Chapter 13 of 22

11 Chapter

ආරාධනා දෑස් 💕662 words~4 min read

වෙනදා වගේම ඉර ලස්සනට පායලා තිබ්බත් මම නැගිටිද්දි නම් මාව ප්‍රශ්න ගොඩක පැටලිලා තිබුණේ.

ඔව්. මම එයාට ආදරේ කරනවා. ඒක තමා තිත්ත වුනත් ඇත්ත. මොනව කරන්නද අදත් වෙනදා වගේම ස්කූල් යනවා.

.....🏫📔................................

ඔන්න අදත් උදේම මගේ මල පිපිලා තිබුනා. පොතක් බල බල තමා හිටියේ.

මෙන්න බොලේ වැඩක්. අද මාව දැකලා එරෙව්වා නේ. මාව confuse වුනා.

" ආ .... මොකො මේ?? "

හ්ම්.. උත්තර නැත.

" මොකද ඔරවන්නේ ?? වදුරු පැටියෙක් වගේ. "

ඔන්න මන් දිහා බලන්නෙත් නැහැ.

" මොකද දැන්? "

මම එයා ළඟටම ලංවෙලා ඇහුවා.

" ඊයේ ඔයා මහා නරක වැඩක් කළේ? "

ඔන්න ඇති යාන්තම් හේතුවක් අහගන්න පුළුවන්

" මොකද්ද? "

" ඇයි ඉන්න කිව්වාම ගියේ ? මම කාමරේට එද්දී භූතයෙක් වගේ අන්තරස්දාන වෙලා. "

හරිනේ අමාරුව. ඊයේ අර ඩයිරිය දැකලා දිව්වා උසෙන් බෝල්ට් වගේ. දැන් දීපන්කො උත්තර.

" අහ්. සොරි ඉතිං. "

" දැන් ඉතින් වැඩක් නැහැ. "

අම්මෝ මෙයාගේ සැර. තරහත් යනවා කොල්ලට.

" ඒ මේ ? "

" ඔව්. "

" ඔයා කාට හරි ආදරය කරනවද? "

ම්ම්. කොල්ලගේ ඇස් දෙක ලොකු වුණා.

" ඔයා මාර ප්‍රශ්න අහන්නේ ? එහෙම නැහැ. "

බොරු උත්තරයක්. එයා කියද්දි මට තේරුණා.

මම මුකුත් ආයේ ඇහුවේ නැහැ. මමත් ඉතිං පොතක් අරගෙන බල බල හිටියා. ඒත් පොතට වඩා මට වැඩිපුරම බැලුනේ එහා දිහා. කවදාවත් අයිති නැති ඇස් දෙකකට නේද මේ හිත ගියේ ?

ටිකින් ටික පන්තිය පිරෙන්න ගත්තා. අවසාන වශයෙන් අන්තප්පුරේ බිසවරු ටික බැහැ දැකලා මිනෝල් රජතුමා එක්ක උගේ සේනාපති දුලාංජ ආවා.

" ම්ම්. සුභ උදැසනක් වේවා කපල් එකට"

ඔන්න ඉතින් උදේම පටන් ගත්තා වචාල කට මිනෝල් ගේ.

" සුභ උදැසනක් රජතුමනි , සේනාපති. අන්තප්පුරේ බිසවරු හොඳින්ද? "

" ඔවුන් හොඳින්. අකිඳු මොකො කලබලෙන් මගේ ඈයෝ ගැන. "

" ඉදගනින් පපයෝ. පුපක් කියවන්නේ නැතිව. "

දේශාන් නම් කට තද කරගෙන හිනාවෙනවා මම දැක්කා. දුලාංජ නම් ගල් බමුණා වගේ ඔහේ ඉදගත්තා.

" මූට මඟුල් මට අවමඟුල්. "

දුලාංජ ට හැමදාම උදේට මල පනිනවා. මොකද මිනෝල් ගේ ලව් හුටපට නිසා.

.......... 📔📔.................

ටීචර් උඟන්නනවා. මට දේශාන් දිහා බැලෙනවා. හැබැයි මට ලාවට මීටර් වුනා එයත් මං දිහා බලනවා. සමහර විට මම බලනවා දකින්න ඇති.  අද ටීචර් ඉගැන්නුවට මට නම් මෙලෝ දෙයක් ඔලුවට ගියේ නැහැ.

..............🥣🥣.......................

" අද අපි කොහේහරි යන්කෝ. "

මිනෝල් එකපාරටම යෝජනාවක් දැම්මා.

" කොහෙද? "

දුලාංජ ඇහුවා.

" Pizza Hut යමන් ද? "

මම උත්තරයක් දුන්නා.

" මරු. "

මිනෝල් කිව්වා.

අපි interval එකට කනගමන් හිටියේ.

" ආ. දේශාන් හෙට උදේ අපේ Econ sir free paper clz එකක් තියෙනවා ඔයා එනවද? "

මම දේශාන්ගෙන් ඇහුවා.

" කොහෙද? "

" ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නැහැ. එනවද කියන්නකො? "

" ම්ම්. "

........ " යාළුවෙන්න කලින් මෙහෙම නම් යාළු වුනාට පස්සේ කොහොම වෙයිද? ."

..... " ම්ම්. "

මිනෝල්, දුලාංජගේ කනට කොඳුරනවා මට රහසින් වගේ ඇහුනා. මම ඉතින් ඇහුනේ නැහැ වගේ හිටියා. මොකද ඒ කියපු කතාවට මම සීයට දාහක් කැමති.

............... 📔📔.................

අද දවස ගෙවෙන්නේ හරි හිමින්. හැබැයි මම ඒකට කැමති. මොකද මේ පැය හය තමා දැන් මගේ ජීවිතේ සුන්දරම කාලය. එයා එක්ක ඉන්න පුළුවන් නිසා.

ටීචර් ආවා. ඉගැන්නුවා. ආයේ ගියා. සර් ආවා. ඉගැන්නුවා. ස්කොලේ ඉවර වෙන බෙල් එක ගැහුවා. එයා ගියා.

.........🔔🔔............................

Pizza hut යන්න කලින් මමයි දුලාංජයි ගියා මූණ ටිකක් හෝදගන්න. මේ තමා හොඳම වෙලාව. මම ඊයේ දැකපු දේ ඌට කියන්න.

" මේ දුලාංජ. "

" ඔව්. කියහං. "

මම ඊයේ අර කියවපු දේ මූට කිව්වා. මූට දාර්ශනික මොලයක් තියන හින්දා මොනහරි හොඳ දෙයක් හිතයි.

" ම්ම්. මට හිතෙන්නේ ඒ අපේ පන්තියේ ඉන්න කෙනෙක්. මොකද අපේ ස්කොලේ වුනත් හැමවෙලේම බලාගෙන ඉන්න පුළුවන් අපේ පන්තියේ කෙනෙක් දිහා විතරයි. "

" උඹ හරි. "

" උඹට තව ටිකක් ඒ ගැන හොයාගන්න තිබ්බා.

ඒක නෙමෙයි උඹට දැන්වත් ඌ ගැන උඹට තියන හැඟීම තේරෙනවද? "

" ම්ම්. මට ඒක තේරුනා. "

ඔව්. මම දන්නවා මම දේශාන් ට ආදරේ කරනවා. මම හිතන්නෙ ඒක තනිකඩ ලව් එකක් වෙයි වගේ.

......... " ඕයි. මොනවද බං උඹට අලුත බැඳපු ජෝඩුව වගේ කියව කියව ඉන්නේ ? අද හවස online class එකකුත් තියෙනවා. ඉක්මනට යමං "

මිනෝල් හැකරයා ඈත ඉදන් කෑ ගහනවා. මූට දැන්වත් ඉගෙනගන්න එක ගැන හිතිච්ච එක ලොකු දෙයක්.

ඉතින් අපි හතර දෙනා school එකෙන් එළියට ඇවිල්ලා මං තීරුවේ ඇවිදගෙන ගියා.

........... තවත් දවසක හමුවෙමු........

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!