Chapter 19 of 22

17 Chapter

ආරාධනා දෑස් 💕473 words~3 min read

.....................🌤️........................

ඔන්න දවස් විසිතුනකට පස්සේ ඒ දවස උදා වුනා. මම ආදරේ කරන කෙනා එනවා. මම ඉතින් දැන් යන්න හදන්නේ Railway station එකට. එයාව ගන්න. දැන් වේලාව උදේ හයයි. එයා එනවා කිව්වේ උදේ 7.30 ට. මම ඉතින් ඉක්මනටම ලෑස්ති වෙලා හදිස්සියෙන් වගේ railway station එකට ගියා. Counter එකෙන් platform ticket එකක් අරගෙන මම බංකුවක වාඩි වෙලා හිටියා.

මට නම් දැන් ඉවසිල්ලක් නැහැ එයාව දකිනකං. මට එයාව ගොඩක් මතක් වුනා. මට එයා ආපු ගමන් hug එකක් දීලා තිබ්බ පාළුව දුක යවාගන්න තිබ්බා ඇති.

ඔව් දැන් තව පොඩ්ඩ වෙලාවයි තියෙන්නේ. එයා එන්න. තව විනාඩි පහක් වගේ. එයා ඉක්මනට එයි. මට announce කරනවා ඇහුණා. ඈතින් කෝච්චියේ සද්දෙකුත් ඇහුනා. කෝච්චිය ළඟම එනවා. හිමින් හිමින් ඒක නැවැත්තුවා. මගේ මල කොයි class එකේ ආවද දන්නේ නැහැ. මම ඉතින් කෝච්චියේ මුල ඉදලා හිමින් හිමින් බලාගෙන ආවා. සෙනඟ හෙනට හිටියා. එයාව මගහැරෙයිද දන්නේ නැහැ. මම ඉතින් බලාගෙන ගියත් තාම එයාව හම්බුනේ නැහැ. කෝ අප්පා මෙයා. සෙනඟ ටික ටික අඩුවුණා. මම මුළු කෝච්චියේම බැලුවා. ඒත් එයා පේන්න හිටියේ නැහැ. හොඳටම බැලුවා. ඒත් එයා ආවේ නැහැ. සමහර විට කෝච්චිය miss වෙන්න ඇති.කමක් නැහැ මම එයා එනකං ඉන්නවා. එයා දැන් එයි. ඊළඟ කෝච්චියේ හරි.

.................. අවුරුදු 10කට පසු .............

'එයා දැන් එයි. දැන් එයි කියලා මා බලා සිටියෙමි. උදය නිමා වී සවස ගෙවෙන තුරු ම, මව මා හට දුරකථනය ඇමතුමක් දෙන තුරුම ඒ දෑස් දැකගන්නට මගේ දෑස් වෙහෙස විය. නමුත් අද වනතුරු ඔබේ දෑස් මට හමු නොවීය. මේ කතාව නිමවී තවත් කොටසක් පටන්ගන්නට ඔබ මට ආරාධනා කළ ඒ දෑස් එනතුරු තවමත් මා ආයාසයෙන් බලා සිටිමි.'

" ඇත්තටම Mr. Adhikari ඔබ මේ ලියු කෘතියෙහි සදහන් වන ප්‍රධාන චරිතය හදුන්වා ඇත්තේ ' ආරාධනා දෑස ' කියලා. එයට හේතුව පැහැදිලි කරන්න පුළුවං ද? "

" ඔව්. මොකද මම එයාව දැකපු මුල්ම දවසේ මම එයාට දාපු නම ආරාධනා දෑස් "

" ඔබ දැන් පාසල් යෑම නිමා කරලා අවුරුදු 11කට කිට්ටු ඇති. තාමත් ඒ ආරාධනා දෑස ගැන බලාපොරොත්තුවක් තියෙනවද? "

" ඒ ඇස් දෙකේ අයිතිකාරයා එක්ක මොහොතක් කතා කරන්න ආසයි. එය තමා එකම ප්‍රාර්ථනාව. "

" ඒ දෑස් දැන් වෙන කෙනෙකුට හිමිවෙලා නම්. "

" ඒකට කමක් නැහැ. කවදාහරි එයා දකින්න තිබ්බා නම් ඇති. "

" කෙටි කාලයක් තුල ඇතිවු ඒ ආදරය මේතරම් ශක්තිමත් ද? "

" ඔව්. කෙටිකාලයක් වුනත් මගේ හදවතට ගැඹුරින් ම දැනුන ආදරය ඒක. "

" අවසාන ප්‍රශ්නය තමා තව දෑසක් සින්නක්කරව ලියා ගන්න කියලා ගෙදරින් බලපෑම් නැද්ද? "

" අවුරුදු 25 ඉදලා මට බලපෑම් ආවා. ඒත් මම හැමදේම අතැරලා Australia වලට ගියා. පස්සේ අවුරුදු 29 දි මම මේ කතා පොතත් එක්ක තමා ලංකාවට ආවේ. "

" හරි. ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබේ ඒ ආදරණීය ආරාධනා දෑස හමුවේවා කියලා මම ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා සහා මේ වාර්තා වැඩසටහනට එකතු වූවට ඔබට ආයේමත් ස්තුති.

ඉතින් ප්‍රේක්ෂකයිනි අද අප සමඟ ' සුහද හමුව ' වැඩසටහන ට එක් වූයේ ප්‍රසිද්ධ ලේඛක ' අකිඳු නිතේෂ් අධිකාරි ' මහත්තයා. අදට අපි සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක් "

...⭐ සඳුදා හම්බෙමු ⭐....

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!