Chapter 38 of 53

38 කොටස

_නොනිමි_2,032 words~11 min read

"ඕයි ඕයි නැගිටපන්.. මිස් එනව භල්ලො නැගිටහන්.."

"අනේ බැ-

*දබෝස්*

ආව්ව්ව්"

කෙලියා නේද පුතේ පිට මැදටම.. හරි අගෙයි මිස්.. මේ රෙද්දෙ පාඩම් ඉගෙන ගන්නෙ කොහොමද කියපන්කො.. ඉස්කෝලෙ යනවා, ඉගෙන ගන්නවා ඊලඟට ක්ලාස් යනවා ආයෙත් ඉගෙන ගන්නවා.. මොන හුයන්නක්ද මන්ද යකෝ..

"ආදිත්‍යා.. පිත්ත වනලා විතරක් හරියන්නෙ නෑ.. ඉගෙන ගන්නත් උනන්දු වෙනවා.. ඕලෙවල් වලට නයින් ඒස් දාපු ලමයෙක්ට මේ ඒලෙවල් වලට සී තුනක් වත් දාගන්න බැරි නම් වැඩක් නෑ නේ"

මිස් නම් කියයි හැයි හැයි ගාලා.. පහු උන අවුරුද්දෙත් දොහලා වසරෙදි ඉගෙන ගත්තා ඉගෙන ගත්තා විතරයි.. පොඩ්ඩක් හරි හොඳේකට තිබ්බෙ නුවර එලියෙ ගියපු ට්‍රිප් එක.. ඒකත් මගේ පජාත යාලුවා තුශී හිටියෙ නැත්තන් ඇම්බැක්කෙ ගියත් මන් යන්නෑ..

පහුගිය අවුරුද්දේ උනේ හොඳයි කියලා කියන්න පුලුවන් දේවල් තිබුනා,

මම අන්ඩර් නයින්ටීන් ගර්ල්ස් ටීම් එකට සිලෙක්ට් උනා, ඊලඟට ඉස්කෝලෙ ගේම්ස් කැප්ටන් උනා,

තව දෙයියනේ කියලා අපේ ලොකු අයියා බැන්දා..

උගෙ වෙඩිම දවසෙ නම් මන් කාලා බීලා නටලා ඇඹරිලා මතක් වෙනකොටත් හන්දි පත් රුදාව වගේ..

මන් මගේ මහන්සියෙන්ම උපයපු ධනයෙන් 15 pro එකකුත් ගත්තා..

මගේම කියලා මට දැන් කාර් එකක් තියෙනවා.. එහෙම ලොකු එකක් නෙවේ ඉතින් නිලුයි අලුයි කලුයි සිවික් එකක්.. මගේ බූබු බබා..

(කාර් එක නම් අයියලගෙනුත් සල්ලි කඩාගෙන තමා ගත්තෙ හිහි..)

තව ටික දවසකින් අපේ පිපෙට් ධූර කාලයත් ඉවරයි..මම අපේ පාසලේ උදාර ගේම්ස් කැපා උනාට මන් ඉස්කෝලෙ එන්නෙ වැස්සට වගේ.. නෑ එහෙමත් නෑ ඉතින් එනවා.. ඒත් මැච් නිසා හුඟක් වෙලවට මට මිස් වෙනවා ඉස්කෝලෙ..

ලොකු අයියයි වෙත්මි අක්කයි දැන් ඉන්නෙ වෙනම ගෙදරක.. අපේ ගෙදර ඉන්නෙ මායි පොඩි අයියයි විතරයි.. සුදු අයියත් හුඟක් වෙලාවට අපේ ගෙදර එනවා.. සුදු අයියලගෙ පොඩි නංගි කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා.. ඒක දන්නෙ මන් විතරයි.. අනෙ මේ අට වසරෙ ඇච්චොන්ට මොන කොල්ලොද හත්වලාමේ..එයාලගෙ ලොකු නංගි නම් මේ අවුරුද්දෙ ඕලෙවල් ලියනවා..

මටත් මේ අගෝස්තු වල ඒලෙවල්.. මදැයි උඩ දාගෙන මැත්ස් කරන්න ආවා.. අපේ පොඩි අයියා ඉතින් තාමත් පිත්ත වනන කණ්ඩායමේ යහතින් ඉන්නවා.. සුදු අයියා මේ දවස් වල සැහෙන මහන්සි වෙනවා විසි අටේ ඔලිම්පික් යන්න.. එයාට විසි හතරෙ ඔලිම්පික් යන්න චාන්ස් එක නැති උනා.. මට හරිම දුකයි.. එයා හුඟක් මහන්සි උනා.. ඒත් එයාගෙ කකුල ඉන්ජර්ඩ් වෙලා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනා අනේ.. මාසයක්ම එයා හොස්පිටල් හිටියේ.. තව එයාට පපුව රිදෙනව කියනව අනේ හැම වෙලේම.. බයත් හිතෙනවා..එයා අද ගෙදරනේ.. ගිහිල්ලා තොත්තුවක් දීලා වටයක් කරකවලා ගන්න ඕන..

මගේ රූපසොබාව ගැන කිව්වොත්,

රූපසොබාවට හිත වහ වැටුනට.. ආල කතා නොකියන්ට හොඳා...

කොහොම හරි මන් බාහිරින් හැඩි දැඩි පිරිමියෙක් වගේ.. තව දුරටත් මන් ඉස්සර හිටපු පුංචි උස කෙට්ටු ගෑනු ලමයා නෙවෙයි.. ඒ තිබුන අත් වගේ දහ ගුණයකට වඩා විසාල අත්, උස, මහත හැම දේම මට තියෙනවා.. මන් දැන් සතුටු වෙන ලොකුම දේත් ඒක.. මට හැදෙන කතා මන් දැන් ගනන් ගන්නෙ නෑ මොකද එහෙම කතා කියන මිනිස්සුන්ට මන් ලඟට දැන් ලං වෙන්න වත් බැරි තරම් මන් යන්න ඕන තැනට ලං වෙන ගමන් ඉන්නේ..

*ට්ලිං ට්ලිං ට්ලිං*

ඒ ඉස්කෝලෙ ඉවර වෙන බෙල් එක.. මන් හිමින් සීරුවේ පඩිපෙල බැහැගෙන ඇවිත් ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා.. මට බලන්න තියෙන්නෙ පොඩි දේවල් ටිකක්නේ.. මම ඒ ටික බලලා 2.00 වෙනකොට සයින් කරලා ගාවට ගියා.. ඉස්සර නම් අපිත් බෙල් එක ගහපු ගමන් ගාල කඩා ගත්ත හරක් වගේ දුවගෙන යන්නේ.. ඒත් දැන්... කාලය මැවූ වෙනසක අරුමේ කියලා ඉන්න තමයි තියෙන්නෙ ඉතින්..මන් ගේට් එක ලඟට වෙලා මාව ගෙනියන්න එනකන් බලන් හිටියා.. පොඩි අයියා මට තනියම යන්න එපා කියල තියෙන්නේ..ඒ කවුරුම හරි එනවා ඒ නිසා මාව ගන්න..

මන් එතන වැනි වැනි බලන් ඉන්නකොට සුදු පාට බෙන්ස් එකක් ඇවිත් ඉස්කෝලෙ ගේට් එක ඉස්සරහින් නැවැත්තුවා..මන් ඉතින් වැනි වැනිම ගිහින් පැසෙන්ජර් සීට් එකෙන් ඉඳගත්තා..

"හයි සුදු අයියේ.."

"හායි චූටියෝ.. කොහොමද අද දවස.."

"අවුලක් නෑ හලෝ..මේ මට බොන්න මොනාහරි අරන් දෙනවකො.."

"මන් ගෙදර ස්මූති හදලා තියෙන්නෙ.. ගෙදර ගිහින් බොමු.."

"හ්ම්කො හ්ම්කෝ.."

අපි හරි වේගෙන් ගෙදරට ආවා.. මන් ඇවිත් ඉක්මනින් වොශ් එකක් දාගෙන පහලට ආවා.. මට මුන් දෙන්නගෙ මේ ලව් හුටපටේ ගැන දැන් නම් අහන්නම හිතෙනවා.. මොනෝත්තක්ද අවුරුදු ගානක් ගිහිනුත් මට කිව්වෙ නෑ නෙ මේ පරයො දෙන්නා..මුන් දෙන්නගෙ අවුරුදු පහේ ඇනිවසරි එකත් තිබ්බා මාර්තු හය වෙනිදා.. අද අහනව පුතේ ඉඳපන්කෝ..

"ආ චූටි ස්මූති එක.."

"ආ තෑන්ක්ස්.. මේ කෝ ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්.."

"කැහ් කැහ්-ඇහ් ම්ක්-මොකැහ්..මොක-මොකද්ද-හ් චූටි..කැහ්.."

"ඇයි අයෙයි උබට කාසෙද..පිට උගුරෙ යවාගත්තා නේ"

"නැහ්-නැහ්..කා ගැනද චූටි අහන්නෙ-කැහ්හ්"

"අර ඔයාගෙ පිත්ත වනන.. මාර්තු මාසෙ තොත්තු දීලා ඇනිවසරි සමරපු බෝයිපෙන් ගැන අහන්නෙ.. මොකෝ දහයක් පහලවක් ඉන්නවද තව්සෙට"

"හික්- චුටි..කැහ්- ඔයා-මොනවා!!!!...කැ--හ්හ්හ්හ්හ්..කැහ්හ්හ්හ්.. ඔයා-හික් කොහොමද-කැහ් දන්-කැහ් දන්නෙ චූටිහ්හ්හ්"

"ඇයි අයියෙ ඔයා හිතුවද මන් මුකලම් බස්සෙක් කියලා.."

"අයියෝ-කැහ්.. චූටි මට කැහ්-හික් වතුර එකක් දෙන්නකො *හික්*"

"හරි අගෙයි.."

මන් සුදු අයියට වතුර වීදුරුවක් දික් කලාම ඌ එක හුස්මට ඒක බිව්වා.. දැන් කියපන් අයියෙ කාසෙ හදාගන්නැතුව..

"චූටි දන්නෙ කොහොමද.."

"අනේ යකෝ මාත් මේ ගෙදරමයි ඉන්නේ.."

"හරි.. කොයි කාලෙද චූටි දැනගත්තේ.."

"ආ.. දෙදාස් විසි තුනේදි විතර.."

"බුදු අම්මෝ චූටි!!!!!!"

"ඔයාලා මහ නරකයි.. මන් ඇහුවට කිව්වෙත් නෑ.."

"ඉතින් ඇයි කලින් කිව්වෙ නැත්තෙ ඔයා දන්නව කියලා.. සිකේ චූටි.. අපි හෙන බයෙන් හිටියෙත් ඔයාට අහු වෙලා ඔයා මෙතන මගුලක් නටාවි කියලා.."

"මඤ්ඤංද හලෝ.. අන්න දැක්කා නේද නෑනා ගැන හිතන් ඉන්න විදිහ.. තොපි මට කිව්වෙ නෑ.. මන් විසිපාරකට වඩා අහන්න ඇති තව්සෙලට මට මක්කක් හරි කියන්න තියෙනවද කියලා.. එක පගෙක් කිව්වෙ නෑ නෙ මට.."

"අයියෝ චූටියෝ.. එහෙම නෑ අපි-අපි කතා උනා ඔයාට කියන්න ඕනෙ කියලා.. ඒත් කිව්වෙ නෑ ඉතින්.."

"කොහොම හරි.. අනේ බලපම් අයියේ මන් තව්සෙට තොත්තුවක් දීලා මගේ මිනිහා කරගන්න හිටියේ.. හෙන ගහපන් පොඩි අයියට"

"අනේ චූටි.. මන් ඔයාගෙ සුදු අයියා ඔයා මගෙ චූටි සුදු නංගිනෙ"

"මන් ඔවාගෙ නංගි උනාම ඔවාගෙ නම්කිලා දෙන්නා මොක්කුත සුදු අයියේ.."

"හරි හරි ඉතින්"

"දැන් මට කියපාන්..ඔයා කවදාවත් අර සමහර අය වගේ ආදරෙයි කියලා යන්නෙ නෑ නේද "

"නෑ චූටි.. මන් අවිශ්ට ආදරෙයි..චූටිට දුකයිද"

"අර මොකටද මන් දුක් වෙන්නෙ තව්සෙලා ගැන "

"මන් අහන්නෙ අපි ගැන නෙවේ චූටි.."

සුදු අයියගෙ මූන එකසැරේ වෙනස් උනා.. එයා පොඩ්ඩක් වෙලා බිම බලන් ඉදලා ආයෙම මන් දිහා බැලුවා..

"ඒනම්"

"චූටිට සිතුමිණී නංගිව මතක් වෙනවද"

මන් ආස නැති මාතෘකාවක් මේ

"නැහැ! මට එයාව මතක් කරන්න ඕනත් නෑ..ශිට්.. I hate it!!"

මට ඕන නෑ එයාව.. මන් ආස නෑ

සුදු අයියා මන් දිහා හෙන කලකිරීමෙන් වගේ බලන් ඉඳලා මූණට බොරු හිනාවක් ගත්තා

"ඉතින් ඉතින්.. මට කියනවකො තව්සෙ කෝමද හරියටම දැන ගත්තෙ කියලා.."

"එක දවසක් අනේ.. විසි තුනේදි..ඔවා අපේ ගෙදර ආවම අපි සිංදු කිව්වා.. එදා මන් පොඩීගෙ කාමරේට ගියාම ඇඳේ නිල් පාට පොතක් තියනව දැක්කා.. මටත් ඉතින් තියෙනවනෙ විසාල පුපේ අමාරුවක්.. මන් ඒක කියෙව්වා.. එතෝට බෑම්!! මන් දැනගත්තා.."

"අයියෝ චූටි මට ලැජ්ජයිත්තෙක්ක.. ඔයාට කියන්න තිබ්බනෙ දන්නවා කියලා.. ශිට් චූටි.. ඇත්තටම මට ලැජ්ජයි අනේ.."

"හරි මචන් අයියේ ඉතින් මන් දැකපු ඔක්කෝම කිව්වොත් තමා ඔවා ලැජ්ජ වෙන්න ඕන කහ්ම්- පොඩී ඔවාව උස්සන් කාමරේට ගියපුවයි ක්-"

"ඇතී!!!!!"

"ඔය ඉතින් බෑනෙ කරන්න.. බලන්න මේ මනුස්සයා රතු වෙලා දැන් මැරෙයි"

මන් මගේ කතාවට රතු වෙලා පිපිරිලා මැරෙන්න යන සුදු අයියට කිව්වම ඒකා තවත් රතු වෙලා..ඕම රතු වෙන්න ඕන නෑ නෙ ඉතිම්.. හරිම පුපක් තමා

"අයියේ.. මට මේ ලඟදි අමුතු කෝල් එකක් ආවනේ"

එකසැරේට සුදු අයියගෙ මූණ අමුතු වෙලා ගියා..

"මොකද්ද චූටි කිව්වේ.. මටත් එහෙම කෝල් එකක් ආවා.. මැරෙන්න ලෑස්ති වෙලා ඉඳපන් කියලා කිව්වේ.. මට තාමත් හිතා ගන්න බැහැ චූටි.. අයියටත් ඔහොම කෝල් එකක් ඇවිත් තිබුනා.."

"මටත් කිව්වේ තිශාක්‍ය මිනිහා මැරෙනව බලන් ඉඳපන් කියලා.. මම කිව්වා අනේ පලයන් හු#තො යන්න කියලා"

ඒකට නාලු වෙකා තිබ්බ සුදු අයියගෙ මූණට හෙන හිනාවක් ඇවිත් ඌ බක බක ගගා හිනා වෙන්න ගත්තා..

"හ්හ් අනේ මන්දා චූටියෝ.. මට තේරෙන්නෑ ඇයි මේ කියලා.."

"මට අප්පච්චි කියල හිතෙනවා අයියේ.. එයා බලන්නකො, එයා ඔයාට පුදුම විදිහට වෛර කරන්නේ.. එයා ඔයාලගෙ එෆෙයා එක ගැන දන්නවද.."

හදිස්සියෙම මට ස්පෝට්ස් මීට් එක දවසෙ මතක් උනා.. එදත් එයා කිව්වා.. මට බයයි ඇත්තටම සුදු අයියට මුකුත් වෙනවට මන් කැමති නෑ.. අනික එයාට මොනව හරි උනොත් පොඩි අයියට පිස්සු හැදෙයි..

"මන්දා චූටි.. අප්පච්චි ඔය ගැන ලාවට දන්නවා.. එක දවසක් අවිශ් අප්පච්චි එක්ක රණ්ඩුත් උනා ඕකට.. ඒ අපි ඒ ලෙවල් කරන්නත් කලින් චූටි.. දෙදාස් විසි දෙකේ, එකේ වගේ..මට තේරෙනවා හෙන අමුතු දේවල් වෙනව කියලා.."

"ම්ම් ඒක තමා අයියේ.. ආ මේ.. ලොකූ දන්නවද හලෝ.."

"ඔව්.. අයියා දන්නවා.."

"අර බලපන්.. මන් විතරයි මෙතන.. නෑ එක්කො ඕන්නෑ.. මේ අයියේ.. ඔවා කෝකටත් පරිස්සමින් ඉන්න නේ.. ඇයි නිකන් අවධානමක් ගන්නේ.. අප්පච්චි කියන්නෙ හොඳ මනුස්සයෙක් නෙවේ නෙ.. ඒක ඔයත් දන්නවා මාත් දන්නවා.. හැබැයි ඔයා, පොඩී, මම අපි හැමෝම දැන් ප්‍රසිද්ධ චරිත.. අප්පච්චි ඒක දන්නවා වෙන්නත් පුලුවන් නොදන්නවා වෙන්නත් පුලුවන්.. හැබැයි අයියේ අප්පච්චී ඕක දන්නවා වෙන්න ඕන.. මොකද අප්පච්චි සෑහෙන මොලේ කල්පනා කරල වැඩ කරන මනුස්සයෙක්.. එතකොට එයා ඔයා තනියෙමම ඉන්න වෙලාවක තමා ඔයාට මොනව හරි කරනවනම් කරන්න එන්නේ.. මේ වෙන දේවලුත් එක්ක අප්පච්චි ලංකාවෙ ඉන්නෙ කියල නම් මට බුදු සුවර්.. ඒත් මට තේරෙන්නෙ නෑ අයියේ..පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන.."

"මොකද්ද චූටි.."

"අයියේ සිතුමිණීගෙ තාත්තයි අපෙ අප්පච්චියි හොඳම යාලුවො නේ.. එයත් හෙන ලොකු චරිතයක්.. අප්පච්චි බ්‍රිගේඩියර් කියන්නෙ ඉතින් එයත් යමක් කරගන්න පුලුවන් මනුස්සයෙක්නෙ අයියේ.. සිතුමිණීගෙ අම්මයි තාත්තයි ඩිවෝස් උනාම ඒ දෙන්නා කොහෙටද ගියේ.. සිතුමිණී දැන් කා එක්කද ඉන්නේ.. මට ඒවා තේරෙන්නෑ අයියේ.. සහ්- සමහර විට.. සිතුමිණීත් ඕවට සම්බන්ධයිද අයියේ.."

"පිස්සුද චූටි.. ඔයා දන්නැති දේකුත් තියෙනවා.. නංගි යන්න කලින් අන්තිමට කතා කලේ මට.. එයා ගැන වැරදියට හිතන්න එපා නංගි.."

එහෙම හිතමුකෝ.. ඇයි එහෙනම් මට එදා ඒ තරම් නපුරින් කතා කලේ.. මට බැන්නෙ ඇයි.. මාව එපා, එයාගෙ ජීවිතේට එන්න එපා කිව්වෙ ඇයි..

"මට එහෙනම් එයාගෙ ජීවිතේට එන්න එපා කිව්වෙ ඇයි අයියේ"

කොච්චර මම දරාගෙන ඉන්න පුරුදු උනත් මම හුඟක් ඕපන් වෙන මිනිස්සු ඉස්සරහ මට එහෙම ඉන්න අමාරුයි.. මම තාමත් සිතුමිණීට ආදරෙයි.. ඒත් මට දුකයි, මට කේන්තියි.. නෑ මන් සිතුමිණීට කැමති නෑ..

"චූටියෝ මේ අහන්නකො.. නංගි ආයෙත් එනවා.. මගෙන් අහන්නෙපා ඒ ගැන..ම්ම්?"

"ම්ම්.. ඒත් අයියේ මේවා ඔක්කොම එකිනෙකට සම්බන්ධයි හරියට දම් වැලක් වගේ.. බලන්නකො.. සිතුමිණීලා ගැන ආරංචියක් නැති උන දවසෙමයි අපෙ අප්පච්චිත් නැති උනේ.."

"ඔයාට කියන්න චූටි.. මේ ලඟද ලොකු ලොරියකට තව ටිකෙන් මාව හැප්පෙනවා.. ඒ වගේම මගේ කාර් එක කවුරු හරි ෆලෝ කරලා මන් හෙන ගේමක් දීලා ඒක මගෑරගත්තා.."

"අනෙ පරිස්සමින් අයියේ.."

"ම්ම්..චූටි.. ඔයා මමයි අයියයි එක්ක තරහ නෑ නේද.."

"පිස්සුද අනේ.. ඔයා එයාට හොඳම හස්බන්ඩ් කෙනෙක් වෙයිනේ.. මම අනික ඔය දෙන්නටම මාර ආදරෙයි.. පොඩි අයියා එක්ක ඉන්න.. එයා නොසෑහෙන දුක් විඳපු කෙනෙක්.."

"ම්ම්..මන් එයාට අම්මා කෙනෙක් වෙනව චූටි.. ප්‍රොමිස්.."

"අනේ උම්මා අනෙ.. මන් ආතරෙයි.."

මන් හදිස්සියේ පැනනැගුනු ආලෙට සුදු අයියව බදාගෙන තොත්තුවක් දුන්නාම සුදු අයියත් මට හැරුනු තැපෑලෙන් උම්මා එකක් දුන්නා"

"සීදේවී මම..

සීදේවී මම..

සීදේවී මම නුඹේ හැලයා..

හරි අහිංසක නුඹෙ පැටියා..

නගරෙ කෙල්ලො බෑනෙ..

උන් අහින්සක නෑ නෙ..

හරි කරදරේ මාව දැකලා.."

"ආ ඇත්තට..."

ටිකකින් පොඩි අයියා ඇවිත් කාර් එක පාක් කරනව ඇහුනම මමයි සුදු අයියයි තරඟෙට දුවගෙන ගියා ඒත් සුදු අයියා මට ඉස්සහර උනා.. මේ මිනිහා එක්ක මන් කොහොම දුවන්නත ඉතින්.. ඔලිම්පික් යන්නත් නෙ ඉන්නෙ හු#ත..

"ආ සුදු හාමුගෙ පොඩි හාමු මහත්තයා.."

"ඒ මොකෙද්ද ඕයි.."

"ඔයා ඔයාගෙ වෙන්ඩ හස්බන්ඩ් ටයි නංගි කියන එකාටයි මොනාද ගෙනාවෙ.."

පොඩි අයිය එකපාට්ට බය වෙලා වගේ සුදු අයියා දිහා බැලුවම සුදු අයියා හෙන ගොං හිනාවක් දාලා මන් දිහා බැලුවා

"මරිසි දාන්නෙපා පොඩී.. තව්සෙලා මෙතන මට හොරා මගුල් නටලා.. හෙනම ගහපන් තොපිට.. ආආආහ්හ්හ්හ්හ්"

"මේ මෙහෙමයි.. මේ අපි මේ කියන්න මේ හිටියෙ.. නේ ඒයි"

"කියැඤ්ඤ හිචියේ.. ඇඤේ පැලෑන්ඩ මෝඩයා.. මේ මෝඩයා දන්නෑ මන් දැනන් හිටියෙ කොයි කාලෙ ඉදලද කියලා.."

"ඇයි තව්සෙ ගිය අවුරුද්දෙ ඉඳන්ද දන්නේ.."

"ගිය අවුරුදු කැලේ හලෝ... මන් දන්නෙ විසි තුනෙ ඉඳන්.."

"හම්මට"

ඒත් එක්කම සුදු අයියා කට වහන් ඔලුව හෙල්ලුවා..

"හයියෝ මන් පැදුරෙන් පැනල මැරෙනවා.."

"ඊයා.."

ඊට පස්සෙ පොඩි අයියා ගෙනාපු අයිස්ක්‍රීම් එකයි බැරිස්ටා එකෙන් ගෙනාපු මොනාද කෑම වගේකුයි මන් අතින් තිබ්බහම මන් තරහ මරහා අමතක කල්ලා ඒක ගත්තා ඉතින්.. කෑම වලට මෙව්වා කරන්න හොඳ නෑ නේ..

"ඒ සුදූ චූටි උබට වඩා උසයිනේ..ඊයා සුදූ කොට පාත්තයා.."

"අනේ මේ!!! උබ මගෙන් කනවා හරිත.. මන් කොට නෑ යකෝ.. උබලෑ පවුලෙ මිනිස්සු පොල් ගස් උනාට මන් මක් කරන්නද.."

"ඒ උනාට සුදූ උබ කොටයිනේ..Anaaaw how cute my baby boy..."

"අනේ මේ.. මගෙන් කුණුහර්ප අහගන්නෙපා තව්සේ අවලං ගොං ගොබිල ගෝතයා.."

"ඩිහේන් කේන්ති ගන්නෙපා ඇහැල මල් කේන්ති ගන්නෙ නෑ නේ.. Anaaw my lil piggyy"

සුදු අයියා ඒ පාර මූන ඉසකුඩිච්චියක් කරන් පොඩි අයියා දිහා බලන් හිටියම පොඩි අයියා කට උල් කල්ලා එයාට කිස් එකක් දුන්නා.. අනේ නාකි හුරතලේ.. මේ අවුරුදු විසි දෙක්කුත් වෙනවා හරි අගෙයි

මම ශේප් එකේ අර බෑග් එකත් අරන් සෝෆා එකේ ඉඳන් ඒ දෙන්නගෙ සීතල යුද්ධෙ දිහා බලන් හිටියා.. හෙනාතල් නේ

හොක්කේ මරා ජන්නත් ජාන කහා තෙරෙ..

හොක්කේ මරා ජන්නත් ජාන තෙරා

ඒහ්....

ඉරියෙ ඉරියේ ආආආආආ‍‍!!!!

ඉරියේ ඉරියේ ආආආආආ!!!!

මන් ආවා මගේ බිජුමාල් ලමයිනේ..

මන් මේ මේවා මහ රෑට ලියන්නෙ හර්තේ..දැන් ඔය ලමයි මන් මේ රෑන අනවස්ස විදිහට ඇහැරන් ඉන්නව කියල හිතන්නෙපා.. තොපි වෙනුවෙනුයි මේ වෙහෙසෙන්නේ..

අනේ මට මේ අවිශ් පොඩි අයියගෙයි තිසාක්‍ය සුදු අයියගෙයි කතාවකුත් ලියන්න හිතෙනව ඒයි.. ලියන්නත.. ඔවාලගෙ අදහස කියම්න.. කමෙන්ටුවකින් කියම්න හරිත..

එහෙනම් මගේ සුමිතුරු මිතුරනේ මන් චුත වෙන්නම්...

ගුන බුස.. ඔවාලා කාල බීලා චූ දාලා දත්මැදලා දොයිය ගම්න..

ආතරෙයි උතුරන්න 😽❤️

ම්වාහ්හ්!!!

Contents
Contents