Back
/ 107
Chapter 57

56 කොටස🤍✨

නිවාලන්න මා...

"මම වරදක් කලේ කියලා දන්නවා....."

"හ්ම්ම්ම්"

"එ...ඒත් මාත් මනුස්සයෙක්නෙ යුගාන්"

"හ්ම්ම්ම්"

"මට ඕනි උනේ නේත්‍ර එක්ක ටිකක් කතා කරලා හිත නිදහස් කරගන්න විතරයි"

"උබ ඊට වඩා දෙයක් කලානෙ තෙවින්!"

"එ...ඒක මම හිතලා කල දෙයක් නෙවේ යුගාන්....නිකංම උනේ"

"උබ ඊට වඩා දෙයක් කලානම්.....ඒත් නිකං කියලා කිව්වම හරියනවද?"

"ස්....සොරි යුගාන්"

"මගෙන් නෙවේ....සමාව ගන්නෝනි ආසව අයියගෙනු‍යි නේත්‍රගෙනුයි.......මම අච්චර පැහැදිලි කරලා දීලත්....ෂිට්!"

"ප්ලීස් යුගාන්.....මට සමාව දෙන්න"

"මගෙන් සමාව ඉල්ලන්න වේලාසන වැඩි නැද්ද තෙවින්? කරන්න තියෙන වැරදි ඔක්කොම කලාට පස්සෙ සමාව කියන්නෙ නිකංම නිකං වචනයක් විතරයි"

"ඔහ්...ඔහොම කතා කරන්නෙපා යුගාන්....එක්කො වෙනදා වගේ බයින්න මට"

"මටත් ටික කාලයක් ඕනි තෙවින්.....උබ මම මහන්සි වෙලා කිව්ව දේවල් ගැන තත්පරයක්වත් හිතුවෙ නෑ කියලා දැනගත්තම මටත් පට්ටෙටම අවුල් ගියා...මාත් මනුස්සයෙක්නෙ"

"සමාව ඉල්ලන එකෙන් වැඩකුත් නැත්තං මම මොකද්ද කරන්නෝනි යුගාන්?"

"කිව්වට වැඩක් නෑනෙ තෙවින්....මම මගෙ වැඩත් පැත්තක දාන් මෙච්චර කල් උබට කරන්න ඕනි දේවල්,එපා දේවල් කියලා දුන්නා..... උබ ඒ ඔක්කොටම හූමිටි තිය තිය අහන් ඉදලා, ඊට පස්සෙ උබට ඕනි දේ කලා....ඉතින් දැන් ආයෙ කිව්වට වැඩක් නෑනෙ"

"එහෙම නෙවේ යුගාන්.....මාව තේරුම් ගන්න උත්සාහ කරන්නකො යුගාන්.....ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්"

"ම්ම්ම්ම්...... ඒ නිසා තමා මම මෙවෙලෙ මෙතන ඉන්නෙ...නැත්තං තෝ වැවට පැන්නත් මට පුකද කියලා ගෙදෙට්ට වෙලා ඉන්නවනෙ"

"මම දන්නවා යුගාන් මම ගැන කෙයා කරනවා කියලා....ප්ලීස් යුගාන්,මාව විශ්වාස කරන්න.මම ආයෙ මෙහෙම ඕන්නැති වැඩ කරන්නෑ"

"මම උබව අන්තිම වතාවට විශ්වාස කරන්නම් තෙවින්....හැබැයි අන්තිමම වතාව."

"තෑන්ක් යූ යුගාන්.....මමත් ඔයාට පොරොන්දු වෙනවා ආයෙ මේ වගේ රිස්කි වැඩ නොකර ඉන්න"

"හ්ම්ම්ම්....."

"කරන්න ඕනි දේ මොකද්ද කියලා කියා දෙන්න පුළුවන්ද යුගාන්? මට තේරෙන්නෑ"

"උබට ඔව්වා තමා තේරෙන්නැත්තෙ....ගෑනු බඩ ක...."

"අප්පෝ....මම කාවවත් බඩ කලේ නෑනෙ අනේ! ඔයාම මවාගෙන ඔයාම කියෝනවා"

"ආශවගෙන්වත් නේත්‍රගෙන්වත් මේ අල්ලපනල්ලෙ සමාව ගන්න යන්න එපා....හැබැයි දෙවින් පණගෙන් දණ ගහලා හරි සමාව ගනින්"

"එපා කිව්වෙ ඇයි යුගාන්?"

"ආසවයගෙ හැටි මම හොදට දන්නවා....ඌත් මනුස්සයෙක්නෙ.උට ඉන්න එකම වගේම වටිනම දේ උබ බලෙන් ඇල්ලුවම කලාම ඌට කොච්චර අවුල් යන්න ඇද්ද.....ඒ නිසා ඌ එක්ක ශේප් එකෙ ඉන්න බලපං....සමාව ඉල්ලගෙන ගියොත් ආසව අනික් පැත්තට කෙලින්න උනත් ඉඩ තියේ....ප්‍රශ්න උනා ඇති.තව ප්‍රශ්න හදාගන්නෙපා"

"හ්ම්ම්ම්"

"නේත්‍රටත් එහෙමයි.පුලුවන්නම් ටික දවසක් යනකං නේත්‍රට කිට්ටු වෙන්නෙවත් නැතුව ඉන්න.ඒ අහිංසකයාගෙ හිතේ බය ටික කාලයක් යනකං රැදිලා තියෙයි.....මම කියන කාලෙට උන් දෙන්නගෙන් සමාව ගන්න....මම කියනකං එපා....උන් දෙන්නා එක්ක නොගැටී ඉදපං එතකං"

"ඕකේ යුගාන්"

"අයියගෙන් දණ ගහලා හරි සමාව ගනින්...දෙවින් පණ උබේ අයියනෙ....දෙවින් පණ උනත් උබට කෑගැහුවට අවුලෙන් ඇත්තෙ..... අයියගෙ හිත රිද්දන්න එපා තවත්....අයියානෙ,සමාව ඉල්ලන්න ගිහින් ගුටි කෑවත් කමක් නෑ උබ.ඒ නිසා අයියගෙන් සමාව ගනින්....අදම....අද රෑම......දෙනෙත් අයියනම් අවුලක් නැතුවැති වැඩියෙ...උටත් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගනින්"

"හා යුගාන්......මම එහෙම කරන්නම්"

"හ්ම්ම්ම්"

"එතකොට යුගාන්ට කරන්න ඕනි දේ? සමාව ගන්න?"

"ප්‍රශ්න ඇති නොකර ඉදපං ආයෙම....ඒ ඇති"

"එහෙම බෑනෙ යුගාන්"

"මොකද්ද?"

"මට යුගාන්ටත් මොනාහරි කරන්න ඕනි සමාව ඉල්ලලා"

"ඕන්නෑ ඕන්නෑ"

"අනේ යුගාන්"

"මට උබව දූසනේ කරන්න දීපං එහෙනම්......"

"යුගාන්!!!!!"

.

.

.

.

.

"සිගිති......මේ ඔයාගෙ යාලුවො වගයක් ඇවිල්ලා"

තෙවින්ගෙ හිත හදලා ගෙදර ආව දිවාෂ වැනි වැනිම කාමරේට ගිහින් දොර වහගත්තෙ තවම දිවාෂගෙ හිතට ඒ හැටි හොදක් නොදැනෙන නිසා.කවුළුව ලගට ගිහින් ඈත අහස දිහා බලපු දිවාෂ ලොකු හුස්මක් පහලට දාලා මූණෙ වැදෙන හුලගට ඉඩ දුන්නෙ තමන්වම සන්සුන් කරගන්න.හැමදේම අවසානෙදි දිවාෂට ලොකූ තනිකමක් දැනිලා තිබ්බා.උදේ ඉදන් හවස් වෙනකංම උනු දේවල් මතක් කෙරුව දිවාෂ තමන්ගෙ ඇස් වලට කදුළු උනනවා දැනුනු ගමන්ම ඇහිපිල්ලම් නොගහා හිටියෙ හුලං සැර ඇස් වලට වද්දගන්න.මොකද එතකොට දිවාෂගෙ ඇස් වලින් කදුළු වැටෙන්නෙ හුලං සැරට මිසක් එයාගෙ හිතේ තෙරපෙන දුර්වලකම නිසා නෙවේනෙ.

"Ewww දිවාෂ වගේ වැඩ්ඩෙක් අඩන්න හොද නෑ"

තමන්ටම කියාගත්තු දිවාෂ තව ටික වෙලාවක් එලිය බලාගෙන ඉදලා කාමරේ ඇද උඩට පැනලා දුරකථනෙ අතට ගත්තෙ ඒකෙන් හරි මොකක් හරි බලනවා කියලා හිතාගෙන.ටික්ටොක් ඇප් එක විවෘත කරපු ගමන්ම '96' චිත්‍රපටියෙ වීඩියෝවක් පෙන්නපු ගමන්ම දිවාෂ මහ හයියෙන් කෑගහලා දුරකථනෙ විසික් කරලා දැම්මා.කොච්චර මොනා උනත්,එච්චර ශක්තිමත් දිවාෂව උනත් නොසෑහෙන්න අඩවන්න පුළුවන් වුණු එකම චිත්‍රපටිය තමයි '96'.ඒත් එක්කම තමා ජානකී නෝනා පහල ඉදලා කතා කල සද්දෙ දිවාෂට ඇහුනෙ.

"එන්නම් අම්මෙ.....ඔහොම ඉන්න"

ඔලුවත් කස කස කම්මැලිකමේම නැගිට්ට දිවාෂ කණ්ණාඩිය ඉස්සරහින් හිටගත්තා.කොච්චර දුකකින් හිටියත් කිසිම කෙනෙක් ඉස්සරහ තමන් ඉන්නෙ දුකින් කියලා පෙන්නන්න දිවාෂට වුවමනාවක් තිබුනෙ නෑ.කණ්ණාඩිය ඉස්සරට ගිය දිවාෂ ඇස් වල කදුළු පිහිදගෙන මූණට හිනාවක් නගාගත්තෙ හිතට දැනුනු තනිකම පලවාහරින්න තිබ්බ වුවමනාවට.දැන් ඇවිත් ඉන්න යාලුවටත් තමන්ගෙන් උදව්වක් ඕනිනම් ඒක දෙන්න ලෑස්ති වුනු දිවාෂ කාමරෙ දොර ලග හිටන් ලොකු හුස්මක් පහල දාලා මූණෙ තිබ්බ හිනාව එක්කම උඩ පැන පැන පහලට ගියා.ඒත් එතන හිටියෙනම් දිවාෂ බලාපොරොත්තු වුණු අය නෙවේ.

"ආසව? නේත්‍ර?"

"ඇයි තමුසෙට වෙන දෙන්නෙක් වගේ පේනවද?"

"දිවාෂ දොයියගෙනද උන්නෙ?"

නේත්‍ර තමන්ගෙ අතේ තිබ්බ කෑම පාර්සල් ටික ජානකී නෝනගෙ අතට දෙන ගමන් කතා කරද්දි සෝෆාව උඩ ඉදගෙන දුරකතනෙට එබිලා උන්නු ආශවත් ඕනිවට එපාවට උත්තර දුන්නා.ඒත් දිවාෂ දැනන් හිටියෙ නෑ නේත්‍ර දිවාෂලාගෙ ගෙදර ගිහින් දිවාෂව බලලා එමු කියලා කන්කුනු ගාද්දි, ටවුමට ගිහින් දිවාෂ කන්න ආසා කොත්තුත් අරංම යමු කියන යෝජනාව කලේ ආශව කියලා.

නේත්‍රවයි ආශවවයි දැක්ක දිවාෂගෙ හිත හරි උණුහුම් හැගීමකින් පිරිලා ගියා.තමන් තනිවෙලා කියලා මෙච්චර වෙලා වද දුන්නු හැගීම නැත්තටම නැති වෙලා යනවා දැනුනු දිවාෂ තමන් ලග හිටගෙන හිනාවීගෙන උන්නු නේත්‍රව තද කරලා බදාගත්තා.අන්න ඒ වෙලාවෙදිනම් අච්චර වෙලා දුරකථන තිරේට මූණ ඔබාගෙන හිටිය ආශව පියවි සිහියට ආවා.

"දිවාස! අතාරින්නයි කිව්වෙ නේත්‍රව"

"අපෝ පොසෙසිව් පගෙක් උබ"

නේත්‍රව අතෑරලා නේත්‍රට ආශව ලගින් ඉදගන්න ඉඩ සලස්සපු දිවාෂ ආශවගෙ මූණට දෙකක් අයින්න හදන ගමන් සෝෆාව උඩ කකුලුත් උඩ දාන් ඉදගනිද්දි ආශව නේත්‍රගෙ අතකට තට්ටු කරලා තව ටිකක් ආශවට ලං වෙන්න කියලා කිව්වා.මූනු පොඩ්ඩ රතු කරගත්තු නේත්‍ර ආශවට තව ඩිංගක් ලං වෙලා බිම බලාගෙනම ඉද්දි දිවාෂ නම් ආශවට දිව දික් කරලා අහක බලාගත්තා.

ආශවගෙ ආරාධනාවෙන් ජානකී නෝනා ආශවලා ගෙනාව කොත්තු ටික කෑම මේසෙට අරිද්දි සෝෆාව උඩ වාඩි වෙලා උන්නු දිවාෂගෙ ඇස් දෙකනම් තිබ්බෙ ඒ කෑම ටිකේ ඇලිලමයි.ටික වෙලාවක් යද්දි කොල්ලො තුන්දෙනා කොත්තු ටිකට වැඩේ දෙන්න පටන් ගත්තත්, ජානකී නෝනා පස්සෙ කන්නම් කියලා හිටියෙ තවම ආරියසිංහ මහත්තයා ගෙදර ඇවිත් නැති නිසා.

ආශව හොදි හොදට දාගෙන කොත්තු කෑවත් නේත්‍රනම් හොදි බින්දුව බින්දුව දාගෙන කොත්තු ටික කෑවා.මොකද නේත්‍රට සැර කෑම ලොකුවට කන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.දිවාෂනම් සැරද මොනාද නොබලා කට පුරෝගෙන කෑම එකක් කකා ඉද්දි පුංචි නේත්‍රගෙ ඇස් දෙක එකපාරටම ලොකු උනා.

"සූ...සූ...."

"දිවාස,ඔය වතුර එක දෙන්න ඉක්මනට"

"ආ...."

දිවාෂ දුන්නු වතුර වීදුරුව ඉක්මනට අතට ගත්තු ආශව ඒක නේත්‍රට පොවද්දි නේත්‍රත් ඇස් ලොකු කරං වතුර එක බීගෙන ගියේ දැනුනු දැවිල්ල ගතිය නිසාමයි.නේත්‍රගෙ අතට වතුර වීදුරුව හෙමීට දුන්නු ආශව නේත්‍රගෙ පිගාන අරං ඒකෙ තිබ්බ කොත්තු ටිකට ඇන ඇන මිරිස් කෑලි හොයන්න ගත්තු හැටි දිවාෂ බලාගෙන හිටියෙ හරි ආදරෙන්.මිරිස් කෑලි තුන හතරක්ම හොයාගෙන ඒ ටික තමන්ගෙ පිගානට දාගත්තු ආශව වතුර බීලා ඉවර නේත්‍රගෙ අතින් වීදුරුව ගන්න ගමන් නේත්‍රගෙ පිගාන නේත්‍රට දුන්නා.ආශව දිහා බලලා ආදරෙන් හිනා වුණු නේත්‍ර ආපහු පාරක් කන්න ගත්තු හැටි බලාගෙන උන්නු ආශවත් නේත්‍රගෙ ඔලුව අතගාලා තමන්ගෙ කෑම එක කන්න ගත්තා.

පැය දෙකක් විතර දිවාෂ එක්ක කතා කර කර උන්නු ආශවයි නේත්‍රයි දෙන්නා දිවාෂලාගෙ ගෙදරින් පිට වුණේ නේත්‍ර ආශවගෙ අත උඩට නිදිකිරා වැටෙන්න ගත්තු නිසා.උදේ ඉදන් උනු දේවල මහන්සිය තවම නේත්‍රගෙ ඇගෙන් ගිහින් නැති බව තේරුම් ගත්තු ආශව දිවාෂලාට සමුදීලා නේත්‍රවත් අරගෙන එලියට බහිද්දි දිවාෂ තමන්ගෙ යාලුවො දිහා ආදරෙන් බලාගෙන හිටියා.ඒත් එක්කම දිවාෂගෙ දුරකථනෙ නාද වුණා වගේම තිරයේ දෙවින්ගෙ අංකෙ වැටෙද්දි හිනා වුණු දිවාෂ දුරකථනෙ කනේ ගහන් කාමරේට ගියේ මේ වගේ ආදරණීය සමීපතමයො ටිකක් තමන්ට දුන්නු එකට දෙවින්‍ට ස්තූතිවන්ත වෙන ගමන්.

..............................................................................................

"අහ්හ්හ්"

හරියටම දුරකථනෙ එලාම් එක උදේ හය හමාරට නාද වෙද්දි ආශව ඇදේ හිටිය විදියටම ඉදන් එහෙට මෙහෙට පෙරලිලා ඈලි මෑලි කැඩුවා.ඊයෙ දවසෙ පාඩම් කරන්න තරම් සුදුසු වාතාවරණෙකුත් ආශවගෙ මනසෙ නොවෙද්දි ආශව කලේ දිවාෂලාගෙ ගෙදර ඉදන් ආව පිම්ම නේත්‍රව ගෙදරට ඇරලවලා වලව්වට ඇවිත් ඇදට පැන්න එක.පැය දෙකක් විතර එහෙට මෙහෙට පෙරලි පෙරලි උන්නු ආශව අන්තිමේදි නිදාගත්තෙ පාන්දර එක විතර වෙද්දි.ඒකත් ආශවට නිදාගන්න පුළුවන් වුණේ නේත්‍ර කියලා රෙකෝඩ් කෙරුව සිංදුවක් අහන්න ගත්තු නිසා.නේත්‍ර ලග නැති උනත් නේත්‍රගෙ හිත නිවන හඩට පුළුවන් වුණා ආශවට දරුණු හින නොපෙනුනු සුව නින්දක් ලබා දෙන්න.

එහෙ මෙහෙ වෙලා තිබ්බ සරම හදාගත්තු ආශව ඇදුම් එල්ලන රාක්කෙ තිබ්බ තුවායත් අරගෙන නාන කාමරේට වැදුනෙ උදේම ඇගපත හෝදගන්න තියෙන පුරුද්දට.කොහොමත් හුග වෙලාවට හීතල නුවර පරිසරේ මේ උදේ පාන්දර කොහොමත් හීතල වෙද්දි ආශව ඒ හීතල වතුරෙන්ම ඇගපත හෝදගත්තා.ලාවට වැවිලා තිබ්බ රැවුලත් කපාගත්තු ආශවට හිනා ගියේ මේ රැවුල් කොටන් ඇනෙනවා කියලා නේත්‍ර කන් කෙදිරි ගාන එක.නේත්‍රව මතක් වෙද්දි ආදරෙන්ම හිනා වුණු ආශව ඉක්මනටම ඇග පත මූණ පිහිදන් කාමරේට ආවෙ ඇදුමක් දාගන්න හිතාගෙන.

"ශෝහ්....ශෝහ් කපුටා....ශෝහ්හ්හ්.....අඹ ඔක්කොම කන්නෙපා අනේ......වලව්වෙ මහතැන්ලට කන්න අඹ තියන්න කපුටෝ.....ශෝහ්....ශෝහ්....."

කවුළුවෙන් කාමරේ ඇතුලට ගලන් ආව හඩේ අයිතිකාරයාව හොද හැටි දන්න ආශවගෙ දෙතොල් වලට ආදරණීය හිනාවක් නැගුනා වගේම ඒ ඇස් හරි ලස්සනට දිලිසුණා.කළු ශෝර්ට් එකකට කලු පාට ලොකු ටී ෂර්ටයක් දාගත්තු ආශව පහලට බහින්න කලින් කවුළුවෙන් පහල බැලුවා.ආශවගෙ මූණෙ තිබ්බ ආදරණීය හිනාව තවත් වැඩි වුණේ තමන්ගෙ ඇස් වලට අහු වුණු දර්ශනයෙන්.

සුදු පාට කොට කලිසමකට ලා කහ පාට ලොකූම ලොකු කමිසයක් ඇදන් උන්නු නේත්‍රව ඈතට පෙනුනෙ ඒ කමිසෙ අස්සෙ ගිලිලා ඉන්නවා වගේ.ආශවගෙ ඇස් දෙක ආදරෙන් බර වුණා.කවුලුවෙ පැත්තකින් ඔලුව තියාගත්තු ආශව නේත්‍ර දිහාම බලාගෙන හිටියා.අඹ ගස් යට ඉදගෙන අත් දෙකත් උස්සන් චුට්ටං කකුල් වලින් උඩ පයින නේත්‍ර මීට අවුරුදු ගානකට කලින් කොට කලිසමකට බැනියමක් ඇදන් ඔය වගේම කුරුල්ලො එලෙව්ව හැටි ආශවට අද වගේ මතක තිබ්බා.නේත්‍ර වෙනුවෙන් ආදරේට ඉනුව කදුලක් පිහිදගත්තු ආශව කොට කලිසම් සාක්කු දෙකට අත් දෙකත් ඔබාගෙන පඩිපෙල දිගේ පහලට දුවන් ගියා.

මුළුතැන්ගෙට ගියේ නැති ආශව මුළුතැන්ගෙයි සේවකයන්ට ඇහෙන්න පුංචි සද්දයක් දාගෙනම මිදුලට බැස්සෙ සුදුබේබි ඇහැරිලා පහලට ආව බව සද්දෙන් දැනගත්තු කවුරුහරි කිරි වීදුරුව හදාගෙන එන බව දන්න නිසා.වත්තට බැහැලා හෙමි හෙමින් අඩි තිබ්බ ආශව නේත්‍රට නොදැනෙන්න නේත්‍ර ලගට කිට්‍ටු කලා.වත්තෙ තිබ්බ අඹ ගස් වලින් කපුටො එලෝන නේත්‍රට වටපිටාව ගැන ලොකු අවධානයක් නොතිබ්බෙ නේත්‍රගෙ අවධානෙ ඒ වැඩේට විතරක් යොමු වෙලා තිබ්බ නිසා.කලින් කෑ ගගහා කපුටො එලෙව්ව නේත්‍රගෙ කටේ සද්දෙ දැන් බාල වෙලා වගේම මොනාහරි මුමුණන බව තේරුනු ආශව නේත්‍ර ලගට කිට්ටු වුණේ ඒ මොකද්ද කියලා අහගන්න තිබ්බ වුවමනාවට.

"අනේ කපුටෝ...... මේවගෙන් අඹ ඔයාලා කෑවම සුදුබේබිට නැති වෙනවනෙ...... ඕනිනම් නේත්‍රලාගෙ ගෙදර අඹ ගස් වල අඹ ඔක්කොම හරි කන්න.....නේත්‍රට අඹ ඕන්නෑ.....ඒත් සුදුබේබිට තියෙන අඹ කන්නෙපානෙ"

වටපිට බලලා කවුරුත් නෑ කියලා දැනුනු ආශව එකපාරටම නේත්‍රව පිටිපස්සෙන් බදාගෙන නේත්‍රගෙ කම්මුලකට ක්ෂණික හාදුවක් තියලා නේත්‍රගෙන් ඈත් වුණා.ආශව කල දේ නිසයි,ඒ දේ උනේ එකපාරටම නිසයි කලබල වුණු නේත්‍ර පපුවත් අල්ලන් අඹ ගහකට හේත්තු වුණා.තත්පර ගාණකින් සන්සුන් වුණු ආශව තමන් ලගට එන ආශව දිහා බලලා හිනා වෙද්දි නේත්‍රට ප්‍රශ්නයක් නෑ කියලා තේරුම් ගත්තු ආශව ගල් බැම්ම ලගට ඇවිදන් යද්දි නේත්‍රත් හෙමීට ආශවගෙ පස්සෙන් ඇවිදන් ආවා.

"සුදුබේබි කිරි බිව්වද?"

"නෑ නේත්‍ර...මම.......දිව්වා නේද මේකා?"

ආශව ගල්බැම්මට වෙලා හිනාවෙවී බලන් උන්නෙ විදුලි වේගෙන් මුළුතැන්ගෙයි පැත්තට දුවන් ගිය නේත්‍ර දිහා.විනාඩි දෙකක් විතර යද්දි එකාතකින් කිරි වීදුරුවත් අරං,අනික් අතින් කැන්ද කොලයක් උස්සන් එන නේත්‍ර දිහා  බලන් උන්නු ආශවගෙ හිත ලොකු උණුහුමකින් පිරිලා ගියා.ආශව දිහා බලලා ලස්සනට හිනා වුණු නේත්‍ර කිරි වීදුරුව ආශවගෙ අතින් තියලා බිම ඉදගෙන කැන්ද කොලේ තමන්ගෙ කකුල් දෙක අස්සෙන් තියාගත්තා.සාක්කුවෙන් ගත්තු නස් නාරං ගෙඩි දෙකක් සුද්ධ කරගත්තු නේත්‍ර ඒවගෙ බික් එකෙන් එක වෙන් කරගත්තා.

නේත්‍ර දිහා බලාගෙනම කිරි වීදුරුව බීගෙන ගිය ආශව වීදුරුව පැත්තකින් තියද්දි අර වෙන් කරගත්‍තු බිකි ටික කැන්ද කොලේට දාන් ආව ලුණුයි ගම්මිරිසුයි එක්ක එකතු කරගත්තු නේත්‍ර නස් නාරං බිකක් කටට දාන් ඇහැකුත් පොඩි කරන් හපන හැටි ආශව බලන් හිටියෙ හරි ආසාවෙන්.තමන්ගෙ පය පාමුල ඉදන් වටපිටාව ගැන මුකුත්ම නොහිතා නස් නාරං ටිකට විතරක් අවධානෙ දීගෙන තොලුත් උල් කරං නස් නාරං කන නේත්‍ර ආශව දිහා බලන්න ඔලුව ඉස්සුවා.ආශව දැක්ක දේ වගේම,එවෙලෙ ආශවට කරන්න හිතුනු දේත් එකක් ආශවගෙ පිට දිගේම හිරියක් යද්දි, ආශව තමන්ගෙ ආසාව මැඩ පවත්තගත්තෙ නේත්‍ර ගැනම හිතලා.

නස් නාරං කද්දි නේත්‍රට නොදැනිම ඒවයෙ ඉස්ම ටිකක් කට කොනකින් පෙරෙන ගමන් තිබ්බා.ඕක දැක්ක ආශවට ඒ නස් නාරං තමන්ගෙ දිවෙන්ම රස බලන්න හිතුනත් ඒ ආසාව මැඩ පවත්තගත්තු ආශව නේත්‍ර ලගට නැවුනා.තොල් පෙතිත් උල් කරං ඇසුත් බෝල කරන් ආශව දිහා බලන් උන්නු නේත්‍ර ආශවගෙ අමුතු බැල්ම දරන්න බැරුව බිම බලාගනිද්දි නේත්‍රගෙ කට කොන ආශවගෙ ඇගිල්ලක ස්පර්ශෙ දැනෙද්දි නේත්‍ර ආශව දිහා ඔලුව උස්සලා බැලුවා.තමන්ගෙ මාපටැගිල්ල ආධාරෙන් නේත්‍රගෙ කටින් පෙරුණු නාරං ඉස්ම ටික අරගෙන ඒක තමන්ගෙ දිවෙන් ලෙව කෑව ආශව එක එල්ලෙ නේත්‍ර දිහාම බලන් ඉද්දි දරන්නම බැරි ලැජ්ජාව නිසා නේත්‍ර එතනින් නැගිටලා වලව්වත්තෙ පල්ලම බැහැලා දුවගෙනම ගියා.

"මගෙ පුංචි පිස්සා"

නේත්‍ර දිව්ව හැටි බලලා හිනා වුණු ආශව එහෙම්මම නැගිට්ටෙ නේත්‍රගෙ ගෙදරට යන්න හිතාගෙන.

.

.

.

.

.

"දැන් නැගිටින්නකො"

".........."

"ඒක එච්චර ලොකුවට ගන්නෙපා නේත්‍ර"

"............"

"ඉතින් ඇයි දැන් මේ දුකින්.....ම්ම්.....ලැජ්ජාව නම් කමක් නෑ කියමුකො....දුක ඇයි? ඈ මැණිකෙ?"

"ක්...කෙල....මගෙ කෙලත් තිබ්බානෙ සුදුබේබි ඒ ඉස්ම වල"

"ඉතින්?"

"එහෙම හොද නෑ.....මට පව් පිරෙයි"

"ඔයාගෙ හැමදේම මගෙනෙ නේත්‍ර.....ඉතින් ඒකට මොකද්ද වෙන්නෙ? මැණිකෙ.....මට පව් පිරෙන්නෙ නෑ රත්තරනේ එහෙම උනාට"

"ඒත් එහෙම එපා....සුදුබේබි කියන්නෙ සුදුබේබිටනෙ"

"වෙලාවකට නේත්‍ර හිතන ඔය වගේ දේවල් වලට පට්ටෙට කේන්ති යනවා.....ඒත් ඒ දේවල් නේත්‍ර කියන්නෙත් මට තියෙන ආදරේට කියලා මතක් වෙද්දි කේන්තිය නිවෙනවා"

"හුම්ම්ම්"

"ඒත් එහෙම කියන්න එපා නේත්‍ර.....මමයි ඔයයි දෙන්නෙක් නෙවේ එක්කෙනෙක් කියලා නේත්‍රම නේද කිව්වෙ? ඉතින් එහෙනම් ඇයි මේ? දැන් මගෙ කෙල ගෑවුනු එවා නේත්‍ර ඕනි තරම් කන්නෙ? නේත්‍රට අප්පිරියද ඒවා?"

"නෑ...... සුදුබේබි.....දෙයියෝ!!! මොනාද මේ අහන්නෙ?"

"ඉතින්? ඉතින් ඇයි එහෙමනම් මම ගැන එම හිතන්නෙ? මට ඒක පවක්,මම එහෙම කරන්න හොද නෑ කියලා හිතන්නෙ ඇයි? නේත්‍ර, මාව පිට කෙනෙක් ගාණට දාන්නෙපා.....ප්ලීස්....."

"ස්....සුදුබේබි"

"මට ඉන්නෙ ඔයා විතරයි නේත්‍ර, මගෙම කෙනෙක්ට කියලා.....එහෙව් එකේ ඔයත් ඔහොම දුරස්ව හැසිරෙද්දි මට කොච්චර නම් දුක හිතෙනවා ඇද්ද?"

"දුරස් නෑ මගෙ දෙයියෝ!!! සුදුබේබි කොහෙද මට දුරස්"

"එහෙනම් ඔය වගේ කතා කියන්නෙ?"

"සුදුබේබි වලව්........"

"ඔය විකාර දැන්වත් ඔලුවෙන් අහක් කරගන්න නේත්‍ර!!! වලව් ලබ්බවල් දැන් ඔයාටවත් මටවත් වැඩක් නෑ!!! වලව්වල මිනිස්සු එක්ක පෑහෙන්න බෑ වගේ විකාර ඔලුවෙන් අයින් කරන්න කියලා මම කිව්වෙ අපි දෙන්නා අෆෙයා එකක් පටන් ගත්තු අලුතමයි....මතකද?"

"ඔව් සුදුබේබි"

"මතකනම් ඇයි මගෙ මැණිකෙ මට මෙහෙම රිදන්නෙ? ම්ම්ම්ම්......සුදුබේබිට හරියට රිදෙනවා ඔහොම උස්පහත් කම් ගැන කතා කරද්දි"

"මට සමාවෙන්න රත්‍තරං සුදුබේබි.....නේත්‍ර මෝඩයෙක්නෙ.....නේත්‍රට තේරුනේ නෑ....ආයෙ එහෙම කරන්නෑ......මගෙ සුදුබේබි, දුක් වෙන්න එපා හොදද? නේත්‍රටත් දුකයිනෙ එතෝට"

"මෙහෙ එන්න"

නේත්‍රගෙ කිහිලි දෙකෙන් උස්සලා නේත්‍රව ඔඩොක්කුව උඩට ගත්‍තු ආශව නේත්‍රගෙ මූණ පුරාම සමනල් හාදු තියන්න ගනිද්දි නේත්‍ර හයියෙන් හිනා වුණා.නේත්‍රගෙ ඉණ වටේ ග්‍රහණෙ වැඩි කෙරුව ආශව නේත්‍රගෙ ඔලුව පිටිපස්සෙන් අනික් අත තියලා නේත්‍රව තමන්ගෙ පපුවට බර කර ගනිද්දි,ආශවගෙ පපුවෙන් ඔලුව තියාගත්තු නේත්‍ර  ආශවගෙ පපුවෙන් එන 'සුදුබේබිගෙ සුවද' හිතේ හැටියට විදගත්තා.

ඒත් එක්කම ගෙයි මිදුල පැත්තෙන් ඇහුණු සද්දෙට ආශවගෙන් ඈත් වුණු නේත්‍ර ඒත් එක්කම ඇහුණු කටහඩ නිසා ආශවගෙ ඔඩොක්කෙන් බිමට පැනලා විදුලි වේගෙන් එලියට දුවන් ගියේ හරිම සතුටින් කියන එක ආශවට තේරුනා.මෙච්චර සතුටු වෙන්න ආවෙ කවුද කියලා දැනගන්න තිබ්බ වුවමනාවට ආශවත් නේත්‍රගෙ කාමරෙන් එලියට එද්දි නේත්‍ර මිදුලෙ උන්නු කාගෙහරි ඇගකට පයිනවා දැක්ක ආශවගෙ ඇගේ මාලු නටන්න ගත්තා.

"අක්කා ඇවිල්ලා"

"අම්මෝ පොඩ්ඩො මගෙ කොන්ද! යකඩෝ....අක්කා නාකි වෙන්න කලින්ම කොන්දෙ අමාරුව හදාගනියි වගේ"

තමන්ගෙ ඇගේ එල්ලිලා උන්නු නේත්‍ර දිහා බලන ගමන් අරුන්දතී හිනාවෙවී කිව්වත් අරුන්දතීගෙ ඇස් දෙක තිබ්බෙ ඉස්තෝප්පුවට වෙලා ඇස් දෙකත් කරකෝලා කේන්තියෙන් වගේ අහක බලාගත්තු ආශව ලග.අරුන්දතී දන්නෑනෙ ඉතින් අරුන්දතීගෙ ඇගේ මේ එල්ලිලා ඉන්නෙ ආශවට විතරක් අයිති දෙයක් කියලා.ආශවගෙ වෙනස මොකද්ද නොතේරුනත් ආශවව අවුස්සන්න හිතුනු අරුන්දතී නේත්‍රගෙ ඉණ වටේ අත දාලා නේත්‍රව ඩිංගක් විතර උස්සගෙනම ගෙට ගොඩ වෙද්දි ආශව ඉස්තෝප්පුවෙ තියෙන හුණු පිරියම් කල කණුවක් මිරිකන හැටි අරුන්දතී හොදටම දැක්කා.

"කන්නැද්ද පොඩ්ඩො?බර නෑ ඩිංගක්වත්"

"නේත්‍ර කනවා.... නේත්‍ර මහත් වෙන්නෑනෙ ඒත්"

නේත්‍ර තොලුත් නොපිටට පෙරලන් කියද්දි අරුන්දතී ඉස්තෝප්පුවෙ තිබ්බ පඩියකින් වාඩි වෙන ගමන් ඇදුම් බෑග් එකත් එතනින්ම තිබ්බා.නේත්‍රත් අරුන්දතීගෙ එහා පැත්තෙන් ඉදන් අරුන්දතීගෙ උරහිසකට ඔලුව ගහගනිද්දි නේත්‍රගෙ ඔලුව අතගගා උන්නු අරුන්දතීට ආශවගෙ මේ හැසිරීම ලොකු ප්‍රශ්නයක් වුණා.

"ඔහොම බැ.....කාලා බෝලෙ වගේ ඉන්න ඕනි"

"නේත්‍ර කෙට්ටුයිද හුගක්? කැතද මම?"

"නෑ!!!! ඔය ගාණ හොදයි! නේත්‍ර කැත නෑ!"

අරුන්දතී වගේම නේත්‍රත් ආශවගෙ කටහඩට ගැස්සිලා යද්දි පඩිපෙලෙන් නැගිට්ට අරුන්දතී ආශව දිහා බලලා හිනා වුණා.ආශව හිනාවෙන්න උවමනාවට ලාවට හිනාඋනා මිසක් ආශවගෙ ඇස් වල එහෙම ලොකු සුහදත්වයක් ගෑවිලා තිබුනෙ නෑ.කොහොමත් යාලුවො එක්ක උනත් හරි අඩුවෙන් හිනා වෙන ආශව හිතේ හැටියට හිනා උනේ නේත්‍ර ලග විතරක් වෙද්දි,අරුන්දතී නේත්‍රගෙ අක්කා උනත් නේත්‍රව තුරුල් කරගන්න එකට ආශවට ඉරිසියා හිතිලා තිබ්බා.

"සුදුබේබි, අද පන්ති මුකුත් නැද්ද?"

"නෑ අරුන්දතී.....මම මේ හවුස් මීට් එකේ වැඩ වගයක් කතා කරගන්න නේත්‍රව වලව්වට එක්කන් යන්න ආවෙ"

"මම දැන් ආව එකේ....මල්ලිව ටික වෙලාවක් තියන් ඉදලා එවන්නද සුදුබේබි? මම මේ මාස ගාණකට පස්සෙනෙ ආවෙ"

"නේත්‍ර? එනවද ඉන්නවද?"

"සුදුබේබි......."

ආශවගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි උනු නේත්‍රගෙ කටින් මිමිණිල්ලක් පිට වුන හැටි ආශව බලන් හිටියා.මාස ගාණකට පස්සෙ හම්බුනු අක්කගෙ උණුහුමේ දැවටෙන්න තිබ්බ උවමනාව වගේම උවමනාවක් ආශව එක්ක දැවටෙන්නත් නේත්‍රට තිබ්බා.ඒත් ඉතින් නේත්‍ර මොකක් තෝරගන්නද කියලා නේත්‍රටම නොතේරුනේ ඔතනින් එක තේරීමක් කලොත් දෙන්නෙගෙන් එල්කෙනෙක්ගෙ හිත රිදෙන නිසා.නේත්‍ර බිම පහුරු ගගාම උත්තරයක් නොදී ඉද්දි ආශව කතා කලා.

"නේත්‍ර එහෙනම් ටික වෙලාවක් ඉදලා එන්න.....අරුන්දතී, දවල් කෑම වෙලාවට අරුන්දතිත් වලව්වට එන්න"

"හොදමයි සුදුබේබි"

"සුදුබේබි.......ඉන්න ඩිංගක්"

කුස්සියට දුවලා ගිය නේත්‍ර උදේ ගෙනත් කාලා බාගයක් ඉතිරි කරල තිබ්බ අඩ කෑල්ල පත්තර කොලේක ඔතලා ගෙනත් ආශවට දෙද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව කඩුල්ලෙන් පැනලා වලව්වට පැත්තට ඇදිලා ගියා.

...................................................................................................

"එතකොට සුදුබේබියි පොඩ්ඩයි හවුසස් දෙකක?"

"ඕ අක්කෙ.....සුදුබේබි අර හවුස් එකේ,මම මේ හවුස් එකේ"

"ආආආ.....එහෙමත් එකක්ද? එතකොට මීට් එකේ වැඩ කතා කරගන්න තියෙනවා කිව්වෙ?"

"සුදුබේබි ස්කූල් ගේම්ස් කැප්ටන්නෙ අක්කෙ.....එයා ඔක්කොම හවුසස් ගැන බලන්නෝනි.....අනික සුදුබේබි මායි දිවාෂයි නිසා අපේ එකට උදව් කරනවා"

"ඕඕඕඕඕඕ......දිවාෂ මල්ලිවත් දැක්කෙ නෑ කාලෙකින්"

"අක්කා දවස් කීයක් ඉන්න බලන්ද ආවෙ?"

"දෙක තුනක් වගේ පොඩ්ඩො"

"එහෙනම් හෙට දිහාට දිවාසව බලන්න යං"

"හා....මේ පොඩ්ඩො"

"ඕ අක්කෙ"

"සුදුබේබි ඉස්සර වගේමයි නේද පොඩ්ඩා එක්ක ඉන්නෙ? වෙනසක් එහෙ.....කෝ ඔය ඉස්මොල්ලෙ ගියානෙ තේ එක! පරිස්සමට බොන්න"

නේත්‍ර දිහා බලලා තරවටු කෙරුව අරුන්දතී නේත්‍රගෙ පිට අතගෑවෙ හරි පරිස්සමින්.නේත්‍රව අල්ලන තත්පරයක් ගානෙම අරුන්දතීට දැනුනෙ මලක් අල්ලනවා වගේ ගැගීමක්.තමන්ටත් වඩා තමන්ගෙ පුංචි මල්ලි සිනිදුයි,මෘදුයි කියන එක තේරුම් අරන් උන්නු අරුන්දතී පුංචි කාලෙ නේත්‍රට ගැහුවා බැන්නට දැන් නේත්‍රට නියපිටින් හානියක් කරන්නවත් නොහිතුවෙ ඒ නිසාමයි.නේත්‍රගෙ පිට අතගෑව අරුන්දතී තේ එකත් බීලා ඉවර කරලා නැගිට්ටෙ නා කියා ගන්න හිතාගෙන.

"මම නාං එන්නම් පොඩ්ඩො..... ආවම වලව්වට යං"

පැය බාගෙකින් විතර අරුන්දතී නාගෙන ආවෙ දණහිසෙනුත් පගලට වැටිලා තිබ්බ කොණ්ඩෙ පිහිදන ගමන්.ගවුමක් ඇදගෙන තෙත කොන්ඩෙ අල්ලලා කට්ටක් ගහගත්තු අරුන්දතී නේත්‍රට යං කියලා කියද්දි ගෙදර දොර වැහුව නේත්‍ර අරුන්දතීගෙ අතේ එල්ලිලා කන්ද නගින්න ගත්තා.

"ඉස්කෝලෙ වැඩ හොදට කරගෙන යනවද පොඩ්ඩො?"

"ඕ අක්කෙ.....සුදුබේබි උදව් එහෙම කරන නිසා ලේසියි"

"ආආආ....ඒක හොදයි.....මීට් එකේ වැඩ එතකොට? දෙක පැටලෙන්නෙ නෑ නේද?"

"නෑ අක්කෙ....සුදුබේබි උදව් කරන නිසා පැටලිල්ලක් නැතුව කරං යනවා"

"ම්ම්ම් ..... ක්ලාසස් ඒම පොඩ්ඩො? තාම යන්න ගත්තෙ නෑ නේද?"

"නෑ අක්කෙ.....සුදුබේබි පාඩම් කියලා දෙනවා.ඒ නිසා ක්ලාස් නොගියා කියලා පාඩුවක් නෑ"

"ම්ම්ම්ම්.....පේපර්ස් එහෙම කරද්දි අමාරු වෙන්නෙ එහෙම නෑ නේද?"

"නෑ අක්කෙ.....සුදුබේබි පේපර්ස් වෙනමම කරවනවා.... සුදුබේබිම් හරි වැරදිත් බලලා දෙනවා..... ඒ නිසා අමාරු උනේ නෑ"

"සුදුබේබි හුගක් එකතුයි නේද පොඩ්ඩා එක්ක?"

"ඔ....ඕ අක්කෙ.....එකතුයි"

"පොඩ්ඩගෙ පස්සෙන් එහෙම කෙනෙක් ඉන්න එක මගෙ හිතටත් හයියක්"

අරුන්දතී නේත්‍ර දිහා හිනාවෙලා බලලා කිව්වත් අරුන්දතීගෙ හිතනම් තිබ්බෙ අමුතුම විදියෙ සැකේකට අහු වෙලා.පුංචි කාලෙත් සුදුබේබි තමන්ගෙ මල්ලිට ලං වෙන අනික් හැමෝම එක්ක ඉරිසියාවෙන් පිපිරුව හැටි මතක තිබ්බ අරුන්දතී, අද සුදුබේබිගෙ ඇස් වල ඒ ඉරිසියාවට අමතරව ආත්මාර්ථකාමී වුණු අයිතිවාසිකමකුත් දැක්කා.නගරබද පාසලක ඉගෙන ගන්න අරුන්දතී සමාජෙ ගැන දැනුමෙන් සෑහෙන්න ඉදිරියෙන් ඉද්දි, අරුන්දතීට සමාජෙ එක්ක ගැටෙන්න,ඒ ගැන විස්තර හොයන්න අවස්ථාව වගේම ගුරුහරුකම් දෙන පද්මිණී නිසා අරුන්දතී හුගක් දේවල් දැනන් හිටියා.පුංචි කාලෙ ඉදන්ම මේ වෙනකං තමන්ගෙ මල්ලිගෙයි වලව්වෙ සුදුබේබිගෙයි තියෙන ලග ආස්‍රේ ගැන අරුන්දතීගෙ හිතට මේ වෙද්දි සැකයක් දැනෙමින් තියෙද්දි තමන්ගෙ අතේ එල්ලිලා හාවෙක් වගේ හිනාවීගෙන යන තමන්ගෙ පුංචි මල්ලි දිහා බැලුව අරුන්දතී, අර යකෙක් වගේ ආවේස වෙලා හැමතිස්සෙම හරි දරදඩු විදියට ඉන්න ආශව එක්ක තමන්ගෙ පුංචි සහෝදරයව සන්සන්දනය කලා.

"අප්පෝ! ඒ නහරකාරයව අපේ මල්ලිට දරන්න බෑ....මගෙ පොඩි එකා පවු.....මමත් හිතන්නෙ මහ මෝඩ දේවල්"

ඒත් එක්කම අරුන්දතීට මැවිලා පෙනුනෙ වලව්වෙ බැල මෙහෙවරකම් කරල තමන්ගෙ අම්මවයි අර මාන්නක්කාරකමින් ඔලුව උදුම්මෝගෙන ඉන්න මහ මුදියන්සෙවයි,ලොකු මැණිකෙවයි.තමන්ගෙ අතේ පැටලිලා තියෙන තමන්ගෙ පුංචි මල්ලිගෙ සිනිදු අත නේත්‍රට නොපෙනෙන්න පිරිමැද්ද අරුන්දතී වලව්වෙ මහතැන්ලගෙ දරුණුකම් ගැන හිතන ගමන් නේත්‍රව තව ටිකක් තද කරලා අල්ලගත්තා.

"නෑ.....අපේ එකා එච්චර මෝඩ වෙලා නැතුවැති"

කතාවෙන් කතාවෙන් වලව් වත්තට ගොඩ වුණු ඉලන්දාරියයි ලමිස්සියි දෙන්නා පිලිකන්න පැත්තෙන් වලව් මුළුතැන්ගෙට රිංගගනිද්දි හොද්දක් ඒදන ගමන් උන්නු නිර්මලා අරුන්දතී ලගට දුවං ආවා.

"ආවද මගෙ කෙල්ල? ඔහෙන් ඉදගනින්කො....මම තේ ඩිංගක් වත්කරන්නම්"

"එපා අම්මා.....මල්ලි හදලා දුන්නා ගෙදරදි"

"එහෙමද? පොඩ්ඩො.....ඔය කංකුන් ටික හෝදලා ගනින්කො"

"කංකුන්? මම හදන්නද අම්මා?"

"හා.....උඹ කංකුන් තෙල් දාන විදියට සුදුබේබි හරි ආසයිනෙ......එහෙනම් මම මේ මස් එක හදනකං උබ කංකුන් ටික ලෑස්ති කරපංකො"

තමන්ගෙ අම්මා කියන දේවල් වගේම සුදුබේබි කැමති කෑම එකක් හදන්න අරං හිටි තමන්ගෙ පුංචි මල්ලිගෙ ඇස් මහා තදේට දිලිසෙන හැටි බලන් උන්නු අරුන්දතී මේකෙ යටගියාව හොයාගන්න ඕනි කියලා තමන්ගෙ හිතටම බල කරවගත්තා.දවල් කෑමෙන් පස්සෙ ආශව, නේත්‍රව ක්‍රීඩා තරගෙ වැඩ වගේකට තමන්ගෙ කාමරේට එක්කන් යද්දි අරුන්දතී ගෙදරට පිටත් වුණේ හවස් වරුව පොතක් කියවන ගමන් ගත කරන්න තිබ්බ වුවමනාවට.

.

.

.

.

.

"නෑ සුදුබේබි......"

"ඕ ඕ....අක්කා ඉන්න නිසා හැමවෙලේම සුදුබේබි ලග ඉන්න බෑනෙ"

"ඕ....අක්කට සැක හිතෙයිනෙ"

"නේත්‍ර බය නෑ....ඒත් නේත්‍ර බයයිනෙ"

"ඒම නෙවේ සුදුබේබි.....අක්කා අම්මට මක්කා හරි කිව්වොත්.....අම්මා සුදුබේබිව මට හම්බෙන්න දෙන එකක්වත් නෑ"

"නෑ.....අක්කා අද මම ගෙදර ආව කලේ මොනාද,මොනා සම්බන්ධවද අරවා මේවා ගොඩාරියක් ඇහුවනෙ...."

"ඕ.....වෙනදට අක්කා ඒම අහන්නෑ සුදුබේබි"

"හි හී...."

"සුදුබේබි ෆෝන් එකෙන් කතා කරද්දි අමුතුයි....."

"නිදිමතෙන් වගේනෙ කතා කරන්නෙ"

"නිදිමත නෑද? එහෙනම් අමුතු ඇයි සුදුබේබිගෙ කටහඩ"

"අනේ.....එපා සුදුබේබි"

"හි හී...."

"හෑයියා"

"සුදුබේබි දැන් නරක සුදුබේබි කෙනෙක් වෙලා ඉන්නෙ"

අද වැඩිවෙලා යනකං නේත්‍රට ආශව ලග රැදෙන්න බැරි වුණේ නිර්මලා නේත්‍රව ගෙදර යැව්ව නිසා.අරුන්දතී තනියම ගෙදර ඉන්න එක පරිස්සම් මදි නිසා ගොම්මන වැටෙන්න කලිම් නිර්මලා නේත්‍රව සුදුබේබිගෙන් ඈත් කරෝලා ගෙදරට එලෙව්වා.ගෙදර ගිහින් බුදු පහන තිබ්බ නේත්‍ර ආශව ගැන හිත හිත අරලිය ගහ යටට වෙලා ඉද්දි ආශවත් නේත්‍රට දුරකථන ඇමතුමක් ගත්තෙ ආශවටත් ඒ වගේම නේත්‍රව මතක් වෙමින් තිබ්බ නිසා.ඈත් වෙලා පැයක්වත් ගත වෙලා නොතිබ්බත් ආශවට නේත්‍රව හුගාක් උවමනා වෙලා තිබ්බා.

එහෙම ගත්තු දුරකථන ඇමතුම සෑහෙන වෙලාවක් තිස්සෙ ඇදිලා යද්දි නේත්‍ර උනත් කුටු කුටු ගගා කතා කලේ අරුන්දතී ඇතුලට වෙලා පොතක් කියවන බව දන්න නිසා.ටික වෙලාවක් යද්දි කවුරුහරි ගේ ඇතුලෙන් වේගෙන් ඇවිදන් එන සද්දෙ වගේම ඒ සද්දෙ තමන්ට ලං වෙන බව දැනෙද්දි නේත්‍ර දුරකථනෙ පහලට දාන ගමන් බංකුව උඩින් නැගිට්ටා.

"මොකද්ද මේ??? කතා කරනවා මල්ලි!!!"

නේත්‍ර ඉස්සරහා හිටගෙන උන්නු අරුන්දතී නේත්‍රගෙන් කෑ ගහලා අහද්දි, අරුන්දතීගෙ එක අතක 'අස්ථාවර' පොත රැදිලා තිබ්බා.

...................................................................................................

වචන 3400+ 😪❤️

අදහසක් දීගෙන යන්ඩෝ

මේ චැප කම්මැලී තමා....ඒත් මේක නොලියා ඉස්සරාට යන්නත් බෑනෙ....එ නිසා ගනන් ගන්නෙපා ඈ😪❤️

හෑයියා😹❤️

හොදම කෑලි එන්නෙ ඉස්සරාට😏❤️

කැමීලියා ගීන් එන්නාම්🌝❤

කැමීලියා ආතරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter