Chapter 10: අවසානයට පසුත්...

මඟ හැරී | NONFICTION ✔Words: 12415

හරි හිමීට ලයාන්විතව නාද වෙන එක ගිටාර් හඬක් එක්ක හරි ලස්සන ගැඹුරු හඬක් ලස්සන පදවැල් පේලියක් මුමුනනවා.. මේ හඬ නම් මේ පුංචි ගෙදර වරදින්නේ නෑ.. හිමි හිමීට මුමුනන පදවැල් නිහඬ පරිසරය එක්ක මුහු වෙද්දි දැනෙන ඒ  නිස්කලංක ගතිය මේ අවුරුදු පුරාවටම තිබුනා..

* සලාං * " දෙනවා ඕක මෙහෙම මේක මගේ... "

" දෙනවා ඕක.. ඕක මට තාත්තා දුන්නේ..."

" නෑ නෑ.. අප්පච්චි මට දුන්න ඒක ඔය.. අර කැඩුනේ තාත්තා ඔයාගේ උපන්දිනේට දුන්න එක.."

අහ්ම්..!! වැරදුනා නේද.. මම අර කියපු නිස්කලංක බව නම් අන්තිමට තිබුනේ මීට අවුරුදු හතකට වගේ කලින්... මේ පුංචි කලබලකාරයෝ දෙන්නා නිසා මේ පුංචි ගෙදර තියන නිස්කලංක කම නම් දියේ ගහන් ගියා වගේ උනා..

" අප්පච්චී... බලන්නකෝ... සස්නිඳු මගේ ටෙඩීව ගත්තා නේ.."

" අප්පච්චී සනිඳු බොරු කියන්නේ... මේ තාත්තා මට දීපු එක.. "

" බොරු.."

" නෑ ඇත්ත.. "

" බොරු "

" ඇත්ත "

" බොරු බොරු බොරු.. "

" හා හා ළමයි නේ ඔය කටවල් වහගන්න.. තාත්තා ආවොත් මටත් එක්ක ගුටි කන්න වෙයි.. උඹලගේ තාත්තගේ නම විතරයි අහිංසක.. දන්නවනේ හැටි "

මෙනුජගේ නම් අවාසනාවන්ත දවසක් වගේ අද.. ඒ වචන ටික ළමයින්ට කිව්ව හැටියේ පොඩි උන් දෙන්නා මෙච්චර වෙලා මරාගත්තේ නෑ වගේ එකට කට වහගෙන හොරට හිනා වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා කියලා දැනගත්ත මෙනුජ හිමීට පිටිපස්ස බැලුවා... හරිනේ.. අර දුඹුරු ඇස් වල අයිතිකාර නමින් විතරක් අහිංසකයා ඒ ඇස් හීනි කරගෙන බලන් හිටියා..

" ළමාආආආයි..!!! "

" ඇ-ඇයි තාත්තා.. "

" දැන්ම දුවන්නයි කිව්වේ කාමර වලට.. දැන් හොඳටම රෑ වෙලා.. නිදියගන්න... "

" ක්-හ්ම් "

" ඔය මහත්තයා මොකද.."

ඔන්න ඔන්න හරි අමුතු මනමාල පෙනුමක් හදාගෙන මෙනුජ අහිංසගේ වටේ කැරකෙන්න ගත්තා.. හනේ මෙහෙමත් කෝල කමක්.. කොහොම හිටපු මනුස්සයෙක්ද මේ..

" රෑ වෙලා නේද.."

" ඔව් "

" ළමයින් එහෙමත් නිදියන්න ගියා නේද.. "

" ඔව් ඉතින්... "

" එහෙනම් මේ.. මේ.. අරේක කරමු ද.."

" අනේ අම්මපා මනුස්සයෝ.. මොන නාකි විසෙයක්ද මේ... දැන් හතළිස් ඇඳිරිය නේද..? "

ඔන්න ඉතින් මෙනුජගේ මූන කලු වෙලා ගියා.. ඇයි අප්පා ඒක කරන්න වයසක් ඕනෙද..??

" අනේ මේ... මම තාම එළ කොල්ලෙක් හොඳ ද..? "

" මම දැන් නිදි.. ගුඩ් නයිට් "

.

.

.

සනීපෙට මෙනුජගේ පපුව උඩ නිදන් උන්නු අහිංසට කලින් වගේ සුවපහසුවක් නොදැනෙන නිසා අහිංස ඒ පැත්ත මේ පැත්ත පෙරලිලා බැලුවත් ඒ සුවපහසු උණුසුම් පපුව නම් හම්බුනේ නෑ.. පාන්දර දෙකයි විස්සයි කියලා සටහන් උන ඔරලෝසුව අහිංස දැක්කා.. ඇස් පිහිදගෙන වටපිට බලපු අහිංසට දකින්න ලැබුනේ ජනෙල් පියන් අතරින් හඳ දිහා බලන් ඉන්න මෙනුජව..

හිමීට අඩි තිය තිය මෙනුජ ලඟට ලං උන අහිංස ඒ කමිසයක් නැති පිරිමි පිට පැත්තට ඔලුව ගහගෙන ඒ ඇඟ වටේ අත් ඔතන් බදා ගත්තා.. අහිංස දන්නවා.. හැම අවුරුද්දෙම මේ දවස කියන්නේ මෙනුජගේ හිත බිඳින දවසක් කියලා..

" මගේ අයියේ.. එයා නැති වෙලා අදට අවුරුදු විස්සක් නේද.. "

" හ්ම්ම්... හැමදේම හොඳ අතට සිද්ධ වෙලත් අවුරුදු විස්සක්.."

තාම මෙනුජ හඳ දිහා බලාගෙන... සමහර මතක තියනවා කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරිවෙන.. අහිංසටයි මෙනුජටයි දෙන්නටම තවමත් අමතක කරන්න බැරි උන ඒ මතකය සමනලී ම උනා..

" ඔයා අවුරුදු විස්සක් පසුතැවෙනවා මගේ අයියේ.. මම අවුරුදු විස්සක් වගේම අදත් කියනවා මේ දේවල් වලට ඔයා වග කියන්න ඕනේ නෑ... "

මෙනුජ එයාගේ අතේ තිබුන ලියමන් ටික ළඟට ගත්තා.. එකින් එක ඒවා ආයේ දිග ඇරලා බැලුවා.. මේ ලියමන් ටික අවුරුදු විසි පහකට වඩා මෙනුජ ලඟ පරිස්සමට තියනවා.. සමහරවිට මේවා මෙනුජගේ අන්තිම හුස්ම වෙනකන් පරිස්සමට තියේවි..

" දන්නවද අහිංස, මම ඇත්තටම හිතුවේ මේ ලියමන් ඔයා ලිව්වේ කියලා.. ඒ කාලේ මම බලන් හිටියා මේ ලියමන් මට ලැබෙනකන්..

ඒත් ඉතින් ඒ ලියමන් මට ලැබෙන එක එකපාර නැවතුනා.. දන්නවද කවදායින් පස්සෙද කියලා.. ඒ ඔයා මට ආදරෙයි කියලා මුලින්ම මම දැනගත්ත දවසේ.. මතකද අර රදීශ් එක්ක ඔයා මට ආදරෙයි කියලා කිව්වා.. අන්න එදායින් පස්සේ කිසිම ලියමනක් ලැබුනේ නෑ.. "

" ඒ කියන්නේ ඔයා වගේම එයත් එදා ඒක අහන් ඉඳලා නේද.. "

" වෙන්න ඇති..!! "

මෙනුජට ලියමන් දුන්න ඒ නම නොදන්න කෙනා අහිංස උනේ නෑ.. ඒ කෙනා සමනලී.. මතකද තනියෙන් ආදරේ කරන එකක් ගැන හරි ලස්සනට ලියලා එව්වා... එයා මුල ඉඳන්ම ආදරේ කරලා.. හොරෙන් හොරෙන් මෙනුජගේ බෑග් එකට ලියමන් දාලා.. බලාපොරොත්තු ගොඩක් තියන් ඉන්න ඇති එයා..

" අයියේ, ඔයා එයාට ආදරෙයිද මගෙ අයියේ.. "

ලෝබ හිතිලා නේද කොල්ලට... කොච්චර කොහොම මෙනුජව තේරුම් ගත්තත් අහිංසට තියෙන්නෙත් ලාමක හිතක්..!! ඒ හිත කැමති නෑ ආදරේ බෙදාගන්න.. ආදරේ කියන්නෙම බෙදාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.. විශේෂයෙන්ම ආදරවන්තයගේ ආදරේ.. මෙනුජ හිමීට අහිංසගේ පැත්ත හැරිලා ඒ කම්මුල් දෙකෙන් අත් දෙක තියාගෙන ඒ දිලිසෙන ඇස් දිහා බැලුවා..

" මේ අහන්න අහිංස.. මම ආදරේ කරේ ඔයාට විතරයි.. මම ආදරෙත් ඔයාටම විතරයි.. ඒ වගේම ඉස්සරහටත් ආදරේ ඔයාටමයි.. ඔයා මගේ එකම ආදරේ.. මගේ පණ ඒ වගේම මගේ සූටි කොල්ලෝ දෙන්නගේ තාත්තා.. ඒක නිසා ඔය වගේ දේවල් මගෙන් අහන්න එපා.. මගේ හිත නැවතුනේ ඔයා ලඟ විතරයි අහිංස.. සමනලී ගැන මගේ හිතේ තියෙන්නේ අනුකම්පාවක් විතරමයි.. නෑ ඊටත් වඩා මට දැනෙනවා මම නිසා ජීවිතයක් නැති උනා කියලා.. සමහරවිට එයා මට ආදරේ නොකරා නම් තාමත් හුස්ම ගන්නවනේ.. අනුකම්පාකරන්න එපා කියලා ඉල්ලුවත් අදටත් ඒ කෙල්ල ගැන මම අනුකම්පා කරනවා.. "

" ඔව්.. සමහරවිට එයා කොහේ හරි ඉඳන් අපි දිහා බලන් සතුටු වෙනවා ඇති නේද අයියේ.. ඔයා මට ආදරෙයි නම් ඔය වගේ හිතන එක නවත්තන්න.. හැමදාමත් එකම දේ හිත හිත, ඔය හිත පාරවගන්න එපා... "

" හ්ම්ම්... දැන් නිදාගමු අපි..."

එහෙම කියලා අහිංස එක්ක යන්න හැරුනත් මෙනුජ ආයෙත් අර ජනේලය ළගට ගිහින් අර ලියමන් තිබුන මුලු කවරයම ජනේලයෙන් පිටතට විසික් කරා.. එහෙමම ජනේලය වහලා අහිංස එක්ක ඇඳට ආවා..

" අර රෑ මම ඉල්ලපු දේ දැන් දෙන්න වෙයි.. "

ආයෙත් සුපුරුදු මනමාල හිනාව එක්ක මෙනුජ කිව්වා.. ඔහ්.. මේ වෙලාවේ නම් අහිංසගේ මූනත් පිනි ජම්බු ගෙඩියක පාට ඇවිත්..!!

" අහ අහ ඉන්නේ මොකටද ඕනේ නම් ගන්න එකයි ඇත්තේ.. "

.

.

.

________________________________________________________

මඟ හැරුන ආදරයක් මෙසේ එක් විය...

ස්තූතියී

2024.11.08 -යෙෂී-

PreviousContents
Last Chapter
PreviousContents
Next