Chapter 10 of 22

8th Chapter

ආරාධනා දෑස් 💕773 words~4 min read

" හොස්ටල් එකේදි හම්බෙමු එහෙනම්"

අර අයියලා තුන් දෙනා මම එනවා දැකලා දේශාන් ට කිව්වා. එයාලා දේශාන් ගේ උරහිසටත් තට්ටුවක් දාලා එතනින් ගියා.

" දේශාන්"

මම එනවා දැකලා දේශාන් කදුළු පිහිදාගෙන එතනින් යන්න ලෑස්ති වුනා.

" දේශාන් පොඩ්ඩක් ඉන්න. "

එයා නතරවෙලා මන් දිහා බැලුවා. එයා මුකුත් කිව්වේ නැහැ.

" ඇයි ඔයා ඇඬුවේ? මොකද්ද ප්‍රශ්නේ? "

" මුකුත් නැහැ. මගේ අත කැපුනා. ඒක රිදෙනවා. "

ආයේ බොරු කියනවා. එයාට මගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැහැ. මම එයාගේ ළඟට ගිහින් එයාගේ උරහිස් වලින් අල්ලගත්තා. එයා ඔලුව පාත් කරගෙන බිම බලාගෙන හිටියා. මම එයාගේ ඇස් වලට එඹුනා.

" ඇයි සුද්දෝ මේ ? ඔයා තවත් මට බොරු කියනවා. "

එයාගේ ඇස් වල ආයේමත් කදුළු.

" මට ගෙදර යන්න ඕන. මට මුකුත් එපා. "

" හරි. මොකද්ද වුනේ කියන්න බැරිද මට? "

එයා මොනවද මගෙන් හංගන්නේ? ඇයි එයා මුකුත් කියන්නේ නැත්තේ?

" මට අම්මා මතක් වෙනවා. "

" හරි. අපි එයාට කතා කරමු. "

" එයා කතා කරන්න විදියක් නැහැ. එයා මෙහෙ නැහැ. "

" හරි. එයා ඉන්නේ කොහෙද? වෙන රටක නම් මම එයාට කතා කරන්නම්. "

" එයා ඉන්නේ පොළව යට "

ඒකට නම් මගේ පපුව පිච්චිලා ගියා. මට තවදුරටත් එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන වුනේ නැහැ. මොන දුකක්ද මේ ළමයා විදින්නේ ? මම ඇයි මෙයාටම මේ වේදනාව දුන්නේ ? මම හිත හිත හිටියේ නැහැ. මම එයාව තදින් වැළදගත්තා.

" මට සමාවෙන්න ළමයෝ. මම වැරැද්දක් කළේ. "

එයාගේ සීතල කම්මුල් මගේ පපුවට දැනුනා. ඇස් වලින් වැටුන කදුළු වලින් මගේ ෂර්ට් එක පෙගිලා ගිහින්.

" තව අඬන්න එපා. අපි පන්තියට යමු. "

එයා තවමත් ඉකි ගහනවා.

අනේ මිතුරනේ, මම මොකද කරන්නෙ? මට සැනසිලි වදන් කියන්න තේරේන්නේ නැහැ. මම මොනවා කියන්නද මන්දා.

" අඩන්නැතුව හිටියොත් ice cream අරන් දෙනවා. "

" හි... "

ඒ පාර නම් කොල්ලා හිනා වුනා.

" අන්න මගේ මල හිනා වුනා."

අප්පට මම මොකද්ද ඒ කිව්වේ? මගේ මල. එයාට ඒක ඇහුන්නැද්ද ? නැත්නම් එයා ඒකට කැමතිද?

මම එයාව එක්කගෙන clz එකට ගියා.

ම්ම්. මේක ලංකාවනේ මිතුරනේ. දැනටමත් අපි දෙන්නට පද හැදිලා. ඒවා මිනෝල් මට කිව්වා.

" අන්න උඹලගේ මඟුලට කට්ටිය ලෑස්ති වෙනවා. "

" මොන මඟුලද මිනෝල්? "

" නිත්දෙශ් මඟුල "

" මොනවද කට්ටිය කිව්වේ? "

" උඹලා දෙන්නා කපල් ලු "

මට නම් ගානක් නැහැ. ඒ වුණාට දේශාන් ට ඒක ප්‍රශ්නයක් වෙයිද? එයාට තවත් ප්‍රශ්න දෙන්න මම කැමති නැහැ. එයාට ජිවත් වෙන එකත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මම ඕන එයා ජීවත් වෙන එකට හේතුවක් වෙන්න.

අද නම් මම එයා එක්කම කෑවා. එයාට කොහෙවත් යන්න දුන්නේ නැහැ.

School ඉවර වුනාට පස්සේ මම අරුන් දෙන්නට නොකියා දේශාන් ව එක්කං Rio Ceramic Ice cream shop එකට ගියා. එයා Ice cream කද්දි කට වටේට ගා ගන්නවා. බබෙක් වගේ.

මම එයාව අද hostal එකට ඇරලවලා ගෙදර ආවා.

" පුතා අද මොනවද Miss වුනේ? "

අපේ අම්මත් මාව ආතල් එකට අරං.

" මම අද Ice cream කන්න ගියා. "

මම කාමරේට දිව්වා.

අද දවස හරිම ලස්සනයි යාලුවනේ. මම දැන් සිංදුවක් අහන්න යන්නේ.

..... 🎼 නුඹ දැක මා නිවුනා🎼

ඇත්තටම එයා දැක්කම මාව නිවෙනවා දැන්.

Wait.... Wait.... Wait .... මොකද මේ?? මට පිස්සුද? ඇයි මම එයාව මතක් කරන්නේ. මම යනවා පාඩම් කරන්න.

මම headphones පැත්තකට දාලා past paper එකක් කරන්න ගත්තා. ඒක කරලා ඉවර වෙද්දී රෑ එකොළහට කිට්ටු යි. මම තව ටිකක් පාඩම් කළා. නිදාගද්දි එකයි.

................ 🌤️🌤️🌤️🌤️..........

කොච්චර පරක්කු වෙලා නිදාගත්තත් දැන් ස්කූල් යන්න නැගිටිද්දි අමුතුම සතුටක් ඇඟට දැනෙනවා. මම අද නම් පහට ඇහැරුනා. තාත්තා හිටිය නිසා මම තාත්තා එක්ක Joking Road ගියා.

" පුතා. Exercise is best for your mind relax"

" Yes තාත්තා. "

මම exercise කරලා Joking කරලා ගෙදර එද්දි හය පහුවුනා. මම ස්කූල් යන්න ලෑස්ති වුනා. අම්මා අද මට breakfast කවන්න හදද්දී මම ඒක pack කරලා ඉල්ලුවා.

අදත් දේශාන් ඇවිල්ලා හිටියා වේලාසන.

" Good morning"

දේශාන් මන් දිහා බලලා හිනවෙන ගමන් කිව්වා.

" Good morning 🌞 "

මම එයා ළඟටම ගිහින් වාඩිවුණා.

" කාලා ද?? "

එයා හිස දෙපැත්තට වැනුවේ නැහැ කියන්න ට මෙනි.

" කමුද? "

" කෑම ගෙනාවේ නැහැ නේ "

" මම ගෙනාවනේ. "

අපේ අම්මා මගේ කෑම එක ලස්සනට pack කරලා.

" Sandwich with dayya paste. මගේ ආසම කෑමක්. "

දේශාන් ගේ කම්මුල් රතු වෙලා.

" අම්මෝ සැරයි. "

දේශාන් වතුර බොන ගමන් කිව්වා.

" ඔව් නේද ? "

ඔහොම ඉතින් මම දේශාන් ට විහිළු කර කර හිනාවෙවි හිටියා.

...... " අන්න කපල් එක. "

පන්තියට ආපු කොල්ලෝ දෙන්නෙක් අපි දෙන්නා දිහා බලලා කියනවා මම දැක්කා. මම ගණන් ගත්තේ නැහැ. මොකද කටකතා හදන මිනිස්සුන්ට බැහැ කවදාවත් අපේ මූණට ඒවා කියන්න. ඒවා පතුරන්න විතරයි පුළුවන්.

ඔය එක්කම දුලාංජ යි , මිනෝලුයි ආවා.

දුලාංජ මන් දිහා බැලුවේ පට්ට serious විදියට.

" බං පොඩ්ඩක් මා එක්ක වරෙන්කො. "

දුලාංජ ඩෙස් එක උඩින් බෑග් එක තියලා මට කතා කළා. මගේ හිතට ලොකු ප්‍රශ්නයක් ආවා. ඒත් මම ඒක ගැන මුකුත් නොකියා දුලාංජ එකක් ගියා. මිනෝලුත් අපේ පස්සෙන්ම ආවා.

........ ආයේ සදුදා හමුවෙමු.......

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!