Chapter 12 of 22

10 Chapter

ආරාධනා දෑස් 💕771 words~4 min read

" මට ඇත්ත කියපං. උඹ මොනවද දේශාන් ගැන හිතන්නෙ?? "

" මන් දන්නෙ නැහැ දුලාංජ. "

" හ්ම්. තව කල්පනා කරපං. උඹට ඌ එක්ක ඉද්දි දැනෙන දේවල්. "

" මට සතුටුයි බං. එච්චරයි. "

" ම්ම්. "

......

ඉන්ටවල් එකේ කාලා ඉවරවෙලා මායි , දුලාංජයි කැන්ටිමට ආවා. දුලාංජ මට කියන්න හදන්නේ මොනවද කියලා මට හිතාගන්න බැහැ. ඒ යාළුකම නෙවෙයි ද? නැහැ. ඊට වඩා දෙයක්. මට එයාව දැක්කේ නැතිවුනාම පාළුයි. එයා ගේ ඇස් දිහා බලාගෙන ඉන්න ආසයි. මොකද්ද මේ හැගීම ???

" ඉදා උඹලට යෝගට් පානය"

මම මිනෝල් අතට යෝගට් පානය දෙකක් දුන්නා.

" දෙකම මට ද බං? "

" දේශාන් ට දෙන්නෙ උඹේ ලොකු අප්පොච්චා ද? "

මිනෝල් මූණ පුපේ තියාගෙන දේශාන් ට දුන්නා.

මම දේශාන් දිහා බලාගෙන හිටියා. එයා ඒක හිනාවෙලා ගත්ත විදිහ. ඇත්තටම නිවෙනවා මාව.

මම දේශාන් ළඟින් වාඩි වුනා.

" මොකො මේ දවස්වල වෙන්නේ? "

" පාඩම් කරගෙන යනවා. Exam ළඟයි නේ. "

" ඔයා clz යන්නේ කොහෙද? "

දේශාන් උත්තර දුන්නෙ නැහැ. ඒ කියන්නේ එයා යන්නේ නැහැ

මම මොනවද ඊටපස්සේ අහන්නේ? මාව නම් ඇත්තටම පැටලිලා.

" ඔයා මොනවද කල්පනා කරන්නේ? "

දේශාන් මගෙන් ඇහුවේ මම ඔහේ ඉස්සරහා බලාගෙන ඉන්නවා දැකලා.

" මුකුත් නැහැ. "

මම ඔලුව ඩෙස් එකෙන් තියාගත්තේ අපේ account teacher එනකං.

.............. " මේ උඹලා නිකමට වගේ හිතපං අපි මේ දකින්නේ හීනයක් කියලා. "

" මොනවද? "

" නැහැ. අපි ඉන්නේ තාම එක වසරේ අපිට නින්ද ගිහිල්ලා. එකපාරටම අපි ඇහැරෙද්දි අපි ආදරේ කරන කෙනා අපේ එහාපැත්තෙ ඉදන් හොටු කනවා. "

" ඔව්. උඹේ වටේ නම් කෙල්ලෝම ඉදි එහෙනම් හොටු කකා. "

මිනෝල් ගේ ගොන් අයිඩියා වලට දුලාංඩ උත්තර දෙනවා මට හීනෙන් වගේ ඇහුනේ. ටීචර් ඇවිල්ලා නැද්ද කොහෙද? මට හොඳ නින්දක් ගියා. හැබැයි ඇත්තටම මිනෝල් කිව්වා වගේ හීනයක් නම්. කොහොමද දේශාන් මගේ එහාපැත්තෙ ඉදගෙන හොටු කකා හිටියොත්.

මොකක්? ඇයි මට දේශාන් කියලා හිතුනේ. මම එයාට.... නැහැ නැහැ. ඒක විහිළුවක් තමා. මේ නින්දෙන් ඉක්මනට ඇහැරෙන්න ඕන.

මම ඉක්මනටම ඔලුව ඉස්සුවා.

" අහ්. චූටි උඹ නැගිට්ටද? "

මිනෝල් මගේ දිහා බලාගෙන ඇහුවා.

මම මුකුත් කිව්වේ නැහැ. මාව සෝන්දු මෝන්දු වෙලා වගේ.

" බබා හොඳට නින්ද ගියාද? චූටි "

මිනෝල් මොන බහුබූත ඇටකිච්චෙක්ද මන්දා.

" කට වහන් පලයංකො බං. දුලාංජ කම්මැලි බං එළියට යමං"

" ඇයි?? දැන් දේශාන් ව එපා වගේ ද? "

මිනෝල් ආතල් එකට වගේ හිමින් කිව්වා. ඇති යාන්තම් මූ කට පාලනය කරගත්තා.

මායි, දුලා යි පහළ තියන සින්ක් එක ළඟට ගියා.

" අනේ බං. "

" ඇයි බං"

" මම මොනවද අරයා ගැන හිතන්නෙ? "

" උඹේ හිත කියන්නේ මොකද්ද? "

" මට තේරෙන්නේ නැහැ. අනේ බං. මට කියපං. "

" උඹම තේරුම් ගන්න ඕන දෙයක් අපි කොහොමද කියන්නේ? ම්ම්. උඹ හොඳට හිතපං. "

දුලාංජ කියන්නෙත් නැහැ. මට හිතෙන්නෙත් නැහැ. මම මොකද කරන්නෙ? කාගෙන්ද අහන්නේ.

....................................................

School ඉවරයි. අපි ඉතින් හරක් වගේ පහළට ආවා.

" දේශාන්"

" ඔව්. "

" මම ආසයි Hostal එක බලන්න. "

" ඉතින් මාත් එක්ක එන්න. "

" අද හවස practice තියෙනවා. මම හවස එන්නම්. "

" Rest Time එකේ එන්න. "

අද මට after school volleyball Practice තියනවා. එනිසා මම අද ඉන්නවා.

මම දැක්කා දේශාන් මන් දිහා බලාගෙන හිටියා මම practice කරද්දී. මම ඉතින් ටිකක් හොඳට practice කලා.

අපේ team එකේ 12 දෙනා දෙපැත්තට බෙදිලා match එකක් ගැහුවා. ඒක බලන්න Hostal එකේ කීපදෙනෙක් ආවා. ඒ අතර දේශානුත් හිටියා.

ජාමේ බේරගන්න මගේ team එකම දින්නා. පස්සේ මම Hostal එකට ගියා.

Hostal එක තියෙන්නේ අපේ play group එකේ දකුණු කෙරවලට වගේ වෙන්න. මම ඉතින් ඒ පැත්තට ගියා.

" Hello දේශාන්. "

" එන්න හලෝ ඇතුලට"

කොළ පාට පොඩි ගේට්ටුව ඇරලා එයා මාව ඇතුලට ගත්තා. ඒ පැත්තෙන් ගියාම තියෙන්නේ hostal එකේ පිටිපස්ස.

අවසානයේ මම එයා ඉන්න කාමරේට ගියා. එයා එක්ක තව මල්ලිලා දෙන්නයි, අයියා කෙනෙකුයි ඉන්නවා.

එයාලා හරි ලස්සනට කාමරේ තියාගෙන ඉන්නවා.

" ඉන්න හලෝ. මම බොන්න මොනාහරි ගේන්නම්. "

එයා කාමරෙන් ගියාම මම ඉතින් කාමරේ සතර කොන් දිහාම බැලුවා. එතකොට මම දැක්කා එයාගේ නම ගහපු ඇඳේ කොට්ටේ යට පොතක් වගේ දෙයක් තියෙනවා. බලමු. පාඩම් කරන දෙයක් වෙන්න ඇති. මම එයාගේ පොත ගත්තා.

බලමු.

..... 2024. 02. 04

....දඩබ්බරයි. හිත හොඳයි. එයාව දැක්ක ගමන් අමුතු හැඟීමක් දැනුනා.

2024.02.06

එයා මගේ school එකේ ඉන්නවා. මට සතුටුයි. මට එයා දිහා බලාගෙන ඉන්න පුළුවන්.

..........

මම ඉක්මනටම පොත අරගෙන කොට්ටේ යටින් තිබ්බා.

එයා කා ගැනද ඒ ලියන්න ඇත්තේ ? ඇයි මට මෙච්චර අවුල් ඒකට. මම ඉක්මනටම කාමරෙන් එළියට ආවා. ආපු දුකටයි, කේන්තියටයි මම ආපු වේගේ දන්නේ පාර තමා.

...............................................

හැමදාම වගේ අදත් පාඩම් කරන්න පොත අතට ගත්තත් මට මනස එක්තැන් කරගන්න බැහැ. මම relax music එකක් දාගෙන නිදාගන්න ගියා.

'''' ඔයා බයයි නේද එයා වෙන කෙනෙක් ගේ වෙයි කියලා. ''''

"" ඔයා එයාට ආදරේ කරනවා. එහෙම නෙවෙයිද? ""

"" ඔව්. මට එයා ළඟින් ඉද්දි දැනෙන සතුට. ඒ ඇස් දිහා බලද්දි නිවෙන විදිය , සැනසුන විදිය. ඒක ඇත්ත මම එයාට ආදරෙයි. ""

...... තවත් දවසක හමුවෙමු......

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!