Chapter 6: [පස්වන කොටස]

දේදුනු හාදු [TK] On HoldWords: 20083

ඉතුරු පීරියඩ් තුනෙන් එකක්වත් ෆ්‍රී තිබ්බෙ නෑ ඔක්කොම ඉගැන්නුවා.. චත්තමානවක ගාථා කියලා ඉවර උනාට පස්සෙ අපි පෝළිමට එකතු උනා.. ශේනු මගෙ ඉස්සරහින් ඉද්දි දෙව් මගෙ පිටිපස්සෙන් හිටියා.. ගේට්ටුව ළගට ඇවිල්ලා අයියා එනකම් අයිනට වෙලා ඉද්දි ආදිත්‍ය අයියගෙ වයසෙ කියන්න පුලුවන් එයාට වඩා කළු උස මහත පිරිමි ළමේක් අපි ඉස්සරහින් හිටගත්තෙ එයාගෙ යාළුවොයි කියන්න පුලුවන් තවත් පිරිමි ළමයි පස් දෙනෙක් එක්ක..

" මිහිනු අභිසෙස් සූරියබණ්ඩාර අලුතෙන් දොළහා Art 01 එකට ආව කොල්ලා.. ඒ ඔයා නේද.. "

ඈහ් එයා කොහොමද දන්නෙ මං ගැන විස්තර.. මං ඇත්තටම ඔලුව වත් උස්සලා බැලුවෙ නෑ.. අපෙ පන්තියෙ ලමයි හොද උනාට ශේනු, දෙව් කිව්ව විදිහට දහතුන වසරෙ මැරයො ටිකක් වගේ අයියලා සෙට් එකක් ඉන්නවයි කියලා මට කිව්වා.. උත්තර දෙන්න උවමනාවක් තිබ්බත් මට කලින් ශේනු මගෙ ඉස්සරහට ඇවිත් ඒ අයියට උත්තර දුන්නා..

" තමුසෙට ඒක වැඩක් නෑනේ ඩෙවෝන් කරුණාකරලා ඇණයක් නොවී යන්න මෙතනට ආදී අයියා ආවොත් ලොකු ප්‍රශ්නයක් වෙයි.. "

" ශේනුක මට තමුසෙ එක්ක නෙවෙයි කතාව තියෙන්නෙ මේ අලුතෙන් ආව සෙක්සි කොල්ලා එක්ක.. ඒ බං මරු කඳ නේද ස්ස්ස්ස්ස් රූම් එකකට ගන්න තිබ්බනම්.. "

අනේහ් අම්මියේ මොනාද දෙයියනේ මේ කියන්නෙ.. ශීහ් ලමයිනුත් බල බල යනවා ලැජ්ජයිනෙ අම්මී.. අනේ ඔයාව ඕනනෙ සුදු පුතාට.. ඇයි අම්මි මාව මෙහෙට ගෙනාවෙ.. මට බයයිනේ.. ඇස් දෙකෙන් කදුලු වැටිලා කම්මුල් දිගේ පල්ලම් බහිද්දි මගෙ ඉස්සරහින් හිටිය ශේනුගෙ සුදු ශර්ට් එක මගෙ අත් වලට තද වෙද්දි පිටිපස්සෙන් හිටිය දෙව් පිට එක අතකින් අත ගාන ගමන් අනික් අතින් මගෙ අත තද කල්ලා අල්ලගෙන හිටියා.. මට බයයි අම්මියේ අනේ අයියෙ ඔයා ඇයි පරක්කු බබාට බයයිනෙ..

" චික් තමුසෙ නම් හැදෙන්නෙ නෑ ඩෙවෝන්.. අයියා කියන්නත් ලැජ්ජයි තමුන්ට.. මල්ලි කෙනෙක් වගේ ඉන්න ලමේකුට කියන කතාද යකෝ මේ.. ප්ලීස් මං ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරන්න කලින් මෙතනින් යන්න.. "

" හහ් හරි මං අදට යන්නම් ශේනුක හැබැයි මේ කොල්ලව මං ඉක්මනට උස්සගෙන යනවා ඒකත් මතක තියාගනින්.. යන්නම් බේබි බෝයි.. "

" පලයන් බං යන්න එයාට අතක් තියන්න මං ඉඩ තියන්නෙ නෑ හහ් ඌ මගෙ එකෙක්.. "

" අපි බලමුකො කොච්චර කල් රකීද කියලා අපි ගියා.. "

කට කොණකින් මහා කැත විදිහට හිනා උන ඩෙවෝන් කියන කෙනා එයාගෙ යාළුවො එක්ක ආයෙම යන්න යද්දි ශේනූ මාව පිටිපස්ස හැරිලා සයිඩ් එකෙන් මාව බදාගත්තා.. දෙව් ත් ඇස් වල කදුලු පුරෝගෙන මගෙ ඔලුව අත ගානවා.. මගෙ හිත රිදුනා මං එහෙම කාගෙන් වත් කැත විදිහට කතාවක් අහලම නෑ.. අනේහ් මට ලැජ්ජයි අම්මි..

" ශ් ශ් අනේ මහී අඩන්න එපා බබෝ.. මේ බලන්නකො කොල්ලෝ ඌ කිව්ව ඒවා හිතන්න එපා හොදේ.. ඒකා මහ ජරා සතෙක් ඔයා බය වෙන්න එපා මං දෙව් ආදි අයියා ඉන්නකම් ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.. දැන් හොද කොල්ලා වගේ කදුලු පිහගන්න ඔයාලගෙ අයියා ආවොත් බය වෙයි.. "

" ඔව් හුරතලේ ඔයා බය වෙන්න එපා අපි ඉන්නවනේ ම්ම් දැන් අඩන්න එපා හොදේ.. මටත් ඇඩෙනවා බං හයියෝ.. "

" හිහ්.. ඒ උනාට බයයි ශේනූ ඔයාලා නැති දවසකට.. "

" ඒහ් අපි එහෙම ස්කෝලෙ නෑවිත් ඉන්නෑ බය නොවී ඉන්නවකො මං බලාගන්නම් එයා ගැන.. "

ශේනූ, දෙව් එකතු වෙලා මගෙ හිත හදන්න පුලුවන් තරම් උත්සහ කලා.. එයාලා ඉන්න නිසා ඇත්තටම මට බය නෑ.. ඒත් ඩෙවෝන් කිව්ව දේවල් මතක් වෙද්දි මගෙ ඇස් වලට කදුලු පිරෙනවා බයත් හිතෙනවා.. හ්ම්ම් තවත් විනාඩි පහක් විතර හිටියත් අපෙ අයියා ආවේ නෑ ඒත් ඒ වෙනුවට ආදිත්‍ය අයියයි උදේ ඉන්ටවල් එකේදි හම්බුන අයියයි තව අයියා කෙනෙකුයි කලබලෙන් අපි ඉන්න දිහාට ආවා.. බැරි වෙලාවත් එයාලට ආරංචි වෙලාද.. තවමත් ශේනුගෙ ඇගට බර වෙලා හිටිය මම ගැස්සුනේ ආදිත්‍ය අයියගෙ කටහඬට..

" පොඩී මොකද්ද මෙතන උනේ!! "

" අයියා මේ.. මේ.. "

" මං ඇහුවෙ මොකද්ද මෙතන උනේ කියලා පොඩී!! "

" අයියා මේ ඩෙවෝන් ඉන්නෙ ඔයාලගෙ ක්ලාස් එකේ අන්න එයා අපෙ මිහිනුට ජරා කතාවක් කිව්වා.. "

" ආආර්‍ර්‍ර්ග මොකද්ද මොකද්ද කියපන් ඌ කිව්වෙ මට මුල ඉදන් කියපන් පොඩී!!! "

" මේහ්.. අපි තුන්දෙනා මෙතනට වෙලා තිසුක අයියා එනකම් හිටියෙ.. එතකොට ඩෙවෝනුයි එයාගෙ යාලුවො ටිකයි ඇවිල්ලා මිහිනු කියන්නෙ මෙයා නේද කියලා ඇහුවා.. ඊටපස්සෙ අපි මුකුත් කිව්වෙ නෑ ඒත් එයා කිව්වා මේහ් ආ මේ දෙව් උබ කියහන්කො බං.. "

" තරහා ගන්න එපා අයියේ එයා කිව්වා මහීව මේහ් රූම් එකකට උස්සන් යන එක යනවමයි කියලා.. ඒකයි උනේ.. "

දෙව් බයෙන් බයෙන් වගේ ආදිත්‍ය අයියට ඩෙවෝන් කිව්ව දේවල් කියද්දි ආයෙමත් මගෙ ඇස් වලට කදුලු පිරුනත් මම දැක්කෙ එයාගෙ අත් මිට මෙලවෙනවා.. ඇස් රතු පාට වෙලා කම්මුල් වල මස්පිඩු තෙරපෙනවා.. එයාගෙ මූණෙන් කියන්න පුලුවන් එයා ඉන්නෙ ගොඩක් කේන්තියෙන් කියලා.. ඒත් ඇයි එයාට එච්චරටම කේන්ති යන්නෙ..

" විහා ඔය බල්ලා ආර්ග්ග් ශිට් යකො තව ටිකක් කලින් ආවනම් මං ඕකගෙ මූණ කුඩු වෙන්න දෙනවා තිරිසනා.. ඌ ඌ කොහොමද කොහොමද යකෝ ඒ වගේ කතාවක් කිව්වෙ!!!! "

" අඩො අඩො ආදී පොඩ්ඩක් සන්සුන් වෙයන් මචන් මෙතන පොඩි එවුනුත් බය වෙනවා.. ප්ලීස් මචන් කේන්තිය අඩු කරගනින් කේන්ති අරගෙන මුකුත් කරන්න බෑනේ බං.. "

ආදිත්‍ය අයියත් එක්ක ආව සුදු උස අයියා කෙනෙක් එයාගෙ උරිස්සට අත තියන් ගමන් ආදි සන්සුන් වෙයන් කිව්වත් ආදිත්‍ය අයියා නෙවෙයි සන්සුන් උනේ.. එයා හිටියෙ දාහක් මරාගෙන මැරෙන්න තරම් කේන්තියකින්.. මං දන්නෙ නෑ ඒ ඇයි කියලා හැබැයි මම එක දෙයක් දැක්කා ශේනුගෙ උරිස්සට ඔලුව තියාගෙන ඉද්දි එයාගෙ ඇස් වලින් කියවුනේ අමුතු කතාවක්.. ඒක මට තේරුම් ගන්න බෑ ඇත්තටම ඒ කෝපි පාට ඇස් වල කතාව තේරුම් ගන්න අමාරුයි.. අපි හිටියෙ ස්කෝලෙ ඇතුලෙ ඒ වෙද්දි ස්කෝලෙ ඇරිලා පැය භාගයක් ගෙවිලා තිබුනා..

" මිහිනු මං ගොඩක් පරක්කුයි නේද පොඩ්ඩො සමාවෙන්න ලමයිනෙ අද වැඩ ගොඩක් තිබුනා.. ආහ් මේ ආදිත්‍යත් ඉන්නෙ මොකෝ මෙතන.. ඇයි බං මේ ගල් ගිලලා වගේ බබා මොකද්ද උනේ.. "

" අහ්ම් තිසුක අයියා මෙයාලට මහන්සි පාටයි ඉක්මනට ගෙදර එක්කගෙන යන්න පව්නෙ බඩගිනිත් ඇති.. මං එද්දි ටිකක් හවස් වෙයි අයියෙ.. "

" ඔව් ඒකනම් පේනවා.. හරි මල්ලි මං එක්කන් යන්න එහෙනම් ඔයා පරිස්සමෙන් එන්න.. එන්න ලමයි අපි යමු.. "

එකපාරටම අපි ඉදිය තැනට කඩන් පාත් උනේ අපෙ අයියා.. මං බය උනේ ශේනුවත් කියයිද කියලා.. හොද වෙලේට ආදි අයියා කතාව වෙන පැත්තකට හරවලා අපිව ඉක්මනට ගෙදර එක්කන් යන්න කිව්වා.. ලේන්සුවෙන් මූණත් පිහගෙන මං යන්න හැරෙද්දි මගෙ අත කාගෙ හරි අතක පැටලුනා.. ඒ කව්ද කියලා බලන්න ආයෙමත් පිටිපස්ස හැරෙද්දි ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ආදිත්‍ය අයියා.. අනේහ් ඒයි මට අමුතුයිනෙ ඕම අල්ලන්න එපා හම්ප්..

" පරිස්සමෙන් ගෙදර යන්න චූටි.. උන දේවල් ගැන හිතන්න එපා ම්ම්.. දැන් යන්න.. "

මගෙ අතත් අල්ලගෙනම පරිස්සමෙන් ගෙදර යන්න චූටි කියලා කිව්ව එයා උන දේවල් ගැන හිතන්න එපා කියලා මගෙ අත අතඈරලා අනික් අයියලා දෙන්නා එක්ක ආයෙම ඇතුළට ගියා.. මොකද්ද එයා ඒ කිව්වෙ චූටි කියලා නේද දෙයියනේ.. ඇයි ඒ එයා මට එහෙම කිව්වෙ.. ආර්ග්ග්ග් ඒ බැල්ම ගැඹුරු කටහඬ අනේ අම්මියෝ අම්මිගෙ සුදු පුතාට පිස්සු හැදෙන්නද කොහෙද යන්නෙ.. මං තවමත් එහෙමම හිටගෙන ඉද්දි දෙව් ඇවිල්ලා මගෙ අතිනුත් ඇදගෙන අයියලා ගාවට එක්කගෙන ගියා..

" ත්‍රීවිල් එකක යමු ලමයි මහන්සිනෙ ඔයාලට.. "

" හරි අයියෙ.. "

අපෙ අයියා ත්‍රීවිල් එකක යමු කියද්දි ශේනුත් හරි අයියෙ කියලා උත්තර දෙද්දි අයියා පාර අයිනට ගිහින් අතදාලා ත්‍රීවිල් එකක් නවත්තගෙන මුලින්ම දෙව්, ශේනුව නග්ගලා මාව ඒ දෙන්නගෙ ඔඩොක්කුව උඩින් ඉන්දව ගන්න කියලා අන්තිමට එයා නැග්ගා.. ම්හුක් යසෛ යසෛ අයියෙ මටමනෙ වෙනස්කම්..

අනේහ් වෙනස්කම් නෙවෙයි අප්පා මං මේ තවමත් හිතන්නෙ ආදි අයියා ඇයි මට චූටි කිව්වෙ කියලා.. ලැජ්ජයි වගේනේ මගෙ මූණත් රතු වෙන්න ඇති අනේ.. මගින් දෙව් වත් බස්සලා ගෙදර ලගටම ඇවිල්ලා අයියා මුලින්ම බැහැලා සල්ලිත් දීලා මටයි ශේනුටයි බහින්න කියන කම්ම මං හිටියෙ ආදි අයියගෙ වචන ඇතුලෙ හිරවෙලා.. දැන් මට පිස්සු හැදෙනවා සෙද්ද..

" මහියෝ එහෙනම් මං යනවා හොදේ හවසට අපෙ ගෙදර එන්න මං අම්මිට කියනවා.. "

" ආහ් හහ් හරි ශේනූ මං එන්නම්.. "

" එල තිසුක අයියෙ එහෙනම් මං යනෝ තෑන්ක් යූ හොදේ.. "

" හරි පොඩ්ඩො බායි.. එන්න බබා යමු ඔයාට මහන්සි පාටයි.. කොහොමද අද ස්කෝලෙ.. "

" ඔව් අයියේ.. වරදක් නෑ ස්කෝලෙත් හොදයි ලමයිනුත් හොදයි ස්කෝලෙ ලස්සනයි ඒ වගේම හුඟක් ලොකුයිනේ.."

" ම්ම් ඔව් ඉතින් කොළඹ තියෙන ලොකුම ස්කෝලයක්නෙ.. ගිහින් වොශ් දාගෙන එන්න මං කෑම ලෑස්ති කරන්නම්.. "

" හරියෝ.. "

දොර ඇරලා ගේ ඇතුළට ඇවිල්ලා අයියා එයාගෙ කාමරේට යන ගමන් වොශ් දාගෙන එන්න කියලා මට කියද්දි මමත් කාමරේට ගිහින් බෑග් එක ඇද උඩින් දාලා සපත්තු දෙකයි මේසුයි ගලවලා පොඩි ලී රැක් යටින් තියලා සුදු නිල් තියෙන තුවායත් අරගෙන බාතෲම් එකට ගිහින් ඇදගෙන හිටිය ඇදුම් ටික ගලවලා බේසමට දාලා රින්සොත් දාලා පෙගෙන්න තිබ්බා.. ශවර් එක ඇරලා ඒක යටට උන මම හොදට නාගත්තෙ අද උන ඔක්කොම දේවල් අමතක වෙන්න කියලා හිතාගෙනමයි.. ඒත් එක දෙයක් හැර ඒ ආදි අයියා මට චූටි කිව්ව එක.. ම්හූඌඋ අමුතුයි දෙයියනේ මට..

පැය භාගයක් විතර නාගෙන තුවායත් ඇදගෙන කාමරේට ඇවිල්ලා ඇග පිහිදන් දුබුරු පාට ශෝටකට ඕෆ් වයිට් ටීශට් එකකුත් දාගෙන මගෙ බේබි ක්ලෝන් එකත් හලාගෙන සුවද ගගහ මම ගියේ කෙලින්ම කුස්සියට.. අයියා ඒ වෙද්දි ඇගත් හෝදලා කෑමත් මේසෙන් තියලා මට බතුත් බෙදලා හම්මේ..

අයියත් එක්කම බත් ටික කාලා ෆ්‍රිජ් එකේ තිබ්බ කේක් කෑල්ලකුත් කෑවා.. අයියට මොකද්ද වැඩක් තියෙනවා කියලා කාමරේට යද්දි මමත් ෆෝන් එකෙ ඩේටා ඔන් කරන ගමන් ඇදට වැටුනා.. ටිකක් වෙලා යද්දි මට එහෙමම ඇගේ තෙහෙට්ටුවටත් එක්ක නින්ද ගියෙ ආදි අයියගෙ වචන ඔලුව ඇතුලෙ හොල්මන් කරද්දි..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

__________________________________

Hello Lamai

ආආ දැම්මා දැම්මා😁

කමේන්ට් දාන්න ස්තූති මං ගියා..🙂

Lvyyy❤️