Back
/ 3
Chapter 3

හැඟුමන්..💕

Birthday Gift ( short story 💯✅)

"වස්තුවේ...."

"ම්ම්ම්..."

එයා කතා කරද්දි මටත් ඉතින් බලන් ඉන්න බෑ...ඒ ලව් වර්ඩ්ස් හමුවේ කාටද අනේ දිය නොවී ඉන්න පුලුවන්. මමත් ඉතින් එයා ඉස්සරහා කොයිවත් ඔහොම දියවෙලා යනවා...

හරියට නිකන් රත් වෙච්ච තාච්චියට දාපු බටර් කෑල්ල වගේ...බටර් කෑල්ල වගේ බැබලි බැබලි ඉන්න මට ඉතින් ඉන්නේ ගින්දර වගෝ හොට් සැමියෙක්නේ...ඉතින් එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි....

"මයේ වස්තුව, මට කියපන් මේවා..."

එයා පොතේ තිබුණ පින්තූර ටික පෙන්නලා මගේ දිහා බලලා අහනකොට මම බලාගෙන හිටියේ ඒ ඇස් දිහා...එයාට ඔක්කොම කියා ගන්න බැරි වෙලා වචන හිර වුනා...

"හ්ම්ම්...ඕවා මගේ..මමයි ඇන්දේ..."

මම එහෙම කියලා එයාට පොඩි හිනාවකින් සංග්‍රහා කලා..මම දැක්කා මම එහෙම කියනකොට ඒ ඇස් දිලිසෙනවා...ඒ එක්කම ඇස් වල ලා කඳුළු පටලයක් බැඳෙනවා මම දැක්කා...

එහෙම්මම මාව ඇදලා ගත්ත එයා එයාගේ උණුසුම් තොල් නතර කලේ මගේ නළල උඩ...ඇස් දෙක පියාගෙන ඒ උණුසුම් පපුවට තුරුල් වෙලා මම ඒ හාදුව හිත පුරා විඳ ගත්තේ එයාගේ අතක් මගේ ඉණ වටේ ගිහින් තවත් මාව එයාට තුරුල් කර ගනිද්දි....විනාඩි ගානක් එයා ඒ විදියට ඉඳලා මාව පොඩ්ඩක් ඈත් කරලා මගේ ඇස් දෙකට එබුණා...

"මාව ඇඳලා මතක තියා ගන්න තරම් ඔයාට මාව වටින කෙනෙක් වෙලා හිටියද මැණික?"

එයා ප්‍රශ්නයක් ඇහුවා...හැබැයි මම උත්තර දුන්නෙ නෑ...ඒ වෙනුවට මම කලේ එයාගේ කම්මුල උඩට පොඩි හාදුවක් දීලා යන්තම් හිනාවුන එක...ඒ ටික හොඳටම ඇති එයාට මගේ හිතේ තියන් දේ තේරුම් ගන්න...

ඇත්තටම ආදරේ කරන් දෙන්නෙක්ට හැම වෙලාවකම වචන ඕන නෑ කතා කරන්න...ආදරණීය බැල්මකින්, පොඩි ස්පර්ශයකින්, චූටිම චූටි හාදුවකින් පුලුවන් හිතේ තියන් හැම දේම අනික් කෙනාට දැනෙන්න සලස්වන්න..ඒකට තමයි නියම ආදරේ කියන්නේ...ඒ ආදරේදි දෙන්නට දෙන්නා දැනෙනවා...එක බැල්මයි, එක ස්පර්ශයයි ඕන අනිත් කෙනාව තේරුම් ගන්න...

පොත දිහා බලලා එයා ආයෙත් මගේ මූන දිහා බැලුවා....මම දන්නවා එයාට එතනින් එහාට තියන දේවලුත් බලන්න ඕන. ඒත් ඉතින් එයාට දැන් ඒක මම ම පෙන්නුවොත් හොඳයි කියලා මට හිතුනේ බලාගෙන ඉන්න බැල්මට.

ඒ බැල්ම හරි ආදරණීයයි. එයා මේ වෙලාවේ ඉන්නේ මේ දැකපු දේවල් අදහා ගන්න බැරුව.

කාට උනත් එහෙම තමයි, තමන්ගේ කෙනාගේ ආදරේ මෙච්චරයි කියලා මනින්න බැරි තරමට තමන් ඒ කෙනාගේ හිතේ ආදරණීයම තැනක් අත් කරගෙන ඉන්නවා කියලා දැනුනම ඕන මනුස්සයෙක්ට සතුට දරා ගන්න බැරි වෙනවා...

ඉතින් එයත් දැන් මේ ගල්වෙලා වගේ මාවත් තුරුල් කරගෙම ඉන්නේ එයා සතුටින් පිරිලා ඉන්න නිසා.

ඒ මූණෙන් ඒ හැඟීම මට අඩු නැතුව පේනවා...

"ඔයා ආසද ඒවට? "

මම එයාගේ තුරුලටම වෙලා පොත උකුලට ගන්න ගමන් එයාගෙන් ඇහුවේ හෙමිහිට ඒ චිත්‍ර උඩින් ඇඟිලි අරගෙන යන ගමන්. ඒවා දැක්කහම මට දැන් මං ගැනම විශ්වාස කරන්න බෑ වගේ.. මම ඒ තරමටම එයාට පිස්සු වැටිලද ඉඳලා තියෙන්නේ...

"ආස වෙන්නෙ නැතුව කොහොමද , මගේ මැණික හරිම දක්ෂයිනේ ඒකාලේ..."

එයා ආයෙමත් මගේ නලල උඩින් හාදුවක් තියන ගමන් කිව්වේ මම ආයෙත් ඒ උණුහුමට තවත් තුරුල් වෙද්දි.. මගේ උකුල උඩ තිබුණ පොත මම ඊළඟ පිටුව පෙරලලා එයාගේ උකුල උඩින් තිව්වේ එයා ඔලුවත් පහත් කරන් පොතට එබෙද්දි...

ඔබ කොහි සිට ආවෙහිද?

නොදනිමි...

ඔබ කොහි යන්නෙහිද?

නොදනිමි...

කෙදින රචනා කරන්නට

ඇරඹූ දැයි

නොදන්නා පොතක

දන්නා දිනක

ඇරඹි නව පරිච්ඡේදයක්

ලියා අවසන් වනතුරු

අවසානය කුමන පිටුවේ දැයි

නොදන්නා පරිච්ඡේදයක්

සසර නම් පුස්තකයෙහි

එක් අත්බවෙක යන

පරිච්ඡේදය

ලබන්නට වාසනා වූයෙමි

නමින් වූ

මනුසත් භවක්....

එදා සිට අද දවස වන තුරු

නැතිව කිසි අඩු පාඩුවක්

ඒක විසි වසරකුත් වසනට

තිබී ඇත බෝ පින් කඳක්

මරණයේ දොර ඈත පෙනි පෙනි

එදෙසටම තැබු පියවරක්

මහළු වූයෙම් වසරකින් මම

තරුණ වී යැයි පවසමින්....

නොදැන කොපමණ කල් තිබේදැයි

තවත් ඉන්නට මේ ලොවේ

කෙසේ නම් හිත හදා ගන්නද....

නැතිව විඳ ඔබේ

පෙම් සුවේ...

කල හැකිද එක හිතක පමණක්

දෙහිතකට සෑහෙන පෙමක්

පල ඇතිද එම පෙම් කතාවෙන්

විනම් එය

එක් පස පෙමක්

නොවෙන්නම් මා රෝස කුසුමක්

අතින් අත ගොස් නැති වෙනා

වෙන්නෙමි

සුදු කඩුපුලක් මම

සඳට පමණක්

විකසිතවනා...

ඉතින් ඔබ හට

නොදැනුනත් මේ

හදෙහි පිපෙනා පෙම් හැඟුම්

පෙති විදන්නේ

නුඹේ නමිනුයි

සත්‍ය ප්‍රේමයේ නාමයෙන්

නැතිය අනෙකුට ඉඩකඩක්

මේ හෘදේ

පිරී ඇත ඔබ ගැන පෙමින්

හැකි වේවිදෝ

නුඹේ වන්නට

පෙර ජන්මයේ කල පිනින්...

භාවනාවක් වැනිය නුඹේ මුව

කමල දුටු විට

මා හට

වහා නිම වෙයි

දුක් සුසුම් මගේ

ඉඳියි නම් නුඹ

මා දෙනෙත් අද්දර

කවදා කොතැනදි

ඇති වුනිද

මා වුව නොමැත දන්නේ

නමුත් හද තුල

ගැහෙන හැඟුමන්

නුඹ නමිනි

පණ ගැහී තිබුණේ

ඉඳින් අපහට ඒද දවසක්

තනි වෙන්න අප අපගේම ලොව

වසන්තය ඉක්මන් කරාපන්

නොහැක තව මට

බලා හිඳුමට...

ඇහෙනවද සුදු අයියේ නුඹ හට

මා හදෙහි ඇති පෙම් කතා

දනිමි නුඹ කිසි දෙයක් මේ ගැන

නොදන්නා වගේ එකහෙලා

නමුත් මා හද

හීලෑ නෑ මට

යන්නේ ඔබ පසු පස හඹා

දැන දැනත් මට උරුම නැති වග

සිත සොයන්නේ නුඹ තමා...

ගින්න දුටු පළඟැටියා සේ මම

නුඹ ගින්න බව දැක දැක

පනින්නට මයි ආස කෙරුවේ

ඒ ගින්දරෙන් දැවෙන්න...

නුඹ මත්තේ නැහි නැහි ඇති

මේ මාව නුඹ නෑ දකින්නේ

අද නොහැකි වූවත් වන්න නුඹේ

සසරෙ යම් මතු යම් දිනෙක

ලැබුමට නුඹේ ප්‍රේමය

හිත පුරා

නුඹේ වන්නට පෙරුම් පුරනෙමි

එක හිතින් මේ

දිවිතුරා....

(ජාන්ගෙන්...මගේ සුදු අයියා යීබෝට.....)

ඒකේ තිබුනේ එදා බර්ත් ඩේ එක දවසේ මම ලිව්ව නිසඳැස... එයාගේ පොටෝ එක මගේ ඉස්සරහා තියාගෙන මම ඔය පද ඇමිණුවේ....

ඒකත් එයා ගැන මට හරියට දුක හිතුන දවසක්...එයා කවදාවත් මේ ආත්මේ මගේ වෙන එකක් නෑ කියලා මම හිතුවත් ඒක එහෙම උනේ නෑ.

මට මතකයි ඒ වාසනාවන්ත දවසත් අද වගේ...

එදා හවස් වරුවක්. ඉස්සර යුනි එකේ ලෙක් ඉවර වෙලා මම ගෙදර යන ගමන් පුරුදු වෙලා හිටියා පාලු හිතුනහම බංකුවකට වෙලා මුහුද දිහා බලාගෙන ඉන්න...ඒක මාර විදියට මගේ හිත නිදහස් කලා...ඒත් එතනට එන සමහර අය නිසා මගේ හිතේ සන්සුන් බව නැති නොවුනාමත් නොවෙයි...

ආදරෙන් වෙලිලා පෙම් සුව විඳින ජෝඩු දැක්කහම මගේ තනිකඩ පෙම් සිත නොසෑහෙන්න රිදුනා... ඒත් මම ඒකටත් විසඳුමක් හොයා ගත්තා...

එදා ඉඳන් මම පාලු හිතුනම් එතනට එන්නේ එදා මට තෑග්ගට ලැබුණ එයාගේ පින්තූරෙත් අරගෙන...

මම එයා එක්ක කතා කරනවා වගේ පැය ගනන් ඒ පින්තූරේ එක්ක කතා කරලා ඇති. කියන්න බැරි තරම් ඒ පොටෝ එක උඩ හාදු තවරලා ඇති...

බලන එකෙක්ට මේ මොන විකාරයක්ද කියලා හිතුනත් ඒක තමයි ඇත්ත...අපේ හිතේ කෙනෙක් ගැන ඇත්තටම ආදරයක් ඇති උනොත් ඉන් එහාට අපිට ඒ කෙනාගෙන් තොර ලෝකයක් නැති වෙනවා. තනිකරම අපි අන්ධ වෙනවා ආලයෙන්...ආලය අන්ධයි කියනවනේ..මමත් ඒ කාලේ එයා ගැන ආදරෙන් අන්ධ වෙලා හිටියේ...

යුනි ගිහින් ඉවර වෙලත් දැන් අවුරුදු ගානක් ගත වෙලා....ඒත් මම තාම තනිකඩයි.

මුල කාලේ ඕක ලොකු ප්‍රශ්නයක් නොවුනත් පස්සෙ පස්සෙ වෙනකොට අම්මලත් මට මේ ගැන දොස් කියන්න පටන් ගත්තා..

මොකද මම පිස්සෙක් වගේ මේ පොටෝ එකෙක් තියාගෙන කවදාවත් හරියට කතා කරලාවත් නැති මිනිහෙක් වෙනුවෙන් මැරීගෙන ආදරේ කරනකොට මේක එයාලට පිස්සුවක් වගේ පෙනුනා..

මට කීයක් නම් මගුල් එයාලා හොයලා ඇතිද, ඒ හැම එකක්ම මම ප්‍රතික්ෂේප කලා. මම කාත් එක්කවත් යාලු වුනේවත් නැත්තේ එයා ඇරෙන්න කිසි කෙනෙක් මගේ හිතට ඇල්ලුවේ නැති නිසා...හැමෝම මම පිස්සෙක් කියලා හිතද්දි මම මගේ දුක එයාට කියලා හිත හදා ගත්තා...

මම මේ හැගීම කොච්චර වලලා දාන්න හැදුවත් මම අසාර්තක වුනා...ඒ තරමටම මටත් නොදැනිම තදින්ම මම එයාට හිතින් බැඳිලා....

ඒත් එදත් වැඩ ඇරිලා ඇවිත් මම මුහුද දිහා බලන් ඉන්න ගිය වෙලේ මහ හුලඟක් ඇවිත් මගේ අතේ තිබුණ එයාගේ පොටෝ එක හුළඟට ගහන් ගියේ මගේ හිත දුකින් කීරි ගැහිලා යද්දි...මට තිබුණ එකම වස්තුව...

අනේ එපා....

මම දිව්වා...හුළඟට ගහගෙන යන පොටෝ එක පස්සේ පිස්සෙක් වගේ දිව්වා...

යන්තම් හුළඟ අඩු වුන වෙලේ පොටෝ එක බිම වැටුණා..යන්තම් එතකොටයි මගේ හිතට පොඩි සැනසුමක් දැනුනේ...

මම දූවලා ගියා පොටෝ එක ඇහිඳ ගන්න...

ඒත්..එක අඩියයි මට ඒක ගන්න ඉස්සරහට යන්න තිබුණේ..ඊට කලින් වෙන කෙනෙක් ඉස්සර උනා...

ලෙදර් ග්ලවුස් දාපු අතක් මගේ පොටෝ එක අරගත්තේ මට අසූ හාරදාහට නගිද්දි...

"ඕක මෙහාට දෙන්න.."

"මොකටද? මේක ඉස්සෙල්ලම ඇහිඳ ගත්තේ මම"

"ඒ වුනාට ඕක මගේ, ඕක මට දෙන්න.."

"මම දුන්නේ නැත්නම්..."

"මේ මිස්ටර්, අන්තිම වතාවට හොඳින් කියන්නේ, ඕක මට දෙනවා මිනිහෝ..."

"ඇයි තමුසෙට මේක ඔච්චරටම වටින්න, මේකේ ඉන්නේ මොකාද තමුන්ගේ?"

"ඒක තමුසෙට අදාල නෑනේ.. ඕක මෙහේ දෙනවා.."

එයා පොටෝ එක එයා ගාවට තුරුල් කරන් අල්ලන් ඉද්දි මම උගේ ඇඟට පැන්නේ ඒක කොහොම හරි උදුර ගන්න...

මට ඒක ඕනමයි. මම දැන් හරියට නිකන් පිස්සු බල්ලෙක් වගේ වෙන්න ඇති හැසිරෙන්නේ.

ඒත් මට මගේ ජීවිතේ තියන එකක සැනසීම නැති කර ගන්න බෑ...මම ඇඟට පැනපු පාරට අපි දෙන්නම බිම පෙරලිලා පාර අයිනට වැටුනේ මහ පාරේ මිනිස්සු අපි දිහා බල බල යද්දි..

හැබැයි මේක වැඩිය මිනිස්සු යන්නෙ නැති පාරක්. යන එකා දෙන්නා උනත් ඉක්මනට මෙතනින් මාරු වෙලා ගියා මිසක් මේකට අත දාන්න ආවේ නම් නෑ...

උන් බැලුවත් නොබැලුවත් මට ඒවා අදාලම නෑ...මට ඕන මගේ පොටෝ එක...

එයාව බිම පෙල්ල ගෙන ගහන්න හැදුවත් එයා මට වඩා ශක්තිමත් කියලා මට තේරුනේ එයාගෙන් පාරක් කෑවට පස්සේ...

ලේ පනින්න කම්මුල් පාරක් කාපු මම වැටිච්ච තැනින් නැගිටලා ආයෙමත් එයා ගාවට ගිහින් එයාගේ කොලර් එකෙන් අල්ල ගත්තෙ එක අත්කින් තොල පැලිලා ගලන ලේ පිහිද ගන්න ගමන්

"තමුසෙටත් පාරක් කාලත් ලැජ්ජ නෑ නේද? "

"අනේ පලයන් මිනිහෝ යන්න...තෝ මොකට මගේ ලැජ්ජ ඇති නැති කම හොයනවද? තෝනේ ලැජ්ජ නැති එකා අනුන්ගේ දේවල් හොරා ගන්නේ..."

"කට පරිස්සමින්..තමුසේ දන්නවද තමුන් මේ කතා කරන්නේ කාටද කියලා..."

"මට මොකද යකෝ තෝ කවුරු උනාම..."

"තමුසේ නම් හොඳටම වැඩියි..."

"වැඩි නම් ඇයි අඩු කරන්නද?"

"බැරි කමකුත් නෑ ඉතින්, මොකද කියන්නේ අඩු කරන්නද?"

එයා මගෙන් එහෙම ඇහුවේ මහ බර කට හඬකින් නමුත් ඒ හඬේ උපහාසයකුත් ගැබ් වෙලා තිබුණා.

හරියට එයාට මාව විහිලුවක් වගේ...ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන හිටපු නිසා එයාගේ මූණ මට පේන්නෙ නෑ...කොහෙන්ද පහත් උන පිස්සු පකෙක්...

"මේ ..මගේ අඩු වැඩි කරන ඒවා තමුසෙට අදාල නෑනේ...ඕක මෙහේ දෙනවා..."

මම ආයෙමත් පොටෝ එක වෙනුවෙන් වලි දාගන්න ගියත් එයා ඒ වෙනකොටත් ඒක එයාගේ සාක්කුවේ සඟවගෙන තිබුණා....

"මොකෝ ඔච්චර තරහා ගිහින් දෙන්නම් ඉතින් පොඩ්ඩක් ඉන්නවා...ඔච්චරටම මේක ඉල්ලන්නේ මේ තමුසෙගේ කෑල්ලගේ පොටෝ එකක්ද?"

"ඔව් ඔව්..ඔය මගේ එකා, මගේ ආදරේ...මගේ ලෝකේ, මගේ සතුට, මගේ හැමදේම...මගේ සතුට විනාස විනාස නොකර වඳින්නම් ඕක මෙහාට දීපන් යකෝ..."

මම ඒක ඉල්ල ඉල්ල කෑගැහුවත් ඒකා කලේ මාව තල්ලු කරලා දාපු එක...

"අහ්.."

"අපි බලමු කවුද මේ තමුසේ ඔච්චරටම මැරීගෙන ලවු කරන එකා කියලා මටත් ගහලා ඒක ඉල්ලන්න තරම්...කෑල්ල ලස්සන ඇති නේ..."

එහෙම කියපු එයා පොටෝ එක සාක්කුවෙන් අරන් රූපේ බැලුවේ මම බිම ඉඳන් කොන්ද බිම ඇණුන වේදනාව දරාගෙන නැගිටින්න උපරිම උත්සාහ කරද්දි...කොන්දත් අල්ලන් කොහොම හරි එයා ගාවට ගිය මම ආයෙමත් ඒක ඉල්ලුවා...

"දැන් බලා ගත්තනේ, තමුන්ට සතුටුද? දැන්වත් ඕක මට දෙන්න"

මම බැරිම තැන ගිහින් එහෙම කිව්වේ මූත් එක්ක වලියෙන් වැඩේ කර ගන්න බැරි නිසා කතා කරලාවත් ශේප් එකේ වැඩේ කර ගන්න උත්සහා කරන ගමන්...

ඒත් මූ කතා නෑ...අර පොටෝ එක ආයෙමත් සාක්කුවට දා ගත්තා...

"ඒයි, ඔය මොකද්ද කරන්නේ..ඕක මට දීලා යනවා..."

එයා පොටෝ එකත් අරන් යන්න ලෑස්ති වෙද්දි සත්තයි මට ඇඬෙන්න ආවා...

"ඕක දීලා යන්න..."

ඒත් එයා මම කියන්දේ අහන්නේ නැතුව ඉස්සරහටම ගිහින් එයාගේ බයික් එකේ නැගලා ඉගිලිලා ගියා.

මට දරා ගන්න බෑ දෙවියනේ. ඇයි මටම, ඇයි...ඇයි මටම මෙහෙම දුක් දෙන්නේ? මෙච්චර කාලයක් ඒ පොටෝ එක නිසා දැනුන සැනසුම නැතුව මට දැන් මොනවා වේවිද?

මගේ දුක දැනිලද මන්දා අහසත් ගුගුරවමින් මහ වැසි ඇද හැලුනේ මම එහෙම්මම පාලු පාර මැද බිම දණ ගහන් මගේ කඳුලු වතුරට පා කරලා යවද්දී...

"ආආආආආආආආආර්...හ්.."

මම මගේ කොණ්ඩෙන් ඇදගෙන් තනියම මහා වැස්සේ තෙමි තෙමි කෑගැහුවේ තනිකරම පිස්සෙක් වගේ...

ඒත් මට විනාඩි පහක්වත් එහෙම ඉන්න උනේ නෑ මගේ පිටිපස්සෙන් ඇහුනේ බයික් එකක රෝද වලට වතුර දෙපැත්තට විසි වෙන සද්දෙ..

මම හැරිලා බැලුවා...

අර මිනිහා..ඌ ආයේ ඇවිත්...ඌ බයික් එකෙන් බැහැලා මම ඉන්න පැත්තට එන්න ආවා...

"තමුන් මොන එකකටද කියනවා ආයේ ආවේ...මම දුක් වෙනවා බලන්නද මිනිහෝ...?"

මම ඉඳගෙන හිටපු තැනින් නැගිටලා ගිහින් ඒ පපුවට හයියෙන් ගහලා තල්ලු කලේ එයා අඩිකීපයක් පස්සට යද්දි...

"තමුන්ට සතුටුද? කියනවා...මොන කරුමයක්ද යකෝ තෝ?"

මම ආයෙමත් එයාට බිම වැටෙන්නම පාරක් ගැහුවා...එයා අමාරුවෙන් නැහිටලා ඇවිත් ආයෙමත් මගේ ඉස්සරහි හිට ගත්තා...හැබැයි ඊට පස්සෙ එයා මට මගේ පොටෝ එක පෙන්නලා ඒක ඉස්සරහට දික් කලේ මට එයා ගාවට ඇවිත් ඒක ගන්න කියලා අතින් සංඥා කරන ගමන්...ඒත් මම පුදුම උනේ එයා ආපිට මට නොගැහුව නිසා...

මොකද මම තේරුම් ගත්තා ගහ ගන්න ගියොත් නම් මෙයාට ලේසියෙන් මාව පරද්දන්න පුලුවන් කියන එක. ඉතින් එයා ඇයි මේක මට දැන් ආපහු දෙන්න හදන්නේ? ඕන එකක් මම ගන්නවා පොටෝ එක..

ඒත් මම ආයෙමත් රැවටුනා...

ගන්න ඔන්න මෙන්න තියෙද්දි එයා ඒක ආයෙමත් එයාගේ කබාය අස්සෙ සඟව ගත්තා...

මම එයාට ඒකට නම් ගහන්න අත ඉස්සුවත් එයා මගේ අතින් අල්ල ගත්තේ මාව නිකන් දඬු අඬුවකට හිර උනා වගේ ෆීලිං එකක් මට දැනෙද්දි..

"ම්ම්..මොනවද තමුසේ කරන්නෙ? මට යන්න දෙනවා..."

මට බය හිතුනා..මූ මේ මොනවා කරන්න යනවද කියලා...මාව මරලවත් දාවිද?

"එනවා යන්න..."

එයා ගිගිරුවා..

"මට බෑ මට යන්න දීපන් මිනිහෝ.."

"තෝ නම් කියන දෙයක් අහන්නෙම නෑ නේද සුදු මැණික...හරිම මුරණ්ඩුයි.."

"තමුන්...ම්ම්ම්...මොක්..."

මාව එයාගේ බයික් එක ගාවට ඇදන් ගිහින් එයා කිව්ව එකට නම් මට මලේ මල පැන්නා...

මූ මහ සෙවලයෙක්ද කොහෙද. මට සුදු මැණිකලු...

මම හොඳවැයින් දෙකක් අමතලා එතනින් පැනලා යන්න හිතුවත් මට ඒක කර ගන්න බැරි උනේ එයා අර මහ වැස්ස මැද මගේ ඉස්සරහා එයාගේ දාර ෆුල් ෆේස් හෙල්මට් එක ගැලෙව්වහම...

මට මට දැක්ක දේ විශ්වාස කරන්න බෑ..නෑ මේක වෙන්න බෑ...ඒ එයා...මගේ සුදු මහත්තයා...

එතකෝට මගේ පොටෝ එක මගෙන් උදුර ගත්තෙ එයාද? නෑ මේක හීනයක්...මේක වෙන්න බෑ...මම ඇස් දෙකත් ආයේ පිහිදාලා එයා දිහා බැලුවේ එයා නම් කට කොනින් මගේ දිහා බලලා හිනා වෙද්දි...

නෑ මට මේක විශ්වාස කරන්න බෑ...එයා මගේ ඉස්සරහා..

මම ඇස් දෙකත් පියාගෙන මගෙම කොණ්ඩෙන් ඇද ගත්තේ පියවි සිහියට එන්න ඕන නිසා...

ඒත්...

"මේක හීනයක් නෙවෙයි සුදු මැණීක..ඒ නිසා ඇස් ඇරලා හොඳට බලන්න මගේ දිහා..."

මගේ කන ලගින්ම ඇහුණ ගැඹුරු කටහඬ මගේ පිට දිගේ අමුතු හිරියක් ගලාගෙන යන්න සැලැස්සුවා...ඒ කටහඬ මුල්ම දවසේ අහපු වෙලාවේ මට දැනුන හැඟීමට වඩා සිය දහස් ගුනේකින් බලවත්ව මට අද ඒ හැඟීම දැනෙන්න පටන් ගත්තා...

එයා මගේ ගාව, ඒකත් හරියටම මගේ පිටිපස්සේ, මට හුස්මක දුරින් ළං වෙලා...

"කෝ කිව්වම අහන්න සුදු මැණික, මගේ දිහා බලන්න..."

එයා ආයෙමත් මගේ කන ළඟින් මුමුණනවා... මම තාමත් ඉන්නේ මේ මම ඉන්නේ පියවි ලෝකේ කියලා විශ්වාස කර ගන්න බැරුව.

මට බෑ. මට ඒ මූණ දිහා බලන්න විදියක් නෑ. ඒකට මට හයියක් නෑ වගේ... මම එයාට කතාකරපු හැටි. එයා මගේ ගැන මොනවා හිතන්න ඇතිද...

"කන් ඇහෙන්නේ නැද්ද ආ....කිව්වහම එක සැරයක් මේ පැත්ත බලනවා.. පුදුම මුරණ්ඩුයිනේ තමුසේ.."

එහෙම කියපු එයා මට හිතන්නවත් නොදී මගේ ඉන වටේ එයාගේ අතක් යවලා මාව එයාගේ ලඟට ඇද ගත්තේ මම එයාගෙන් ගැලවිලා යන්න දඟලද්දි..

"මොකද පැනලා යන්න හදන්නේ ආ..."

එයා තවත් එයාගේ අතේ ග්‍රහණය වැඩි කලේ එයාගේ පාරකට බිමට වැටිලා කොන්ද ඇන ගත්ත මගේ කොන්ද වේදනා දෙද්දි..

"අහ්.."

අනපේක්ෂිත විදියට සිද්ද උන මේ දේ නිසා රිදුන පාරට මගේ කටින් පොඩි කෙඳිරියක් පිට වුනා...

"ඇයි රිදුනද?"

"මට යන්න දෙන්න..."

"එහෙම යන්න දෙන්න බෑනේ...මගේ පොටෝ එකක් තියාගෙන තමුන් මොනවද කියනවා කරන්නේ...?"

කලින් මගේ තිබුණ චණ්ඩි පාට් එයා ඉස්සරහා වැස්සට හේදිලා යද්දි, එයා නම් මට තග දාගෙන තර්ජනේ කරලා වගේ ඇහුවේ මම මොන එකකටද එයාගේ පොටෝ එකක් තියාගෙන ඉන්නේ කියලා...

මම මොනවා කියලා කියන්නද?එයාට ආදරේ නිසා තියාගෙන ඉන්නවා කියලා කියන්නද? ඒත් අනේ මූන දිහා බලාගෙන එහෙම කියන්නේ කොහොමද...

ඒත් දෙයියනේ ඔය ඇහුවට මම ටිකකට කලින් මගේ කටින්ම මෙයාට ඒක කියලා දැම්මා නේද කියලා මතක් වෙලා මගේ කන් දෙකෙන් නිකන් දුං දානවා වගේ මට දැනුනා...

"මොකද කතා නැත්තේ ආ... කවුරු හරි කිව්වද මාව මරන්න කියලා මේ පොටෝ එක දීලා..."

එයා මගේ බෙල්ල පිටි පස්සෙන් අත දාලා කෙස් අහුරකින් අල්ලලා මගේ මූණ ටිකක් උඩට ඉස්සුවේ ඒ ඇස් එක්ක මගේ ඇස් යා කර ගන්න ගමන්..

එයා කේන්තියෙද? මට තේරෙන්නෙ නෑ...කවදත් මගේ ඇස් වලට ලස්සනම පින්තූරේ වෙච්ච එයා අද මහ පාර මැද මහ වැස්සේ මාවත් අල්ලගෙන මේ ඉන්න විදිය ගැන කල්පනා කරාම වෙනදා වගේ දවසක් උනා නම් මම සතුටට බල්ටිත් ගහයි.

ඒත් ඉතින් අද ඇත්තටම එයා මගේ ගාව ඉඳලත් එයා හිතන්නේ මම එයාව මරන්න හදනවා කියලා...

මට කතා කර ගන්න බෑ. වෙනදා කවුරු ඉස්සරකා උනත් කටර් එක වගේ කියවන මම එයා ඉස්සරහා ගොලු වෙලා...ඒ ඇස් මාව ගොලු කරවනවා...

මෙච්චර වෙලා මගේ දිහා මරන් කන්න වගේ බලන් හිටපු එයා එක පාරටම මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා...

"හහ්..හහ්..හහා.... බය උනාද කොල්ලෝ?"

මේ මොකද්ද මේ උන විපර්‍යාසේ කියලා තේරුම් ගන්න බැරුව මම අන්දුන් කුන්දුන් වෙලා එයා දිහා බලාගෙන හිටියේ මම තාමත් ඉන්නේ එයාගේ තුරුලේ බවත් අමතක වෙලා...

එයා හිනා වෙද්දි මාරම ලස්සනයි. හැබැයි ඒක මේ හොඳකට හිනා වෙන හිනාවක් නෙවෙයි කියලා තමයි මගේ හිත කිව්වේ.

එයා මහ හයියෙන් හිනා වෙන සද්දේ වැස්සේ සද්දේ පරයලා ඇහෙද්දි මට මතක් වුනේ දැන් දිව්වොත් නම් මට මෙයාගෙන් බේරෙන්න පුලුවන් නේද කියලා...

මොකද මොනවා උනත් මේ මම දන්න චරිතෙට වඩා ගොඩක් වෙනස් චරිතයක්. මම මීට කලින් යුනි එකේදි දැකලා නැති වෙනස් චරිතයක් දැන් මගේ ඉස්සරහා ඉන්න යීබෝට තිබුනේ..

ඒ නිසා ලද අවසරයෙන් මම එයාව තල්ලු කරලා දුවන්න හැදුවත් අඩියක් ඉස්සරහට යන්න උනේ නෑ මාව ආපිට පිටි පස්සට ඇදිලා ගියා...

ගිහින් වැදුනේ කෙලින්ම එයාගේ පපුවේ වෙනකොට, සීතල වැස්සේ තෙමිලා හිටපු මට ජැකට් එක අස්සෙන් උනත් ඒ පපුවේ උණුහුම දැනුනා...

වෙච්ච දේ හිතා ගන්නවත් කාලයක් ඉතුරු නොකර මාව දඬු අඬුවකට හිර උනා වගේ ඒ අත් වලට මැදි වෙද්දි, මොකද්දෝ සිනිදු උණුසුම් දෙයක් මගේ තොල් උඩ නතර උනේ මගේ හොඳ සිහිය මට නැත්තටම නැති කරලා දාලා...

මහ වැස්සේ පාර මැද එයා කිටි කිටියේ ඒ අත් වලට මාව මැදි කරන් මගේ දෙතොල් පිස්සුවෙන් වගේ සිප ගන්න පටන් ගත්තේ මම ගල් පිලිමයක් වගේ බලාගෙන ඉද්දි...

ඉතින් එදා ඒ විදියට පටන් ගත්ත ආදර කතාව......

ඩයරිය පෙරලන් පෙරලන් ගිහින් අන්තිමට මගේ අත නතර උනේ අන්තිම පිටුවේ රදවලා තිබුණ ඒ පොටෝ එක උඩ...

මගේ පාලුව මකපු ඒ පොටෝ එක...මම ආදරේ කල පොටෝ එක. එයා නැති කල මට එයා උන ඒ පොටෝ එක..ඒක අතට ගත්තහම මට නොදැනිම පොඩි භිනාවක් මගේ මූනේ ඇඳුනේ අතීතය මතක් වෙලා...

"මොකද සුදූ තනියම හිනා වෙන්නේ?"

"මට මේක දැක්කහම එක්කෙනෙක් මතක් වුනා..."

"කාවද?"

"එක වැස්ස දවසක මහ වැස්සේ මාව බලෙන්ම පාරේ මැද්දේ දමාගෙන කිස් කරපු එකෙක්ව..."

"ඇත්තට..."

"ම්ම්ම්..."

මම ඒක මතක් කලා විතරයි එයාගේ මූණෙත් ඇඳුනේ මනමාල හිනාවක්....ඒ සිද්දිය වෙලා දැනට අවුරුදු විස්සක් වෙනවා...

ඔව් ඔව් අපි දැන් මැරි කරලා අවුරුදු විස්සක් වෙනවා...මේ හෙන පරණ කතාවක් ඇදිලා ආවේ මේ ඩයරිඅයත් එක්ක...ඒත් ඒක සුන්දර මතකයක්...

එදා මම අවුරුදු 28ක කොල්ලෙක්...එයාට අවුරුදු 8ක් තිස්සේ තනියම ආදරේ කරපු...අද මට 48ක්..එයාට පනහක්... කාලය ගිය ඉක්මන...අපි වයසට ගිහින්...

ඒත් අපේ ආදරේ තාමත් දළු දදා වැඩෙන ගහක්...මුල් පොලව ඇතුලටම කිඳා බැහැලා තියන...කාටවත් බෑ මගේ සුදු මහත්තයව මගෙන් ඈත් කරන්න...

"අවුරුදු 20 ක් ගියා නේද ඕවා මට පෙන්නන්න...මගේ මැණීක රහස් ගුහාවක්නේ..."

"අනේ, ඉතින්..මට ලැජ්ජයිනේ අප්පා.."

එයා මගේ කන ලඟ රහස් කොඳුරන ගමන් එයාගේ සීතල දිව දැනෙන නොදැනෙන ගානට මගේ කන් පෙත්ත දිගේ ඇදගෙන ගියේ මගේ ඇඟේ හිරිගඩු පිපෙද්දි..

"අනේ මන්දා, අවුරුදු 20ක් ගියත් මොකෝ, ඔයා මගේ ගාවදි තාමත් බීට් අලේ වගේ රතු වෙනවනේ, මේ හිරි ගඩුත් පිපිලා.. ඔච්චරම ලැජ්ජද මගේ සුදූට?"

"අනේ නිකන් ඉන්නකෝ සුදු මහත්තයා.."

"නිකන් නෙවෙයි බන් ඉන්නේ ඇඳුම් ඇඳලා මේ බලනවා...මගේ මැණික ආස නම් ඉතින් ඇදුම් ගලවලා ඉන්න උනත් මගේ අකමැත්තක් නෑ ඉතින්.."

එයා මගේ දිහා බලලා ඇහැක් ගැහුවේ මූණට අර කට කොනේ වල් හිනාව දාගෙන..

"අපෝ, ඔයා නම් හරීයට වල් වෙලා සුදු මහත්තයා..."

"උඹ ගාව විතරනේ රත්තරන්..."

ඕකනේ ඉතින් කරන්න බැරි , මේ මිනිහා පොඩ්ඩ ඇත්නම් වචනයක් දෙකක් කිව්වහම මමත් ඉතින් මෝඩයා වගේ හැමදාම දියවෙලා එයාගේ ආදරෙන් මත් වෙනවා...

එයාට ආදරේ කරන්න ගියාම තැනක් නොතැනක් නෑ... මාව එහෙම්මම එයගේ උකුල උඩට ඇදලා අරන් එයා මගේ බෙල්ලට පහත් උනේ මගේ ශර්ට් එකේ බොත්තම් දෙක තුනකුත් එක අතකින් පන්නන ගමන්...

ඒත් වැඩි වෙලාවක් එයාට මාත් එක්ක සෙල්ලම් කරන්න බැරි උනේ හදීසියේ කඩා පහත් උන වැස්සක් නිසා..

වැහි දෙයියන්ටත් එලියට බැහැලා මේවා බලන් ඉන්න බැරි කමට අපිට බාල්දි පෙරලන්නම වගේ අහස අඬවන්න පටන් ගත්තා..

ශුවර් පිටම දෙයියගේ ගෑනි , වැරදුනා දෙයියගේ දේවතාවි දෙයියව මාලිගාවෙන් එලියට දාලා වෙන්න ඇති ජෝඩුව වලියක් දාගෙන...

ඒපාර ඉතින් අපි වගේ කුරුලු කැදලි දැක්කහම දෙයියටත් ඉරිසියා හිතෙන්න ඇති වැස්ස වස්සලා හරි අපේ ලව් එකට බකට් පෙරලන්න...

ඒත් දෙයියට එක දෙයක් අමතක උනා...අපි ලව් එක පටන් ගත්තෙත් වැස්සෙම නේ කියලා..ඉතින් කොච්චර වැස්සත් එයාටයි මටයි ගානක් නොවෙද්දි, හීනි පොද වැස්සේ අපි අපේ ලෝකේ තනි වුනා...

ඒත් දෙයියත් පහු බස්සෙ නෑ...පොල්ගෙඩි සයිස් එකට දෙන්න පටන් ගනිද්දි නම් එයා මාවත් ඇදන් ගෙට දිව්වේ අපි දෙන්නම දුවලා ඇවිත් එකට හති අරිද්දි...

මට එක පාරටම මතක් උනේ මගේ ඩයරිය..ඒක තාම ඔන්චිල්ලාව උඩ..මම ඒක ගන්න දුවන්න හැදුවත් ආයෙමත් මම පස්සට ඇදිලා ගිහින් උණුසුම් පපුවක් වැදිලා නතර උනා..

"කොහෙද දුවන්නේ?"

"මගේ ඩයරිය..ඒක එලියේ..මට යන්න දෙන්න.."

"මේකනේ හොයන්නේ...ආ..."

මම ඩයරිය ගන්න එයාගෙන් ගැලවිලා දුවන්න හදද්දි එයා ශර්ට් එක අස්සෙන් අරන් දුන්නේ මගේ ඩයරිය..මම පැනපු ගමන් එයාගේ අතින් ඩයරිය අරන් තුරුල් කර ගත්තේ, ඒ කාලේ එයා ගැන හැම සුන්දර මතකයක්ම ඒ පොතේ හැම පිටුවකම අඩු නැතුව සටහන් වෙලා තිබුනා...

ඩයරිය තුරුල් කරන් ඉන්න මා ගාවට ආපු එයා මාව පිටි පස්සෙන් ඇවිත් තුරුල් කර ගත්තේ මමත් ඒ උණුසුම් පිරිමි පපුවට හේත්තු වෙද්දි...

මට හිතා ගන්නවත් බෑ. කවදාවත්ම හිමි නොවෙයි කියලා හිතාපු එයා අද මගේ ගාව, මාවම තුරුල් කරන් මගේ පිටිපස්සට වෙලා ඉන්නවා...

හුස්මක තරම් දුරින් ළං වෙලා අද අපි ඉන්නවා..අද මම එයාගේ සුවඳින් නෑවිලා...මෙච්චර කල් හිතේ තියාගෙන හිටපු මගේ ආදරේ එයාට අද දැනෙන්න දුන්නා...අද අපි අපේම වෙලා, අපි එකිනෙකා ගාව තනිවෙලා..අපේ ජීවිතේට වසන්තය ඇවිත්, මම කවදාවත් හිතපු නැති විදියට....

මට සින්දුවක කෑල්ලක් මතක් වුනා...ඒ කාලේ මම හරි ආසයි ඒ කොටසට ඒ සින්දුවේ....

නුඹ ළඟ තනි වෙන්න ඕනා..

මගේ වචනයද පවසන්න ඕනා...

කොහොමද පවසන්නේ ආශා...

නුඹේ සුසුමක් පවා සුවඳ ගේනා...

ඉතින් හීන මැව්ව හැම දේම, ඒ සින්දුවේ තියන හැම දේම මට එයා නිසා අද ලැබිලා....

එයා එහෙම ඉද්දිත් මගේ බෙල්ලට චූටි චූටි තෙත හාදු තියනවා...වෙලාවකට හෙමිහිට මගේ කන හපනවා...විකාර කෝටියයි...

කොච්චර වයසට ගියත් අපි එදා වගේමයි...ඕන නම් අපි එදාට වඩා අපි අපිටම වැඩියෙන් ආදරේ ඇති..මම දන්නවා එයා මෙහෙම ඉන්නේ එයා ගොඩක් සතුටින් නම් විතරයි...

එයාට සතුටු ඇති, එයාගේ. රූපේ මේ විදියට දකිද්දි...එයා වෙනුවෙන් ඉපදුන මගේ හැඟීම් කවි, නිස්ඳැස් විදියට අවුරුදු ගානකට පස්සේ මෙහෙම දකිද්දි.

ඕනම කෙනෙක්ට එහෙම තමයි. තමන් ආදරේ කරන කෙනාගේ හදවතේ තමන් වෙනුවෙන් කොච්චර ඉඩක් වෙන් වෙලා තියනවද කියලා සාක්ෂි වලින් දැක්කම ඕන මනුස්සයෙක්ට තමන්ගේ කඳුලු පාලනය කර ගන්න බැරි වෙනවා...

මගේ උරහිස ලාවට තෙත් වෙනවා දැනුනහම මම ඉක්මනට අනිත් පැත්ත හැරුනේ ඩයරියත් පුටුව උඩට දාලා..

"සුදු මහත්තයා, ඇයි මේ ඇස් වල කඳුලු රත්තරනේ...?"

එයා උත්තර දෙනවා වෙනවට කලේ මාව ඇදලා අරන් ඒ උණුහුම් පපුව අස්සේ හංගගෙන මගේ හිස් මුදුනට හාදුවක් දීපු එක...

ඒ හාදුවේ බර මගේ හදවතටම දැනුනා...මගේ ඇඟිලි එයාහේ ශර්ට් එකේ කොන් මිරික ගත්තේ ඒ හැඟීම මට දරා ගන්න අමාරු නිසා...එයාගේ ආදරේ මට හරි බරයි...

"මේ බලන්න සුදු මැණික, ඔයා මෙච්චර කාලයක් ඔය ආදරේ හිත අස්සේ හිර කරන් හිටියා වගේ මමත් උඹෙන් හංගපු එක රහසක් අද කියන්නද ?"

එයා මේ කියන්න හදන්නේ මොකක් ගැනද කියලා මම සැකෙන් ඇහි බැමකුත් උඩ දාලා එයා දිහා බැලුවේ එයාගේ තුරුලෙන් ඈත් වෙන ගමන්...

"සුදු මහත්තයා, ඔයා ..ඔයා මොනවද මගෙන් හැංගුවේ..?"

එයා මගෙන් මොනවා හරි හැඟුවා කියලා දැන ගත්තහම නම් මගේ හිතේ කොනක පොඩි දුකක් ඇති උනා..

"ඔය ඇස් වල කඳුලු පුරව ගනන් තරම් දෙයක් නෙවෙයි රත්තරනේ මම උඹෙන් හැඟුවේ...

"මොකද්ද ඉතින් ඕක කියනවකෝ මිනිහෝ මගේ ප්‍රෙෂර් නග්ගන්නේ නැතුව..."

මටත් දැන් ඉතින් යාන්තමට යකා වැහීගෙන එන්නේ..ඇයි යකෝ රහස් හංගන්න ඔහොම...ඕන නෑනේ..හුම්..

එයා මට පොඩි හිනාවක් දීලා ඈත බලාගෙන කථාවක් කියන්න පටන් ගත්තා...

"උඹ දන්නවද සුදු මැණික උඹ නොදැන උඹටත් කෙනෙක් තනි හිතින් ආදරේ කරපු බව.."

"ස්..සුදු මහත්තයා...ඔයා කියන්නේ..මේ"

එයා ඒක කිව්ව විදියට...ඒ කියන්නේ...එයා මේ නොකියා කියන්නේ එයත් මට...නෑ ඒත් ඒක වෙන්න පුලුවන්ද?

"ම්ම්ම්, ඔව් බං, උඹ නොදන්නවා උනාට ඒ කාලේ මමත් උඹට තනි හිතින් ආදරේ කලා..කෙල්ලෝ කොච්චර මගේ පස්සෙ පැන්නුවත් මේ හිත එදා ඉඳන්ම නැවතිලා තිබුණේ උඹේ ලඟ විතරයි...ඒත් අවාසනාවට මම බය උනා උඹෙන් ඒක අහන්න එදා....උඹව බල බල කැම්පස් ජීවිතේ ගෙවන්න මට ඉතුරු උනේ අවුරුදු දෙකයි. ඊට පස්සේ රට යන්න උන මට උඹව සම්පූර්ණයෙන්ම මග ඇරුනා...ආයේ අවුරුදු ගානකට පස්සේ දවසක මම මෙහේ නිවාඩුවකට ආපු වෙලේ බයික් එකෙන් වටයක් ගහද්දි තමයි මට බංකුවක වාඩි වෙලා පොටෝ එකකුත් තියාගෙන ඉන්න ඔයාව දැක්කේ..මම බලාගෙන හිටියා...මේ පිස්සු කොල්ලා මම ආදරේ කරපු එකාමද කියලා බල බල ඉන්නකොට ඔන්න හුළගට මොකද්දෝ ගහගෙන ඇවිත් මගේ ඇගේ වැදිලා බිම වැටුනා...ඒක අරන් මොකද්ද බලන්න යන්කොටම....මගේ ඇඟට යකෙක් කඩන් පැන්නනේ...ආව්...යකෝ "

එයාට එච්චරයි කියන්න උනේ මම බලහත්කාරෙන්ම එයාගේ කට කෑවේ ටිකක් රිදෙන්න..තොල පොඩ්ඩක් තුවාල උනාද මන්දා...ඒත් කොරම්න දෙයක් නෑ...මාව රැවැට්ටුවා..මට බලන් ඉන්න දුන්නා...මෝඩයා...

එයා තොල පිහ පිහ මට රවද්දි, මට ඒ කිව්ව එක දරා ගන්න බැරි උනා..ඒ කියන්නේ මම විතරක් නෙවෙයි ආදරේ කරලා තියෙන්නේ..එදා ඉඳන්ම එයත් මට ආදරේ කරලා...

"සුදූ, මොකද මේ..."

"මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න අයියේ..."

එකපාරම එයාගේ තුරුලට පැනලා අත් දෙකෙන්ම එයාව කිටි කිටියේ බදාගෙන බොත්තම් දෙක තුනක් ඇරිච්ච නිරුවත් පපුව උඩින් මම තොල් තද කලාම එයා ටිකක් කලබල උනා...

එයාට එයාගේ පපුව උඩට වැටුන මගේ කඳුලු දැනෙන්නෙ ඇති...එයා මාව ඈත් කරන්න හැදුවත් මම නෙවෙයි එයාට ඒකට ඉඩ දුන්නේ..මම කලේ තවත් ඒ විසල් උණුසුම් පපුවේ ගුලි ගැහුන එක...

මම එයාට අයියේ කිව්වහම එයා ගැස්සුනා...හැමදාම එයාට සුදු මහත්තයා කියන මම එයාට අයියේ කියන්නේ ගොඩක් සීරියස් වෙලාවට විතරයි..ඉතින් එයා බය වෙන්න ඇති...

"මට සමාවෙන්න සුදූ..මට ඒක කලින් කියන්න තිබුණා...එහෙන..."

"ෂ්ෂ්ෂ්..."

එයා කියන්න ගියපු දේවල් නවත්තලා මම මගේ ඇඟිල්ලක් ඒ තොල් උඩ නතර කලේ එයාගේ කම්මුලක් ලාවට සිප ගන්න ගමන්...

එයා කිව්ව එකට මට තරහා ගියේ නෑ එයා එච්චර දෙයක් මෙච්චර කලක් මට නොකියා හිටියට. මට සතුටු හිතුනා එයත් මට ආදරේ කරලා කියලා දැන ගත්තහම. ඒ සතුටටයි මගේ ඇස් වලට කඳුලු පිරුනේ...

"මං ආදරෙයි මගේ සුදු මහත්තයා.."

"මාත් ආදරෙයි මගේ වස්තුවට.."

මම එයාට ආදරෙයි කියද්දි, එයත් මට ආදරෙයි කිව්වා...කොච්චර වයස උනත් අපි තාමත් ආදරේ කරන්නේ අලුත බැඳපු ජෝඩුවක් වගේ...

මම දන්නෙ නෑ තව කොච්චර කාලයක් මට ඉතුරුද කියන්න...මට ඕන පුලුවන් හැම තත්පරේම මැරෙන මොහොත දක්වාම එයා ගාව එයාට ආදරෙන් පිස්සු වැටිලා ඉන්න...

ඉතින් මට වගේම මගේ ආඩම්බරකාර සැමියටත් අද උනේ මගේ ආදරේ ඉස්සරහා සතුටු කඳුලු වගුරන්න...ආදරේ කියන්නේ හරි පුදුමාකාර හැගීමක්...අපේ ලෝකේ ලස්සන කරන්න වගේම , අපිව ජීවත් කරවන්න ආදරේට පුලුවන්..

නිමි....

*************************

ඕං ඔහොමලු උනේ...

දිග කොටසක් ඈ...more than 4000 words

ජාන් කොලුවත් බෝ කොම්ලට ගැහුවලු බිම වැටෙන්න....කොල්ලා යසයි නේ...

දැනුනද ඒ ආදරේ...

ඔයාලා වැඩිපුරම ආස කොටස මොකද්ද මේකේ?

කියන්න බලන්න...

චූටි කතාවක්, එක සැරේ ආපු අදහසක්...මේක ලියන්න ප්‍රධාන කාරනාව මට ලැබුණ උපන්දින තෑග්ග..ඒකත් එක්ක තමයි මට මේක ලියන්න අදහස හිතට ආවේ...ඉතින් ඔන්න දුන්නා...ඒකත් ඉවරයි...

ඔයාලට කොහොම දැනුනද මන්දා...

දැනුන දේ කියාගෙන යන්න...කලින් මුකුත් නොකිව්වට කමක් නෑ. දැන්වත් කියලා යන්න...

වැඩ දාහක් අස්සේ පැය ගානක් කතාව ටයිප් කරලා අන්තිමට ඕතර් කෙනෙක්ට ඉතුරු වෙන්නෙ ඔයාලගේ ලස්සනම ලස්සන කමෙන්ට් එක විතරයි. ඊට එහා සතේක දෙයක් අපිට ලැබෙන්නෙ නෑ...ඒනිසා වචනයක් හරි හිතට දැනුන දේ කියලා යන්න කියලා ඉල්ලනවා...

Be Mine එක්ක ආපහු හමුවෙමු...

ආදරෙයි හැමෝටම...❤️

ඒනම් ඕතරී ගියෝ...

ඔය ළමයි පයිස්සමින් ඉන්න ඈ...

Thanks for everyone who has read, voted and commented 🤠.

මම Ming Yue 🤍🌝

Previous
Last

Share This Chapter