Chapter 3 of 22

1st Chapter

ආරාධනා දෑස් 💕549 words~3 min read

" ඉන්න මේ ඔයාගේ card එක අරගෙන යන්න. "

" අප්පට. Thank you කොල්ලො "

Clz එකට දැනටමත් පරක්කු වෙලා. මේ මගුලත් පිදුරුතලාගල නගිනවා වගේ. හතරවෙනි තට්ටුවේ තමා මගේ clz එක තියෙන්නේ. පටන්ගන්නේ පහට දැන් වෙලාව හතරයි හතළිස් අටයි.

උසෙන් බෝලට් මට පරාද වෙනවා මම දුවන වේගෙට. කොහොමහරි සර් පන්තියට එන්න කලින් මම පන්තියට ආවා.

මම එනකොටත් කට්ටිය පිටිපස්සේ ඩෙස් ටික අල්ලගෙන. දැන් ඉතිං අදත් ඉදපංකෝ ඉස්සරහම.

Clz එකේ මැද දෙවනි පේළියේ මම ඉදගත්තා. හරියටම හතරයි.

" ආයුබෝවන් කොල්ලනේ කෙල්ලනේ. ගනිල්ලා ටියුට් එක. දැන් ඉල්ලුම කියන්නේ............. "

අපේ Econ sir ඔහොම තමා. හුස්ම ගන්නෙත් නැහැ. උගන්වනවා. ඒ මදිවට මගේ නසරාණි මිත්‍රයෝ දෙන්නත් නැහැ.

පැය භාගයක් විතර ගියා.

.... " Excuse me sir. "

" යකෝ තොපිට වෙලාවට වැඩක් කරන්නම බැරිද? "

" Sorry sir. එනකොට බස් එක කැඩුනා. "

" තොපේ දැන් මොනවද කැඩිලා නැත්තේ ? මොනාහරි කියනවා. පලයං ගිහිං ඉදගනින් "

අපේ සර් ට පේන්නම බැරි දේ තමා වෙලාවට වැඩ නොකරන එක. එතකොට මගේ නසරාණි මිත්‍රයෝ දෙන්නට කරන්න බැරිම දේ වෙලාවට වැඩ කරන එක.

සර් ගෙන් හොඳකුත් අහගෙන ම උන් දෙන්නා මගේ ලඟින් වාඩිවුණා.

බෑග් එක ගලවලා බංකුවක පැත්තකට දාපු උන් දෙන්නා ටියුට් දෙක අරගෙන සර් දිහා බැලුවා.

" මේ පොලොස් කොට්ටෝරුවෝ තොට වෙන තැනක් තිබ්බේ නැද්ද? "

" අනේ මේ මගෙන් පරුෂ වචන් අහගන්න එපා බල්ලෝ. "

" දැන් මම කොහොමද මගේ සුවිටි ට මැසෙජ් කරන්නේ. "

" අනේ පලයන් මිනෝල් යන්න. "

...... " මේ තොපි දෙන්නා කටවහගනින්. මට ඉගෙනගන්න දීපන්"

.. " මූ බලහංකෝ. පලයං දුලෝ යන්න. "

........... " ම්ම්. එන්නෙත් පරක්කු වෙලා. ඇවිල්ලා ඉගෙනගන්නෙත්. නිතේෂ් ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ.

උඹ මුන් එක්ක ඉන්න එපා. මුන් පාප මිතුරෝ බං. "

අපේ රහස් වලිය ඇහිච්ච සර් ආයේත් අරුන් දෙන්නට හොඳ කියන්න ගත්තා. මම නම් ඉතිං අහිංසකයා නේ. හි හි.

ඉතින් මම තමා නිතේෂ්. අකිඳු නිතේෂ් අධිකාරි. මහේෂ් අධිකාරිගෙයි , නිශාන්ති මුදලිගේ යි අහිංසක, කඩවසම් පුතා.

වයස අවුරුදු 17යි. උසස් පෙළ Commerce වලින් කරන්නේ. තාම පලවෙනි වසරේ ඉන්නේ. තාම එක කඩයයි. ( තනිකඩයි ). මම ඉතින් කෙල්ලෝ සෙට් කරගන්න දක්ෂ නැහැ. හැබැයි ඉගෙනගන්න, ස්පෝට්ස් වලට දක්ෂයි.

එතකොට මිනෝල්. මිනෝල් වත්සල කියන්නේ මගේ ගෑණු පෙරේතං යාළුවා. හතර වටේම කෙල්ලන්ට මැසෙජ් දාන එක මුගේ හොබි එක. ඌත් මා එක්කම ඉන්නේ. මූ ඉගෙනගන්න එකට ඇරෙන්න අනිත් හැම එකටම දක්ෂයා.

අනිකා දුලාංජ අරවින්ද. මූට නම් ගෑණු අරහං. අධ්‍යාපනය මිහිරං.

එකම ලෝකයේ මිනිස්සු දෙන්නෙක්.

Clz එක ඉවර වෙද්දී 7.00 යි. අපි තුන්දෙනාම එළියට ආවා.

" උඹලා දෙන්නා මොකෝ පරක්කු වුනේ අද. "

" මෙන්න මූට කෑල්ලක් බලන්න ගියා. "

දුලාංජ කිව්වේ පට්ට කේන්තියෙන්.

මිනෝලයා නම් හැමවෙලේම කොටනවා. මම කිවවේ ෆෝන් එක. ඌ කෑලි සෙට් කරගන්නේ කෙල්ලෝ ඇදුම් ගන්නවා වගේ.

" යකෝ. මිනෝලයෝ. "

" ගමේ ලස්සනම ලේලියෝ අපේ අම්මගේ වේවි. "

මනමාල මිනෝලයා. මූ මොන නැකතකින් ඉපදිලා ද මන්දා.

" ඔව් ගමේ නැදෑයන්ට ඩබල් ත්‍රිබල් ඉරිසියා හිතෙයි. "

දුලාංජයා හිනාවෙවි කිව්වා.

" මේ තොපි දෙන්නට ගෙදර යන්න ඕනේ නැද්ද? "

" අඩෝ ටිකක් ඉදපන්කො. මගේ කෑල්ල එනකං. තව ටිකකින් එයාගේ ක්ලාස් එක ඉවරයි. "

මිනෝලයා කියද්දී මම ඇහුවේ මේ පාර මොන කෑල්ලද කියලා. ඌට එකක් නෑනේ. මේ පාර සුදු මැණික ලු. මේ පාර සා.පෙ ට මුහුණ පෙන්නන.

කොහොමෙන් කොහොම හරි මිනෝලයා ගේ සුදු මැණික ඇවිල්ලා හාලා ගියා. බස් එකේ යනකංම ඌගේ යි, සුදු මැණිකගෙයි ප්‍රේම වෘතාන්තය අහාගෙන ගිහින් මගේ කනත් රිදෙනවා.

.. ගෙදර ගිහින් ස්කූල් එකේ වැඩ ටිකත් කරලා මම නිදාගත්තේ හෙට උදේම ස්කූල් යන්න ඕන නිසා. මොකද වොලිබෝල් ප්‍රැක්ටිස් නිසා.

...........  ............. .......

කතාව ආරම්භය ඕක.

කොහොමද?? හොඳද??

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!