Back
/ 31
Chapter 22

part 22 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

ඒ ඇස් ඒව රතු පාටයි..වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු දේම උනේ ඇයි..මං දැන් ගොඩක් අසරණයි දේශී..

දේශිගෙන් ඈත් උන මං ආපිට එයාට ලං වෙලා ගොඩක් තදින් බදා ගත්තා..

" දේශී.."

" ම්ම්ම්.."

" ........"

" ඇයි මැණික.."

" මුකුත් නෑ..අපි යන්ද නිදි මතයි මට.."

" ම්ම්ම්..යන්කෝ.."

මට කියන්න දේවල් ගොඩාක් තියනව දේශි ඔයාට ඒත් මං කොහොමද ඒව කියන්නේ..මට තේරෙන් නෑ දෙයියනේ මොනාද කරන්න ඕනි කියලා..

" කෝ එන්න ඉතින්.."

දේශි නැගිටලා එන්න කියද්දි මං එයාට අත් දෙක දික් කරා..

" ඇයි.."

" වඩාගෙන යන්න.."

" අලි හුරතල් නේ ඔයාගෙත් කෝ එන්න.."

මං දේශිගෙ ඇගේ කෝලා බෙයා කෙනෙක් වගේ එල්ලෙද්දි එයා මගෙ පස්ස යටි අත් දාලා අල්ල ගත්තා මට පහලට රූටන්න නොදී..

අන්තිමට එයා එයාගෙ ඇත්ත රූපෙ මට පෙන්නුවා..මට තීරණයක් ගන්න ඉඩ සැලැස්සලා මාව අසරණ කරා..

කලින් කිසිම දෙයක් නොව්න ගානට අපි දෙන්න ආවෙ රූම් එකට..එයා මගෙන් ඒ ගැන මුකුත් ඇහුවෙත් නෑ මං අහන්න ගියෙත් නෑ..හදේ බලපෑම නිසා එයාට ටිකක් අමාරුයි කියන්න තේරෙනව මට..ඒත් එයාට ඒක පාලනේ කර ගන්න පුලුවන්..

" චූටි මැණික වොශ් එකක් දාන් එන්න.."

" ඔයත් එන්නකෝ.."

" ඔයා හෝදන් එන්නකො මං පස්සෙ යන්නම්.."

" බෑ එන්න.."

" හ්ම්ම් හ්ම්ම්.."

මං එන්නම කිව්ව නිසා දේශී මාත් එක්කම බාත්රූම් එකට ආවා..ඇදුම් සේරම ගලවලා දාලා මං දේශි එක්ක ශවර් එක යට හිට ගත්තේ දෙන්නගෙම ඇගවල් වතුරින් නෑවිලා යන්න..එළියට ගිය වෙලාවෙ පොඩ්ඩක් පිනිත් බාලා හිටියෙ අපි දෙන්නා..මං අයිස්ක්‍රීම් කැටියකුත් කෑව නිසා හෙම්බිරිස්සාව වත් හැදෙයිද දන් නෑ..

" මොකෝ.."

" මුකුත් නෑ.."

දේශිගෙ ඉන වටේ අත් යවලා එයාගෙ නිරුවත් පපුවෙ මං මූණ තියා ගත්තා..කියන්න තේරෙන් නෑ මට මහ අමුතු හැගීමක් දැනෙන්නේ මට ඕනි දැන් ගෙවෙන හැම තප්පරේම එයා එක්ක ඉන්න..මොකද මෙතනින් එහාට මොනා වෙයිද කියලා හිතා ගන්න බෑ..

" මොනාද හිතේ හිර කරන් ඉන්නෙ ම්ම්.."

" මුකුත් නෑ දේශී.."

" මුකුත්ම නැද්ද.."

" නෑ.."

තියනවා ගොඩාක් දේවල් කියන්න ගොඩාක් දේවල් අහන්න..ඒත් ඒවා දැනට හිතේම හිර කරන් ඉන්න තරමට හොදයි වෙයි..

" උබෙ ඔය පපුව ගැහෙන සද්දෙ මට ගොඩාක් දේවල් කියනවා විවේන්.."

" මොකක්ද ඒකේ තේරුම.."

එයාගෙ පපුවෙන් නිකට තියලා එයා දිහා බලාන මං අහද්දි..දේශි මගෙ ඔලුව අත ගෑවා..

" වෙලාව ආවම කියන්නම්කෝ..දැන් හෝද ගමුකො මැණික ඉක්මනට ලෙඩ වෙයි නැත්තන් ඔයා.."

" හ්ම්ම්ම්.."

නාගෙන දෙන්නත් එක්ක ඇදේ පෙරලුනා..එයා මාව නාවද්දි මං ආසයි ඒකට..හොදට මාව නාවලා ටවල් එකෙන් ඇගයි කොණ්ඩෙයි හොදට පිහිනව එයා..මාර සනීපයි එතකොට..

" බඩගිනි නැද්ද.."

" දැන් ආයෙ කන්න බෑ දේශි..එලියෙන් කෑව නෙ එක එක ඒවා ඔයාට බඩගිනිද.."

" මට බඩගිනි නෑ ඉතින්..දොයියමු ඒනම්.."

" හාකූ......"

" සීතලයිද..."

" ඔව් නේ.."

" කෝ එන්න ඉතින් බදා ගන්න.."

ඈතට වෙලා නිදාන ඉද්දි මට සීතල නිසා දේශි මාව එයාට තුරුල් කර ගත්තා..

" දේශි.."

" ම්ම්ම්.."

" මට ලෝභයි.."

" මොනාටද.."

" ඔයාගෙ ආදරේට..අනේ මංදා..ඔයා මට මාර විදිහට නේද ආදරේ කරන්නේ.."

" දැනෙනවද.."

" හ්ම්ම්ම්.."

" කොච්චරක්.."

" කියන්න තේරෙන් නෑ දේශී..මහ ගොඩක් ආදරේ දැනෙනවා..මාව පරිස්සමින් බලා ගන්නව ඔයා.."

" ඉතින් මටත් ඒ වගේම ආදරෙයි ද.."

" හ්ම්ම්ම්.."

" හ්ම්ම්..විතරද.."

" දෙ__ "

" හරි හරි නිදා ගන්න දැන්.."

" දේශී...අපෙ සම්බන්දෙට මං නමක් දීල ගොඩක් කල්.."

" මොකක්ද දුන්න නම.."

" ම්හුක් බෑ කියන් නෑ.."

" ඇයි අප්පා.."

" කියන් නෑ කිව්වනේ.."

" ඇයි ඉතින් කියන්න බැරි.."

" බැරි නිසා..කියන් නෑ කිව්වම අහනවා.."

" අපෙ අප්පේ හා හා කියන්න ඕන් නෑ..කෑ නොගහ නිදා ගන්නවා.."

" දෙන්නකො ඉතින්.."

" මොනාද.."

" ම්හුක් ඒකවත් දන් නෑ..ඕන් නෑ මට එහාට වෙනවා.."

" අප්පා හරි හරී කෝ ඉතින්.."

" උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වහ්.."

" දොයිය ගන්න දැන්.."

⏳⏳⏳⏳⏳

උදේ ඇහැරලා කාලා බීලා දේශී මායි අදත් පොඩි රව්මක් දැම්මා..අද අපිට හවස ප්‍රැක්ටිස් තියෙන නිසා..මේ වෙද්දිනම් හවස් වෙලා තියෙන්නෙ ඒ නිසා දේශී මායි ලෑස්ති ප්‍රැක්ටිස් යන්න..

" දේශි මගෙ බොටම් එක කෝ.."

" මං දන් නෑ.."

" අනේ යට කලිසමත් නෑ..හොයල දෙනවකෝ.."

" සුදු පාට එකද.."

" ඔව්ව්.."

" ඒක ඊයෙ හෝදලා වේලලත් තිබ්බ මං..ඉස්සරහ පුටුව උඩ ඇති බලනවකෝ.."

" කෝ නෑ නේ.."

" නැති වෙන්න බෑ බං බලපන් ඔතන ඇතී.."

" නෑ නේ.."

" මං දැන් ඇවිල්ල පෙන්නුවොත් ඇත්තමයි අනිනවා හිල් වෙන්න ටොක්කක් ඈ.."

" හා ඇවිල්ල පෙන්නනවකෝ.."

" මේ තියෙන්නෙ මොකක්ද ආ.."

" මගෙ යට කලිසම.."

එක අතක මගෙ බොක්සර් එක තියාන අනිත අත ඉනේ තියාන දේශි අහද්දි දැන්නම් ගුටි කන්න තමා යන්නෙ කියලා තේරුන නිසා ඉක්මනට කලිසම ඇදල අරගෙන එයාගෙන් ඈත් උනා මං..

ඉතින් මං දැන් බලද්දි තිබ්බෙ නෑ නේ එතන..මෙයා බලද්දි කොහොමද මතු උනේ ඒකත් super power  එකක්ද දන් නෑ..

" ඉක්මනට ලෑස් වෙනවා.."

" බොටම නෑ නේ.."

" මං දන් නෑ චූටි මැණික මං කියල තියනවා උබට ඇදුන් හැම තැනම දාන්න එපා කියලා.."

" හරි ඉතින් කෑ ගහන් නැතුව හොයල දෙනවකෝ.."

" හායි විවේන්.."

දේශී මායි ලෑස්ති වෙලා පහලට එද්දි හම්බුනේ ශැනෝල්ව..

" අහ් ශැනෝල්...හායී..ඔයාල ඉවරද.."

" ඔව් අද කලින් ඉවර කරා ටිකක්.."

" අහ් හාකෝ කෝ ඊතන්.."

" එයා බොන්න මොනා හරි ගේන්න ගියා විවේන්..අහ් ඔය එන්නේ.."

ශැනෝල් කියනව්ත් එක්කම අපෙ පැත්තට කිරි පැකට් වගේකුත් බදාගෙන ඇවිදන් ආවෙ ඊතන්..

" හායි.."

" හායි විවේන්..ආ.."

" අනේ මට එපා ඒයි ඔයාලා බොන්න.."

" නෑ නෑ ගන්න මේක තව තියනවා.."

ඊතන් මට කිරි පැකට් එකක් දෙද්දි මං ඒක අතට ගත්තා..

" තෑන්ක්ස්.."

" විවේන් ඕක බොන්න එපා.."

දීශි මගෙ කනට කරල කියද්දි මං එයා දිහා රවල බැලුවා..මෙයා කොහොමත් මං මෙයාලා එක්ක කතා කරනවට කැමති නෑ නේ..ඉරිසියාවට කියන්නෙ ඔය..

" නිකන් කිරි පැකට් එකක් විතරයි දේශි ඉරිසියා කරන්න එපා.."

මාත් එයාගෙ කනට කරලා රහසින් කියද්දි දේශි මට රවනවා හොදටම..

" එක පාරක් කිව්වම අහන්න.."

" බෑ.."

පුදුම ඉරිසියාවක් මේක..නිකන් කිරි පැකට් එකක් විතරනේ..මේ දෙන්නත් බොන්නේ මේ..

මං කිරි පැකට් එක කඩලා බොන්න හදද්දිම..

" එපා කිව්ව නේ.."

දේශි ඒකට අතින් ගැහුවේ ශැනෝල්ගෙ ඇග කිරිවලින් නෑවිලා යන්න..

" මොකක්ද දේශි ඒ කරේ.."

" තමුසෙට මං ඒක බොන්න එපා කිව්ව නේද.."

" මේක හරි වැඩක් නේ..ඔයා එපා කියන හැම දේම මං නොකර ඉන්න ඕනිද දැන්.."

" බලනවා මේ ළමයගෙ ඇග හැම තැනම කිරි දැන්..මොකක්ද දේශි තමුසෙ මේ කරේ..මනුස්සයෙක් දෙයක් දුන්නම ඔහොම කරනවද ඒවට ආ.."

" එනව යන්න.."

" අතාරිනවා මං එන් නෑ තමුසෙ එක්ක..ඕනි දෙයක් කර ගන්නවා.."

දේශි මාගෙ අතෙන් අල්ලන් යන්න හැදුවත් මං එයාගෙ අත ගසල දාලා ශැනෝල් ලගට ගියා..පව් කොල්ලගෙ ඇග හැම තැනම කිරි..අනික දෙයියනේ මේ කොල්ලො දෙන්න ඒක ආසාවෙන් දුන්නම ඔහොම කරනවද..දුක හිතෙන්න ඇති මේ දෙන්නට..මූණත් එල්ලන් ඉන්නෙ පව් අනේ..

" ඔයා හොදින්ද ශැනෝල්.."

" අහ්..ඔව් විවේන් අව්ලක් නෑ.."

" එන්න බෑද උබට.."

" බෑ.."

" අහ් ඕනි මගුලක් කර ගන්නව ඒනම්..මට කමන් නෑ.."

දේශි තරහින් ආයෙත් රූම් එක පැත්තට යන්න ගියා..

" අනේ අපි නිසා ඔයාලා රණ්ඩු වෙන්න එපා විවේන්.."

" කමන් නෑ එයා කරේ වැරදි දෙයක්.."

" ශැනෝල් ගිහින් චේන්ජ් කරන් එන්න.."

ඊතන් කියන දේ අහලා ශැනෝල් යන්න ගියේ චේන්ජ් කර ගන්න..

මට මාර ලැජ්ජයි දේශි කරපු දේ..මේ දෙන්නගෙ මූණ බලන්නත් මොකක්ද වගේ දැන්..

" අනේ ඊතන් සොරි එයා කරපු දේට.."

" අහ් ඒකට කමන් නෑ විවේන් ඒක අමතක කරන්න..දේශාන් කොහොමත් අපි දෙන්නට කලින් ඉදන් කැමති නෑ නේ.."

" ඊතන් ඒක.."

" හරි හරි ඕක අව්ල්ක් නෑ දැන් ඉතින්..යන්න ගිහින් එයාට කතා කරන්න.."

" ඕන් නෑ එයාට තේරෙන්න ඕනි එයා කරේ වැරැද්දක් කියලා.."

ඊතනුත් එතනින් යන්න ගියාම මං ප්‍රැක්ටිස් රූම් එකට පිටි පස්සෙ තියන පඩිපලේ ගිහින් වාඩි උනා..

දේශි තරහද දන් නෑ මාත් එක්ක..ඒත් එයා කරේ වැරැද්දක් නේ..හරිම කැතයි එයා කරපු වැඩේ..ඔහොම හිටිදෙන් වැරැද්ද තේරුන් ගන්නකන්..ඉරිසියා කරනව කියලා ඔහොමත් කරන්න ඕනිද..

විනාඩි ගානක් ගෙවිලා ගියා මං තාමත් පඩිපලේ ඉදගෙන ඉන්නේ දේශීනම් ආවෙම නෑ ආයෙ මේ පැත්තට..

" දේශී.."

" මං විවේන්.."

" අහ්.."

ටික්කින් සද්දයක් ආව නිසා මං හිතුවෙ දේශි කියලා ඒත් නෑ ඒ ඊතන්..

" මොකෝ මේ අව්ලෙන් නේ ඔයා.."

ඊතන් මට එහා පැත්තෙන් ඇවිල්ල හිට ගත්ත නිසා මාත් හිටගෙන බිත්තිය අයිනෙන් හේත්තු උනා..

" අව්ලෙන් තමා ඉතින්..දේශි ඔයාලට කරපු එකට මට අව්ල්.."

" කිව්ව නේ අනේ ඕක හිතන්න එපා දැන් අමතක කරලා දාන්නකෝ.."

" කෝ ශැනෝල් අනේ මං සොරි කිව්ව කියන්න.."

" අහ්..එයා එයි දැන්..එයාට තරහක් නෑ අනේ ඔයාල එක්ක.."

" හ්ම්ම්.."

ටික වෙලාවක් ඊතන් එක්ක මං එක එක ජාති කතා කර කර හිටියා..මේ ළමයි දෙන්න හරි හොදයි..තාමත් කිසිම තරහක් නැතුව මාත් එක්ක හොදින් කතා කරනවා..මටනම් මෙයාලගෙ නරකක් පේන් නෑ මේ දේශිට පිස්සු..

" ඊත.........න්......"

ඈත ඉදන් ශැනෝල් ඊතන් දිහාට වේගෙන් දුවගෙන ඇවිල්ලා..ඊතන්ගේ ඇගට පනිනවත් එක්කම මගෙ ඇගෙත් වැදිලා මං බැලන්ස් නැතුව පඩිපෙම පහලට පෙරලිලා ගියා..

" ආර්හ්හ්හ්.."

" විවේන්.."

පඩි පහ හයකින්ම පහලට වැටෙද්දි..මගෙ දකුණු කකුල කොහෙ හරි හයියෙන් වදිනවා දැනුනා..

" ආර්හ්හ්හ්හා..."

" විවේන් අනේ ඔයා හොදින්ද විවේන්.."

මං කකුලත් අල්ලන් කෙදිරි ගාද්දි ඊතන් ඉක්මනට පහලට දුවන් ආවා..

කකුල විතරක් නෙවෙයි..මගෙ ඔලුව පවා දෙපාරක් විතර වැදුනා..රිදෙනවා..අනේ දේශී..

" ශැනෝල් මෙහෙ එනවා.."

" අහ් හ්__ හා.."

ශැනෝල් ශොක් වෙලා වගේ එයා දුවන් ආව නිසා නේ මෙහෙම උනේ..

ඊතනුයි ශැනෝලුයි ඉක්මනට මාව උස්සගෙන අපෙ රූම් එකට ගියා..

එයාල මාව උස්සන් එද්දි දේශි දොරත් ඇරල දාගෙන අපි එනව ඈත ඉදන්ම ඇහිලද මංද දුවගෙන දොර ලගට ආවා..

" විවේන් මොකද මේ උනේ ඒයි.."

" දේශී.."

" එයා වැටුනා.."

මාව ඇදෙන් ඉන්දවලා ඊතන් දේශිට උත්තර දෙද්දි දේශි එයාට දැම්මේ මරාගෙන කන්න පුලුවන් බැල්මක්..

" උබල දෙන්න තමා ඔක්කොම කරේ පලයන් යන්න මෙතනින්.."

" දෙ__"

" උබ කට වහපන්.."

" උබෙ පණ්ඩිතකම ඔක්කොටම වඩා..අර කිරි පැකට් එක උබට බොන්න නොදී විසික් කරේ හේතුවක් ඇතුව ඒක මුන් දෙන්න දන්නවා උබ නොදන්නවා උනාට..මුන් ඒකට තමුසෙව ලෙඩ වෙන්න මොනාද දාලා ගෙනල්ල දුන්නේ..එදා ඉදන්ම මං කිව්ව මුන් දෙන්න හොද උන් නෙවෙයි කියලා.."

" අනේ අපි එ__ "

" උබ කරේ නෑ කියලද කියන්නෙ ඈ.."

දේශි ඊතන්ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා..එයාට ගොඩක් තරහ ගිහින් ඉන්නේ..තවත් තරහ ගත්තොත් එයාට ඒක control කර ගන්න බැරි වෙනවා..එහෙම උනොත්..

" දේශි ඕක නවත්තන්නකෝ..අනේ..දේ__ ආර්හ්හ්.."

මං ඇදෙන් නැගිටලා එයා ලගට යන්න ගියත් කකුලට දැනුන වේදනාව නිසා මාව එහෙම්ම බිම ඉන්ද උනා..

" විවේන් ඒයි මැණික රිදෙනවද ගොඩක්.."

දේශි මගෙ ලගට කලබලෙන් දුවන් ඇවිත් ආයෙ මාව වඩාන ඇද උඩින් තියන අතරේ ඊතන් ශැනෝල් එක්ක රූම් එකෙන් හෙමීට යන්න ගියා..

" අරය කොහොමද කිරිවලට දැම්ම ඒව ගැන දැන ගත්තේ..කමන් නෑ දැන් කකුලට ඩැමේජ් වෙලා නේ තියෙන්නෙ..ඕකනම් ඉක්මනට හොද වෙන එකක් නෑ.."

" උබට අහන්න ඕනිද අරුන් දැන් එළියට ගිහින් කිව්ව ඒවා.."

දේශිට ඇහිලා..රූම් එකෙන් එළියෙ ඉදන් ඊතන්ලා කිව්ව ඒව ඇහිලා..

" මං කොහොමද කිරි පැකට් එකට දැම්ම ඒව දැන ගත්තෙලූ..කමන් නැල්ලු දැන් උබෙ කකුල ඩැමේජ් උන එක..ඉක්මනට හොද වෙන් නැති වෙයිලූ.."

"අනේ දේශී.."

දෙයියනේ එතකොට දේශි කිව්ව දේවල් හරි එයාල හොද අය නෙවෙයි..සමහරවිට එයාලට මේක දිනන්න ඕනි නිසා මෙහෙම කරන්න ඇත්තේ..දැන් කොහොමද මං දේශිගෙ මූණ බලන්නේ..

" රිදෙනවද.."

" ඔව්ව්..

" කෝ මෙහෙ හැරෙන්න.."

දේශි ඇදේ ඉදගෙන මගෙ කකුල එයාගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා..

" දේශි ඔය මොකද කරන්නේ.."

" ඉන්න මං හොද කරන්නම්..ඔයාගෙ වේදනාව ගන්නම්.."

" ඒ__"

" කටවහන් දගලන් නැතුව ඉන්න.."

දේශි මගෙ කකුලෙන් අල්ලගෙන ඇස් පියා ගත්තා..

" ම්ම්ම්ම්ම්හ්..."

දේශිගෙ නහර දිගේ මගෙ වේදනාව එයාගෙ ඇගට උරා ගන්න එක මට පේනවා..ඒයාටත් ඒ වේදනාව දැනෙනවා..කෙදිරිලි පිට වෙන්නේ දැනෙන වේදනාවට..

" දේශි ඇතී ඔයාට රිදෙයි.."

කොච්චර කිව්වත් ඇහුවෙ නෑ අන්තිමට එයා මගෙ වේදනාව එයාගෙ ඇගට ගත්තේ..මට හෙමීට ඇස් පිය වෙන්න ඉඩ ඇරලා..

*****

😪👍

පණ්ඩිත විවේන්ට හොද වැඩේ...

මේක ඉවර වෙන්න ලගයි..

vote 👇

Share This Chapter