Chapter 8: ගීතෙන් ගීතේ ( part 7 )

තුන්කොන් BLWords: 25926

මතීශ් pov

ගෙදර ඇවිල්ලා කාලා බීලා වොශ් දාලා හතර දෙනාම ආවෙ සෙනාශ්ගෙ කාමරේට..

මං ඌ එක්ක ඇදට හේත්තු වෙලා ගේම් එකක් ගහන අතරෙ සසිරු පොඩීව හුරතල් කරනවා..

" තාම අත රිදෙනවද.."

" ඔව්ව්ව්.."

පොඩි එකා ඔව්ව් ගාගෙන සසිරුට හේත්තු උනා..

ඉරිසියත් හිතෙනවා..

උගෙ අතනම් රිදෙනවා ඇති තමා..රතු වෙලා තිබ්බේ..ලේසි පාරක් නෙවෙයි පොඩි එකා අරූට දුන්නේ හැබැයි..නුවර ඉදන් එනකනුත් කුනු කුනු ග ගා ආවාට ගෙදර ඇවිත් පුංචි ඉස්සරහානම් හිටියෙ මුකුත් නොව්න බබා වගේ..

" පොඩී.."

" ඇයි උබ.."

" මේ වරෙන්කෝ.."

සෙනාශ් සිතිජට කතා කරද්දි එයා අපි දෙන්නා මැදින්ම ඉද ගන්න අතරෙ සසිරුත් මට එහා පැත්තෙන් ඉදගෙන ෆෝන් එකට එබුනා..

" උබ ගේද.."

" කැහැක් කැහැක්..ආ..ශිට්..හුත්තා තෝ නිසා මට වෙඩි වැදුනා බූරුවා.."

" හොද වැඩේ.."

ප්‍රශ්න අහනවා කියලා ඔහොමත් අහනවද...

සෙනාශ් ඇහුව ප්‍රශ්නෙටනම් පොඩි එකාගෙ මූන මොකදෝ වෙලා ගියා..

" පොඩී..කියපන්කෝ.."

" උබට මොකටද ඒක.."

" බනින් නෑ ඕයි ඇත්ත කියපන්.."

" සෙනාශ්.."

" කොල්ලොන්ට නේද ආස.."

" අයියේ.."

" සෙනාශ් ඇති ඕක නවත්තන්න.."

සසිරු බැරිම තැන සෙනාශ්ට ටිකක් සැරෙන් කතා කරා..සිතිජගෙ ඇස්වල කදුලු පිරිලා..ඌට අව්ල් යන්න ඇති ලොකු බූරුවා අපි දෙන්නත් ඉන්න තැන කෙලින්ම ඔහොම දෙයක් අහද්දි..අනික ගොඩක් අයට ඒක හෙන සෙන්සිටිව් සීන් එකක්..

" ඇයි ඉතින්.."

" ඇයි තමා..ඕන් නැති දේවල් අහන්න එපා එයාගෙන්.."

" ඕන් නැත්තෙ ඇයි ඌ ම__"

" සෙනාශ් ඇති දැන්.."

" ම්හුක් හරි ඉතින් ඇයි කෑ ගහන්නේ.."

" ඇයි තමා..පොඩී එන්න මෙතෙන්ට.."

සිතිජ කදුලු හංගන් සසිරු ලගට යද්දි සසිරු මාව සෙනාශ් ලගට තල්ලු කරා..

" එහාට පලකෝ.."

" මට බෑ මුගෙ ඇගේ ඇලෙන්න..මට මූව පේන්න බෑ.."

" මටත් බෑ.."

" අනේ යනවකෝ.."

" බෑ කිව්වා නේ.."

" ආ දැන් බෑද.."

" බෑ තමා.."

" එ ඒයී සසිරූ නවත්තපන්.."

මං සෙනාශ් ලගට යන්න බෑ කිව්ව නිසා සසිරු මාව කුචු කවන්න ගත්තා..

" අනේ හු...හහ් හා.."

" බෑ කිව්වා නේ තව්සේ එහාට යන්න..කුචු කුචු කුචූ.."

" එ එපා ඕ......යී.."

සසිරු කුචු කවද්දි මට හරියට කතා කර ගන්නවත් බැරුව ඉද්දි..සෙනාශුත් පැත්තක ඉදන් මං දිහා බලාන හිනා වෙන්න ගත්තා..දෙන්නම් උබටත් බඩු..

සසිරුගෙන් හෙන ගේමක් දීලා ගැල උන මං ලන් උනේ සෙනාශ් ලගට..

" හු#තක් කරන්න එන්න එපා..මතීශ්..එ එපා......."

සෙනාශ්ගෙ කකුල් දෙකෙන් ඇදලා ලගට ඇරගෙන මං උගෙ ඇග උඩ නැගලා කුචු කවන්න ගත්තෙ මට හිනා උන එකට පලි ගන්න හිතාගෙන..

" කුචු කුචු සොෆ්‍ට්.."

" හහ් හා හහ්හා...එප් පා.."

" තෝ පරයා මට හිනා උනා නේද.."

" ඇතී...."

" ආව් හු.."

ඒකා අත පය විසික් කර කර දගලද්දි මං ඇදෙන් බිමට වැටුනා..

" උබ කොහෙද යන්නෙ මෙහෙ එනවා.."

මූණ එල්ලන් හිටිය පොඩී ශේප් එකේ මාරු වෙලා යන්න යද්දි සෙනාශ් ඌවත් ඇදේ පෙරලන් කුචු කවන්න ගත්තා..

මට මතකයි සිතිජ හිච්චි කාලෙ අපි ඌට කුචු කවලා උට ඇදේ චූ උනා..

" අයි..යා එපා..."

" උබ මොකාට කැමති උනත් උබ මගෙ මල්ලි යකෝ..අයියා ආදරෙයි නේ ඉතින්.."

" අනේ හුත්..තොගෙ ආදරේ ඕ හහ්හා...නෑ..'

අනාව් හරිම ආදරණීය මොහොතක්..උන් දෙන්නා කුචු කවා ගන්න අතරේ මායි සසිරුයි ශේප් එකේ මාරු වෙලා යන්න ගියත්..

" ඔහොම හිටපන් සසිරූ.."

සෙනාශ් සසිරුව උස්සලා අරන් ඇදට විසික් කරද්දි පොඩි එකා මාව ඇදේ පෙරල ගත්තා..

" එප සෙනා.......ශ්....."

එතනින් එහාට සිද්ද උනේ කුචි කුචි සොෆ්ට් සටනක්..හතර පස් දෙනෙක් එක්ක හරි එකවැර ගහ ගන්න පුලුවන් ඒත් මේ කුචි කුචි සොෆ්ට් ප්‍රහාරවලින්නම් ගැලවෙන්න හරි අමාරුයි..

" හහ්හා හහ්..සෙ නා ශ්......"

" කුචි කුචි කුචි.."

" ප් පොඩී අත් තෑ ර පා....න්.."

හතර දෙනාම මාරුවෙන් මාරුවට කුචි කුචි ප්‍රහාරවලට ලක් වෙද්දි ඇදේ තිබ්බ බෙඩ් ශීට් කොට්ට එහෙම කාමරේ පුරා විසිරිලා..

කුචි කුචි සොෆ්ට් ප්‍රහාරවල අවසාන ප්‍රතිඵලයක් වශයෙන්..

" ආව්වා.."

" යාහ්..කොණ්ද මගේ.."

හතර දෙනාම පැටලුන ගැරඩි හදරදෙනෙක් වගේ ඇදෙන් බිමට වැටුනා වෙද්දි මගෙ එක කකුලක් ඇද උඩ තියෙද්දි අරුන් තුන් දෙනාම මගෙ ඇග උඩ..සසිරුගෙ මූණ මගෙ බෙල්ල අස්සේ ඇගනම් කොහෙද මංදා..සෙනාශ් සසිරුගෙ ඇග උඩ පොඩි එකාකෙ අතක් විතරක් මගෙ මූණෙ ඌව පේන්නෙවත් නෑ..මදි පාඩුවට කියලා බ්ලැන්කට් එකත් ඇගවල්වල එතිලා..

" හුම්ම ගන්න බෑ ඕයි එහාට වෙයාන්.."

" සෙනාශ් කොහෙද ඔය අත් දාන්නේ.."

" මට නැගිට ගන්න බෑ ඕයී.."

" සසිරු අයියා මං චප්ප වෙලා.."

" පුක මිරිකන්න එපා සෙනාශ්.."

" ආහ්හා.."

" සොරි සොරි.."

" මොන පකක්ද කරන්නෙ නැගිටපන් තුන් දෙනාම මගෙ ඇගෙන්..පොඩී නහය අස්සට ඇගිලි දාන්න එපා.."

" ඊයා හොටුත් ගෑ උනාද කොහෙද.."

එකෙක්ටවත් නැගිට ගන්න බැරුව කෑ ග ගහා ඉද්දිම..

" සප්‍රායිස්.."

" හුටා..."

කොහෙදෝ ඉදන් මගෙ මහසෝන් යක්ෂයත් කාමරේට කඩාන් පාත් උනා වෙද්දි අපි හතර දෙනා වෙලිලා ඇද පල්ලෙ වැටිලා ඉන්නවා දැකලා අයියා එක ඇහැක් වහන් හොරෙන් හොරෙන් අපි දිහා බැලුවා..

" මොනාද උබලා ඔය කරන්නෙ..අමුතු එකක් දානවද.."

" ඔව් මේ ෆෝසම් දානවා..අනේ අයියා මගෙන් මුකුත් අහ ගන් නැතුව මුන්ව මගෙ ඇගෙන් අයින් කරපන්කෝ.."

" ඉන්න ඉන්න.."

අන්තිමට අයියා අපි හතර දෙනාගෙ ගැටේ ලිහලා එකා එකා වෙන් කරද්දි හතර දෙනාම මුකුත් නොව්න ගානට ඇදේ පෝලිමට වාඩි උනා..

" ඇයි මෙහෙ ආවේ.."

" ඇයි අයියට මල්ලිලා බලන්න එන්න බෑද.."

ඒ මගෙ අයියා අකලංක..මගේ කිව්වට ඉතින් මගේ තමා ඒත් ලේ බැදීමක් නෑ..අම්මි තාත්තී එයාව එයා හිච්චි කාලෙම අරන් හදාගෙන එහෙමයි කියලා අපෙ පවුලෙ කාගෙන්වත් එයාට කිසිම වෙනස්කමක් වෙලා නෑ..වෙනස්කම් වෙන තරමක් වෙන්නෙ මේ අහිංසක මතීශ්ට..

" නිවාඩුද පුචේ ඔයාට.."

" නිවාඩු නිවාඩු සීයේ.."

අයියා සෙනාශ් එක්ක හෙන එකතුයි..ඌ එක්ක කතා කරන ගමන් අයියා අපි දෙන්නා මැදින් වාඩි උනා..

" ආ සසිරූ.."

" ආ නපුරුකුමාර්.."

" උබ එන්න එන්න ලස්සන වෙනවා ඈ.."

අහ් හරි ඒ අනිත් ලව් එක..

" කන්න මොනාද ගෙනාවෙ.."

" ඉදකින් උබට කන්න තමා ඉස්සර වෙන්නේ..අයියාගෙ සැප දුක් අහපන් කන්න හොයන්න කලින්.."

" ඒවා මට වැඩක් නෑ දුකින් හිටියත් මට කන්න ගෙනත් දුන්නානම් ඇති.."

" ආව්ව්.."

මහසෝන් යක්ෂයා මගෙ ඔලුවට ගද්දි මාත් ඌට අනිත් පැත්තට එකක් දුන්නා..

" යන් පල්ලෙහාට කන්න ගෙනාවා උබලට මං.."

මගෙයි සෙනාශ්ගෙයි පිටට තට්ටුවක් දාලා අයියා කාමරෙන් එළියට යද්දි අපිත් නගිටලා කාමරෙන් එළියට ගියත් පොඩීනම් ආවෙ නෑ..

කොච්චර කරත් සෙනාශ් අහපු ප්‍රශ්නෙට ඌට හොදටම අවුල් යන්න ඇති..

" ඕයි වරෙන්.."

" ඔයාලා යන්න මං පස්සෙ එන්නම්.."

එහෙම කියාන පොඩී උගෙ කාමරේට ගිහින් දොර වහා ගත්තා..

" සෙනාශ් ඇයි ඒ.."

" ඌට ට්‍රැක.."

" ඉන්න මං බලලා එන්නම්.."

" මෙන්න මෙහෙ එනවා උබ පැහෙන් නැතුව.."

සසිරු පොඩීට කතා කරන්න යද්දි සෙනාශ් එයාව පහලට එක්කන් ගියෙ සසිරුගෙ කරට අත දාන්..

අනෙහ්හ්හ්හ්හ්..ඉරිසියා......යී..

පහලට එද්දි සාලෙ ස්ටූල් එක උඩයි සෝෆා එකෙයි හැම තැනම එක එක කෑම..අයියා කොහොමත් ඉදලා හිටලා නිවාඩුවක් දාන් එද්දි කෑම ගේනවා මසෙකට හරියන්න..ඒත් ඉතින් මාසෙම කන්න බෑ ඕවා දවසින් දෙකෙන් ඉවරයි..

" ලොක්කා දැන් දිහටම මෙහෙද.."

පුංචියි අයියයි සෝෆා එකේ ඉදන් ලොකු කතාවක් පටන් ගත්තා..

" ඔව් පුංචි.."

" හෑ.."

යසයි මොකක්ද ඒ කිව්ව කතාව දිගටම මෙහෙ..ආයෙ ඉතින් අබ සරණයි මතීශ් දැන් උබට..

" ලබන සතියෙ ඉදන් පේරාදෙණියේ..ගොඩක් කල් කොහොම හරි මෙහෙම ඉන්න තමා හිතාන් ඉන්නේ.."

" බොරු නේද.."

අයියා ලගින් ඉදගෙන උගෙ කනට කරලා අහද්දි ඌ මට දැම්මෙ යක්ෂ බැල්මක්..

දෙයියො වදින්න ඕනි අද ඉදන්වත් මූව ආයෙ කොළඹටම යවන්න කියලා..ඕකා කොළඹ ඩොක්ටර් කෙනෙක්..මහසෝනා වගේ ඉදන් පොඩි උන්ට කොහොම බෙහෙත් කරාද මංදා..

සසිරුටයි සෙනාශ්ටයිනම් ගානක්වත් නෑ හොදට කෑම ටිකට වැඩේ දෙනවා..

එයාලා එයාලගෙ ලෝකවල ඉන්න අතරේ මං කල්පනා කරේ මෙතනින් එහාට මට වෙන දේවල් ගැන..මගෙ සම්පූර්ණ වගකීම දැන් අයියට පැවරෙයි..

.

.

.

.

.

කාලා බීලා ඔක්කොම කරලා නිදා ගන්නම් කියලා අපි ආවෙ සෙනාශ්ගෙ කාමරේට..මාත් අද මෙහෙ ඉන්න තීරණේ කරා තනියම නිදා ගන්න බෑ මට සසිරු නැතුව නින්ද යන් නෑ..

" නිදිමතද උබලට.."

" නෑ." //

" වරෙන් එහෙනම් බැල්කනි එකට.."

සෙනාශ් කාමරේ වින්ඩෝ ඩෝ එක ඇරන් බැල්කනි එකට යද්දි සසිරු එක්ක මාත් ඌ පස්සෙන් ගිහින් බිම වාඩි උනා..

කන්ද උඩ ගෙදර නිසා රෑට පට්ට ලස්සනට වටේම පේනවා..බලන බලන තැන පාට පාට ලයිට්..මොනා නැතත් හන්තානෙ සුපිරි පොට් එක්ක මුන්ගෙ ගෙදරනම් තියෙන්නෙ..

" සසිරු සිංදු කියන්න පුලුවන්ද.."

" මට බෑ මේ මතීශ්නම් කියනවා.."

" අඩෙහ්..මූට එච්චර දෙයක් පුලුවන්ද.."

" පුලුවන් තමා.."

" අහ් මල්ලිලා.."

" උබ ගෙදර යන් නැද්ද අයියා.."

මහසෝං යක්ෂයත් ඇවිත් අපි ලගින් වාඩි වෙද්දි මං මූණ එල්ලා ගත්තා..

" කෝ පොඩී.."

" කාමරේ ඇති.."

පොඩී කාමරේට ගියා ගියාමයි තාම එළියට ආවෙ නෑ..අයියා අහද්දි තමා අපිටත් එයාව මතක් උනේ..මූට එක පාරට මොනා උනාද මංදා..

" ඒකත් එහෙමද..උබලා මොකද කරන්න ගියේ.."

" මුකුත් නෑ.."

" ගීතෙන් ගීතෙ කරමු..ඉන්න මං පොඩී එක්කන් එන්නම්.."

අයියා ආපහු නැගිටලා ගියේ පොඩීව එක්කන් එන්න..

එයා එනකන් ඉතින් අපි තුන් දෙනා කකුල් පද්ද පද්ද අහස දිහා බලන් හිටියා..මං කෙසේ වෙතත් සසිරුනම් මෙහෙම නිදහසේ ඉන්න පට්ට ආසයි..

" කොයි කොයි හරි උප් ටීම් දෙකකට බෙදෙන්න.."

අයියා ආපහු ආවෙ පොඩී එක්ක වෙද්දි ටිපිටිප් හතර පහක් උසන් ආව පොඩි එකා මාව තල්ලු කරලා සසිරු ලගින් වාඩි උනා..

" මායි සසිරුයි.."

" බෑ ඌ මාත් එක්ක.."

සෙනාශ් කිව්ව දේට මං විරුද්ධ උනා..

" මටනම් බෑ සිංදු කියන්න මං ක්ලැප් කරන්නම්..සිංදු නවත්තන්න ඕනි තැනට.."

ආ..ඔව් ඒ වැඩේටත් කෙනෙක් ඉන්න එපැයි..ඒකට සිතිජ ඔක්කොටම කලින් ඉදිරිපත් උනා..

" හ්ම්ම් පොඩී එහෙනම් ඒක කරන්න..අපි හතර දෙනා ටීම් බෙදෙමු..තුන්ඩු දාමු අපි.."

" ඒ මොකක්ද.."

" කොල කෑලි හතරක් දාන්නම් එකම පාට තියන අය ටීම් වෙන්න.."

අයියා චූටිවට නවපු කොල කෑලිහතරක් ගෙනත් මැදට දාද්දි අපි තුන් දෙනා එක එක අරන් ඉතුරු එක අයියට දුන්නා..

" මං කොළ.."

" මාත්.."

යසයි සසිරුයි අයියයි එක ටීම් එකක් වෙද්දි මට ඉතුරු උනේ සෙනාශ්..

" ආශ්..මූ එක්කද මං..පැරදෙන්න බෑ හරී.."

" බෑ තමා හරියට කරපන්.."

" මට තමුසෙ පේන්න බෑ ඕයි.."

" මටත් බෑ.."

" ආ ඇති ඇති..පොඩී අකුරක් කියන්න.."

අයියා පොඩීගෙ ඔලුව අත ගාලා කියද්දි ඌ අයියාගෙ අත තල්ලු කරා..මුන් දෙන්නා අතර මොකක් හරි වෙනවා..කොයි වෙලේ බැලුවත් පොඩී මහසෝනට රවනවා..

" ක.."

" කැලේ මැද ගමක් තියනවා එහි පප්පලා රෑනක් ඉන්නවා.."

" ගමට පප්පා ගම කියනවා එහි පප්පලා ජොලි වැඩ කරනවා.."

කිව්ව පමාවට ඉස්සල්ලම සෙනාශ් පටන් ගද්දි මාත් ඌට සයිඩ් සපෝර්ට් එක දුන්නා..

" වෙද පප්පා අරිශ්ටෙ හදනවා පව් ජිම් පප්පව මහ හරින___"

" න න නයන්නෙන්.."

" නින්ද නොයන හැදෑවේ සොදුරුයිද මොන තරම්..දුක නැතුවමත් නෙවෙයි ඔබ යන්න යනවානම්..සිප ගන්න පමණක්නම් ඔය දෙතොල් ලං කරේ විද ගන්නට මම එන්නම් එන නිවාදුවට__"

සසිරුලාගෙ චාන්ස් එකට අපෙ අයියා සිංදුවක් කියද්දි අපිට සෙට් උනේ ට..

" à¶§ à¶§.."

" ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා ටක් ටක් ටක් හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හපනවා ටක් ටක් ටක්..අනේ සීයෙ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ අනේ සි__"

" සයන්නෙන්.."

" සයන්නෙන් සසිරු කියපන්.."

" සමනලුන්ට ටිකක් තියා අත්තම්මට ටිකක් තියා.."

බලාංශයේ සිංදුවක් ආයෙත් ප්‍රමුඛත්වය ගද්දි අපි හිනාව කාගෙන අහන් හිටියා..ඕක සසිරුවා හෙන ආස සිංදුවක්..

" පන්සල් යන කොයි කාටත් නෙලන්න තියලා මගේ පුංචි සමන් වැලේ අග්ගිස්සෙම පිපුන පුංචි සමන් පිච්ච මල් පොහොට්ට නෙලාන ආවා බුදු සාදුට දෝති මම නෙලා__"

" ලා ලා ලයන්න.."

" ලා ලා..ලං වී වෙන්වී..ආශ්..කියපන් එකක් සෙනාශ්.."

" ලලයි ලිලයි ලයි සිසිලයි සුළගයි...ඉතුරු ටික මොකක්ද.."

" මං දන් නෑ යකෝ ලයන්නෙන් ඔච්චරම සිංදුවක් නැද්ද.."

" තියනවානම් උබ කියපන්කෝ.."

" කාලය අවසානයි..සසිරු අයියලාට ඒ අවස්ථාව ලැබෙනවා.."

" බූරුවා.."

පැය ගානක් ගෙවිලා ගිහින් පාන්දර එකත් වෙනකන් අපි කරේ බැල්කනි එකට වෙලා සිංදු කියපු එක..වටේ පිටේ වැඩිය ගෙවල් නැති නිසා හොදයි නැත්තන් තිබ්බ සද්දෙට නඩු දායි මිනිස්සු නිදා ගන්න දෙන් නෑ කියලා..බාප්පයි පුංචියිනම් සෑහෙන සැරයක් බෙරිහන් දෙන් නැතු කියන සිංදුවක් කියා ගන්න කියලා බැන බැන ගියා එහෙමයි කියලා අපි සැලුනද..නෑ..

එක එක අකුරුවලින් කොච්චර ලස්සන සිංදු තිබ්බත් මේ මගුල් සෙල්ලම කරද්දි හදිස්සියට මතක් වෙන්නෙම අපි ආසම නැති පට්ට කැත ආදි කාලෙ සිංදු..

කටහඩ ලෙෆ්ට් වෙනකන් කෑ ගගහා සිංදු කිව්ව පස් දෙනාම සීතල වැඩි නිසා සෙනාශ්ගෙ ඇදේ ඇවිත් පෙරලුනා..වැටුන වැටුන තැන එකා උඩ එකා බාදාගෙන අපි ඇස් පියා ගත්තා..

" ම්හුක්..බදා ගන්න දෙනවකෝ.."

" බෙල්ල මිරිකන් නැතුව බදා ගනින් මතීශ් උදේ වෙද්දි මැරිලා ඉදී මං.."

පුලුවන් තරම් තදින් මං සසිරුවාව බදාන නිදා ගත්තේ ඊයෙ දවසටත් එක්ක හරියන්න..මං විතරක් නෙවෙයි සෙනාශුත් සසිරුගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාන් ඉදි හොදට..

ටිකක් වෙලා යද්දි හීනෙන් වගේ දැක්කා මං පොඩී අයියා එක්ක උගෙ කාමරේටද කොහෙද යනවා..මට වැඩක් නෑ ඕවා අදාල නෑ මට මං නිදි..

*****

vote 👇