Chapter 73: මගෙන්

ප්‍රේමම්!Words: 1818

කටු ගාලක සැනහෙන මගෙන්

මල් වත්තක හිනැහෙන ඔයාට!

මල් හරි ලස්සනයි නේද?

ඒත් ඔයා දන්නවද? ඔයා තරම් මුකුත් ලස්සන නැති බව!

මගෙ කටු ගාලට එහායින් තියන,

ඔයාගෙ ලස්සන මල්වත්ත!

මම ඒ දිහා බලා ගෙන උන්නා!

අඩියෙන් අඩිය ඔයාලගට එන්න හදද්දි,

කටු ඇනිලා ලේ විසිරෙන්න ගත්තා!

අන්තිමම අඩියට ඔන්න මෙන්න

වාරු නැතුව මගෙ ඇස් පිය උනා!

ඒත් ඔයා දන්නවද?

ඒ වෙලාවෙත් මම දැක්කෙ මල් නෙවෙයි!

"ඔයාව"

ඔයාව වට කරන් සමනල්ලු!

ඔයා උන් මැද හරිම සතුටෙන්!

ඉතින් මම දන්නවනෙ,

කටු ගාලක සමනල්ලු ඉන්නෑ කියල!...

මම කටු ගාලෙ සැනහෙද්දි,

ඒ නිසාමයි මම ඉදල හිටලා හරි,

ඔයාගෙ මල්වත්ත දිහා බලන්නෙ!

මට බෑ සමනල්ලු තියා ගන්න!

මට බෑ සමනලයෙක් වෙන්න!

ඒත් මට පුලුවන්!

ඔයා දිහා බලන් ඉන්න!

ඉතින් ලස්සන ලමයො!

හැමදාම ඔය මල්වත්තට වෙලා,

සතුටින් හිනා වෙන්න!

මම බලන් හිටියත්! නැතත්!

Dilushi hirunya❤️