Back
/ 31
Chapter 2

Part 2 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

ටික දවසක් හරිම සාමකාමි විදිහට ගත උනා..අයියත් ආව නිසා හැමදාම college යන්න මට සිද්ද උනා..A/l කරන්න බෑ අප්පා..මං ඕක කරා කියලා ඇති වැඩක් නෑ..කොහෙද මේ අයිය එක්ක බෑ නේ..business වලට ජොයින් වෙන්න කලින් මොලේ පාදන් ඉන්නලූ..හෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න..එතකොට ඌ කියන්නෙ මට මොලේ නෑ කියලද..

college ගියා කියලා අපි cls එකේ ඉන්න ළමයිනම් නෙවෙයි..මොකක් හරි හේතුවක් හදන් dancing room එක අස්සට තමා රින්ගන්නෙ..

"නෙහස් කෝ දනුකයා.."

"උන්ට අද cadet practice බං අන්න ground එකට ගියා.."

" අපිත් යන්කො ඒ පැත්තට.."

"අප්ප කල්‍යාණි teacher "

"කොහෙද අප්පේ මේ යන්නෙ සේපාලිකා මල් වට්ටියක් වගේ.."

"කෑ ගන්න එපා නෙහස් පිස්සුද..කොහෙද යන්නෙ මේ ඇයි පංතිවල උගන්නන් නැද්ද.."

"උගන්නනව ඇති නේ..නැද්ද බං දේශ්.."

"අහ් මේ දේශාන්..පුලුවන් වෙලාවක dancing room එකට එනවද පොඩි වැඩක් තියනව කරන්න..අනිත් ළමයිවත් එක්කන් එන්න.."

" හා teacher මං එක්කන් එන්නම්.."

"දැන් යනව පංතිවලට රවුන් ගහන් නැතුව.."

" බායි සුදූ.."

" ඈ බං මෝඩයා ඔහොම හැසිරෙන්න එපා යකෝ..එයාටමයි ප්‍රශ්නයක් වෙන්නෙ උබලගෙ ඔය වැඩ නිසා..චූටියට හිටියට එයා teacher කෙනෙක් කියල මතක තියා ගන්නවා.."

" ආ...ඇයි දුකද එයාට ප්‍රශ්නයක් උනොත්..ඌයි යකෝ ගහන්න එපා..හරි හරි උබට ගෑණුන්ගෙන් වැඩක් නෑ කියන්න දන්නවා.."

ඒ ඉතින් අපෙ ආදරණීය dancing teacher ඇත්තටම අද ලස්සනයි සේපාලිකා මල් වට්ටියක් වගේ..එයා ගොඩක් තරුණයි..හැබැයි ඉතින් හොදට හොදයි නරකට නර....කායි..

teacherටත් බායි එකක් දාන් අපෙ ආව ground එකට..අර ඉන්නෙ ඇටි කුකුලා කෑ ගහ ගහ..ඌ commad කරනවා අනිත් උන්ට..cadet කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි..කිසිම හුරතල් කිරිල්ලක් නෑ පනපිටින් මරවනව වගේ මටනම් පෙන්නෙ..අපෝ මේ අව්වෙ දැන් පැය ගානක් මුන් කොහොම ඉන්නවද මංද..

හෝව් හෝව් අර මොකාද..රොමියෝ නේද ඌ මොකද එතන..ඈ අපෙ එකාට command කරන්න කියල දෙනව නේද..ලැජ්ජාවෙ බෑ නේ ඉතින්..යෝහ්...උගෙ voice එක මාරම deep..මගෙ ඇගේ නිකන් current එකක් ගියා වගේ..සැක් නෙහසත් කට ඇරන් බලන් ඉන්නෙ ඒ දිහා..

" ඒයි හලෝ..අර ඇටය නේද..උ ඌ කොහොමද.."

" නෙහස් මට ඌව ඕනේ.."

"හෑ..තෝ මොකක්ද කිව්වෙ ආයෙ කියපන් බලන්න.."

" උබට ඇහුන එක තමා කිව්වෙ.."

"ඊව් යකෝ..මේ උබට කල්‍යාණි teacher සෙට් කරලා දුන්නත් මූවනම් බෑ..අනික යකෝ ඌට ඉන්නෙ අර කුක්කු බෝලේ.."

".........."

" අන්න අන්න කියනකොටම එනවා..බලපන් වතුර එක්කුත් උස්සන් එන්නෙ අරූට දෙන්න..මේවට තමා මට නගින්නෙ ප්‍රෙශර්.."

"මං හිතන් නෑ උන් දෙන්න ලව් කරනව ඇති කියලා.."

" තෝ හු#තක් කියවන් නැතුව ඉදපන් දේශ්..මං ඕකට කැමති නෑ ඕක වෙන් නෑ එච්චරයි..මං මැරුණත් මගේ වලට පස් දාන්න එන්න එපා.."

"ඕයි ඕයි කොහෙද යන්නෙ..හිටාන් යෝහ් ඔය පැත්තටනම් යන්න එ_ අහ් ගියා නේද කියන්නත් කලින් අඩෝ දේශ් හිටාන් මාත් එනවා.."

ඇයි මෙච්චර කල් මට මූව නෝට් උන් නැත්තේ..එදා සිද්දියෙන් පස්සෙත් මට ඌව එච්චර ගානක් ගියේ නෑ..ඒත් අද..ඊව් මට මේ මොකද උනේ..උගෙ voice එක ඒක මාරම deep..එක පාරයි කට ඇරියෙ ground එකේ හිටිය ඔක්කොම මීක් නෑ..කටවලුත් ඇරන් ඌ දිහා බලන් ඉන්නව..හා හා ඕම බලන්න එපා ඔයාලා එයා දැන් මගේ..

නෙහසා කෑ ගහද්දි ඇහුන් නෑ වගේ මාත් කිට්ටු උනා දනුකයා ලගට..ඔහොම practice කරන වෙලාවට වෙන උන් එක්ක කතා කරන්න දෙන් නෑ තමා ඒත් අපෙ එකා sajan නිසා උට විතරක් ඒ නීති නෑ..

"දනුකයා මේ වරෙන්කෝ.."

"අනේ දනුක...මේක වෙන්න දෙන්න බෑ බෑ කියන්නෙ බෑමයි බෑ කිව්වොත් බෑය පුතේ..මේ බූරු පැටියට තේරුන් කරල දීපන්කො බං අයියෝ කඩවලේ මේ මොන අපරාදයක්ද..දෙයියොටවත් පේන් නැද්ද මේවා.."

" බෙරිහන් දෙන් නැතුව කියපන්කො මොකද උනේ කියලා..

" අනේ දනුක....මේ දේශයා අර බටු ඇ_ම්කුහ්ස්ජ්ස්ජ්..."

මේ මිනිහ එක්ක බෑ නේ කට වැහුවෙ නැත්තන් මුලු college එකම දන්නවා මං අරූට crush කියලා..ඔක්කොටම වඩා අරූ බලාන්කෝ..රවාගෙන බලන් ඉන්න විදිහ..අඩෝ අඩෝ මොනා උනත් voice එක ටිකක්වත් මැච් වෙන් නෑ මුගෙ රූපෙට..එයා සුදුයි සුදුයි කිව්වෙ රන්වන් පැහැයක් ඒක..golden touchවත් ගන්නවද දන්නෑ..මූණෙ සූටි සූටි තිත් තියනවා ඔක්කොටම වඩා ඒකට තමා හිත යන්නෙ..රැව්වට ඉතින් ලස්සනයි ඈ..හැබැයි ලේසි ඩයල් එකක් නෙවෙයි වගේ එදා නෙහස්ට ඒ පොඩි වෙලාවට දීල තිබ්බ ලේ එන්නම..

❀ විවේන්

" කෑ ගහන් නැතුව හෙමීට කියපන්කෝ මොකද උනේ කියලා.."

" අනේ..වරෙන්කො ලගට..කන යකෝ කන පාත් කරපන් ආන්න ඒම.."

"මේ මේකයි අපෙ දේශ්..."

"ඉතින්.."

"අයියෝ දෙවියනේ කටක් ඇරල කියන්නෙ කෝමද මේවා.."

"මගෙ කන යකෝ කෑ ගන්න එපා.."

" හා හා ඉදාන් මංම කියන්නම්..දනුකයා වරෙන්කො මෙහෙට.."

නෙහස් අද ඕක කියන්න ගියොත් වැඩේ අල කරනව අයේ දෙකක් නෑ එ නිසාම ඌට කට වහන් ඉන්න කියලා මංම දනුකයා එක්කන් ආව ටිකක් එහාට..

" මොකක්ද හුත්තො උනේ බය කරන් නැතුව කියාන්කෝ.."

"අහ්..බය වෙන්න දෙයක් නෑ..හැබැයි අරූනම් බය උනා.."

"මෙන්න මේකයි..මට අරූව ඕනි.."

" කාවද..?"

" විවේන්.."

"ක් කැහැක් කැහක්..මක් කිව්ව.."

"ඈයිශ්..උබල එක්ක බෑ නෙ බං ඉතින්.."

" නෑ නෑ මට මේක කියපන්..උබ ඔය සිරාමද කියන්නෙ..හොදට හිතල ගත්ත තීරණයක්ද.."

"නෑ ඉතින් එහෙම නෙවෙයි..මට ඌට හිත ගියා..සිරාම සීන් එකක් නෙවෙයි වෙන්න ඇති ඒක.."

"සිරාම නැත්තන් අව්ලක් නෑ..හැබැයි උබ දන්නව උබ කාට හරි ගොඩක් ලන් වෙන එක අවදානම්..උබට කියන්න ඕනි නෑ නේ ඒ ගැන වෙනම..මෙච්චර කාලෙකට උබ අපි දෙන්න ඇර වෙන කාටවත් ඒම ලොකුවට ලන් වෙලා නෑ නේ.."

"හරි බං මොකක්ද අප්ප පොඩි සප් එකක් දියන් අපි ඌව ආශ්‍රය කරල බලමූ.."

" හ්ම්ම් හ්ම්ම් බලමුකෝ..හැබැයි ලේසි වෙන් නැති වෙයි.."

දනුකට සීන් එක කිව්වම උගෙ react එකත් අර වගේ තමා..නෙහසා  වගෙ බෙරිහන් දුන් නැති එක විතරයි වෙනස..අයියෝ මංද මට මේ මොකද උනේ..මෙච්චර කාලෙකට මට කෙනෙක්ට හිත ගියාමයි..මං ඉතින් dancing නිසයි පෙනුම නිසයි කොහොමත් college එකේ ඉස්සර ඉදන් කැපී පෙනුන චරිතයක්..ඒ කාලෙ ඉදන් පස්සෙන් එන කොල්ලො කෙල්ලොන්ගෙනම් අඩුවක් නෑ..ඒ ඔක්කොම අතරෙ මාව ගනන් ගන්නෙවත් නැති අරූට ඇයි හිත ගියේ..ඒකත් මෙච්චර ඉක්න්මනට..විවේන් my Angel..

" ඈ බං දනුකයා...උබත් අකමැතී නේ මුගෙ මංගල්‍යට..ඔව් කියපන් යකෝ කෝ ඔව් කියපාන්...."

" ඌට කැමති දෙයක් කර ගද්දෙන් බං.."

" අයියෝ කඩවලේ...මේ මොකද උනේ..මට බෑ දෙයියනේ මාවත් ගන්නකෝ ස්වර්ගෙට..."

"බඩගිනි බං කෑ නොගහ වරෙන් කන්න.."

"අහ් ඒවටනම් ඉතින් එකෙන්ම කැමතී ඈ..හී..."

කෑමනම් අපෙ ඌරු නෙහස් තමා..මං ඉතින් අරූට අමුතු බැල්මක් දාන් කට කොනෙන් හිනා වෙලා ආව..අනාව් my angel ඉතින් එක ඇහිබැමකුත් උස්සලා බැලුව මං දිහා..බඩ පිරෙන්න කැන්ටිං එකෙන් කාල අපි ගියා cls එකට..college ඉවර වෙන්න පයක් විතර තියලා dancing room එකට ගියා කල්‍යාණි teacher එන්න කිව්ව නිසා.. dancing කරන ඔක්කොම එක්කන් ආවා..

" අහ් ආවද ළමයි..දැන් මොනාද තියෙන්නෙ ඔයාලට උගන්නනවද.."

" හා හා ඒ පැහිච්චකන් වැඩක් නෑ නේ ඔයාට..ඇයි අපිට එන්න කිව්වෙ.."

"අනේ නෙහස් ඒනම් අර ටික අස් කරලා වෙන්නකෝ දරුවෝ.."

"හුටා බාල්දියක් දාන්නද මෙයා එන්න කිව්වෙ.."

" කට තිබ්බ පලියට කියෙව්වනම් දැන් ඕවත් කරපන්.."

"දේශාන් මේ පොඩ්ඩක් එන්නකො.."

"අපි එන්න එපාද teacher.."

" ඔය දරුවො ඔය වැඩේ ඉවර කරල එන්න්කො හොදේ.."

"කියන්න teacher.."

"තව මාස තුනකින් dancing battle එකක් තියනවා..අපෙ college එකෙනුත් team එකක් යවන්න ඕනි මොකද කියන්නෙ දේශාන් ඔයාට පුලුවන්ද lead කරන්න.."

"පුලුවන් අපි කරමු.."

" exam එකට බාදාවක් වෙයිද ඔයාලගේ.."

" නෑ teacher එහෙම අව්ලක් නෑ අපි කරමූ.."

"හරි ඒනම්..ඔයා ඇතුලුව තව හොදටම dance කරන්න පුලුවන් දාසයක් තෝර ගන්න විශේෂම දේ මේක traditional dance නෙවෙයි ok.."

" ඒනම් ඉතින් කොහොමත් ගේමක් නෑ teacher මං හොදටම පුලුවන් උන් ටිකක් තෝර ගන්නම්.."

"හරි අනිත් එක ඔයාගෙ solo එකක් ඕනි ටිකක් වෙනස් විදිහකට..පුලුවන්නේ.."

" හරි පුලුවන් අපි කරමු.."

" good boy..අන්න අර ළමයිට අරකට උදව්වක් කරල ඒනම් යන්නකො..01.30t ලගයි නේ..එයාලටත් දැන්ම අරක ගැන කියන්න.."

යෝහ්..සෑහෙන කාලෙකින් මරු වැඩක්..dance කරන්න තියනවන්ම් ඉතින් ඕනි එකක්..මාස තුනක් තියනව නේ practice කරන්න ඒ වැඩිත් එක්ක හොද වැඩක් දෙන්න පුලුවන්..පොඩි සීන් එක්කට තියෙන්නෙ අපෙ උන්ට හොදටම පුලුවන් traditional dance..hip hop කරන්න පුලුවන් ටික දෙනාටයි..කොහොම හරි ගේමක් ගහන්න ඔනි..

" මොනාද බං අපෙ සුදූ කියන්නෙ.."

" dancing battle එකක්ලු ඒකට ලෑස්ති වෙන්නලු..

" woow බං සිරාවට කාලෙකින් නේ..ඒනම් එලටම වැඩේ දෙමු.."

" හ්ම්ම්..ඔක්කොටම එන්න කියපන්කො මෙතෙන්ට සීන් එක කියන්න.."

" හා..ආදණිය සික්ක සික්කාවෙනී..මෙන්න මෙහෙට පොඩ්ඩක් ලන් උනානම්..අන්න හරි හොද ළමයි.."

" ආ ඔය දරුව දැන් පය බිරුලෙන් තබා ගෙන කතාව කියන්නකෝ..බලාගෙන අත්ත බිදෙයි.."

බ්ලා බ්ලා බ්ලා කියලා මාත් සීන් එක ඔක්කොටම කිව්ව..උන්ටත් මාර උනන්දුව..A/l වලටවත් නෑ ඒම උනන්දුවක්..තිබ්බනම් ඉතින් ඔක්කොම island first තමා..කොහොම කොහොම හරි practice කරන්න කට්ටියව තෝර ගන්න date එක්කුත් දාන් අපි ආව..college  ඉවරයි..දැන් ඉතින් ආදරණීය අයියන්ඩිගේ මූන බලන්න යන වෙලාව..

⏳⏳⏳⏳⏳

" අහ් නරියෝ ආවද ගෙදර.."

"ආව ආවා..නරියෙක් නෙවෙයි කියන්න අයිය හොදට දන්නව නේ..අයි ඈම් ද werewolf.."

" ඒනම් පොඩි werewolf ගිහින් වොශ් එකක් දා ගන්න ගදේ බෑ බං.."

" හා හා ඉතින් ඔයාට ඔනෑවට වඩා සුවද දැනෙනව කියලා අයුතු ප්‍රයෝජන ගන්න එපා..කන්න මොනා හරි ගෙනල්ල දෙනවකෝ කාමරේට.."

" හ්ම්ම්.."

" අහ් මේ අපිට dancing battle  එකක් තියනවා..මාස තුනකින් වගේ..ඒකට practice ඒම පටන් ගන්නවා ලබන සතියෙ ඉදන් ඔන්න දැන්ම කිව්වා..එද්දි හවස් වෙයි රෑ වෙයි..ඒ නිසා ආයෙ college යන්නෙ bike එකේ හාද.."

" මක් කිව්ව යකෝ තොපි exam කරන් නැද්ද..මං දන් නෑ මොනා කරත් exam හරියට කරේ නැත්තන් උබට business වලට ඇගිල්ලක්වත් ගහන්න දෙන් නෑ පාරෙ හිගා කෑවත් ඈ.."

" මොකක්ද අයියෝ ඔය හැමදාම එකම තැටිය play කරන්නෙ.."

"හරි හරි පල දැන්..කෑම අරන් එන්නම් room එකට..

"උම්ම්මා..ආඩලෙයි ඈ.."

අයියට උම්ම එක්කුත් දීල එහෙම්ම ආව මං මගේ සිරියහන් ගැබට..මේකට ඉතින් එන්න පුලුවත් අයියටයි අරුන් දෙන්නටයි විතරයි..වෙන මොකා ගෙදර ආවත් මගෙ room එක තහනම් කලාපයක්..මුලු room එකම black and red colour theme එකට තමා තියෙන්නෙ..

⏳⏳⏳⏳⏳

වොශ් එක්කුත් දාන් මං එහෙම්ම ඇදේ ලෙරලුනා..whatsapp එක පැත්තෙ ගිහින් අපෙ cls ground එකේ my angel ඉන්නවද බැලුව..woow මේ ඉන්නේ.. dp එකත් පෙන්නනව නේ..ආස කෙනා මටම මවපු කෙනා ආයි ආයි ආයි ආයි..

මූ මෙච්චර ලස්සනද..යෝහ්..මාත් මාරු කරනව dp එක ඇයි යකෝ..මං මොකටද මේ පැන්ඩෙක්ගෙ එකක් දාන් ඉන්නෙ මෙච්චර handsome ලෙස සිටියදී මගෙ එකක්ම දන්න ඕනි.. දැන් ඉතින් පීරපන්කො gallery එක ලස්සනම 4to එක හොයන්න..ආ හම්බුන හම්බුනා ඔය ඉන්නෙ කොල්ල හැන්ඩියා..

ඒක නිකන් මැට්ටෙක් වගේද..නෑ

නේ..අනාව මගෙ ලස්සන..ඕක නම් ඉතින් නිවාඩු කාලෙ ගැහුව එකක්..කොණ්ඩෙ දිග..කොහෙද ඉතින් දැන් ආයෙ college යන නිසා කපන්න උනා නේ..

අරූට msg එකක් දානවද..බෑ බෑ නිකන් හෙනම නෝන්ඩිය එතකොට..අහ් හිටාන්කෝ..

Danukaya 😹🤍

Oi mee group ekak

hadapanko aruwa

ad krala..😌

ewww bn ha ha

hitanko..

omke..💗

😒🖕

හරි ශේප් එකෙ තමා වැඩේ දෙන්න ඕනි..දනුකයා එක්කනම් විවේන් හෙන ෆිට් දැන්..ශේප් එකේ group chat කරල in box msg කරන්න ඕනි..number එක save දා ගන්න ඕනි..හී හී...හරි

My angel 🧚‍♂️

Share This Chapter