Back
/ 41
Chapter 34

තිස්තුන්වෙනි කොටස

No more | Ongoing

Author pov.

වෙලාව රෑ දොලහටත් ලංවෙලා...අඩන්න ඔන්න මෙන්න වගේ අහස වලාකුළුවලින් පිරිලා බරවෙලා හිහින් එකම තරුවක්වත් නෑ....

සමහර විට ඔය අහස කියන්නෙම මැජික් එකක්

ඕන ම මනුස්සයෙක් ගෙ හැගීම් හරියට ම අදුරගන්න තරම් පුදුම හිතෙන මැජික් එකක්....

ඒක නිසාමද කොහෙද දැනුත් ඔය බිරම් කරන් ඉන්නෙ.....

අපේ කැමැත්තක් ගැන බිංදුවක්වත් නාහම ලැබුන මේ ජීවිතේ කියන්නෙම ගෙවෙන තත්පරයක් ගානෙම ස්ප්‍රයිස් පිරුන තැනක්...

ඒකට දැන් මේ කලුවර අස්සෙම ගිලිලා පැලැස්තර අලවන්නවත් ඉතුරු නැති හදවත් කෑලිටිකයි ඒ කාමරේම දොරට හාන්සිවෙලා ඉදන් තමන්ටම ශාපකරගන්න ගමන් ඉන්න මනුස්සයයි සාක්ශි කියයි...

සමහර ප්ලෑන්.... සමහර පුදුමකිරීම්...ඉවර වෙන්නෙ ඒ පුදුම කිරීම් ලෑස්ති කරපු මිනිස්සු ම ඊට වඩා පුදුම කරවන ගමන්......ඒ සමහර වෙලාවට  ආපහු හැරෙන්න බැරි තරම් පසුතැවීම් ගොන්නක් ඉතුරු කරන ගමන්...ජීවිත කාලයක්ම ගෙවුනත් සමාවක් ගන්න බැරි තරම් අත්වැරදීම් සිද්ධ කරනගමන්...

ඔය හැමදේටම මුල් වෙන්නෙ හැගීම්...ඕවා හරි භයානකයි.... ඇත්තටම ඒවා ඔය හැම ආයුධේකටම වැඩියෙන් භයානකයි...

"ඔයා...ට  තිබු...නා එ...හෙ..ම න්...නො..ක..ර ඉන්..න...මොක..ක්ද ම්..මේ ක..ලේහ්..."

හිස් වෙච්ච බියර් කෑන් විස්සකට වඩා ඒ කාමරේ විසිරිලා ගිහින්... තව හිස් උන ලිකර් බෝතලයක්....

ජීවිතේ ට සිගරට් එකක්වත් කටේ නොතියපු කොල්ලට තිබ්බෙම පුංචිම ඇල්කොහොල් ලිමිට් එකක් වෙද්දි  කිසිම කෑමක් නැතුව අමුවෙන්ම ගත්තු ලිකර්ස් කොල්ලගෙ සිහිය විතරක් නෙවෙයි හයියත් නැතිම කරල දාල තිබුනා....

කොහොමද heart transplant එකක් කරපු මනුස්සයෙක් පැය විසිහතරක් යන්නත් කලින් ඉදන් මෙහෙම හැසිරෙනව කිව්වම...

කොච්චර නම් පරිස්සම් වෙන්න ඕනිද..

ඒත් තමන්ගෙ ඇග ඇතුලෙ හුස්ම රදවන් ගැහෙන්නෙ තමන් මේ ලෝකෙ වැඩියෙම ආදරේ කරපු මනුස්සයගෙ හුස්ම ටික  නම්......

කොහොමද හිත හදාගෙන හුස්මවත් ගන්නෙ......

කොල්ලගෙ ඇස්වල කදුලු ඔහේ ගලාගෙන යනවා..... හරියට උල්පතක් වාන් දාල වගේ... ඔය ගලන් යන්නෙ මෙච්චර වෙලා ගල් උන කදුලු පොලීම්...

රිදිලා රිදිලම තවත් රිදෙන්න තැනක් නැති උනාම කඳුළුත් හිදෙනවා...

හරියට කාන්තාරෙක හැදුන ප්ලායා විල් වගේ

අඩන්නවත් ඉකියක් පිටනොවුන කොල්ල කෙදිරියකින් වගේ හිත කෑගහන වචන එලියට දාද්දි ඒ ගල් වෙලා හිදිලා ගිය උල්පත් වාන් දාන්න ගන්නැති...

ගත්තු ලිකර්ස් නිසයි පල්ලම් බහින කදුලුයි නිසා කොල්ලගෙ ඇස් රතුපාට වෙලා

ඔලුව බිත්තියට තද කරන් සිවිලිම දිහාට ඇස් හරවන් කකුල් දෙක ඔහේ දෙපැත්තට දික් කරන් ඒ බිදිල බිදිල ම පැලැස්තරත් ඇලෙන්නැතුව ගියපු ආත්මෙ ඉල්ලුවෙම එකම ඒ උනුහුමට ගුලි වෙන්න නැති....

.

.

.

.

හතර වටේටම කලුවර වෙලා තිබුන වැස්මක් අයින් කරනව වගේ පියවෙලා තිබුන  ඇස් යන්තමින්  ඇරි ඇරී පියවෙද්දි ඇගම පණ නැති උන ගතියක් එක්ක  යන්තම් ඇරුන තොල් වෙව්ලුන කටහඩින් කොල්ල මොනවදෝ මුමුනන්න  ගත්තා

" එ...එයා එ..හෙම... ක්..කලේ කොහො...මදහ්... මං බලන්... හිටිය..නෙ...ම්..මෙලී ඒකහ්.. හරි අසා...ධාරණයින්..නෙ.."

" ඩොක්ටර් පේශන්ට් ට සිහිය ඇවිත් "

" ම්..මාවි "

ඒත් එක්කම තියටර් රූම් එක ඇතුලෙන් නර්ස් කෙනෙක් කෑ ගහගෙන වගේ ඩොක්ටර් ට ඉන්ෆෝම් කරද්දි පිස්සෙක් වගේ අච්චර පුටු තියෙද්දිත් බිත්තිය දිගේ රූටන් ගිහින් බිම ඉදන් ඉදපු කොල්ලෙක් එකපාරටම නැගිටින්න ගිහින් ආයෙත් වැටෙන්න ගියත් බිත්තිය අල්ලගෙනම තියටර් රූම් එක ලගට ගියා... කොල්ලට පණ නෑ... වතුර උගුරක්වත් කටේ තියන්න තරම්වත් සිහියක් මේ කොල්ලට තිබුනද මන්දා...

"ආයු...! විනු..ද් මගෙ ආ..යුට නැගි..ට්ටද ව්..විනුද්.."

දැනිලා තියෙනවද තමන්ගෙම පවුල  කියල හම්බුන මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හුස්මෙන් හුස්ම දීපු අනිත් කෙනා ඇස් මානෙ පණ අදිද්දි දැනෙන විදිහ....

තමන්ගෙ ජීවිතේ ම උන මනුස්සයගෙ; තමන්ගෙ ලේ වල අයිතිකාරයා උන මනුස්සයගෙ; හරි රස්නෙට ගැහුන පපුවට  තුරුල් වෙලා ඒ උණුහුම හරිම විදිහට විදින්න මවපු හීන හීන විතරක්ම කරන් ඒ රස්නෙ පපුව සීතල වෙලා ගිහින් තියෙද්දි දැනෙන හැගීම....

දැන් ඒක මෙතනින් හරියටම විදින මනුස්සය ඉන්නෙ තමන් මනුස්සයෙක් ද කියන එකත් අමතක කරල...

කෑ ගහල අඩන්නවත් බැරුව ... පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගිනිකදු පපුව අස්සෙ හිරකරගෙන....

" එයා හොදින් තව පැයකින් එයාව රූම් එකකට මාරු කරනවා.... "

ඒත් සතුටු වෙන්නෙ කොහොමද.... කොහොමද දෙයියනේ තමන්ගෙම ලේ අතරෙ තේරීම් කරන්නෙ....

ඩොක්ට' ඇවිත් කියද්දි කටක් ඇරලා තෑන්ක්ස් කරන්නවත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් සිහියක් තිබුනෙ නෑ....

කරදර වෙන තරමක් වෙන්නෙම එක පිටට ඒකත් පුදුම තරම් අහම්බයන් විදිහට.... සමහර විට වෙන්න තිබුන හොදම විදිහට... නැහ් වෙන්න තිබුන එකම විදිහට....

"ම්..මෙලී තාත්..තා "

ඇස් ඇරපු කොල්ල දැක්කෙ තමන්ගෙ ලගම ඉන්න තමන්ගෙ හොදම යාලුව නැත්තන් අක්කා වෙද්දි  බර වැඩිකමට පියවෙන්න හදන ඇස් අමාරුවෙන් ඇරන් ඉන්න ගමන් ඒ දැනෙන ඔක්කොම අමාරු නැතිම වෙලා යන්න, වුන දේවල් තේරුම් බේරුම් කරගන්න, කොල්ලට ඕන උන එකම දේ උනේ ඒ උණුහුම වෙද්දි...  කොල්ල යන්තම් වචන ගැටගැහුවා...

" එන්න කිය්..න්නකො...ම්..මෙලී තාත්..ත...ට "

"....ආ..යුහ්.."

මොනව කියල කියන්නද... ඒ උනුහුම තවත් හොයන්නෙපා කියන්නද... කොහොමද වචන එකතු කරන්නෙ... තමන්ටත් ඒ උනුහුමම ඕන වෙලා තියෙද්දි... කවමදාවත් ඔයා මගේම තාත්ත කියල ඒ උනුහුමට ගුලි වෙන්න බැරි උන කෙනා කොහොමද තව කෙනෙක්ගෙ හිත හදන්නෙ... එයාගෙ හිතත් කෑලි වලටම වෙන් වෙලා තියෙද්දි....හරි අමාරුවෙන් හිරකරන් හිටපු ගිනිකදු පුපුරන්න ඔන්න මෙන්න ඉකි ගැහෙද්දි  කැනියුලාව ගහපු අයුල්ගෙ අත අත් දෙකෙන්ම අල්ලගෙන ඒ අත ට නලල තියාගෙනම කෙල්ල එතන බිමින්ම ඉදගත්තා...

".....ම්..මං හොදින්..නෙ ඇයි අඩන්නෙ.. මං හොදින්නෙ මේ... තා..ත්තා කෝ...එයාට කිව්වෙ නෑද...

එකාතකට හොදයි කිව්..වෙ නැති එක..කිව්වනම් එයත් බය වෙනව...නෙ.... අපි ගෙ..දර යමුකො...අනේ එයාව ඕනි..නෙ මෙලී.."

" ......"

" අනේ ඇත්තමයි මං හොදින්...නෙ ඇයි..මේ..ඉන්..න මේ බලන්න මං ඇත්තටම හොදින්..."

මෙලී අඩන්නෙ එයා ෆේන්ට් උන නිසා කියල හිතපු අයුල් ඇදෙන් කෙලින් වෙලා ඉදගෙනත් පෙන්නුවෙ එයා හොදින් කියල... ඒත් කලින් අයුල් කියපු වචන එක්ක කදුලු වැඩිඋනා මිසක් අඩුනොවෙද්දි මෙලීට දැනුනෙ පපුව පුපුරලා යනවනම් මෙච්චර අමාරු නැතිවෙයි කියල .....

" ම්ම්..මගෙ කොල්..ලා හොදින්නෙ..."

"ඔව්... ඒකනෙ යමුද අපි "

ඔය වැඩියත් ම යන් යන් ගාන්නෙ දැන් පැය හතලිස් අටකට වඩා සිහිනැතුව හිටියෙ කියලවත්, heart transplant එකක් කරලා කියලවත් දැනගෙන නෙවෙයි ... ඔය බයේ ඉන්න හංගන් හිටපුව දැන ගනියි කියල... ඒත් කොල්ල නොදැනම වෙන්න පුලුවන් කියල තුන් හිතකින්වත් නොහිතපුව මහ ගොඩක් වෙලා තිබුනා....

"ආයු ම්..මගේ කොල්ල ශක්තිමත් නේද ගොඩක් ශක්තිමත් කොල්ලෙක් නේද "

අයුල්ගෙ අත බදන් හිටපු එක අතකින් ඇස් තද කරල පිහගෙන බිමින් නැගිටලා ආයෙ ඒ අත් දෙකම එකතු කරල අල්ලන් ඇදේම කොණකින් වාඩි උන මෙලී අහද්දි කොල්ල ඔලුව වේගෙන් උඩ පහල වැනුවා...

" මගේ පොඩි එකා "

ඒත් කොහෙද මෙලීගෙ කදුලු ආයෙ වාන් දැම්මෙ අයුල්ගෙ රතුවෙලා පිම්බිලා තිබුන පිරුනු කම්බුල් දිහා බලාගෙන ඉද්දි ... ඇත්ත පොඩි එකෙක් වගේ ඇසුත් ලොකු කරන් මෙලී දිහාම බලන් ඔලුව වැනුවෙ මෙලෝම පණක් නැතුවත් තමන් ශක්තිමත් කියල පෙන්නගෙන මෙලීවත් නලවන් ගෙදර දුවන්නනෙ

" ඇයි අප්පා මේ... ම්..මං හො..දින්නෙ"

අයුල් අතකින් මෙලීගෙ කදුලු පිහද්දි ඒ එක්කම කෙල්ලගෙ පෝන් එක රින්ග් උනා

" ඔව් කියන්න"

"බොඩි එක අද භාරගන්න පුලුවන් "

කෝල් එක එහා පැත්තෙන් එකපාරටම එහෙම කියනවත් එක්කම අයුල් නොසන්සුන් උනේ මෙච්චර වෙලාම  හිතට දැනුනු අමුතු හැගීම වැඩි වෙලාම දැනෙද්දි...

හිතට එන සමහර අහේතුක හැගීම් ඇත්තමයි ඕව නොසලකා හරින්න හොද ම නැහැ....

"ම්ම්...හ.හරි ම්...මේ ත්..තැන්ක් යූ "

ඒක අයුල්ට ඇහුන කියල තේරෙද්දි වචන දෙකෙන් කතාව ඉවර කරපු මෙලී කෝල් එක ඉවර කලේ කටහඩ පවා වෙව්ලද්දි...

" බ්..බොඩි එක..ඒක මේ කාගෙ..ද ම්...මෙලී"

"........."

"අනෙහ්..කියන්නකෝ"

අයුල් කියද්දි මෙලීට කෑ ගැහිලම ඇඩුන...

එතකොට ම තමයි කාමරේට අනිත් පාර්ශ්වය ආවෙ... කොල්ලා ඇවිදින මලමිනියක් වගේ...

ඇද ලගටම ආපු විනුද් දිහත් මෙලී දිහත් පිස්සුවෙන් වගේ නෑ ඒක පුදුමයක් නෙවෙයි .... විනුද් ගැන හිතන්න තරම් සිහියක නෙවෙයි කොල්ල හිටියෙ මොකද   ආයුගෙ තොල් පවා වේලිලා ගියේ එයාගෙ හිත වෙන්න පුලුවන් නරකම දේ වෝන් කරද්දි...

"ම්..මගෙහ් ත්..තාත්තා ..."

" ඇයි මේ බයවෙලා...ම්ම්..අපි මේක කාල ඉමුකො  මැණික මුලින්ම ... කෝ එන්නකො මෙලී ඔයත් කන්නකො මේක"

අයුල්ගෙ මූඩ් වෙනස් වෙද්දි මෙලී ඉන්නෙත් හොද තත්වෙක නෙවෙයි වෙද්දි වෙලා තියෙන දේ දැන ගත්තොත් අයුල් හැසිරෙන විදිහ ගැන බයත් හිතෙද්දි විනුද් ඉක්මනට ම බෑග් එකකින් බොක්ස් දෙකක්  අරන් ඇද ලග ටේබල් එකෙන් තිව්වෙ අයුල් ගැන දැනෙන බය වැඩිවෙලා දැනෙද්දි....

" මට තාත්..තව ඕන !"

"එයා  ගිහින් ආයු!..."/ "මෙලී !"

"........."

" එයා යන්නම ගිහින්... ඔයාව විතරක් මට දී...ලා මං...මමත්.. එයා..ගෙ කියල අමත..ක කරලම එයා යන්න ගියා ආයු!"

.

.

.

.

.

.

.

.

"ගියපු ගමන් ආපහු ඇවිත්ද මුන් දෙන්නා "

__________________________°^°__________________________________________________________

මේක හදිස්සියෙ වගේ ටයිප් කලේ ගොඩක් පරක්කු උන නිසා...

ඒක නිසා මේක නම් හරිම නැතුව ඇති...අනික චුට්ටයිත් එක්ක

ක්ලාස් වැඩ එක්ක තමයි පරක්කු වෙන්නෙ.....

අනිත් එක මෙලීගෙ පැත්තෙන් ඔය හැගීම මං හොදටම දන්නව... ඒක කොච්චර නම් කාලකණ්නි හැගීමක්ද කියන එක...

හතුරෙක්ටවත් විදින්න හොද නැති මහ පව්කාර හැගීමක්...

මෙලීටත් වඩා එකපාරක් ඒ පපුවට තුරුල් වෙන්න බැරි උන පසුතැවීම ජීවිත කාලෙටම වලංගුයි.....

ලියන්න ගත්තට ඒ හැගීම හරියට ම ලියවෙයිද දන්නෙත් නෑ.....

Thank you so much මේ අපභ්‍රංසෙ කියවනවට  ❤️‍🩹

Share This Chapter