Back
/ 41
Chapter 41

හතලිස්වෙනි කොටස

No more | Ongoing

පාන්දරට ම එලිවෙන්නත් කිට්ටුයි..... පස්සත් උඩ දාන් කොට්ටෙකුත් බදන් සැපට නිදන් ඉන්න හාදයව ඇහැරවන්නත් බැරුව, කම්මුලත් මෙට්ටෙට තද වෙලා පුම්බගෙන දැන් නම් හෙන අහිංසක ලෝකයක් වගේ  නිදන් ඉන්න , මෙච්චර වෙලා ලැජ්ජාව හංගන් කස්තිරම් නටපු කොටි පැටියව දාල ඇස් පියාගන්නත් ලෝභ කමේ දොළහෙ ඉදන් ම ඔය හාදය ලගින් පැත්තට හැරිලා ඇලවෙලා කම්මුලටත් අතක් තියාගෙන පිම්බුන කම්මුලෙන් 'චොක්' සද්දෙට හාදු කීයක්දෝ තියන ගමන් විනුද් හිටියෙ විස්කි නැතුවම මත්වෙලා....

කලින් වොශෲම් එකේ උන සිද්ධි දාමෙ එක්ක බීල වෙරිපිට හිටපු කොල්ලගෙ ඔලුවට අයිස් කැට සීතලට වැටුන වතුර පාරත් එක්ක බාගෙට වගේ හරි සිහිය ආවා වෙද්දි විනුද්ව මරන් කෑවෙ නැති ටික විතරයි.......

පපුවට අත් තියල තල්ලු කරපු පාරට කොල්ලගෙ ඔලුව ගිහින් ටබ් එකෙත් වැදීගෙනයි වැටුනෙ....

ඒක දකින්නවත් එතන තව තත්පරයක් නොහිටපු හාදය  ටවල් එකකුත් පටලන් කඩා බිදගෙන ගිහින් මුණින් අතටම ඇදට වැටුනෙ ලැජ්ජාව බකට් එකෙන් පුරෝලම දැනෙද්දි.....

ඔලුවත් අතගාන ගමන්  එලියට ඇවිත් කාටදෝ කෝල් එකක් දීලා ඇදුමකුත් ගෙන්නගෙන වචනයක්වත් නොකිය විනුද් එලියට ගියේ වැටුන විදිහට ම හෙල්ලෙනෙවත් නැතුව ඉන්න හාදය දිහත් බලන් මූනෙ හිනාවක් ඇදෙද්දි.....

ඔලුව වැදුන පාර රිදුනත් කොල්ලගෙ මූනෙ ඇදිල තිබ්බෙ සැනසීම පිරුනු හිනාවක්......

ඒ ගිහින් මෙලීටත් කෝල් එකක් දීලා උගුර රිදෙනකන් සින්ග් කරල දොළහ පහුවෙනවත් එක්කම ඇවිත් ඇද්ව්න් හාන්සි උන ගමන් එලිවෙන පාන්දරත් කොල්ල එහෙමමයි......

නින්දක් ඇත්තෙත් නෑ...... අහස කලු කරන් පොදක් වගේ වැටෙන්න අරන් උදේ හයියෙන් වහියි සමහර විට එච්චරම අහස කලු වලාකුලු වලින් බරවෙලා... කාමරේ පුරාම තිබ්බෙ තද අදුරක් එක්ක ලා එලියක්......... ඉතින් ඔය වෙලාව කියන්නෙ සමහරුන්ට සැපම නින්ද්ක් දාන්න පුලුවන් වෙලාව... තව සමහරු හැගීම් උපරීමේටම වාන් දාන වෙලාව.....

තමන්ගෙ පපුව අස්සටම රිංගන්න හදන වාත්තු කරපු රූපයක් දිහා පුදුමාකාර ලෝභකමක් ඇස් දෙකේ පුරවන් පිම්බුන කම්මුලක් උඩින් චොක් සද්දෙට හාදුවක් විතරක් තියල බලන් ඉන්නෙකත් හරි අමාරුයි ...

ඒත් කොහෙද ඉතින්..... අර වැටුන විදිහටම ටවල් එක පිටින්ම ... බෙඩ් ශීට් එකවත් පෙරවගන්නැතුව සීතලට වකුටු වෙලා  හිටපු කොල්ල තමන් ලගින් ඇලවුන රූපෙන් දැනුන උණුසුම් පපුව අස්සටම ගිහින් ගුලි උනේ නින්දෙන්මද මන්දා ඉතින්... ඔය සමහරු හරි දක්ශයිනෙ රගපාන්න.....

" ඇති නෙ ඉතින් රඟපෑවා... හැමදාම කරද්දි ඉතින් අහුවෙනවා... "

ම්හ්ම් කිසි සද්දයක් නෑ.....

" කියන්න දෙයක් එහෙම නැද්ද මේ මහත්තයට "

"........."

" තමුසෙ කොච්චර නැටුවත් මේ පාර මාත් එක්ක ම තමයි යන තැනක යන්න වෙන්නෙ"

" ක්..කවුද කිව්වෙ!"

"අනෙහ් උබත් ඉතින්"

ඔන්න ඉතින් බොරු නින්දවල් කැලේ...

" හහ් දැන්ද ගෙදර එන්න මතක් උනේ "

"..........."

" උබට නිකමට හරි හිතුන්නැද්ද මං කලබලවෙයි වගේ එකක් ඈ ආයු "

" අනේ ඉතින්....පොඩ්ඩක් පැත්තකට වෙනවකො මෙලී ඇතුලට යන්න.... "

"ඊට කලින් කියපන්...දැන් දෙන්නගෙ රණ්ඩු ඉවරයිද"

" කවුද රණ්ඩු උනේ"

" මංනෙ.... මමයි මූයිනෙ රණ්ඩු උනේ...

ඊයෙ රෑ කොහෙද හිටියෙ කිව්වනම්...කටටත් පණ එන්න තරම් "

පලයන්කො මෙලී වද දෙන්නෙ නැතුව.... මූත් ඉන්නව නිකන් වල් ඌරෙක් වගේ කට කොණින් මහ නෝන්ඩි හිනාවකුත් දාන්.... කියපන්කො මොකක් හරි මාවම කන්න බලන් ඉන්නෙ....

ක්ලබ් එකේ ඉදන් මේ ගෙදර ආවා විතරයි දොරකොඩින් ඇතුලට යන්න නෑ මේකි cid එකෙන් පැනල වගේ ඉණටත් අත් දෙක තියන් ප්‍රශ්න අහනවා...

" ඉතින් ක්ලබ් එකේනෙ "

ඊව්ව් මේකිගෙ බැල්ම.... ඇහිබැමකුත් උස්සන්.. සිරාවටම මේකි තෝරන් තියෙන පාත් එකටම ගැලපෙනව මේකිගෙ මූනෙ අවයව වැඩකරන විදිහත්... මට බෑනෙ ඔහොම එක ඇහිබැමක් උස්සන්න.....

මං ඉතින් ඇහෙන නෑහෙන ගානට ක්ලබ් එකේනෙ කිව්ව වෙද්දි ඒ එක්කම මං බැලුවෙ විනුද්කාරයා දිහා

ගල් මූසලයා!!

" මොකද දැන් මට රවන්නෙ "

" අනෙහ් වැඩේමනෙ උබට රවන්න පොඩි පගයා"

මං මෙලීවත් තල්ලු කරන් ඇතුළට ගියා... ගිහින් කෙලින්ම කාමරේට ගිහින් දොරත් වහල ඇදෙන් වාඩි උනා....

ජීවිතේ හරි පුදුමයි... හිත් රිදීම් ගොඩකට පස්සෙ මට පුංචි සැනසීමක් දැනෙනව තාත්තෙ...ඒත් ඔයා මාව දාල ගිහින් තියපු හිස්තැන හැමදාම ඒ විදිහටම තියෙයි...

මං බෙඩ් සයිඩ් ටේබල් එකේ තිබ්බ පුංචි පොටෝ එක අතට ගත්තා... මගේ තාත්තා...කොච්චර ලොකු නපුරු මනුස්සයෙක් වගේ ඉන්න හැදුවත් ඔයා හරි අහිංසක මනුස්සයෙක්.... දෛවය කියන එකා මගේ තාත්තගෙ ජීවිතේ සතුට කියල දෙයක් ඉතුරුකරල තිබුනෙම නෑ...... එහෙමයි කියල කාටවත් වැරැද්දක් පටවන්නත් බෑ මට.....

ඊලග ආත්මෙදි නම් ඔයාට මේ ජරා මිනිස්සු කාවවත් හම්බෙන්නෙපා තාත්තා.... ඒත් මට ඔයාව ඕන... හැම ආත්මෙකම... ලෝකෙ ඉන්න හොදම තාත්තයි පුතයි වෙන්න ඕන.....

අනේ ඔයාගෙ උණුහුම දැනෙන්න මං කොච්චරක් නම් පරක්කු උනාද තාත්තේ...

එච්චර පරක්කු වෙලා ලැබිලත් දෙවියො ඔයාව ඉක්මණට මගෙන් උදුර ගත්තා... එක දෙයක් දෙද්දි තව දෙයක් උදුරගන්න තරම් ඔයා කොහොමද හිත් එක්ක සෙල්ලම් කරන්නෙ.......

කදුලු කම්මුල් තෙමන් ගලන් යද්දිම මං පොටෝ එකෙන් තොල් තද කලා......

ඒත් එක්කම දොර ඇරෙනවත් ටිකකින් මගේ ලගින්ම ඇදෙන් කෙනෙක් වාඩිවෙනවත් දැනුනා වෙද්දි මං ඒ කෙනාගෙ පපුවෙන් ඔලුව තියාගත්තා...

" දැන් ඇති ම්ම්....ඔයාගෙ තාත්ත කියන්නෙ හරි ලස්සන මනුස්සයෙක් මාවි...මට කියන්න බෑ අපරාදෙ කියල මොකද මං මගේ අම්මව එපා කිව්ව වගේනෙ එතකොට .... ඒත් තාත්තගෙ පැත්තෙන් ගත්තොත් එයා නැති කරගෙන තියෙන්නෙ එයාට වැඩිපුරම ආදරේ කරපු ආදරේම පුරවගත්ත ලස්සනම මනුස්සයව කියල මට දෙපාරක් නොහිත කියන්න පුලුවන්...

ඒ මනුස්සය වෙනුවෙන් මට මුකුත්ම කරන්න බැරි උනා මාවි... ඒ මනුස්සය විහින්ම හැමෝටම නරක මනුස්සයෙක් උනා......ම්හ්ම්..."

මාව අත් දෙකෙන්ම තුරුල් කරන් කොන්ඩෙ අස්සට මූන ඔබන් එයා කියවන් ගිහින් අන්තිමේ ලොකූ හුස්මක් පහලට දැම්මා...... එයාගෙ වචන ඒව හරියට හැගීම් ගොඩක් වාන් දානව වගේ හරි බරට දැනෙද්දි මං ඒ පපුව අස්සෙම ඉදන් ඇස් පියාගත්තා වෙද්දි ටිකකින් එයා ආයෙ කතා කලා

"මං පර්ෆෙක්ට් මනුස්සයෙක් නෙවෙයි තමයි... තාත්තගෙ උණුහුම මං ලගින් දැනෙන එකකුත් නෑ තමයි... ඒත් මං දිව්රනවා මගෙ මැණිකට තාත්තෙක් වෙන්න කරන්න පුලුවන් හැමදේම මං  කරනව කියලා...

තත්පරේකට හරි උබට හිතුනොත් මං අතින් උබව මගෑරෙනවදෝ කියල මාව මැරුවත් මගෙන් හැංගෙන්න නම් එපා... දැන් මං බයම ඒකට....

මං දන්නවා උබ හූල්ල හූල්ල කලින් හිතපු දේවල්... උබ කිව්වොත් කවදාවත් එහෙම කරන්න බෑ කියල අම්මපල්ලයි උබව පපුවට තියාගන්නව ඇරෙන්න උබෙන් නාහා අතක්වත් තියන්නෑ මං... එහෙමයි කියල සිල් ගන්නෙත් නෑ හරිතෙ...

උබ හිතන්නෙ උබ අපිරිසිදු එකෙක් කියලනෙ....උබ හෙනම මෝඩ බූරුවෙක් කියන්න වෙන මොකුත් ඕන්නෑ ඕකම ඇති...

ඉගෙනගත්තට මොලේ නෑ කියන්නෙ ඕකට....

ඔයා මට වඩා වැඩිමල් තමයි ඒත් අද වෙනකන් මට කවදාවත් එහෙම හිතිලා නෑ මාවි..... "

විනුද්....එයා එකදිගට මහ ගොඩක් කියෙව්ව... මේකගෙ වයසට නෙවෙයි පණ්ඩිතකම.... ලෝභයි දෙයියනේ... මං මේකාට පුදුම තරම් ලෝභයි..

කටින් පිටවෙන්න යන ඉකිය තොල් විකාගෙනම තදකරන් මං ඒ වචන අහන් හිටියා...

වචනවලට මිනී මරන්න විතරක් නෙවෙයි මැරෙන්න ම හේතු හැදුනු මනුස්සයෙක්ව හරි ලස්සන ජීවත් කරවන්නත් පුලුවන් කියල කියන්නෙ බොරුවට නෙවෙයි

ටිකකින් හරි තදට මගේ කොන්ඩෙ අස්සට මූන තද කරලා විනුද් මගේ ඔලුව එයාගෙ පපුවෙන් ඈත් කරල අත්දෙකෙන්ම මගේ මූන අල්ලන් මගේ මූනට එබුනා.... ඒ ඇස්වල කදුලු පිරිලා දිලිසෙනවා.... ඒ ඇස් දිහාම මං බලන් හිටියා... ඒ තොල් ලාවට වෙව්ලද්දි ඒ ඇස් දෙක මාරුවෙන් මාරුවට මගෙ ඇස් දෙක දිහාට යනවා...

"උබ හරියට පුංචි නෙළුම් පොහොට්ටුවක් වගේ දියසෙවෙල එතිලා තිබුන...

දැන් මං ඒව අයින් කරනවා...

ලස්සනට පිපියන්... මගේ ඇස් මානෙ විතරක් නෙවෙයි  මගේ පපුව අස්සෙම ඉදන්...පුලුවන් නේද ....වෙන කොහේවත් නෙවෙයි.... මේ පපුව අස්සෙම... තේරුනාද!?

අනිත් එක හැමදේම මුලින්ම කියන කෙනා මාව කරන්න පුලුවන් ද මාවි!?...ම්ම්ම් මගේනෙ නේද!!... ම්ම් ...."

ඒ බැල්මත් එක්ක පිටවුන වචන නිසා කොහේදෝ නැති ලැජ්ජාවකුත් කඩා පාත් උනා...

කවද ඉදන්ද මූ නවකතා කියවන්න අරන් තියෙන්නෙ......

එයා අහපු එකට ඔලුව හොල්ලල අත් දෙකෙන්ම මූනත් තද කරල පිහදන් ආයෙම ඒ පපුව අස්සටම රිංගන් මං ටිකක් හරිබරි ගැහිලා හෙමීට නහය ගෙනිහින් ඒ පපුවට උඩින් තිබ්බ ලා නිල් පාට ශර්ට් එක උඩින් තද කලා...

ස්රූස් (හොටු ඈ🥲)

සීරියස් වෙන්නවත් බෑනෙ මේ හොටු එක්ක ඉතින් හූරල දැම්මා..

" යසයි හිමිච්ච වගේ ඉදන් කරපු එක "

" ඉතින් මගේ ඇදුම අලුත්නෙ"

" ඊය යකෝ කවුද ඇදන් ඉන්න එකේ හොටු හූරන්නෙ..."

"ඒක තමයි උබේ එකේ හීරුවෙ...."

" මෙහ් ඒක නෙවෙයි උබ නවල් කියවන්නවත් ගත්තද විනුද්"

" නෑ ඇයි ඒ"

" නෑ ඉතින් හෙන දාර්ශනි-.... හරීතින් රවන්න ඕන්නෑ... මං කිව්වෙ ඉතින් එහෙම ම සීරියස් වෙන්න ඕන්නෑනෙ..."

" ලැජ්ජ හිතුනද ඉතින්...මේන් කනත් එක්ක රතු වෙලා"

" පිස්සුද ඒ මොකටද මං ලැජ්ජ වෙන්නෙ"

ඔව් ඉතින් ක්ලබ් එකේදි අද උදේ නැගිටලා අදින්න මොකද්ද හිතන ගමන් වොශෲම් ගිහින් එන ටිකට ඇදේ ටැග් එකවත් නොකඩ තිබ්බ ඇදුමනෙ මේ... ඒකයි මූගෙ ඇදුමෙ හොටු පිස්සෙ...

අනිත් එක ලැජ්ජයිද අහන්නෙ ට්‍රැක්ද යකෝ මට ලැජ්ජ හිතෙන්නෙ අහවල් දේකට ඇයි...

"අහ් හාකො යං කන්න බඩගිනියි මට... හරියට කාපු දවසක් මතකත් නෑ..."

" හහ් ඇයි ඉතින් නොකා හිටියෙ "

" ඒක තමයි නෙ"

"උබල අඩල දොඩල වෙලිලා ඉවර නම් කියපන් මං එනව ඇතුලට... මට බෑ මගේ අහිංසක ඇස් දූශනය කරගන්න "

" එලියෙන් ඉදන් කිව්වන-..... ඇයි මෙලී මේ මොකද්ද උනේ !?"

" මො..මොකක් වෙන්නද... කෝ එහාට වෙන්න අනේ බොරුවට එනව දැන්... මාව අමතකම කරලා... මේ මං ආවෙ ඔයාලට කන්න කියන්න... මං දැන් නුවර යන්න ඕන වැඩ වගයක් කරගන්න තියෙයි...නෙක්ස්ට් වීක් එකේ මං රශියා යනව ආයු...අද රෑ යන්න හිටියෙ පස්සෙ හිතුනා දැන්ම ගියා නම් ලේසියි කියල...."

"........"

" අනේ මේ බොරුවට මූන හට්ටිය වගේ කරගන්නෙපා...... මේකව පරිස්සමට  බලාගන්න විනුද්...ඔය මහ පගයා වගේ හිටියට මූට පෙරපාසල් පොඩි එකෙක්ට තරම්වත් මොළයක් නෑ... හැබැයි උබ මූව ඇඩෙව්වොත් එහෙම මං කෙලින්ම බෝම්බෙකින් කෙළල අරින්නෙ උබට හර්ත..."

" ටිකක් කතා කරන්-"

Phone ringing

" අහ් මං යනවා හොදේ කැබ් එකක් දාගත්තා ඒක ඇවිත්..."

මෙලී එහෙමම දුවගෙන යන්න යද්දි මාත් කෙල්ලගෙ පස්සෙන් සාලෙට ම දුවගෙන ගියා... දොර ලග ලොකු බෑග් දෙක තුනක්ම තිබ්බ වෙද්දි නුවර යන්න ඇයි මෙච්චර කියල අහන්න හදද්දි..

දොර ලගටම ගිහිල්ලත් මෙලී ආයෙම දුවන් ඇවිත් මාව බදාගත්තා...

" මං....මං මුලින් හිතුවෙ කොල්ලෙක්ගෙ ආදරේ වෙනුවෙන් කෙල්ලෙක් උන එක ගැන පසුතැවෙන එකම එකී මං කියලා... ඒත් නෑ ලේ බැදීමකුත් මට හරස් වෙලා තිබ්බා.....

ම..මං උ..බට හ..හරි ආදරෙයි ආයු!"

🤍____________________________________________________________________________

🥲❤

Previous
Last

Share This Chapter