Back
/ 31
Chapter 30

Part 30 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

සති මාස ගෙවිලා ගියා..මගෙ college ගමනත් ඉවර වෙද්දි දේශි එක්ක මං එයාගෙ බිස්නස් වලට එකතු වෙන්න ගත්තා..

ඒත් මං කොච්චර උත්සහා කරත් දේශිව ආයෙත් හිටපු කෙනාම කරන්න විදිහක් හොයා ගන්න බැරි උනා..හිත ඇතුලේ තාමත් වරදකාරි හැගීමක් තිබුනත් දේශි එක්ක මං සතුටින් හිටියා..

" චූටි මැණික.."

" ම්ම්ම්.."

" නෙහස්ලට කතා කරාද.."

" නෑ දේශි කෝල් එකක් ගන්නම් දැන්.."

college ගිහින් ඉවර වෙනවත් එක්කම එක එක්කෙනා තම තමන්ගෙ පාරවල්වලට තමන්ගෙ ගමන යන්න බිසී වෙද්දි හැමෝටම එකට එකතු වෙන්න වෙලාවක් නැති උනා..අද කාලෙකින් හැමෝටම නිවාඩු දවසක් වෙද්දි අපි ලෑස්ති උනේ බීච් යන්න..

ලැගේජ් එකට අරන් යන්න ඕනි ඇදුම් බඩු අහුරන ගමන් දේශි අහද්දි මං උත්තර දුන්නේ කොණ්ඩෙ හදන ගමන්..

" ඉක්මනට ලෑස්ති වෙලා ඉන්න කියන්න..තව විනාඩි පහලවකින් අපි උන්ගෙ ගේ ලග කියන්න.."

" අනේ පිස්සුද දේශි ඔයාට..මං තාම කොණ්ඩෙ හදනවා.."

" දැන් උබ පැය දෙකක ඉදන් ලෑස්ති වෙන්නෙ.. මොන මගුලක්ද බං ඔච්චර කරන්නේ.."

" අනේ මේ දේශි තව්සෙ තමා මට කොණ්ඩෙ කපන්න දෙන් නැත්තේ උරහිසෙන් පහලටත් දිගයි දැන් නාලා කරලා කොණ්ඩෙ වේලලා කීයක් දේවල් කරන්න ඕනිද ඉතින්.."

" දැන් එතකොට මං කොණ්ඩෙ කපන්න දෙන් නැති එකද වැරදි.."

" ඔව්.."

" තට්ටෙ ගාපන් එහෙනම්..එතකොට කිසි ප්‍රශ්නයක් නෑ නේ.."

" මේ ඒයි දේශී.."

" ම්ම්ම්.."

" ඇත්තටම මං තට්ටෙ ගෑවොත් ඔයා මට ආදරේ කරන් නැද්ද.."

" නෑ.."

" එතකොට ඔයා මගෙ කොණ්ඩෙටද ආදරේ.."

" නෑ.."

" එහෙනම්.."

" පුකට.."

" තව්සෙ මහා මෝ__"

" මගෙන් මුකුත් අහ ගන් නැතුව ඉක්මනට ලෑස්ති වෙලා අරුන් දෙන්නට කෝල් එකක් ගන්නවා විවේන්.."

" කෝ මෙහෙ එනවා.."

" මොකද.."

දේශි ලගට ගිය මං එයාගෙ මූණ මගෙ පැත්තට හරව ගත්තේ එයාගෙ අන්ඩර් අයිලයිනර් එක අදින්න කාජල් එකෙන් පොඩි ටච් එකක් දුන්නම ඒයාගෙ තියෙන්නෙ අමුතු ලුක් එකක්..

" ඕවා අදින්න එපා බං.."

" නටන් නැතුව ඉන්නවා හලෝ..මං ඉෂ්ට කරන්නේ මගේ වගකීම.."

" දැන් මොකක්ද වගකීම.."

" තමන්ගෙ මහත්තයාව ලස්සනට තියන් ඉන්න එක.."

දේශිගෙ මූණෙ මනමාල හිනාවක් ඇදෙද්දි මං එයාගෙ කම්මුල හැපුවා..

" ආව් බං.."

" දගලන්න එපා ඇහැත් පොට්ට වෙයි.."

ම්ම්ම්..ඔය ඉන්නෙ මගෙ මහත්තයා ලස්සනට..

" ඉවරද.."

" හ්ම්ම්ම්.."

" ඉක්මනට ලෑස්ති වෙයන් බං එහෙනම්.."

දේශිත් එක්ක රණ්ඩු වෙ වී අන්තිමට තව පැය භාගයක් විතර අරන් මං ලෑස්ති වෙලා ඉවර උනා..

" කොහෙද බූරුවෝ ඉන්නේ.."

" එන ගමන් ඉතින්.."

" හා හා වරෙන් ඉක්මනට..උබෙ නලගන ලෑස්ති කරව ගන්න වෙලා යන්න ඇති නේ.."

" අනේ මේ නෙහා.....ස්..මං නලගනක් නෙවෙයි.."

නෙහස් කෝල් එකේ ඉදන් කියද්දි මං දේශිගෙ කන ලග ඉදන් කෑ ගැහුවා..

" මොන හු___ කන මගෙ කෑ ගහන්න එපා යකෝ කන ලග.."

" ආ දැන් ඔයාට මගෙ කට හඩත් ගාන්ඨාරයක් වගේද ආ දේශී.."

" කව්ද දැන් එහෙම කිව්වෙ.."

" කියන්න ඕනි නෑ නේ කන ලග කෑ ගහන්න එපා කියන්නෙ මගෙ කටහඩ ඒ තරම් අව්ල් නිසා නේ..මං ආයෙ කතා කරන් නෑ.."

" මොනාද විවේන් මේ කියන්නෙ පිස්සුද.."

" දැක්කද මට පිස්සු කියලත් කිව්වා..ඔව් ඔව් දේශි මට තමා පිස්සු.."

" මේ හලෝ..මං එහෙනම් තියන්නම්..ඔයාලා රන්ඩුව ඉවර කරගෙන එන්නකෝ අපිට තව ටිකක් බලන් ඉන්න පුලුවන්..අව්ලක් නෑ.."

නෙහස් මොනාදෝ කියලා කෝල් එක කට් කරද්දි මං දේශි එක්ක තරහා වෙලා බැහැලා ගිහින් ආයෙ කාර් එකේ පිටි පස්සෙන් නැන්ගා..

" මොකද චූටි මැණික ඔය..ම්ම්ම්.."

" දැන් මං උබෙ ඩ්‍රයිවර්ද.."

" ඇයි ඔයාට මගෙ ඩ්‍රයිවර් වෙන්න බෑද.."

" බෑ..මෙන්න මෙහෙ වරෙන් බං පිස්සු නටන් නැතුව.."

" ඉතින් පිස්සො පිස්සු නටන් නැතුව වෙන මොනා නටන්නද.."

" උබට හරි යන්නෙ නාග කන්‍යා.."

" ඒ මොකක්ද.."

" මොකක් හරි මෙන්න මෙහෙ වරෙන් යකෝ වෙලා යනවා.."

ඔච්චර කියනවනම් ඉතින් එන්නම්..ඕනි කන්‍යාවක් නටන්න..නාග කන්‍යා නැටුම මොන වගේද කියලා කල්පනා කරන ගමන් මං ආයෙත් කාර් එකෙන් බැහැලා ඇවිත් ඉස්සරහින් වාඩි උනා..

" යන්ද දැන්වත්.."

" යන් ඉතින් කව්ද බෑ කිව්වේ.."

දේශි කාර් එක ස්ටාර්ට් කරන් යන්න යද්දි මාත් බොරුවට බුම්මාගෙන එළිය බලා ගත්තා..

ටික දුරක් එද්දි දනුකලා අපි එනකන් බලන් ඉන්නවා දකිද්දි මට ඉස්කෝලේ කාලෙ මතක් උනා..ඒ දවස්වලත් කොහෙ හරි යන්න සෙට් වෙද්දි අපි දෙන්නා දනුකලා ගන්න මගට එනවා..එතකොටනම් දනුකයා වෙලාවට වැඩ කරන කෙනෙක් නෙවෙයි ඒත් දැන් එයා ඒම නෑ කොල්ලා වෙලාවටත් කලින් වැඩ..

" අප්පා මයෙ දෙයියා දැක්ක කල්.."

" විකාර නැතුව ඉක්මනට නැගපන් බං.."

නෙහස් කාර් එකට නගින්නෙ නැතුවම දේශිගෙ මූණ ඉබ ඉබ කෑ ගහද්දි දේශිට කීකරු උන නෙහස් දනුක එක්ක කාර් එකට නැන්ගා..

මොනා කොහොම වෙනස් උනත් නෙහස්ගෙ කටනම් අඩු වෙලා නෑ..

මහ ඌරු පැටියෙක්..ඒ උනාට අපි ආදරෙයි නේ..

" නෙහස් උබෙ කෑල්ල එන් නැද්ද ඉතින්.."

" මොන.."

" අපෙ කල්‍යාණි teacher.."

" එයා මගෙ කෑල්ල නෙවෙයි යකෝ.."

දේශිගෙ ප්‍රශ්නය වලට නෙහස්ගෙ මූණෙ ඇදුනෙ මනමාල හිනාවක්..

" කෑල්ල කර ගන්න බැරි වෙන එකකුත් නෑ වගේ හැබැයි.."

" අඩෝ නෙහස් උබ මටත් නොකියා දැන් teacherව ටෝක් කරනවද.."

" හේ හේ එහෙම එකක් නෑ ඉතින්.."

" දේශ් තෝ මුගෙ හුටපටේ ගැන දන්නවද.."

" ලාවට වගේ.."

" මුන් යකෝ තොපි දෙන්න එහෙනම් මාව කපලා නේද.."

" අපිව අපිව අපිව කපලා.."

තුන් දෙනා එක්ක එකතු වෙලා බොරුවට රණ්ඩු වෙන නිසා මං සිංදුවක් දැම්මේ එයාලගෙ අවදානෙ ඒකට යොමු වෙද්දී..

මේ කච කචේ අහන් යන්න පුලුවන්ද අනේ ඉතින්..

මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

" යෝහ්..විවේන්..ඒක පට්ට..අවදි කරන්න ඔබෙ හඩ.."

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ

"සොදුරු කවි ලියාන හිත් කොනේ

තාරුකා වහින රාත්රියේ

ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී

ඔබයි මගේ.."

සිංදුව ප්ලේ වෙද්දි නෙහස්ගෙ ඉල්ලීමට මාත් ඒත් එක්ක පද ගැලපුවා..ඒත් එක්කම මතක් උනේ පවිත්‍රව..එයා ආසම සිංදුවක් ඒක..දේශි මං ලගට ආපහු එනවත් එක්කම එයා කොරියා ගියේ අපි කාටවත් නොකියා..නොකිව්වට මං දන්නවා ඒ හිතේ මං වෙනුවෙන් ආදරේ පිරිලා තිබ්බ වග..

"මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ"

සිංදුවේ ඊලග පද පේලි ටික සම්පූර්ණ කරේ දේශී..ඩ්‍රයිව් කරන ගමන් ඉස්සරහා බලාන සිංදුව මුමුණද්දි  මං එයා දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්..එයා හරි පුදුමාකාර කොල්ලෙක්..

විනාඩි ගානක් යද්දි අපි බීච් එකට ආවා..

" දුවන්න එපා විවේන් ඉන්නවා ඔහොම.."

කාර් එකෙන් බැස්ස ගමන් මං මුහුද පැත්තට දුවද්දි දේශි මට නවතින්න කිව්වත් මං මුහුදු හුලග කපාන් ඉස්සරහට දුවන් ගියා..

කාලෙකින් පුදුමාකාර නිදහසක් දැනුනේ..

ගෙව්න කාලෙ ඇතුලත මගෙ ජීවිතේ ගොඩාක් දේවල් උනා..කොච්චර අමතක කරන්න උත්සාහ කරත් ඒ වැරදිකාර හැගීම තාමත් හිතේ තියනවා..

" මොනාද කල්පනා කරන්නෙ ම්ම්ම්.."

මං ලගට ආව දේශි මගෙ කනට මිමිනුවා..

" අමතක කරන්න බෑ.."

" අමතක කරන්න එපා ඉතින්..ගනන් ගන් නතුව ඉන්න..උන දේවල් අපිට ආයෙ හරවන්න බෑ නේ චූටි මැණික.."

" හ්ම්ම්.."

" සුදු අයියලා එයි හෙට.."

" ඔය ඇත්තමද.."

" හ්ම්ම්.."

සුදු අයියලා එනවා කියද්දි මගෙ හිතේ ඇති උනේ ලොකු සතුටක්..ගොඩ කාලෙකින් එයාලව දැක්කේත් නෑ..ඒත් ඉස්සර වගේ අපිට ඉන්න පුලුවන් වෙයිද කියන්නනම් දන්නෙ නෑ..

එයාලා කිසිම හේතුවක් නැතුව මෙහෙ එන්නෙනම් නෑ..ඒ කියන්නේ..

" දෙශි එයාලා මෙහෙ එන්න හේතුවක් තියනවද.."

" හ්ම්ම්.."

" මොකක්ද.."

" මං හිතන්නේ මට ආයෙත් කලින් වගේ වෙන්න පුලුවන් වෙයි.."

" ඒ කියන්නේ.."

" ම්ම්ම්..එහෙම එනෙක් ඉන්නවා ඌ දරුණුයි..මෙහෙ ඉන්න සුදුසු කෙනෙක් නෙවෙයි.."

" එතකොට ඔයා ඌව ම්__"

" දේශ් මෙහෙ වරේන්.."

නෙහස් කොහෙන්දෝ ඉදන් ඇවිත් දේශිව ඇදන් ගිය නිසා මට කියන්න ගිය දේ සම්පූර්ණ කර ගන්න බැරි උනා..

එයාව හිටපු තත්වෙටම ගන්න මං කොච්චර උත්සහා කරත් මට ඒක බැරි වෙද්දි එයාම ඒක කර ගන්න පුලුවන් විදිහක් හොයාගෙන..

මේ පාරනම් කිසිම දෙයක් වරදින්න දෙන් නෑ කියලා හිතන ගමන් මං මුහුද මැද්දට පීනගෙන ගියා..

*****

ගොඩක් බිසී වෙලා හිටිය නිසා කතාවෙ අප්ඩේට් දෙන්න බැරි උනේ සොරී..💔

අන්තිම කොටසින් හම්බෙමු ආයෙ...

vote 👇

Share This Chapter