Back
/ 3
Chapter 1

තෑග්ග 🎁

Birthday Gift ( short story 💯✅)

හම්මෝ, යන්තම් ජනේලෙන් ඉර එලිය ඇවිත් මගේ මූනට වැටෙනවා... ඒ කියන්නෙ උදේ වෙලා..තවත් අලුත් දවසකට ඉර පායලා...

"ඒ අයියේ නැගිටිනවා...අන්න අම්මා කන්න එන්න කිව්වා...වැඩිය පරක්කු වෙන්න එපා. හීල් බත් තියෙන්නේ පිලුං වෙයි..."

"හ්...හ්ම්..හ්ම්...එන්නම්..."

මගුල තව ටිකක් නිදා ගන්න තිබ්බා...ඒත් කොහෙද ඉතින් මගේ නංගි පරානේ ඇවිත් මගේ කන ලඟින් කෑගහන්න පටන් ගත්තෙ උදේ පාන්දරම ඝාණ්ඨාර පූජාව පවත්වමින්....

මමත් ඉතින් රෙදි පෙරවන් පුක උඩ දාන් නිදාගෙන හිටපු එකේ හරියට ඇහැක්වත් ඇරලා බලන්නෙ නැතුව නංගිට එන්නම් කියලා කිව්වා...මට නැගිටින්න හෙන කම්මැලියි අප්පා...

මගේ වාසනාවටද මන්දා අද තිබ්බ ලෙක් එකක්ත් කැන්සල්. මම දවසම ෆ්‍රී.... ඉතින් උදේ පාන්දරම නැගිට්ටා කියලා වැඩක් නෑනේ....

ආතල් එක කියන්නේ අද ඉස්කෝලේ දවසක් වෙලත් අපේ පොඩි ඩබලත් අද ගෙදර. නගාගේ ඉස්කෝලෙ  ස්ට්‍රයික් එකක් ලු. මලයටත් එක ලෙක් එකයිලු දවසටම. ඒකත් ඔන්ලයින් නේ. ඉතින් නසරාණියෝ දෙන්නා අද මගේ ඔලුව කනවා සත්තයි...

"ආ මේ...හැපී බර්ත් ඩේ හොඳේ..."

"ම්ම්ම්...තැන්ක් යූ..."

යන්න ගියපු නංගි ඊලඟ තත්පරේ මෙන්න ආයේ ඇවිත් මට හැපී බර්ත්ඩේ කියලා ගියා... මාත් ඉතින් නිකන් තැන්ක් යූ පාරක් දැම්මා...

අපි එහෙම තමයි. අඥේ හුඥේ ගාගෙන හග් දීගෙන කිස් දීගෙන වැඩි බයිල නෑ...විශ් කලා , තැන්ක් යූ කිව්වා...සරලයි සුගමයි. අපේ ඔය වැඩි කැටයම් නෑනේ...

ඔව් ඔව් අද මගේ උපන්දිනේ. අදට මම මේ ලෝකෙට ඇවිත් අවුරුදු 21ක් වෙනවා...මේ පුක උඩ දාගෙන ගෙම්බා පොලවේ ගැහුවා වගේ නිදාගෙන හිටියට මමත් විස්ස විද්‍යාල සිස්සයෙක්...අපේ ගෙදර ලොකු එකා...ඒ උනාට ඉතින් තාම අම්මගේ පොඩි එකා....

මම කවුද කියලා බලනවා ඇති නේ. මගේ නම ශියාඕ ජාන්. මේ ඉන්නේ මම,

මං ඇවිල්ලා එල කිරි කොල්ලෙක් හරිතේ...පේනවනේ කිරි කෑල්ල වගේ... ඒ වුනාට අපේ නෑනෙ ඔය ලොකු කම්....

නෙට් එක අකුලලා ඇඳත් හදලා ඉස්සෙ ඉස්සෙලම ගත්තෙ ඉතින් පෝන් එක අතට.

හරි හරි ඉතින් බනින්න එපා, ටෝ මූණවත් හේදුවේ නෑ අඩුම කටවත් හේදුවේ නෑනේ ද හාල්පාරුවා කියලා. කට හෝදනවා පස්සෙ. පළමුව පෝන් එක, දෙවනුව අනික්වා...

ඔතන තමයි කෙලවුනේ කියලා දැන දැනම ඒත් එතින් තාමත් වැරදි පුරුද්දම කරනවා. ඕවා කෝවේ දැම්මත් හදන්න පුලුවන් දේවල් නෙවෙයි අප්පා...

ඩේටා ඔන් කලා විතරයි ඔන්න වැල නොකැඩී එනවා මැසේජ්...

ටීං...

ටීං...

ටීං...

ටීං....

ටීං...

බර්ත්ඩේ විශස්ද?

පිස්සුද අනේ මට විශ් කරන්න කට්ටිය මහ ලොකුවට නෑ...අතේ ඇඟිලි ගානෙන් මනින්න පුලුවන් ඉන්න ටික දෙනා. උනුත් ඉතින් මම දන්නවා සමහර වෙලාවට එකෙක් ස්ටේටස් දැම්මම අරූට හැපී බර්ත් ඩේ කියලා ඒක දැකලා ඇවිත් ලාවට විශ් පාරක් දාගෙන යනවා...

කමක් නෑ ඒත් හිතට සැපයි...

අපිට ඉතින් ඔය කාගෙන් හරි එයි කියලා බලාගෙන ඉන්න විසේස මැසේජ් නෑ...ඒ කියන්නේ ඉතින් ගෙදරට අමතරව විසේස ඈයෝ මගේ ජීවිතේ නෑ...

නැත්තෙමත් නෑ...ඒත් අපිට එයාලව විශේෂයි කියලා එයාලා දන්නෙ නෑ...ඒ නිසා ඉතින් අවුලක් නෑ... ඇරත් ඉතින් එයාලා අපේම කියලා තියාගෙන ඉන්නත් බෑ....ඒ නිසා ඉතින්...

හිතින් විතරක් පෙම් කරන්නම්,

දුරින් සිට ඔබ දෙස බලා

තමයි අපිට....

විශ් කරපු උන්ට තැන්ක් යූ පාරක් දාගෙන, යුනි එකේ මැසේජ් ටිකත් උඩින් පල්ලෙන් කියවලා ස්ටේටට්ස් ටිකකුත් බලන්න ගියා විතරයි අපේ නංගී පරානේ ආයෙමත් මගේ කාමරේට සම්ප්‍රාප්ත උනා. ඔය ඉතින් මම පරක්කු නිසා ඇයිද බලන්න...

"ඒ කන්න එන්නෙ නැද්ද හලෝ.."

"ආ...හරි හරි එන්නම්..."

දැන් ඉතින් නැගිටලා යන්නම වෙනවා...

පෝන් එක මේසේ උඩින් තියලා මම ගියේ කුස්සියට මෑණියන් සොයා සොයා...යනකොට මගේ සදාදරණීය මලයණ්ඩියා තඩි බත් පතකට වැඩේ දෙන ගමන් හිටියේ...

"ගුච් මෝනින්...හැපී බාත් ඩේ..."

"මොකක්"

"හැපී බර්ත් ඩේ කියලා කිව්වේ මෝඩයෝ... තමුසේ නම් හොඳටම වයසට ගිහින් කනුත් ඇහෙන්නේ නැති වීගෙන වගේ එන්නේ..."

"අනේ උඹ පලයන්, පාඩුවේ බත් එක කාපන්කෝ... නැත්නම් හිර වෙලා මැරෙයි..."

"යැයි...යැයි තමයි...."

"වට්එවර්, විෂ් එකට තැන්කූ ඈ..."

මම මල්ලිටත් පොඩි විහිළුවක් කරලා ඌව අවුස්සලා කුස්සියට සේන්දු වුණා...

"ගුඩ් මෝනිං ලොකු...හැපී බර්ත් ඩේ මැණික..."

"තැන්කූ අම්මියෝ..."

මම ආපු ගමන් අම්මා හිනා වෙවී ඇවිත් මට විෂ් කරලා මගේ නළල උඩින් පොඩි හාදුවක් තිව්වා...

මහ ලොකු දේවල් ඕන නෑ...උදේ පාන්දරම එයාලගෙන් ලැබෙන මේ පුංචි සුබපැතුමම ඇති මගේ දවස ලස්සන වෙන්න.

අම්මගේ ආදරේ පිරුණු හාදුව මම හිත පුරා විඳ ගනිද්දි අනිත් පැත්තෙන් මම දන්නවා දැන් අර පොඩි ඇටයෝ දෙන්නා මෙතන අම්මා මට ආදරේ කරනවට විනාකිරි පෙරනවා කියලා...

ඕකුන් දෙන්නා හරීයට ඉරිසියයි මම අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි පොඩ්ඩක් හුරතල් උනොත්...මෝඩ පැටව් දෙන්නා...උන් දෙන්නා හිතාගෙන ඉන්නේ අම්මයි තාත්තයි ඒ ඩබලගේ කියලා...

මමත් කට හෝදගෙන ආවම අම්මා බත් එක බෙදලා අතට ගෙනැත් දුන්නා...හීල් බත් තමයි. ඒත් මුකුත් වෙලා නෑ. කොහෙද ඉතින් ඊයේ රෑ අම්මයි තාත්තයි දෙන්නා ගමනක් ගිහින් එන ගමන් ගෙනාවනේ පලතුරු මල්ලක්ම. තාත්තගේ යාලුවෙක්ගෙ පලතුරු කඩේකට ගොඩ වෙලා එන ගමන්. ඉතින් අඩු ගානට ඒ මනුස්සයා පලතුරු විකුණලා දෙන්නා ඔන්න පොදි බැඳගෙන ආවා කල්ල මරේ දාන්...

ඒපාර ඉතින් ඉදිලා වැඩි පලතුරු ඔක්කොම කන්න උනා කියහන්කෝ, ඒවා හෙට වෙනකන් තියන්න බෑ කියලා තාත්තා කෑගහපු නිසා...

මායි මලයයි කාලත් එක්ක හිටියේ..ඒත් ඉතින් මොනවා කරන්නද, මල්ලි ගෝතයා නම් එකක් දෙකක් කාලා කන්න බෑ කියලා ශේප් එකේ මාරු උනා. ඒත් ඉතින් මම අම්මගෙයි තාත්තගෙයි සුවච කීකරු දරුවනේ.  ඒ දෙන්නගේ හිත් රිදවන්න බැරි කමට මම ඉතින් කන්න ගත්තා...

මොක උනත් ඒ අඹ ටික නම් මාර රසයි. ඊයේ පලතුරු දානයක් දීපු දවසක්ද කොහෙද. හවස තාත්තා එනකොට රඹුටන් මල්ලකුත් අරන් ආවේ. ඒකෙනුත් ගෙඩි දහයක් විතර ගිලලා. ඊට පස්සෙ හොඳට රෑ පිඟානටත් වැඩේ දීලා, අඹ ගෙඩි දෙක තුනකටයි, පිටි කැකිරි කෑල්ලකටයිත් වැඩේ දීලා තමයි මම පස්ස බැලුවේ...

මොනවා උනත් කෑම අපතේ දාන එක මහ අපරාධයක්නේ...නැද්ද මම අහන්නේ? ඒකනේ ඒක ලොකු පවක්...ලබන ආත්මේ කෑම නැති වෙයි මේ ආත්මේ එහෙම නිකරුනේ කෑම විසි කරලා. ඒ නිසා ඔය ලමයි අම්මා දෙන ඔක්කොම කන්න ඕනේ, හොරාට විසි කරන්න එපා ඈ...

අපි නොදන්නවා උනාට ඒ කෑම එක අපේ අතට එන්න කීදෙනෙක් නම් මහන්සි වෙනවද. අම්මා කෑම උයන්න වෙන මහන්සිය, තාත්තා කෑම ගන්න සල්ලි හොයන්න වෙන මහන්සිය, ඒ කෑම කන්න පුලුවන් තත්වෙට සූදානම් කරන්න කර්මාන්ත ශාලා වල අයගේ මහන්සිය, ඒවට අවශ්‍ය මූලික වගා කටයුතු කරන අයගේ මහන්සිය මේ කිසි දෙයක් අපි නිකමටවත් හිතන්නෙ නෑ කෑම එක ලේසියෙන් කුණු කූඩෙට විසි කරලා දාද්දි...

ඒත් අමතක කරන්න එපා ඔයා මෙහෙම කෑම විසි කරද්දි තව ලක්ෂ ගානක් මිනිස්සු මේ ලෝකේ හරියට කෑම වේලක් බඩට දාගන්න බැරුව දවස් ගනන් දුක් විඳලා මේ මහ පොලව උඩම මැරිලා යනවා කියලා...

කෑම එක කාලා ඉවර වෙලා ඉතින් පොඩි කයියක් ගහගෙන ඉද්දි, නංගි ඔන්න මොකද්දෝ පොඩි කවරයක් එක්ක මල් පොකුරක් උස්සගෙන ආවා...මල් පොකුරයි ඒ පොඩි කවරෙයි මගේ අතට දුන්නම මම බැලුවේ අම්මගේ දිහා..

"ඕක ඇරලා බලන්න..."

මම ඉතින් කොම්පියුස් උන්ගා බුන්ගා වෙලා වගේ ඒක ඇරලා බැලුවා...පොඩි කවරේ ඇතුලේ තිබුනේ...

හාට් ශේප් චොකලට් පහකුයි, තව එක චොකලට් එකකුයි...බර්ත් ඩේ කාඩ් එකයි...

ඒත් එක්කම කෙල්ල දීපු මල් බොකේ එකත් හරි ලස්සනයි. මම ඒකත් අරන් එහෙට මෙහෙට අරන් කරකවලා ඒකේ හැඩ බැලුවා... කෙල්ල ගොඩක් මහන්සි වෙලා වගේ ඒ ටික හදන්න...

"තැන්ක් යූ ඒක ලස්සනයි..."

මම තැන්ක් යූ කිව්වම නංගිගේ මූනේ හරි ලස්සන හිනාවක් ඇදුනා...එයා මහන්සි වෙලා කරපු දේට ඇගයීමක් ලැබෙනවා කියන්නේ ඊට එහා දෙයක් එයාට නෑ..ඇත්තටම ඉතින් එයා ඒකට සුදුසුයි. ගොඩක් මහන්සි වෙලා තියන බව පේනවා. මම නිසානෙ ඉතින් ඒ මහන්සිය...

ඊට පස්සේ ඉතින් මම අර චොකලට් ටික කට්ටියටත් එක්කම බෙදාගෙන කෑවා...කාලා ඉතින් තාත්තගේ කොටසත් වෙනම ඔතලා තිව්වා. තාත්තා දැන් වැඩට ගිහින් නේ. ආවම දෙනවා....

ඒ එක්කම අම්මත් මට මොකද්දෝ අමුතු හැඩේ මලක් වගේ එකක් ගෙනත් දුන්නා...ඒක ඇතුලේ විශස් ගොඩක් ලියලා, ඒකත් අම්මගේ අත් අකුරින්ම..

මට හෙන සතුටුයි.... සමහර විට මේ 21 වෙනි බර්ත් ඩේ එක නිසා වෙන්න ඇති... ජිවිතේ දොර අරින්න යතුර ලැබෙන අවුරුද් කියනවනේ 21 කියන්නේ...ඒක වෙන්න ඇති මේ ස්පෙෂල් ට්‍රීට්මන්ට්ස්....

මාව ඊටත් වඩා පුදුම කරපු දේ තමයි මල්ලි උස්සගෙන ආවේ...ඒක ලැමිනේට් කරපු කාඩ් එකක්...සුදු පාට පසු බිමේ මට හැපී බර්ත් ඩේ කියලා , Special gift for you 21st birthday.....from your brother...කියලා පාට පෑන් වලින් ලස්සනට ලියලා තිබුණා...

මම හිතුවේ මූ මේ මට ජෝක් කරනවා කියලා. මොකද මම මේ පාර එයාගේ බර්ත් ඩේ එකට දුන්නේ මගේ අතින් ඇඳපු එයාගේ චිත්‍රයක්...ඒකේ නහය ඇදට ඇඳලා කියලා කොල්ලා කුණු කුණු ගගා තමයි හිටියේ...මම සිරාවටම හිතුවේ ඕකා ඔය ඒකට රිටන් එක තමයි මේ දෙන්නේ කියලා...

"ඔය පැත්තෙ නෙවෙයි ගතිය තියෙන්නේ...ඕක අනිත් පැත්ත හරවලා බලනවකෝ හලෝ..."

"අහ්.."

කොලේ අනිත් පැත්ත හරවන්න කියපු නිසා මම අනිත් පැත්ත හැරෙව්වහම තමයි මම නියමෙටම සර්පයිස් වෙලා ගියේ...

මම ඒක හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි...ඒකත් කවදාවත් මල්ලිගෙන් ලැබේයි කියලා හිතපු තෑග්ගක් නෙවෙයි...මගේ මූණේ මල් හතයි...මගේ දිහා බලාගෙන ඔක්කොම අය හිනා වෙනවා..

එතකොට නම් මට සුට්ටක් විතර සැජ්ජ හිතුනා තමයි...ඒත් ඉතින් මට ඊට වඩා මාරම හැපී අප්පා...සතුට වාන් දාලා දෙගොඩ තලා යනවා...

මොකද්ද දන්නවද අනේ මට මගේ මලයා දීලා තිබුනේ...මගේ හිතේ ඉන්නවා කිව්ව අර වැදගත් පුද්ගලයෙක් ගැන මම අර කලින් කිව්වේ, ආන්න ඒ පුග්ගලයගේ පැහැදිලි ඡායාරූපයක්...

ඒකත් ලැමිනේට් කරලා මම ඉන්න තැනක පරිසමට තියා ගන්න පුලුවන් විදියට හදපු එකක්...

දැන් බලනවා ඇති නේ මූ මේ මොන යකෙක් ගැනද කියවන්නෙ කියලා...එයා ගැන කියනවා නම් එයා අපේ කැම්පස් එකේ සීනියර් අයියා කෙනෙක්...පොර මාරම හැන්ඩියා..ඒ  වගේම දක්ෂයා...

කැම්පස් එකේ එයා ප්‍රසිද්ද ඕල් රවුන්ඩර් කෙනෙක් හැටියට. ඉගෙන ගන්න වගේම, නටන්න, ගයන්න, වයන්න, රඟපාන්න, ක්‍රීඩා කරන්න මේ හැම දේකටම එයා එක වගෙ දක්ෂයි...ඒ මදිවට එයාට නියමෙට ස්කේට් බෝඩ් වගේම , බයික් පදින්නත් පුලුවන්...

එයා සමහර දවසට බයික් එකෙන් යුනි එද්දි, පාර දෙපැත්තට වෙලා කෙල්ලෝ පැණි පෙර පෙර බලාගෙන ඉන්නේ එයා ලෙක්චර් වලට යනකන්...උන් කොච්චර බලාගෙන හිටියත් එයා නෙවෙයි ඒ කෙල්ලන්ව සතේකට මායිම් කලේ...

එයාගේ වැඩ වගේම තමයි ඒ ගැම්බර් එකකත්. එයා සීතල චරිතයක් කියලා තමයි ප්‍රසිද්ද. යුනි එකම එයාව හඳුන්වන්නෙ අයිස් ප්‍රින්ස් කියලා. නමේ හැටියට තමයි එයත් වැඩ නම්. තියෙන්නෙ මහ සීතල, ආඩම්බරකාර බැල්මක්..හැබැයි ඒ නපුරු ඇස් දෙකට ඕනම කෙනෙක් වශී වෙලා යනවා...

ඉතින් මුලු යුනි එකේම හීන කුමාරයා මගෙත් හීන කුමාරයා උනේ මම යුනි ගිහින් දවස් දෙක තුනකට පස්සේ...මට මතකයි මුල් දවස් වල එයා ඇවිත් අපිට පොඩි උපදෙස් කතාවක් කරලා ගියා...එදයින් පස්සේ එයා මගේ හිත හොරකන් කරගෙන ගිහින්. දැන් මගේ හිත මම ගාව නෑ...

මම සෙකන්ඩ් ඉයර් ඉද්දි, එයා ෆෝත් ඉයර් එකේ... අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් අයියෙක් තමා එයා...

දන්න තරමින් එයා සල්ලි ආකරයක්...ඉතින් එයා ආශ්‍රය කලෙත් ඒ වගේ සල්ලි ගස් ටිකක් විතරයි ලඟම යාලුවෝ විදියට. ඉතින් කොහොමද මම වගේ සාමාන්‍ය කෙනෙක් ආසාවටවත් එයාගේ නිකන්ම නිකන් යාලුවෙක්වත් වෙන්නේ?

එයා ගෙවන්නෙත් හරි අමුතු ජීවිතයක්. එයා අනිත් අය එක්ක වැඩි කතා බහ නෑ...ලොකු ලයින් එකෙන් ඉන්නෙ කියලා ප්‍රසිද්ද උනත් කෙල්ලෝ වැල නොකැඩී එයාගේ පස්සෙන් දුවන්නේ පිස්සු පූසියෝ වගේ....

කොච්චර ඇඟේ එල්ලෙන්න හැදුවත් දන්න තරමින් එයාට තාම එක කොක්කක්වත් කැම්පස් එක ඇතුලේ නෑ කියලා තමයි ප්‍රසිද්ද...

මට එයාව කවදාවත්ම මූණට මූන හම්බ වෙලා නෑ..එයාව දුරින් විතරයි දැකලා තියෙන්නේ...ෆොටෝ එකක් හොයා ගන්න සෝශල් මීඩියා ගිහින් සර්ච් පාරක් දැම්මත් මට හොයා ගන්න බැරි උනා එයාව ඒ එකකින්වත්.

නිකමට රූපයක්වත් ලඟ තියා ගන්න විදියක් නැතුව ඉද්දි, මට එයාගේ පින්තූරයක් ලැබුණා කියන්නේ ඉතින් මගේ ලෝකෙට ඉර පෑව්වා වගේ තමයි...

මම දන්නෙ නෑ අපේ මලයා කොහොම මේක හොයා ගත්තද කියන්න..ඒකට නම් ඌට මල් තියලා වඳින්න ඕන...

මූයි අපේ ගෙදර ඈයොයි නම් දන්නවා මගේ පිස්සුව හොඳ එකෙන්ම... දැන් මේ පිස්සුව ඉහට ගහලා අවුරුද්දක් විතර වෙනවා... ඒත් ඉතින් ඒක කන්ටිනිව් කරන් යනවා මිසක් මේ ජාන් කොල්ලා සැලෙනවද? නෑනේ අයියෝ සැලෙන්නේ නෑ කොහෙත්ම... නොසැලී පෙරට....

අපේ මලයා ඉන්නෙත් අපේ කැම්පස් එකේම තමයි. මූ තාම ෆස්ට් ඉයර් බුවෙක්...

"ඒ මල්ලි, ඔයා කොහොමද කොල්ලෝ මේක අර ගත්තේ?"

මට හරි කුතුහලේ ඒයිම්ලා...

"ඒක වැඩක් නෑනේ ඕයි...දැන් තමුසෙට සතුටුයිනේ...ඕක දැන් යන තැනක තියාගෙන පරිස්සමට බල බල ඉන්නවා..."

"ඒ තැන්කූ හලෝ... එනවා පොඩි කිස් එකක් දෙන්න"

"හරි හරි ඉතින්...බොරු මරිසි එපා... තමුසෙගේ බලු කෙල ගෑවුනොත් මටත් ජලභීතිකාව හැදෙයි...ඔන්න ඔය මිනිහට ඕන එකක් කරනවා මට ඉන්න දීලා... "

"අනේ නිකන් ඉඳහන්...එයාට මුකුත් කියන්න එපා ඈ..."

"මේ බලන්නකෝ අම්මා, මූට දැන් අතට ගත්තා විතරයි මාව අමතකයි අරූව ලොකු වෙලා...මම කිව්වේ.."

"ආපෝ...හරි හරි ඉතින් ඔච්චර තරහා ගන්න එපා මගේ සුදු මල්ලි පැටියෝ..ඔයා ඉක්මනට නාකි වෙයිනේ අනේ"

"අනේ යනවා ලොකූ යන්න..."

"හරි හරි, නවත්තන්න දෙන්නා රණ්ඩු වෙන එක. චූටි පුතා ගිහින් දැන් නාගන්න.."

"අම්මටත් ඉතින් මෙයාව තමයි ලොකු.."

"හී..හ්.."

මමත් ඉතින් අම්මා මල්ලිට යන්න කියලා නොකියා මගේ පැත්ත ගනිද්දි ඌට කිණ්ඩියට වගේ හිනා උනා...

මල්ලිත් පස්සේ බලාගමු. ඇහැ ගහගෙන ඉන්නේ කියලා පෙන්නන්න අම්මට හොරා අතේ ඇඟිලි දෙකින් උගේ ඇස් දෙක පෙන්නලා ඊට පස්සේ මගේ ඇස් වලට පොයින්ට් කලා....

මමත් අම්මට මූන පෙන්නලා හිනාවක් දාන ගමන් අත පිටි පස්සට කරලා මල්ලිට මැද ඇඟිල්ල පෙන්නලා කට කොනින් ඒකා දිහාවට හොර හිනාවක් දැම්මා....

කොල්ලා යන්න ගියා මැකිලා...දැක්කනේ මගේ පවර් එක....

"අම්මේ, මේ මං...."

"හරි හරි, කාමරේට යන්න ඉතින්..."

"තැන්කූ හැම දේටම හොඳේ..."

"හ්ම්"

මම හැරෙනකොට අම්මා දන්නවා. ඔය ඇඹරෙන්නේ කාමරේට ගිහින් පෝන් එක ඉස්සරහා හිට ගන්න කියලා අම්මා දන්නවා...

කොහෙද මේ ළමයාගේ වැඩේ ඉඩක් ලැබුනහම අර තැඹිලි පාට ලයිබ්‍රිය පැත්තේ වටයක් දාන එකනේ... අම්මා ඔව්වා දන්නවා...අනික ඉතින් දැන් මගේ සුදු මහත්තයා මගේ අතේනේ....

හි...හී......

මලයා දීපු තෑග්ග

අනේව් මගේ සුද්දා...

*******************************

කස්ටිය, කොහොමද ඉතින්....?

පොඩි ශෝට් ස්ටෝරියකින් ආවා...වැඩිය නෑ. තව එක කොටසක් තියෙයි ඕන නම්...

අද මේ දරුවා ෆ්‍රී උනානේ නොසිතූ ලෙසින්...

උදේ වෙච්ච සීන් එකක් නිසා හිතට ආපු අදහසක් මේ කොටන් ගියේ...සනිකයි හරිතේ....

කවරෙත් මේ දැන් හැදුවේ...හොඳද මන්දා...

සනික නූඩ්ල්ස් වගේ නිසා කතාව මාන්ජමිකද අනේ... ඒත් කොරම්න දෙයක් නෑ...කියවන්න මා පුතාලා...

මේකේ ලියපු සමහර ඒවා නම් මේ ඕතරීට වෙම්ච කෙරිම්ච දේවල් චමා... අනික්වා මේකිගේ මොලේ පහල වුන මාන්දමික සිතුවිලි...

දිනක් චීන පඬිවරයෙකු මෙසේ පැවසුවාලු...

හොමතගයු

අපේ ගගාලගේ චරිත වලට අපහාසයක් කිරීමේ කිසිම අදහසක් මේ තුල නැති බවත් හුදෙක් රසවින්දන උදෙසා කල නිර්මාණයක් පමනක් බවත් සලකන්න...

ඔබේ අදහස් යහපති....

ආදරෙයි හැමෝටම...❤️

ඒනම් ඕතරී ගියෝ...

ඔය ළමයි පයිස්සමින් ඉන්න ඈ...

Thanks for everyone who has read, voted and commented 🤠.

මම Ming Yue 🤍🌝

First
Next

Share This Chapter