Chapter 16 of 22

14 Chapter

ආරාධනා දෑස් 💕809 words~5 min read

..... මෙච්චර කල් මම විතරක් නෙමෙයි ආදරේ කරලා තියෙන්නේ. මටත් ආදරේ කරලා. දේශාන් ගේ හිතෙත් මන් ගැන කැමැත්තක් තියෙනවා.

දේශාන් ඇයි මට ඒ ගැන නොකිව්වේ ?

" දේශාන්. නවතින්න"

එයා මාව මගහරින්න දිව්වට මම එයා පස්සෙන්ම ගියා. අවසානයේ මට එයාව අල්ලගන්න පුළුවන් වුනා.

" දේශාන් "

" මට සමාවෙන්න අකිඳු. මට දැන් ඔයා දිහා බලන්න බැහැ. "

" ඇයි ඒ ? එන්නකො අපි යමු. "

අපි හිටියේ ටිකක් කට්ටිය වැඩි තැනක. හැම පන්තියට ම පේන ස්කොලේ Car Park එක ළඟ. මම දේශාන් ව අරගෙන Ground එක පැත්තට ගියා. ඒකෙත් අයිනකට

" මට සමාවෙන්න අකිඳු. මට ඒ හැගීම් පාලනය කරගන්න බැහැ. "

මම දේශාන් ගේ අත් දෙක තදින් අල්ලගත්තා.

" එහෙනම් මටත් සමාවෙන්න දේශාන්. මටත් ඒ හැඟීම දැනෙන්න පටන් අරගෙන. "

දේශාන් ගේ ඇස් වල කදුළු පිරිලා.

" ඒ කිව්වේ? "

" මේ පොතේ අන්තිමට ලියලා තිබුණෙ. දේශාන් මාත් ඔයාට ආදරෙයි. "

ඒ ඇස් වල කදුළු පිරුනත් ඒවා හිනාවෙන් බැබලෙනවා.

" මට ඇහෙන දේවල් හීනයක් නෙවෙයි නේද? "

" නැහැ. මේ අපේ හීනේ හැබැ වෙලා. "

ඇත්තටම දැන් මට ඕන දේශාන් එක්ක කොහේහරි ඈතකට දුවගෙන යන්න. එයාගේ අතින් අල්ලගෙන. දැන් බැරිවුනත් කවදාහරි දවසක එයාගේ අත අල්ලගෙන මම ලස්සන තැනකට දුවගෙන යනවා

දැන් ඉතින් එහෙම දුවන්න බෑනේ. ඒ නිසා මම දේශාන් ව මුලින්ම පන්තියට යවලා. පස්සේ මම ගියා. එතකොටත් ටීචර් ඇවිල්ලා හිටියා. අද ස්කුල් ඉවර වෙනකන්ම මම හිටියේ එයාගේ අත අල්ලගෙන කාටවත් පේන්නේ නැති වෙන්න. දැන් නම් ගෙදර යන්න හිතෙන්නෙම නැහැ.

" දැන්වත් අපි යමුද? "

දේශාන් මගෙන් අහද්දි මම තවත් එයාගේ අත තදින් අල්ලගත්තා. දැන් එක හාමාර පහුවෙලා ගොඩක් වෙලා. පන්තියේ ඉන්නේ අපි දෙන්නා විතරයි. මිනෝලයව මම ශේප් කරලා යැව්වා.

" මට අද ඔයා ළඟටම වෙලා ඉන්න ඕන. "

" මට තාම හීනයක් වගේ අකිඳු. "

" මටත් හීනයක් තමා. ඒකත් සැබැ වෙච්ච. "

" මා එක්ක හොස්ටල් එකේ ඉන්න එන්න බැරිද? "

" දැන් වුනත් එනවා. "

මොහොතින් මොහොත ගෙවෙනවා. දැන් නම් මට වෙලාව ඇත්තටම වටිනවා. මොනා කරන්නද මට දැන් මෙතන ඉන්න බෑනේ. මම එයාව හොස්ටල් එකට ඇරලවලා ගෙදර ආවා.

.......... 🚿🚿............

හොඳ වොෂ් එකක් දාගෙන මම පාඩම් කරන්න ගත්තා. හිතේ තිබ්බ සතුටට මට නින්ද ගියේ නැහැ. පාන්දර වෙනකං ඇහැරිලා පාඩම් කළා.

මම හරි ආසයි මේ වෙලාව ඉක්මනට යනවා නම්. දැන් වෙලාව පාන්දර තුනයි. තව පැය හතරකින් වගේ මට එයාව ආයේ හම්බෙනවා.

ටිකක් ඇහැ පියාගෙන උදේ වෙනනම් බලාගෙන ඉන්න ඕනෙ.

......

🌤️.......

" පුතා. නැගිටින්න අදහසක් නැද්ද? "

අම්මා ඇවිල්ලා පාරක් දුන්නාම තමයි මම ඇහැරුනේ. අම්මෝ වෙලාව හය පහුවෙලා. මම හෙන Speed එකේ වැඩ ටික කරගෙන breakfast එකත් අරගෙන ගෙදරින් ආවා.

මම ඊයේ වගේම අදත් හොස්ටල් පැත්තට ගියා. එතකොටත් දේශාන් ලස්සනට ඇඳගෙන එළියට එනවා.

" Good morning මගේ මල"

දේශාන් ලස්සනට හිනාවුණා.

" Good morning මගේ ම්ම්..... මගේ කොල්ලෝ . "

අප්පට සිරි. මගේ කොල්ලා. ඒක මාර ආදරණීය විදියට මට දැනුනා. කවුරුත් බලාගෙන නැති නිසා මම දේශාන්ව එක වතාවක් වැළදගත්තා. කවුරුත් හිටියේ නැහැ. මම හොඳට වටපිට බැලුවා.

පස්සේ අපි දෙන්නා shape එකේ ස්කොලේ ට බඩ ගෑවා.

" ම්ම්. අකිඳු. ?? "

" ඔව් වස්තුව කියන්න. "

මම තාමත් මේ මොහොත විදිනවා. තමන් ආදරේ කෙනා එක්ක මේ විදියට එකට යන්න තියනවා නම් ඒක තමා අපිට ලැබෙන ලොකුම සතුට.

" අපි මොනවද දැන් කරන්නේ? "

" අහ්. "

කොල්ලා අහපු කතාව හරි. අපි කපල් එකක් විදියට මොනවද කරන්නේ? හිතාගන්න බැහැ. බලමු ටික වෙලාවක් කල්පනා කරලා. ම්ම්. අහ් හරි.

" හෙට සෙනසුරාදා. ඔයා හෙට වැඩක්ද? "

" නැහැ. මේ දවස් වල වැඩ නැහැ. "

" අහ්.. ඒ කිව්වේ? "

"ආහ් මුකුත් නැහැ. "

ඔන්න දේශාන් ආයේ බොරුවක් කිව්වා. කලබල වුනා. කමක් නැහැ ඔයාගේ හිතේ හැමදේම කියන්න පුළුවන් කෙනෙක් විදියට මම ඔයාට ළං වෙනවා.

" හෙට උදේ දහයට ගේට් එක ළග ඉන්න. "

" ම්ම්. "

අපි පන්තියට ගියා. දුලාංජයි, මිනෝලුයි ඇවිල්ලා හිටියා. මම ඉන්ටවල් එක වෙලේදි මගෙයි දේශාන් ගෙයි සම්පුර්ණ කතාව දුලාංජට කිව්වා. දුලාංජ පට්ට සතුටු වුනා. ඌ මට කිව්වෙ හැමදේම මට ඕන විදියට සතුටින් ඉන්න කියලා.

අද දවස ගැන කිව්වොත් ඇත්තටම ආදරේ කුළුදුල්ම හැඟීම් වින්දේ අද. එයාගේ අත හැමෝටම හොරෙන් අල්ලගෙන ඉන්න එක. එයා එක්ක එක බීම එක බෙදාගත්ත එක. කවුරුත් නැති පිට්ටනියේ එයාගේ අතින් අල්ලන් රවුම් තුන හතරක් ගිය එක. ටීචර්ලට අහු නොවි period එකක් කට් කරලා ආයේ පන්තියට ආපු එක.

ලස්සන දවසක්. ආදරේ කියන්නේ හැමවෙලේම phone එකේ එල්ලිගෙන කන රත් වෙනකං මල් කඩන එක නෙවෙයි. ඒ මොහොතේදී කරන්න පුළුවං පුංචි සතුටු හිතෙන දේත් කරලා ඒක මතක් කර කර හිනාවෙන එක.

මම නින්දට ගියේ relaxing music එකක් අහන ගමන්. අද දවසේ සුන්දරම තැන් ටික මවාගෙන. හෙට එයාව හම්බවෙන්න හීන මවාගෙන.

........🌤️🌤️........

" දේශාන්"

" ම්ම්"

" ඔයා මීට කලින් ආදරේ කරලා තියනවද? "

" නැහැ. මේක මගේ පළවෙනි වතාව. "

අපි දෙන්නා අද ගම්පහ මල් වත්ත ට ගියා. අද වැඩිය කවුරුත් නැහැ. අපි දෙන්නා ටික වෙලාවක් අත් දෙක අල්ලගෙන හිටියා.

" දේශාන්. "

" ම්ම්. "

" ඔයාගේ හිතේ මට කියන්න දේවල් නැද්ද? "

" ගොඩක් දේවල් තියනවා. ඒත් කොතනින් පටන් ගන්නද හිතාගන්න බැහැ. "

" ඔයාගේ ගමේ ජීවිතේ ඉදලා විස්තර කියන්න. මම ඔයා කියන හැමදේම අහගෙන එන්නම්."

" ම්ම්..... එහෙනම් මන් මගේ ගමේ ජීවිතේ ගැන ඔයාට කියන්නම් මුලින්ම. "

තවත් දවසක හමුවෙමු.....

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!