Chapter 9 of 22

7th Chapter

ආරාධනා දෑස් 💕733 words~4 min read

වෙනදා වගේම අදත් ඉතිං මම ස්කූල් ගියා. වෙන මොනවා කරන්නද? මේ ටිකේ නම් ස්කූල් යන්නම ඕන. මොකද next year වල අප්‍රේල් වලින් පස්සෙ class විතරයි යන්න තියෙන්නේ.

ඒත් අද පොඩි වෙනසක් තිබ්බා. වෙනදට මම පන්තියට යද්දි පිපිලා තිබ්බ මල අද නැහැ.

මල කිව්වේ ඉතින් දේශාන් ට. ඔව් එයාට මම කොච්චර කැමති නැහැ කිව්වත් එයා ඉද්දී පන්තිය මාර එළියයි. එයා මොනවගේද කියන්න මම දන්නේ නැහැ. ඒත් ඉන්න හැමවෙලේම එයා හිනාවෙලා ඉන්නවා. තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන අහිංසක විදියට එයා ඉන්නේ. මම නම් දන්නැ එයා ඇතුලෙන් මොන වගෙ ද කියලා? ඒත් පිටතින් අහිංසකයි.

මම ඔයාලට දේශාන් ගැන විචාර කියද්දී දුලාංජ ඇවිල්ලා. කෝ දන්නේ නැහැ මිනෝල්

" දුලෝ සුභ Morning එකක් වේවා. "

" අම්මෝ උඹටත් Same To you වේවා. "

" කෝ අපේ කළු කුමාරයා. "

" උ එයි. "

" ඒ කිව්වේ ? "

" ඌ උගේ කෑල්ල එක මල් කඩද්දි මම ආවා. "

" උඹත් හුන්නස්ගිරි යන වැඩ කරන්නේ. "

" ඌ හොයලා හොයලා ඇති වෙච්ච වෙලාවට එයි. "

අද දුලාංජ, මිනෝල් ව දාලා ඇවිල්ලා. ඒකත් හොරෙන්. මාර ආතල් එකක් අද කන්න වෙන්නේ මූට.

මායි, දුලාංජ යි වටයක් ඇවිදලා ආයේ ක්ලාස් එකට ආවා. අපි ඒ ගමනුත් කතා කළේ දේශාන් ගැන. එයා ගැන දන්නවා කියලා අපි එයාට දැනගන්න තියන්නේ නැහැ. මම එයාගෙන් ම ඒක දැනගන්නවා.

.... " යකෝ ලොන්ත ළපටි පොල් වස්සෝ. "

හරි මිනෝල් අඩව්වක් අල්ලන්න යන්නේ. ඌ පන්තියට ආවේම කෑ ගහගෙන.

" අනේ මේ ගොන් ප#යෝ උඹ ගෑණු එක්ක මල් කඩනකන් මට කුඩ අල්ලන්න බැහැ. "

" කවුද කිරිකැටියෝ තොට කුඩ අල්ලන්න කිව්වේ. පැත්තකට වෙලා ඉන්නනේ කිව්වේ. "

" මට පු# අමාරුව නැහැ. "

අ යන්නෙන් පටන් ගෙන යරලවෙන් ඉවරවෙන වලියක් මේක. ඔයාලා අහන්න එපා ළමයි. ඔයාලා පව්. ඕකුන්ගේ වලිය ඉන්ටවල් එකට වෙනකං විතරයි. දැන් ඉතින් අද දවස ගෙවාගන්නත් එපැයි.

ඔන්න අද පළවෙනි period එක හිස්. මම ගියා පුස්කාලෙට. මම BS පොතක් අරන් කියෙව්වා. දේශාන් නම් හිස් හැම period එකේම Library එකට එනවා. ඇවිල්ලා වාඩිවෙලා පොතක් දිහා බලාගෙන භාවනා කරනවා. එතකොට එයාගේ ඇස් හරිම සන්සුන්. සැනසිලිදායකයි. ඇත්තටම අද එයා නැතුව පාළුයි.

ස්කූල් ඇරිලා ගෙදර යන්න කලින් මම අර හොටෙල් එකට ගියා. අත හෝදන්න සින්ක් එක ළඟට ගිහින් kitchen එක දිහා බැලුවත් අද දේශාන් හිටියේ නැහැ. දැන් ඉතින් clz time වෙනස් වෙලා නිසා එයා දැක්කෙම නැහැ.

මම ගෙදර ගියා.

" පුතා මොකද අද පරක්කු? "

" Bus එක Miss වුනා අම්මා."

අම්මගේ ප්‍රශ්නෙට උත්තර දීලා මම කාමරේට ගියා.

හෙට වොලිබෝල් ප්‍රැක්ටිස් නිසා මම ඇඳුම් ලෑස්ති කරගත්තා. හෙට උදේම ස්කූල් යන්න ඕන. අද ඇත්තටම මුකුත් කරන්න මූඩ් එකක් නැහැ. ඔහේ ඇඳට වෙලා උඩ බලාගෙන හිටියා.

අද මම දේශාන් ව හොයාගෙන ගියා කියලා දුලාංජවත් දන්නේ නැහැ. උන්ට වේලාසන ගෙදර යනවා කියලා මම එයාව හොයාගෙන ගියා. එයා එතන හිටියෙත් නැහැ. ඉස්සර අගහරුවාදා හවස තිබ්බ clz එක දැන් තියෙන්නේ ඉරිදා උදේ. අනේ මන්දා ඊයේ ඉදලා මට එයා ගැන දැනගන්න පුදුම උනන්දුවක් තියෙන්නේ. මට හිතාගන්න බැහැ ඇයි කියලා. දැන් වෙලාව රෑ එකොලහයි. අද පාඩම් කරන්න හිතකුත් නැහැ. ටික වෙලාවක් පොතක් බලලා මම ආයේ ඇඳට ආවා.

ටික වෙලාවකට පස්සේ මටත් නොදැනිම නින්ද ගියා.

................ ☀️☀️☀️☀️...........🏐

අද ප්‍රැක්ටිස් ඉවරවෙද්දි අටයි. First period එකෙන් ටික වෙලාවක් ගිහින්. උදේම තියෙන්නේ English. Teacher තාම ඇවිල්ලා නැහැ. ඔන්න හැබැයි අද නම් අර මල පිපිලා. ලිය ලිය ඉන්නවා මොනවද මන්දා. අප්පා එයාගේ වම් අත බැන්ඩේජ් කරලා. මොනා වෙලාද දන්නේ නැහැ.

" අඩෝ උඹ ආවද? "

දුලාංජ අහද්දි, දේශාන් මන් දිහා බැලුවා. එයා හිනාවුනෙත් නැහැ එරෙව්වෙත් නැහැ. මන් දිහා බලාගෙන හිටියා. මම හිනාවුනාට පස්සේ තමා එයා හිනාවුනේ.

මම දුලාංජට අනිත් පුටුවට යන්න කියලා ඇස් වලින් කිව්වා. ඌට ඒක තේරිලා ඌ ක්ෂනික මිනෝලයා ළඟට ගියා. මම දේශාන් ගේ එහාපැත්තෙන් ඉදගත්තා.

" ඇයි ඊයේ ආවේ නැත්තේ? "

දේශාන් මන් දිහා බැලුවා.

" ආ. අත තුවාල වුණා. "

ඒ කතාවට මට හිනා ගියා.

" අත කැපුනම ගෙදර නවතින්නේ පොඩි ළමයෙක් ද? "

" නැහැ. ඒ වුණාට මට ඒක රිදුනා. "

එයා එකපාරටම අඬන්න ගත්තා. ඒ මොකද්ද ඒ වුනේ.

" හරි හරි සුදා. අඬන්න දෙයක් කිව්වේ නැහැ නේ. "

... " අම්මද බොල? ඒ පාර මෙතන කිරි සප්පයොත් ඉන්නවද?"

මිනෝල් හයියෙන් කතා කරද්දි පන්නතියෙම ඉන්න උන් අපි දිහා බැලුවා. මේ ප###ට හිමින් කතා කරන්නම බෑනේ.

... " ඒ මොකද බං ඒ ?? "

..... " අර මොකද අරු අඬන්නේ. "

" ඊයා බං ඌ මොකෙද්ද මන්දා. "

මුළු පන්තියම දේශාන් ට විහිළු කර කර හිනාවුණා. දේශාන් පන්තියෙන් එළියට දිව්වා. ඒ එක්කම අපේ teacher ආවා.

2nd period එක ඉවර වෙද්දී වත් දේශාන් ආවේ නැහැ. ටීචර් ගිය ගමන් මම දේශාන් හොයාගෙන ගියා. මම දැක්කා washroom පැත්තේ දේශාන් ඉන්නවා. හැබැයි තනියම නෙවෙයි. අයියලා තුන් දෙනෙක් එයාගේ ඉස්සරහා හිටියා.

මම තව ටිකක් ළඟට ගියා. එතන මොනවද වෙන්නේ??

......... සිකුරාදා හමුවෙමු......

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!