Chapter 5: සෙනාශ්ගෙ ගෙදර ( part 4 )

තුන්කොන් BLWords: 18909

සසිරු pov

චූටි කාලෙ යාලුවෙක් උනාට සෙනාශ් හැමදාම මගෙ හිතේ හිටියා..මතීශ් නුවර ගිහින් ගමේ එන හැම සැරේම මං එයගෙන් පවා සෙනාශ් ගැන ඇහුවා..නුවර ආවම එයා එක්ක කතා කරන්න චූටි කාලෙ වගේ ඉන්න කොච්චර ආසාවෙන් හිටියත් සෙනාශ් මට රැව්ව වෙලාවෙ ඉදන් මං නිකන් මෝඩ බලාපොරොත්තු තියන් හිටියාදෝ කියලා හිතුනා..සමහරවිට එයාට මාව මතක නැතුවද..

ඉස්කෝලේ ලග ඉදන් අතුරු පාරවල් වලට කාර් එක හරව කරව ගිහින් අන්තිම ලස්සන හන්තානෙ තියන සෙනාශ් ගෙ ගෙදර අපි ආවා..

" එහාට පලයන්.."

" දගලන්න එපා යකෝ ඉදපන් මං බහින්කන්.."

සෙනාශ්ට කාර් එකෙන් බැහැලා යන්න හදිස්සි වෙද්දි මතීශ් එයාට බැන බැනම කාර් එකෙන් බැහැ ගත්තා..මතීශ් කාර් එකෙන් බහිනවත් එක්කම සෙනාශ් ගේ ඇතුලට දුවන් ගියේ ආපිට අපි දිහා හැරිලවත් නොබලා..

" අරූට අදනම් යකා වැහිලා වගේ.."

මාමා අප්පච්චි අතින් කියන ගමන් සාක්කුවට අත් දෙකත් දාන් ගේ ඇතුලට යද්දි මග නැවතුන මගෙ ඇස් වටේටම රවුන් ගහන්න ගත්තා..

හන්තානෙ කන්ද උඩ තියන තට්ටු දෙකේ ගෙදරක්..මං ආසම විදිහට ගස් වලින් වට වෙලා තිබ්බ සෙනාශ් ගෙ ගෙදර නිස්කලංක තැනක් උනා..

" මොකෝ..එන්න යමූ.."

" හ්ම්ම්.."

හීනයක් අස්සෙ හිර වෙලා වගේ හිටිය මං සිහියට ආවෙ මතීශ් මගෙ අතින් අල්ලා ගද්දි..

අම්මයි මල්ලි විතරයි ගෙදර ඇත්තේ එයාටත් මාව අමතකද දන් නෑ..මල්ලිටනම් මතක නැතුව ඇති එයා ගොඩක් පොඩී නෙ එතකොට..

" සසිරූ.."

අම්මා ගැන හිතද්දිම ගෙට ගොඩ වෙනවත් එක්කම දුවන් ඇවිත් මාව බදා ගත්ත අම්මාගෙ ඇස් ඒ වෙද්දිත් කදුලිවලට දිලිසුනා...

" අම්මා.."

හේතුවක් දන් නෑ..ඒ වචනෙ කාලෙකින් මගෙ කටින් පිට වෙද්දි මටත් නොදැනිම මගෙ ඇස්වලින් කදුලු කැට වැටෙන්න ගත්තා..

" ඔයාගෙ ලොකු බලන්නකෝ රත්තරං දැන්.."

" දෙයියනේ..මං මග බලාන හිටියේ..මගෙ කොල්ලා ගොඩක් ලොකු වෙලා දැන්.."

අම්මා මාව හරි ආදරෙන් අත ගානවා..සමහරවිට අම්මා කෙනෙක්ගෙ ආදරේ මේ වගේ වෙන්න ඇති..

ඉස්සර වගේම එයා හරි ලස්සනයි.. මං ලොකු උනාට අම්මා වයසට ගිහින් නෑ වගේ..

අම්මා මාව ගොඩාක් වෙලා බදාන හිටියා..එයා ගොඩාක් ඇඩුවා..අවුරුදු ගානකින් දැක්කට හිතේ තුබුන හැගීම් ආදරේ ඒ වගේම වෙනස් නොවී තිබුනා..

ඒත් සෙනාශ්..

හැමෝම ඇතුලට ගිහින් සෝෆා එකේ වාඩි වෙද්දි අම්මා කුස්සියට ගියෙ අපිට බොන්න මොනා හරි හදන් එන්නම් කියලා..

" ඕක මගේ දෙනවා මෙහාට.."

" අයියා.."

" දීපන් මිනිහෝ.."

" බෙරිහන් දෙන්න එපා බූරුවා ලොකු තාත්තා ඒම ඇවිල්ලා ඉන්නේ.."

" කමන් නෑ..ඕක දෙනවා මට.."

උඩ තට්ටුවේ ඉදන් සෙනාශ් මල්ලි එක්ක රණ්ඩු වෙනවා ඇහෙද්දි පොඩි එකාගෙ කටවහඩ ඇහිලා මට මල්ලිව බලන්න ලොකු ආසාවක් ආවා..

" ලොකු තාත්තී............"

" මොකද පොඩී..දෙන්නත් එක්කම එන්න පහලට මේ යාලුවෙක් ඇවිත් ඉන්නේ.."

" කව්ද.."

" එන්නකෝ.."

මාමා ඒ දෙන්නට පහලට එන්න කියද්දි රණ්ඩුව නතර උනා වගේම හුරතල් මල්ලි බබෙක් ලොකු ටෙඩියෙකුත් උස්සන් පඩිපෙල දිගේ පහලට බැස්සා..

සෙනාශ්ගෙ මල්ලි එයා හරි ලස්සනයි..හුරතල් උනාට මං හිතන්නෙ එයා දැන් දහය වසරේ..එයාගෙ නම සිතිජ..

" ලොකු තාත්ති මේ.."

" මතක නැද්ද.."

" ම්හුක්.."

" සසිරු අයියා මතකද ඔයාලා ගමේ ඉද්දී.."

මාමා කියද්දි පොඩි එකාගෙ ඇස් ලොකු උනා..මං හිතන්නේ එයාට මාව මතකයි ඒත් අදුර ගන්න බැරුව හිටියේ..

" සසිරු අයියා.."

ටෙඩියවත් බිම දාපු මල්ලි බබා ඇවිත් වාඩි උනේ මගෙ ඔඩොකුවේ..බබෙක් නෙවෙයි ඉතින් අපිට වඩා ටිකයි බාල පොර මගෙ සයිස් එකටම හිටියට හරි හුරතල්..

" වාව්..ඔයා වෙනස් වෙලානේ..ඒයි පට්ට ලස්සනයි නේ අයියා..අපෙ ඔරන්මොටන් වගේ නෙවෙයි.."

" කොහොමද පැටියො.."

" අනාව්..හොදින් ඉන්නවා ඒයි.."

" ඒයි වදුරු පැටියා බැහැපන් බිමට.."

" අප්පට මතීශ් අයියා මං දැක්කෙ නෑ නෙ ඔයාව..ආ....අප්පච්චි......"

මගෙ ඔඩොක්කුවෙ ඉදන්ම මතීශ්ට විරිත්තපු සිතිජ අප්පච්චිව දැක්ක පමාවට ගිහින් අප්පච්චි ලගින් වාඩි උනා..

අප්පච්චියි සිතිජයි ලොකු කතාවක ඉද්දි සෙනාශ් හෙමීට පහලට ඇවිත් පොඩී බිම දැම්ම ටෙටියව ආයෙත් උඩට අරන් ගියේ පොඩී කෑ ගහද්දි..

" අයියා..ඕක මගේ.."

" ආශ් කන් දෙක මගෙ..සසිරු මේ උබට ශුවර්ද මෙහෙ ඉන්න පුලුවන් කියලා..මුන් දෙන්නා කොයි වෙලේ බැලුවත් ඇන කොටා ගත්ත ගමන් උබට කනක් ඇහිලනම් ඉන්න වෙන් නෑ හොදේ..

මතීශ් මගෙ කනට කරලා කියද්දි මං එයාට හිනා වෙලා අහක බලා ගත්තා..කනක් ඇහිලා ඉන්න බැරි උනාට මොකද මං ආදරේ කරන අය එක්ක ඉන්න පුලුවන් නේ මට..

.

.

.

.

.

පැය ගානක් යනකන් කට්ටියම සාලෙට වෙලා පහුගිය තොරතුරු බෙදා ගත්තා..මට අම්මා ලග පොඩී ලග තාත්තා ලග කිසිම ආගන්තුක බවක් දැනුන් නැති තරම් ඒත් සෙනාශ් එයා ටෙඩියත් උස්සන් උඩට ගියත් හරි අම්මා කතා කරද්දිවත් පහලට ආවෙ නෑ..හැමෝම එක්ක ඉස්සර වගේ ඉන්න පුලුවන් උනත් එයා එහෙම නැති වෙද්දි හිතේ ඇති උනේ ලොකු දුකක්..

" සුදූ මං යන්න ඕනි.."

" අනේ අප්පච්චි.."

අප්පච්චි ලෑස්ති මාව මෙහෙ දාලා ආයෙත් ගමට යන්න..එයා ගියාම ආයෙ එයාව බලන්න මට ගොඩක් කල් ඉන්න වෙනවා..

" අන්තිම බස් එක පහ හමාරටලු කොල්ලෝ..යද්දි රෑ වෙයි.."

" මං නැතුව ඉන්න පුලුවන්ද.."

" උබ නැතුව මං කොහොම ඉන්නද බං..ඒත් මොනා කරන්නද පුලුවන් දවස්වලට මං බලන්න එන්නම්.."

" හ්ම්ම්ම්.."

මං අප්පච්චිව බදා ගත්තේ එයාට සමු දෙන්න..

හැමෝගෙන්ම සමු ගත්ත අප්පච්චි මාමා එක්ක යන්න කාර් එකට නැන්ගා..අප්පච්චිගෙ ඇස්වල කදුලු පිරුනත් එයා ඒවා වට්ටන් නැතුව ඉන්න ගොඩක් උත්සාහ කරා..

" පරිස්සමින් ඉන්න.."

" හරි අප්පච්චි ඔයත් පරිස්සමින්..බුදුසරණයි.."

අප්පච්චි මාමා එක්ක යන දිහා මං බලන් හිටියේ ඇස්වල කදුලු පුරවන්..ඒත් අප්පච්චි වගේ මට ඒවා වට්ටන් නැතුව ඉන්න අමාරු වෙද්දි කදුලු කැට කම්මුල් දිගේ පල්ලම් බැස්සා..

" සසිරූ මතීශ්..එන්න පුතේ ඇතුලට දැන්.."

" යන්.."

අම්මා අපිට ගෙට එන්න කියද්දි අප්පච්චි යන දිහා බලන් හිටිය මං මතීශ් එක්ක ගෙට ගියා..

" අම්මා..සසිරු අයියට මගෙ කාමරේ ඉන්න කියන්නකෝ.."

" එයා අයියා එක්ක ඉදී පොඩී.."

" හුටා..පුංචි මූ සෙනාශ් එක්කද ඉන්නේ.."

" හ්ම්ම්..මං අහද්දි ලොකූ කැමති උනා.."

" හෑ.."

අම්මා කිව්ව දේට මතීශ්ට විතරක් නෙවෙයි මටත් පුදුම හිතුනා..දැක්ක ගමන් රැව්ව මනුස්සයා මොකද දන් නෑ මාත් එක්ක කාමරේ බෙදා ගන්න කැමති උනේ..

මාව එයාගෙ කාමරේ තියා ගන්න කැමති උනා කියන ගමන් අම්මා මගෙ බෑග් එකක් අරන් පඩිපෙල දිගේ උඩට ගියා..

" සසිරූ.."

" ම්ම්ම්ම්.."

" මොකක් හරි වෙනවා මෙතන.."

" ඇයි.."

" නෑ අර ලොකු වදුරා ඔයාට එයාගෙ කාමරේ දෙන්න කැමති උන එක සැකයි.."

" ඒක තමා අයියේ මටත් සැකයි..සසිරු අයියා අපෙ අයියා හරි නරකයි..මං හොදයි නේ ඒ නිසා ඔයා මගෙ කාමරේ ඉමු.."

සිතිජ කටත් උල් කර කර කියද්දි මං එයාගෙ කොණ්ඩෙ ටිකක් ඇවිස්සුවේ මතීශ් මහ ඉරිසියාකාර බැල්ලම් දාන් ඉද්දි..

" සසිරු පුතේ මෙහෙ එන්නකෝ.."

අම්මා කතා කරද්දි මං උඩට යනවත් එක්කම මතීශුයි සිතිජයි මගෙ පස්සෙන් පෝලිමේ ආවා..

සෙනාශ්ගෙ කාමරේ දොර දකිද්දිනම් ඇත්ත්ටම මං එයා එක්ක ඉන්නවද කියලා දෙපාරක් හිතන්න ඕනි වගේ හැගීමකුත් ආවා..

" සසිරු උබට හොදටම ශුවර්ද.."

" සසිරු අයියා මාත් එක්ක ඉමුකෝ..මේක අස්සෙ තනිකර කැලෑවක්..අම්මට ඇර කාටවත් ඕක අස්සට එන්න දෙන්නෙත් නෑ විශේෂයෙන් මට.."

" සසිරු පුතේ ඔයාගෙ බඩු තියන්න ඉඩ හදලා තියෙන්නෙ..බඩු ටික අහුරලා වොශ් එකක් එහෙම දාන් එන්නකො පල්ලෙහට.."

කාමරෙන් එළියට ආව අම්මා මට කියාගෙන පහලට යද්දි පොඩී ඇරිලා තිබ්බ දොරෙන් ඇතුලට ඔලුව දානවත් එක්කම..

" උබ මොකද.."

" මාත් ඇතුලට එන්නද.."

" එපා.."

" එහෙනම් මගෙ ටෙඩියා දීපන්.."

" ඒක මගේ.."

දොර ලගට ආව සෙනාශ් පොඩී එක්ක රණ්ඩු කරලා ආයෙත් ඇතුලට ගියේ මගෙ අතේ තිබ්බ බෑග් එකක් අරගෙන..

පොඩීට කාමරේට එන්න තහනම් වෙද්දි මායි මතීශුයි කාමරේ ඇතුලට ගියා..

මේක නිකන් කාර්නිවල් එකක් වගේ..බලන බලන තැන එක එක විදිහෙ චූටි චූටි ගස්..කොල පාටට මැච් වෙන්න කාමරේ වටේනම නිල් පාට ලයිට්..සුදු බිත්තියේ කලුපාටින් කාටුන් චරිත ඇදලා..ගොඩක් පිළිවලයි වගෙම පිරිසිදුයි..

" මූ මේක අස්සෙන් එළියට එන්න අකමැති එක පුදුමයක් නෙවෙයි.."

මතීශ් කිව්වෙ සෙනාශ්ගෙ ලොකූ ඇදේ හාන්සිවෙන ගමන්..එයා විතරක් හිටියට ඇදේ තව හතර දෙනෙක්ට විතර ඉඩ..

" උබට කව්ද එන්න කිව්වෙ.."

" කව්රුත් කියන්න ඕනි නෑ මට ඕන්නම් මං එනවා.."

" මේක මගෙ කාමරේ.."

" මට අදාල නෑ.."

" ඔයාගෙ බඩු මේකෙන් තියන්න.."

සෙනාශ් කිව්වෙ මතීශ්ට රවලා මට අල්මාරිය පෙන්න්න ගමන්..

අනේ මංදා..එයා මං ඉන්නවට අකමැතිවද්ද..හරියට කතා කරන්නෙත් නෑ..හැමවෙලෙම රවා ගත්ත ගමන්..එතකොට මං කොහොමද එයා එක්ක එක කාමරේ ඉන්නේ..

" මතීශ්.."

" ම්ම්ම්.."

" නිකන්.."

කියන්න දේවල් ගොඩක් හිතේ තිබ්බත් මට ඒවා කියන්න ඕනි උනත් කියන්න බෑත් වගේ..

මතීශ්වත් තව ටික්කින් ගෙදර එක්කන් යයි එතකොට මං මෙයා එක්ක තනි වෙනවා නේ..පොඩීගෙ කාමරේට යන්නත් හිතෙනවා..අනේ මංදා..

මතීශ් ඇදේ හාන්සි වෙලා ඉන්න අතරේ මං සෙනාශ්ගෙ උදව්වෙන් මගෙ බඩු ටික අදාල තැන්වල ලස්සනට ඇහිරුවේ එයාගෙ ලස්සන කාමරේට මගෙ බඩු බාධාවක් නොවෙන්න..

" හරිද ඔක්කොම.."

" හරී.."

මං සෙනාශ්ට හිනා වෙලා උත්තර දුන්නත් එයා මාව වැඩිය ගනන් නොගෙන මතීශ් ලගට ගිහින් ඇදේ පෙරලුනා..

" එහාට පලයන්.."

" මෙතෙන්ටම එන්න ඕනිද තොට අරෙහෙ ඉඩ තියෙන්නෙ.."

" මේක මගෙ ඇද.."

" මට අදාල නෑ.."

" සසිරු එනවා මෙතෙන්ට.."

මතීශ් මට එයා ලගට කතා කරද්දි මාත් ගිහින් එයා ලගින් ඉද ගත්තේ මුලු කාමරේම නිහඩතාවෙන් පිරෙද්දි..

අනේ දෙයියනේ ඉස්සරහට මොනා වෙයිද මංදා..

*****

vote plz.👇😪