් වල ඉඳන් මසාජ් කරන්න ගද්දි මං එයාගෙන් ඇහුව... එයා ඒක කරන ගමන්ම මගෙ මූණ දිහා බැලුවා..

"නිදිමතයි.. ඒ උනත් අපි ඊට වඩා අවධානෙ දෙන්න ඕන දෙයක් තියෙනවා.. දැන් දේව් හැමෝටම වඩා පිස්සු වැටිල ඇත්තේ.. ඒ හින්දා.."

"කමක්නෑ ඔයාගෙ පොඩි රව්ඩිලා ඉන්නවනෙ.. වා.. චුට්ටක් නිදාගමු ම්?"

"හ්ම්.."

සේරම ඉවර කරපු එයා අත් හෝදන් ඇඳට ඇවිත් මාව තුරුල් කරගද්දි අපි දෙන්නගෙම ඇස් ගියෙ ඇදේ බිත්තිය අයිනෙත් කොට්ට තියලා හැම තැනින්ම කවර් කරලා නිදන් ඉඳපු අපි දෙන්නගෙ පැටියා ගාව..

"මගෙ කුට්ටී ගාව කිරි සුවඳයි.."

එයාගෙ ශක්තිමත් අත් වලට කාලෙකට පස්සෙ හිර වෙද්දි මට සනීපෙට නින්ද ගියෙ එක විනාඩියකට මුළු ලෝකෙම අමතක වෙද්දි..

.....ඔහෑ....

ඇහැරුනා. නින්දෙ ඉඳපු මට ඇහැරෙද්දි මට නැගිටගන්නවත් බැරි උනේ මගෙ ඇඟ හරහා තදටම වෙලිලා ඉන්න රුද් හින්දා.. එයා එහාට කරොත් ඇහැරෙයිද?..

බබා අඬන හින්දා මං හිමින් රුද්ගෙන් එහාට වෙලා බබාව අතට ගත්තා..

"මමාගෙ රාහුල් අඬනවද.. අච්චෝ...කෝ මෙහෙ බලන්ඩ මමාගෙ වස්තුව.. කෝ මේ!!"

බෙරිහන් දීලම අඬන රාහුල්ව මම ඇවිද ඇවිද නළවන්න හැදුවා.. නතර නොකරනම තැන මං ඇඳන් උන්න ටීශර්ට් එක ගළවලා දාලා පැටියව පරිස්සමට නිපල් එකක් ගාවට ලං කරද්දි කිරි සුවඳටද කොහෙද පපුවට තුරුල් උන පැටියා නැළවුනා.. අනෙ අම්මේ කුක්කු බඩා මගෙ..

එයා හිමීට නිපල් එක උරවන්න ගද්දි මං පස්සට තට්ටු දදා ඇහැරුන පැටියව ආය නිදි කරවන්න හැදුවා. පව් බඩගිනි ඇතිනේ...

එළියට ගෙනියන්නත් බයයි විසබීජ..

"ඔය පැටියගෙ මූණ වහගනින් මෝඩයො මට ඔතන්ට එන්න.."

මිත්‍රන් කෑගහනව ඇහෙද්දි මං ඉක්මන්ට පපුවට ශීට් එක ඇදල දාගත්තා. හෙහෙ..

"එයා අපෙ රුද්‍ර වගේමයි නේ.."

"ම්ම්.. ලස්සනයි නේද එයා"

"ලොකු වෙද්දි නපුරෙක් වෙයි. මම කිව්වා කියලා මතක තියාගන්නකො.."

"අම්මෝ ඔහොම කියන්න එපා අනේ.."

"ඇයි? මට පේන දේ මං කියන්නෙ.."

"හා එහෙනං මමයි, රුද්‍රයි, ආදි අණ්ණයි, රාජුයි අනාගතේ සතුටෙන් ජීවත් වෙනවද කියන්නකො."

මං අහද්දිම එයාගෙ මූණ අමුතු වෙලා ගියා. ඔන්න බය කරන්න හදන්නෙ ඉතින්... මම අහුවෙයි ඕවට

"ම්ම්.. සමහර දේවල් තියෙනවා රුද්‍රගෙ කුට්ටී.. අපිට හරියටම කියන්න බෑ.. ඒ දේවල් රඳාපවතින්නෙ අපි ගන්න තීරණ වලට අනුව. මින් ඉස්සරහට සමහර දේවල් වෙන්න.. නොවෙන්න ඔයාගෙ තීරණ හේතු වෙයි.. ඒ වගේම රුද්‍රගෙත්... ඒ වගේම අනික් දෙන්නාගෙත්.."

"බය හිතෙනවානෙ.. මගෙ පැටි-"

"පැටියා ගැන වද වෙන්න එපා.. කොල්ලා මාර ශක්තිමත් මනුස්සයෙක්. ඔය දැන් නැළවුනාට ලොකු උනහම බලන්න හරියටම. සරි"

"ම්ම්..."

එතනින් එහාට අපි අතරෙ ඇති උනේ නිහඬ තාවයක්..

"රුහාන්ට දැනගන්න ඕන උනා නේද මම දවසක් කියපු ආත්ම දෙකේ කතාව?.."

"ඔව් වගේ.."

"ම්හ්ම්.. හරි.. ඒක මෙහෙමයි. මම ඉපදුනේ මගෙ ආත්මෙ දෙකට බෙදාගන.. ඒ කියන්නෙ මං ජීවත් වෙන කාලෙත් මගෙ බෙදුන ආත්මයක් මේ ඇඟේ තියෙද්දි අනික් ආත්මේ තිබුනේ වෙන ඇඟක.."

"ඔයා විහිලු කරනවා.. එහෙමනෙ?"

"මාව දැක්කම එහෙම හිතෙනවද?.."

මගෙන් උත්තරයක් නැති තැන එයා ආයමත් කතා කරා...

"ඔයාට මතක ඇති සමහරවිට ජීවත් උන කාලෙ මම රාජ්ට ආදරේ කරා....හරියටම කිව්වොත් ඒ මම නෙමේ.. මගෙ අනිත් අර්ධෙට දැනෙන හැඟීම් මට එහෙම්ම දැනුනා.. එදා කැම්පස් එක ඇතුළෙ ඔය දෙන්නා දැක්ක මුල්ම වෙලාවෙ... මම මගෙ අනිත් භාගෙ ජීවත් වෙන තැන හොයාගත්තා.. වේදනාවක් දැනුනොත්.. භයක් දැනුනොත්.. අපි දෙන්නටම ඒක දැනෙනවා.."

"ක්-කැම්ප-ස් එක ඇතුලෙ??"

"ඒ ඔයාගෙ යාලුවා.. විශ්වා.."

"මොකාක්????"

"ශ්හ් දරුවා නිදි.. තියල එන්නකො මෙහාට නැත්තන් ඊළඟට නිදන් ඉන්න අලි බබයි පොඩි බබයි දෙන්නම ඇහැරෙනවා.."

"ම්ම්.."

නිදන් ඉඳපු පැටියව මම ආය කොට්ට වලින් වට කරේ රුද්ගෙ පැත්තට ටිකක් වැඩිපුර කොට්ටා දාන ගමන්.. ඒ කරලා මම ගිහින් ජනේලෙ ගාවින් හිටගත්තෙ ජනේලෙන් එළියෙ රාජ් දිහා බලන් ඉන්න මිත්‍රන් ගාව..

"ඉතින්?.."

"එයා මැරුනා..."

"එදා මම මැරුන වෙලේම හදවත පුපුරලා අභිරහස් විදියට මැරුනා.. ඒ මගෙ වේදනාව එයාටත් දැනුන හින්දා.. මෙතනින් මගෙ තිබ්බ උණ්ඩෙ එයාටත් දැනුනා.."

"ඔ-යා ක්-කියන්නේ... විශ්වා?..."

මට ඇඬෙන්න ආවා. අනේ ඒ මගෙ හොඳම යාලුවනෙ. එයා කොහොමද?..

"නාඬා ඉන්න... ඇඟවල් දෙකක්.. එකම හිතක්... එකම ඉරණමක්... ඒක එහෙමයි විසඳෙන්න තිබුනෙ... හැබැයි ඔයාල දෙන්නට එහෙම නෑ.. මැරෙනකන්ම සතුටෙන් ඉන්න පුළුවන්.. හැබැයි ඔයාට.... කලින් යන්න වෙනවා රුහාන්... ලෝකෙ පෙරළලා රුද්‍ර ඇඬුවත් ඔයා තමා මුළින්ම යන්නෙ.."

මිත්‍රන් තව තව කියවද්දි මම ජනේලෙ එල්ලුනා... එයා කියන්නෙ මම-??

"කාලෙ ලං වෙනවා රුහාන්.. මට යන්න වෙනවා.. හැබැයි මං වෙනුවට කෙනෙක් එයි ඔයාල ළඟට.. ඉර හඳ වගේ විශ්වාසයි.. ඒක එහෙම උනොත් එයා එනවමයි.. මේ හැම රණ්ඩුවකම අවසානෙ සටහන් වෙන දවස උදාවෙන්න මහ කාලයක් නෑ.. කාවවත් විශ්වාස කරන්න එපා. විශේශයෙන් එකම රූපෙ තියෙන මිනිස්සු ඉන්නව කියල දැනුවත්ව රුද්‍රව අවිශ්වාස කරන්න එපා.. තේරෙනවද? මේ ආත්මෙ නෙමේ ඊගාව ආත්මෙ මම එන්නම් උඹෙ යාලුවා වෙලා.. රුද්‍රගෙ නැතුව...."

මම ඔළුව් වැනුවා. දෙයියනෙ බය කරනවනෙ ඉතින්..

මට මොනවා උනත් මගෙ වටේ ඉන්ම හැමෝම ආරක්ශා වෙන්න ඕන දෙයියනේ..

____________________________________________

හායීහ්...

වැඩ පුතේ අද වැඩ. අදත් මීටින් එකේ ඉන්න ගමන් කෙටුවෙ.. ශේප් නේද? ඉන්ඩියන් මෝඩයො දෙන්නෙක් ඇවිත් හැච හැච ගානවා උට්ට.!!

ගිහින් එන්නාම්... ඉස්සරහ එපි ලියල නෑ හැබැයි අන්තිම චැප්ටර් එක ලියල තියෙන්නෙ😂

වගකීමෙන් කියන්නෙ හැපී එන්ඩින්♥️

ආදරෙයි අපි ගියා💗

Share This Chapter